පෑවිල්ලෙන් දරුවන්ට මාරාන්තික අතුරු ආබාධ

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
පෑවිල්ලෙන් දරුවන්ට මාරාන්තික අතුරු ආබාධ

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වයස අවුරුදු 6 සිට 15 දක්වා ළමයින් විජලනයට පත් වී අතුරු ආබාධයක් ලෙස හෘදයාබාධ ඇති වී මරණයට පවා පත්වීමේ අවදානමක් මතු වී ඇති බැවින් ළමයින්ට වැඩිපුර දියර ආහාර ලබාදීමට කටයුතු කරන්නැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මෙම විජලන තත්ත්වය හා අතුරු ආබාධයක් ලෙස වැළඳෙන හෘද රෝග වයස් භේදයක් නැති ව ඇතිවන බව පෙන්වා දෙන ඒ මහතා හිසරදය, කරකැවිල්ල, අධික ලෙස දහඩිය දැමීම, උදරාබාධ, මහන්සිය මෙහි රෝග ලක්ෂණ ලෙස ඔහු පෙන්වා දෙයි.

මාර්තු හා අපේ‍්‍රල් මාසවල මීට පෙර ද මෙවැනි තත්ත්වයක් ඇති වූ බවත්, මේ දිනවල විජලනය තත්ත්වය ඇති වූ රෝගීන් වැඩියෙන් වාර්තා වන බැවින් එම තත්ත්වය අවම කරගැනීම සඳහා සෑම පුද්ගලයකු මෙන් ම විශේෂයෙන් කුඩා දරුවන්ට දියර ආහාර වැඩිපුර ලබා දිය යුතු බව වෛද්‍ය පෙරේරා මහතා අවධාරණය කළේ ය.