පැවිදි බිමට වන් මුස්ලිම් තරැණයා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පැවිදි බිමට වන් මුස්ලිම් තරැණයා...

    381791_581476675197289_637936583_n.jpg

    යථාර්ථවාදී ආගමක් වන බුදු දහම මිහිපිට උපන් සෑම පුද්ගලයෙකුගේ ම හිත සුව පිණිස පවතින ආගමකි. ජාති, කුල, මල භේද නො සලකන බුදු දහම නිදහස් නිවහල් චින්තනයට මූලිකත්වය දෙමින් නිවනට මඟ සාදයි. කිසිදු බලපෑමකින් තොර ව ස්ව චින්තනයට ප‍්‍රමුඛත්වය දෙන බුදු දහමේ කිසිදු ඉගැන්වීමක අන්‍යාගමිකයකු පැවිදි දිවියට ඇතුළත් වීම අකැප දෙයක් යනුවෙන් සඳහන් නො වේ. තථාගතයන් වහන්සේට සමකාලීන වෙනත් ශාස්තෘවරුන් සිය අනුගාමිකයන්ට අධික නීති පනවද්දී තථාගතයාණන් වහන්සේ පුද්ගල මානසික හිංසනයන්ට තුඩු දෙන කිසිදු නීතියක් සිය අනුගාමිකයන්ට නො පැන වූහ.

    බුදු දහම වනාහී ඕනෑ ම තරාතිරමක පුද්ගලයකුට පැවිදි වීමේ මූලික අයිතිය නො පිරිහෙළා ලබාදීමට කටයුතු කළ ආගමකි. රජ පෙළපතේ ධනවතුන්ට සේම ඉතාමත් දිළිඳු සුනීත, සෝපාක වැනි දරුවන්ට පවා මහණ දම් පිරීමට ඉඩහසර වෙන්වූයේ ඒ නිසා ය. ජාති කුල මල භේද බුදු දහම තුළ නො තිබිය යුතු බව ද වරෙක බුදු හිමියන් දේශනා කළේ එය පුද්ගල පිරිහීමට තුඩු දෙන හේතුවක් නිසා ය.

    කඩුවෙල මාවතේ කොස්වත්ත ප‍්‍රදේශය පසුකර මඳක් ඉදිරියට ගිය අපට සේනාසනය සොයා ගත හැකි විය. අවිවේකී පරිසරයක් තුළ එවන් නිහඬ බවින් යුත් පින්බිමක් තිබේ යැයි අපි නො සිතුවෙමු. කොස්වත්ත ප‍්‍රදේශය පුරාවට ම තථාගතයන් වහන්සේගේ කරුණා දෙනෙක් දැල්වූ අඩි හැට පහක උසින් යුත් හිටි පිළිම වහන්සේ පසු කරමින් සංඝාවාසය දෙසට අපි පියමන් කළෙමු. බෝධි මළුවේ සිට අප සිටි දෙසට තරුණ හිමිනමක් වැඩම කළේ සංවර ලීලාවකිනි.

    ‘‘හාමුදුරුවනේ මේ පන්සලේ මුස්ලිම් කුල දරුවෙක් පැවිදි වුණා කියලා දැනගන්න ලැබුණා. උන්වහන්සේත් එක්ක ටිකක් කතා කරන්නයි අපි ආවේ….’’

    අප ඇසූ සෑම පැනයකට ම උන් වහන්සේ කළේ හිස සැලීම පමණි. උන් වහන්සේගේ ආරාධනය පිළිගනිමින් අපි සංඝාවාසයට ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය කලවතුගොඩ සද්ධාමංගල හිමි හමු වුණෙමු. අප කැඳවාගෙන ආ තරුණ හිමි නම කුටියට වැඩම කළ අතර නාහිමි සමඟ ඒ පිළිබඳ කතිකා කිරීමට අපි අදහස් කළෙමු.

    ‘‘නායක හාමුදුරුවනේ අපිට දැනගන්න ලැබුණා මේ විහාරස්ථානේ පසුගිය දා පෝයට මුස්ලිම් කුලදරුවෙක් සසුන්ගත කළා කියලා’’

    අප ඇසූ පැනයට නායක ස්වාමීන් වහන්සේගේ මුවගට මඳ සිනාවක් ද නැඟිණ.

