Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පිටකොටුවේ කැලෑ පොළේ රැයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටකොටුවේ කැලෑ පොළේ රැයක්

කොළඹ පිටකොටුවට නුදුරු ව බැස්ටියන් මාවතට යාබද ව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්න ව පිහිටි හිස් පෙදෙසක් අවුරුදු කීපයක පටන් අපූරු වෙළෙඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත් ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ කැලෑ පොළ කියල යි.

කැලේ කොළේ වැවෙන පලතුරු, පලා වර්ග වගේ ම තවත් එළවළු පලතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුර ම ක්‍රියාත්මක වන්නේ මහ රෑ ටයි. අඩුවට හොඳ බඩුගන්න මෙතනට යන්න සිල්ලර වෙළෙන්දන් වගේම පාරිභෝගික පිරිස් ද පුරුදු වී සිටිනවා.

මැනිං මාකට්ටුවට විකල්පයක්

බැස්ටියන් මාවතේ පොළ පැවති කාලයේ- flickr.com

දැන් පෑලියගොඩට ගෙන ගොස් ඇති කොළඹ මැනිං වෙළෙඳපොළ මෙරට එළවළු පලතුරු මිල තීරණය කරන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මැනිං මාකට් එක මෑතක් වනතෙක් පැවතුණේ කැලෑ පොළට නුදුරුව යි. රටේ විවිධ පළාත්වලින් ගෙන එන බඩු පාන්දර එකේ පමණ සිට මැනිං මාකට් එකේ තොග වශයෙන් අලෙවි කෙරෙනවා. කැලෑ පොළට එවැනි මිල තීරණය කිරීමේ බලයක් නැහැ. එහි ක්‍රියාත්මක වන්නේ වෙනම මිලක්.

රාත්‍රී 11.00ට පටන් ගන්නවා

මේ වන විට කැලෑ පොළ ආරම්භ වී වසර හැටක් පමණ වෙනවා. මුල් ම කාලේ ලොකු වට්ටිවල තියල ගමෙන් ගේන පොඩි පොඩි දේවල් වට්ටි අම්මලා එහි විකුණා ඇති බව පැවසෙනවා. ඒ කාලයේ සිට කැලෑ පොළ පිටකොටුව අවට තැන් අටක පමණ පවත්වා තිබෙනවා. එයට ස්ථිර ස්ථානයක් හෝ ගොඩනැඟිලි කිසිවක් නැහැ. මැනිං වෙළෙඳපොළට ආසන්නයේ වසර 35ක 40ක පමණ කාලයක සිට කැලෑ පොළ පැවැත්වෙනවා.

එය ඇරඹෙන්නේ රාත්‍රී 11.00ට යි. පසුදා උදෑසන 10 තෙක් පැය 11ක පමණ කාලයක් මෙතැන වෙළෙඳාම් හා ගනුදෙනු සිදුවෙනවා. මීට වසර 06කට පමණ ඉහත දී මෙය පැවැත්වූයේ බැස්ටියන් මාවත ඉදිරි පිට බස්නැවතුම් පොළෙහි කෙළවරක යි. පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් කොළඹ අලංකරණ කටයුතු කිරීම සිදුවූ අතර පාවෙන වෙළෙඳපොළ සඳහා ඒ අවට භූමිය අලංකරණය කිරීම සිදුවුණා.

පිටකොටුව පාවෙන වෙළෙඳපොළ

මේ නිසා කැලෑ පොළ බැස්ටියන් මාවතේ සිට ඒ පාර පටන් ගන්නා තැන පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩමක් වෙත මාරු වුණා. එම ඉඩමට විදුලි ආලෝකය ද සපයා ඇති අතර පොළොවට ද කොන්ක්‍රීට් ගඩොල් අල්ලා තිබෙනවා.

මෙහි වෙළෙඳාමේ නිරත වන වැඩිදෙනෙක් ගොවියා හෝ ඔහුගේ පවුලේ ම කෙනකු වීම විශේෂත්වයක්. මේ නිසා ගොවියන්ගෙන් කෙළින් ම බඩු ලබා ගැනීමට කැලෑ පොළට යන පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා. ඒ නිසාම බඩුවල මිලත් යම් තරමකට අඩු වෙනවා. මෙහි එළවළු වෙළෙඳාමේ නිරත "නන්දා" තම අදහස් පැවසුවේ ඒ විදිහටයි.

කැලෑ ගම්වල එළවළු පලතුරු

කැලෑ පොළ නම මෙතැනට හිමි වී තිබෙන්නේ ගමේ-ගොඩේ, කැලේ-කොළේ හැදෙන අල, පලා කොළ, පලතුරු, කොස්, දෙල්, කොස්ඇට, ගඩා ගෙඩි ආදිය රටේ හැම පැත්තෙන් ම පැමිණෙන හින්ද යි.

සොයා ගැනීමට අපහසු වෙරළු, මසං, දං, දේශීය දෙළුම්, නමිනං, ඇඹරැල්ලා, ලොවි, ගඩුගුඩා, නාරං, ජමනාරං, ජම්බෝල, කාමරංගා, දොඩම්, ගමේ අඹ ආදිය කැලෑ පොළහි හමුවන පලතුරු වෙනවා.

කොස්, කොස්ඇට සහ පොලොස්වලට මෙහි ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ගමේ තැඹිලි, කුරුම්බා සහ පොල් ද මෙහි අලෙවියට තිබෙනවා. හීන් කොච්චි, තිබ්බටු, සුදු කොච්චි, බඩඉරිඟු, කෙසෙල් මුව, කෙසෙල් ආදිය මෙන්ම රම්පේ සහ කැලෑවලින් කඩා ගන්නා කරපිංචා ද මෙහි බහුල ව අලෙවි වෙනවා.

පාරිභෝගිකයන් වන්නේ කුඩා වෙළෙඳුන්

මෙතැනට එළවළු පලතුරු මිලදී ගැනීමට බහුල ව එන්නේ කොළඹ අවට කුඩා කඩ පවත්වාගෙන යන වෙළෙන්දො යි. මෙතැනින් එළවළු රැගෙන ගොස් බත් පාර්සල් කර විකුණන අයත් ඉන්නවා. අච්චාරු තනා විකුණන පිරිස් ද පැමිණ ඒවාට අවශ්‍ය අමු පලතුරු වර්ග කිලෝ ගණනින් කැලෑ පොළෙන් මිලදී ගන්නවා.

ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න, සාරණ ඇතුළු පලා වර්ගත් මෙහි බහුල ව දැකගත හැකි වෙනවා.

කෑලෑ පොළෙහි අලෙවි ද්‍රව්‍ය අතර නෙළුම්, මානෙල් මල් මිටි ද ඇතැම් දිනෙක මෙහි දක්නට ලැබෙනවා. මෙහි අලෙවිකරන දෑ අතර බුලත්විටට ඇවැසි බුලත් දුම්කොළ සහ පුවක් ද තිබෙනවා. විට වෙළෙන්දන් පැමිණ විටවලට ඇවැසි අමුද්‍රව්‍ය මෙතතින් මිලට ගන්නවා. පොලීසිය, වරාය, විශ්වවිද්‍යාල ආදී තැන්වල ආපනශාලා සඳහා ආහාර පිසීමටත් මෙතැනින් එළවළු සහ පලා වර්ග මිලදි ගැනෙනවා. ගමේ කෑම සොයා එන අයද මෙහි නිතර දක්නට ලැබෙනවා.

කැලෑ පොළෙහි දිනකට වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් සංඛ්‍යාව තුන්සියයක් හාරසියයක් අතර සංඛ්‍යාවක්. ඔවුන්ට හිසට වහලක් නෑ. වෙළෙඳාම් කරන්නට කඩ කෑල්ලක් ද නැහැ.

තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුන් උදේ කාලයේ අව්වට පිච්චෙනවා. එවිට සමහරුන් කුඩ ඉහළා ගන්නවා. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගන්නවා. වැස්සට ද ඔවුන් තෙමෙනවා. දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේ යි.

රට වටෙන් ම වෙළෙඳුන් එන තැනක්

සොයා ගැනීමට අපහසු ඖෂධ වර්ග මෙන් ම ගමේ එළවළු පලා වර්ගත් මෙහි තිබෙනවා. එහි මහා පරිමාණ වෙළෙන්දන් දකින්නට නැහැ. අනුරාධපුරය, තඹුත්තේගම, කුරුණෑගල, ගිරිඋල්ල, ආනමඩුව, හලාවත, පානදුර, ගම්පහ, වැලිවේරිය, හොරණ, ඇඹිලිපිටිය ඇතුළු විවිධ පැතිවලින් පැමිණෙන ගොවියන් සහ බඩු එකතු කරන අය 350ක් පමණ පොළේ වෙළෙඳාම් කරනවා. එයට අමතර ව කොළඹ වෙළෙඳුන් පිරිසක් ද දුර පළාත්වල ගොවියන් එවන එළවළු වැනි දෑ අලෙවි කරනවා දක්නට පුළුවන්.

වැසි දවසට තෙමෙමින් වෙළෙඳාමේ නිරත මොවුන් අව්ව දවස්වලට උදේ වරුවේ අව්වේ වේළෙනවා. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ බඩු විකිණිම සඳහා ආවරණයක් තනා දෙන ලෙස යි.

මුලාශ්‍ර:

බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන

රෝර්මිඩියා

චායාරුප අන්තර්ජාලයෙනි

Dinamina.lk

Silumina.lk

Deshaya.lk

[QUOTE="NRTG, post: 29178311, member: 573158"] [SIZE=7]පිටකොටුවේ කැලෑ පොළේ රැයක්[/SIZE] [SIZE=4]කොළඹ පිටකොටුවට නුදුරු ව බැස්ටියන් මාවතට යාබද ව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්න ව පිහිටි හිස් පෙදෙසක් අවුරුදු කීපයක පටන් අපූරු වෙළෙඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත් ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ කැලෑ පොළ කියල යි. [IMG width="727px"]https://i.imgur.com/0TQqQmQ.jpg[/IMG] කැලේ කොළේ වැවෙන පලතුරු, පලා වර්ග වගේ ම තවත් එළවළු පලතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුර ම ක්‍රියාත්මක වන්නේ මහ රෑ ටයි. අඩුවට හොඳ බඩුගන්න මෙතනට යන්න සිල්ලර වෙළෙන්දන් වගේම පාරිභෝගික පිරිස් ද පුරුදු වී සිටිනවා.[/SIZE] [HEADING=1]මැනිං මාකට්ටුවට විකල්පයක්[/HEADING] [IMG width="742px"]https://i.imgur.com/aj172XF.jpg[/IMG] බැස්ටියන් මාවතේ පොළ පැවති කාලයේ- flickr.com [SIZE=4]දැන් පෑලියගොඩට ගෙන ගොස් ඇති කොළඹ මැනිං වෙළෙඳපොළ මෙරට එළවළු පලතුරු මිල තීරණය කරන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මැනිං මාකට් එක මෑතක් වනතෙක් පැවතුණේ කැලෑ පොළට නුදුරුව යි. රටේ විවිධ පළාත්වලින් ගෙන එන බඩු පාන්දර එකේ පමණ සිට මැනිං මාකට් එකේ තොග වශයෙන් අලෙවි කෙරෙනවා. කැලෑ පොළට එවැනි මිල තීරණය කිරීමේ බලයක් නැහැ. එහි ක්‍රියාත්මක වන්නේ වෙනම මිලක්.[/SIZE] [HEADING=1]රාත්‍රී 11.00ට පටන් ගන්නවා[/HEADING] [SIZE=4]මේ වන විට කැලෑ පොළ ආරම්භ වී වසර හැටක් පමණ වෙනවා. මුල් ම කාලේ ලොකු වට්ටිවල තියල ගමෙන් ගේන පොඩි පොඩි දේවල් වට්ටි අම්මලා එහි විකුණා ඇති බව පැවසෙනවා. ඒ කාලයේ සිට කැලෑ පොළ පිටකොටුව අවට තැන් අටක පමණ පවත්වා තිබෙනවා. එයට ස්ථිර ස්ථානයක් හෝ ගොඩනැඟිලි කිසිවක් නැහැ. මැනිං වෙළෙඳපොළට ආසන්නයේ වසර 35ක 40ක පමණ කාලයක සිට කැලෑ පොළ පැවැත්වෙනවා.[/SIZE] [IMG width="744px"]https://i.imgur.com/JVLTqaM.jpg[/IMG] [SIZE=4]එය ඇරඹෙන්නේ රාත්‍රී 11.00ට යි. පසුදා උදෑසන 10 තෙක් පැය 11ක පමණ කාලයක් මෙතැන වෙළෙඳාම් හා ගනුදෙනු සිදුවෙනවා. මීට වසර 06කට පමණ ඉහත දී මෙය පැවැත්වූයේ බැස්ටියන් මාවත ඉදිරි පිට බස්නැවතුම් පොළෙහි කෙළවරක යි. පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් කොළඹ අලංකරණ කටයුතු කිරීම සිදුවූ අතර පාවෙන වෙළෙඳපොළ සඳහා ඒ අවට භූමිය අලංකරණය කිරීම සිදුවුණා. [IMG width="748px"]https://i.imgur.com/l9XjOqS.jpg[/IMG][/SIZE] පිටකොටුව පාවෙන වෙළෙඳපොළ [SIZE=4]මේ නිසා කැලෑ පොළ බැස්ටියන් මාවතේ සිට ඒ පාර පටන් ගන්නා තැන පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩමක් වෙත මාරු වුණා. එම ඉඩමට විදුලි ආලෝකය ද සපයා ඇති අතර පොළොවට ද කොන්ක්‍රීට් ගඩොල් අල්ලා තිබෙනවා. [IMG width="696px"]https://i.imgur.com/c3FQZPl.jpg[/IMG][/SIZE] මෙහි වෙළෙඳාමේ නිරත වන වැඩිදෙනෙක් ගොවියා හෝ ඔහුගේ පවුලේ ම කෙනකු වීම