    ‘‘ඒ හාමුදුරුවෝ තමයි දැන් මහත්තයලව මෙතැනට එක්කරගෙන ආවේ’’ යි මඳක් රැල් බුරුල් කර උන්වහන්සේ කුටිය දෙසට නෙත් යොමු කළහ.

    ‘‘නාගිත… නාගිත… උන්නාන්සේ….’’

    ‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ….’’ පෙර කී හිමියෝ ශාන්ත ලීලාවකින් අප අසලට වැඩම කළහ. සත්තකින් ම උන් වහන්සේ තුළ සැබෑ පළ පුරුදු හිමිනමකගේ සංවර ගතිකත්වයක් පැවැතීම අපට ඇති කළේ පුදුමයකි. නායක ස්වාමින් වහන්සේ මෙම ක‍්‍රියාවලියේ පූර්ව අවධිය පිළිබඳ මෙනෙහි කළේ මෙපරිද්දෙනි.

    ‘‘දවසක් මගේ හිතවත් කෙනෙක් ඇවිත් මට කිව්වා බුදු දහමට පුදුම විදියට ගරු කරන මුස්ලිම් දරුවෙක් ඉන්නවා කියලා. මහණ වෙන්නත් ගොඩාක් ආසාවෙන් කිව්වා ඉන්නේ. එක්කගෙන එන්න ද ඇහුවා… මේක මටත් ටිකක් පුදුම හිතෙන අලූත් දෙයක්. මම කිව්වා එක්කරගෙන එන්න බලන්න කියලා. මෙයා ව දැක්ක ගමන් ම මට හිතුණා මොහු මහණ වෙන එක හොඳයි කියලා. ශාසනයට සුදුසු පින්වත් ලක්ෂණ රාශියක් මෙයාගෙන් මම දැක්කා. මහණ වෙන්න කලින් පන්සලේ මාසයක් පමණ නතර කරගෙන මම හොඳට අධ්‍යයනය කළා. ඒ කාල සීමාව තුළ අනෙක් හිමිවරුන්ට පුදුම විදියට ගෞරව උපස්ථාන කළා. බුදුන් වැදීමේ කටයුතු, හැම දෙයක් ම පොඩි හාමුදුරුවන් එක්ක කළා. වයස 18ක තරුණයෙක් නිසා මම මහණ කරන්න කලින් මෙයා ගැන හොඳ සෝදිසියක් කළා. නමුත් හැම කෙනෙක් ම කිව්වේ මෙයා ගොඩක් සංවර නිහඬ චරිතයක් කියලයි. මුස්ලිම් සම්ප‍්‍රදාය අතහැරලා මහණ දම් පුරන්න පැමිණීම ඇත්තට ම විශේෂ දෙයක්. මෙය සංසාර ගමන ගැන අවබෝධ කරගත් නිසා බුදු සසුනට එන්න හිතන්න ඇති.’’

    උන්වහන්සේගේ ගිහි නම මොහොමඞ් සෆ්රාෂ් ආබ්දීන් ය. මුස්ලිම් සංස්කෘතියට අනුව හැදී වැඞී දිවි ගෙවූ මොහොමඞ් අද තලංගම නාගිත හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් ව සිටිති. නාහිමි පැවැසුවා සේ ම නිහඬ චරිතයකින් හෙබි උන්වහන්සේ සතු ව මනා සංවර බවක් පවතියි. මෙවන් අධ්‍යාත්මික සිතක් පහළ වීමට තරම් උන්වහන්සේ කෙතරම් වාසනාවන්ත ද? මුස්ලිම්වරුන්ගේ සංස්කෘතියෙන් මිදී කෙසේ බුදු දහම වැළැඳ ගත්තේ ද? සිතට නැඟුණු පැනයන් උන්වහන්සේගේ විමසීමට අපි අදහස් කළෙමු.

    සංඝාවාසයෙන් නික්මෙන උන්වහන්සේ පසුපසින් පැමිණි අපි බෝධිය අසල නතර වූයෙමු. බෝපත් තුළින් නැෙඟන සිලි සිලි නාදය මැද තලංගම නාගිත හිමියෝ සිය කතාව අපට පැවැසූහ.

    ‘‘පොඩි කාලෙ ඉඳන් ම මම බුදු දහමට හරි ආසයි. බුදු හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය, ජාතක කතා, සූත‍්‍ර දේශනා මම ගොඩක් කියෙව්වා. බුදු දහමෙ සාරවත් දෙයක් තියෙනවා කියලා මට වැටහෙන්න ගත්තේ ඉන් පසුව යි. ඉස්ලාම් දහමට වඩා බුදු දහම හොඳයි කියලා මට දැනෙන්න ගත්තා. ඒකෙ නීති වැඩියි.

    ආගම කියවන්න ඕන කියලා නීතියක් තියෙනවා. ඒත් බුදු දහමෙ එහෙම නෑ. නීතියක් දාන්න කවුරුත් නැති නිසා මම ගොඩාක් ආසාවෙන් ගෞරවයෙන් බුදුන් වඳිනවා, භාවනා කරනවා, පන්සලේ තියෙන නිහඬ බව පල්ලියේ තිබුණේ නෑ. හැමෝමත් එක්ක ආගම කියවන එකට මම ආස නෑ. සමහැ දවස්වලට සිකුරාදා පල්ලි යන්න වෙනවට මම එදාට ගෙදරින් යනවා. කොහේට හරි ගිහින් ඉඳලා පස්සෙන්දාට ගෙදර එනවා. පන්සලේ ඉන්නකොට දුකක් දැනෙන්නෙත් නෑ. තමන්ගේ නිදහස තියෙනව නම් නිවන් මඟට යන්න ඒ හොඳට ම ඇති. දුකක් ආවත් බුදු හාමුදුරුවන්ගේ බුද්ධ ප‍්‍රතිමාව දිහා බලන් ඉන්නකොට පුදුම තරම් සැනසීමක් දැනෙනවා’’

    මුස්ලිම්වරුන්ගේ නීතියට අනුව ඉස්ලාම් දහමේ පුද්ගලයකු වෙනත් ආගමකට යෑම වරදක් බව අපි අසා ඇත්තෙමු. එහෙත් එම නීතියට පවා පිටුපා බෞද්ධ විහාරස්ථානයක මහණ දම් පිරීමට පැමිණීමට තරම් උන්වහන්සේ බුදු දහම පිළිබඳ කෙතරම් පැහැදීමකින් පසු වී ඇත්දැයි වැටහේ.

    ‘‘අපේ ගෙදර ඉන්නේ අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි, අම්මයි තාත්තයි. ඉස්ලාම් ආගමේ. අවුරුදු කාලෙට ආගම කියලා සතුන්ගේ බෙල්ල කපලා බිම දාලා තද කරගෙන දඟලන්න දෙන්නෙ නැතුව මරනවා. මම ඒකට ගොඩක් අකැමැතියි. අවුරුදු කාලෙට අපේ ගෙදරත් අයියා ඒ විදියට සත්තු මරනවා. මට ඒක බලන් ඉන්න බෑ. මම ඒ කාලෙට ගෙදරින් ගිහිල්ලා කොහේ හරි ඉන්නවා. ගිහි ජීවිතේ ඉන්නකොට මම ඒ හැමදෙයක් ම දැක්කා. ලොකු හාමුදුරුවෝ මම පන්සලට ආපු දවස්වල සත්තු මරන සී. ඞී. තැටියක් දාලා පෙන්නුවා. ලොකු හාමුදුරුවො මට තේරුම් කළා සත්තු මැරුවම තියෙන පව. ඒ සී. ඞී. තැටියෙ පැටවු හම්බ වෙන්න ඉන්න අහිංසක සත්තු පවා මරනවා.’’

    ‘‘ඒක බලන් ඉන්නකොට ගොඩක් දුකයි. ඒවා කරන අයට ඒ සතා විඳින දුක දැනෙන්නේ නැතිව ඇති. ඉස්ලාම් දහමෙ අය සත්තුන්ට දෙන දස වධ දැක්ක ම බුදු දහම ඊට වඩා ගොඩක් වෙනස්. සත්තුන්ට කරුණාවෙන් ඉන්න මමත් ආසයි.’’

    තලංගම නාගිත හිමි ගිහි කාලයේ ජීවත් ව සිටි තලංගම නිවෙසට යෑමට ද අපි අදහස් කළෙමු. අප ගොඩවන විට උන්වහන්සේගේ මෑණියන් වන පාතිමා ෆරීනා සහ පියා වන මොහොමඞ් සරුෆ්් ආබ්දීන් සහ සොහොයුරන් කිහිප දෙනෙක් එම දිළිඳු නිවෙසෙහි රැඳී සිටියහ.

    උන් වහන්සේගේ මෑණියන් වන පාතිමා ෆරීනා අපට මෙසේ පැවැසුවා ය.

    ‘‘අපි මුස්ලිම් වුණත් පොඩි කාලේ ඉඳන් ම මෙයා ඉස්ලාම් ආගමට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නෑ. ඒ ඇයි දන්නේ නෑ. සමහර දවස්වලට සිකුරාදා ආගම කියවන්න වෙනවට මඟඇරලා කොහේ හරි යනවා. ?ට බණ අහනවා, පිරිත් අහනවා, මෙයා කරන වැඩවලට තාත්තා ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නෑ. ඉස්ලාම් දහම අදහන කෙනෙක් ඒ වගේ දේවල් කිරීම වරදක්නෙ. අනිත් එක තමයි පොඩි කාලෙ ඉඳන් ම හාමුදුරුවන්ට හරි ආදරෙයි. පොඩි කාලෙ මෙයා මල්ලිලාත් එක්ක සෙල්ලම් කරනකොට ‘‘බෙඞ් ෂීට්’’ එකක් සිවුරක් වගේ ඇගේ ඔතාගෙන මල්ලිලට බණ කියනවා’’

    ‘‘පසුගිය දෙසැම්බර් මාසේ මෙයා අපට කිව්වා මහණ වෙන්න ඕන කියලා. ඒත් තාත්තයි මායි කැමැති වුණේ නෑ. එහෙම කළොත් මුස්ලිම් සමාජෙන් අපිට වැරැුදි අහන්න වෙනවා. අපි අකැමැති නිසා මෙයා තරහවෙලා ගෙදරිනුත් ගිහින් හිටියා. පස්සෙ මම කැමැති වුණා මහණ වෙනවට. පුතා මහණ වෙන දවසෙ අපිත් පන්සල් ගියා. පුතාට මුල් ම සිවුරු පිරිකර පූජා කළෙත් මම. එයාගෙ සතුට ඒක නම් මුස්ලිම්වරු මොනවා කීවත් අපිට කරන්න දෙයක් නෑ. එයා කළේ එයාට කැමැති දේ නේ.’’

    නාගිත හිමිගේ නිවැසියන්ගෙන් සමුගත් අපි උන්වහන්සේ ද සමඟ නැවතත් ලූම්බිණි විවේක සේනාසනයට ගියෙමු. අප නැවතත් ඒමට පෙර උන් වහන්සේ අපට පැවැසූ වදන් පෙළ තවමත් මගේ මතකයේ පවතී.

    ‘‘මට තුන් සූත‍්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. මම ගොඩක් ආසයි බුදු හාමුදුරුවො ඉන්දියාවෙ වැඩ වාසය කළ තැන් ඇස් දෙකෙන් ම දැක ගන්න.’’

    ශ‍්‍රී ලූම්බිණි විවේක සේනාසනයේ නා හිමිගේත් තලංගම නාගිත පොඩි හාමුදුවන්ගේත් දෙපා වන්දනය කළ අපි එම පින් බිමෙන් නික්මී ආවෙමු.
     
    Last edited:

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    ජිවිතේ ගැන වැටහීමෙන් පැවිදි බිමට ආපු ඔබ වහන්සේට හොදක්ම වේවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මෙන්න බොලෙ හම්බයා ඔබවහන්සෙ වෙලා. මට හිනා අරහෙනුත් ඔයි..


    MUn hambayo nemeyi machanla mun demalu......munta oni thawa yuddayak athi karanna parissamin kollane......api munta meth wadamu.....labana athmewath oya wage jara jeevithayak labenna epa kiyala....