විශේෂත්වයක්. මේ නිසා ගොවියන්ගෙන් කෙළින් ම බඩු ලබා ගැනීමට කැලෑ පොළට යන පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා. ඒ නිසාම බඩුවල මිලත් යම් තරමකට අඩු වෙනවා. මෙහි එළවළු වෙළෙඳාමේ නිරත "නන්දා" තම අදහස් පැවසුවේ ඒ විදිහටයි. [IMG width="701px"]https://i.imgur.com/sY9BrvZ.jpg[/IMG] [HEADING=1]කැලෑ ගම්වල එළවළු පලතුරු[/HEADING] [SIZE=4]කැලෑ පොළ නම මෙතැනට හිමි වී තිබෙන්නේ ගමේ-ගොඩේ, කැලේ-කොළේ හැදෙන අල, පලා කොළ, පලතුරු, කොස්, දෙල්, කොස්ඇට, ගඩා ගෙඩි ආදිය රටේ හැම පැත්තෙන් ම පැමිණෙන හින්ද යි.[/SIZE] [IMG width="453px"]https://i.imgur.com/pvd9CJd.png[/IMG] [IMG width="447px"]https://i.imgur.com/J250KPN.jpg[/IMG] [SIZE=4] සොයා ගැනීමට අපහසු වෙරළු, මසං, දං, දේශීය දෙළුම්, නමිනං, ඇඹරැල්ලා, ලොවි, ගඩුගුඩා, නාරං, ජමනාරං, ජම්බෝල, කාමරංගා, දොඩම්, ගමේ අඹ ආදිය කැලෑ පොළහි හමුවන පලතුරු වෙනවා. [IMG width="404px"]https://i.imgur.com/zZS1dSZ.jpg[/IMG][IMG width="425px"]https://i.imgur.com/6ND0u7m.jpg[/IMG] කොස්, කොස්ඇට සහ පොලොස්වලට මෙහි ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ගමේ තැඹිලි, කුරුම්බා සහ පොල් ද මෙහි අලෙවියට තිබෙනවා. හීන් කොච්චි, තිබ්බටු, සුදු කොච්චි, බඩඉරිඟු, කෙසෙල් මුව, කෙසෙල් ආදිය මෙන්ම රම්පේ සහ කැලෑවලින් කඩා ගන්නා කරපිංචා ද මෙහි බහුල ව අලෙවි වෙනවා.[/SIZE] [HEADING=1]පාරිභෝගිකයන් වන්නේ කුඩා වෙළෙඳුන්[/HEADING] [SIZE=4]මෙතැනට එළවළු පලතුරු මිලදී ගැනීමට බහුල ව එන්නේ කොළඹ අවට කුඩා කඩ පවත්වාගෙන යන වෙළෙන්දො යි. මෙතැනින් එළවළු රැගෙන ගොස් බත් පාර්සල් කර විකුණන අයත් ඉන්නවා. අච්චාරු තනා විකුණන පිරිස් ද පැමිණ ඒවාට අවශ්‍ය අමු පලතුරු වර්ග කිලෝ ගණනින් කැලෑ පොළෙන් මිලදී ගන්නවා. ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න, සාරණ ඇතුළු පලා වර්ගත් මෙහි බහුල ව දැකගත හැකි වෙනවා. [IMG width="695px"]https://i.imgur.com/TcuHQNw.jpg[/IMG] කෑලෑ පොළෙහි අලෙවි ද්‍රව්‍ය අතර නෙළුම්, මානෙල් මල් මිටි ද ඇතැම් දිනෙක මෙහි දක්නට ලැබෙනවා. මෙහි අලෙවිකරන දෑ අතර බුලත්විටට ඇවැසි බුලත් දුම්කොළ සහ පුවක් ද තිබෙනවා. විට වෙළෙන්දන් පැමිණ විටවලට ඇවැසි අමුද්‍රව්‍ය මෙතතින් මිලට ගන්නවා. පොලීසිය, වරාය, විශ්වවිද්‍යාල ආදී තැන්වල ආපනශාලා සඳහා ආහාර පිසීමටත් මෙතැනින් එළවළු සහ පලා වර්ග මිලදි ගැනෙනවා. ගමේ කෑම සොයා එන අයද මෙහි නිතර දක්නට ලැබෙනවා.[/SIZE] [IMG width="703px"]https://i.imgur.com/lHWVpfa.jpg[/IMG] [SIZE=4]කැලෑ පොළෙහි දිනකට වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් සංඛ්‍යාව තුන්සියයක් හාරසියයක් අතර සංඛ්‍යාවක්. ඔවුන්ට හිසට වහලක් නෑ. වෙළෙඳාම් කරන්නට කඩ කෑල්ලක් ද නැහැ. තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුන් උදේ කාලයේ අව්වට පිච්චෙනවා. එවිට සමහරුන් කුඩ ඉහළා ගන්නවා. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගන්නවා. වැස්සට ද ඔවුන් තෙමෙනවා. දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේ යි.[/SIZE] [HEADING=1]රට වටෙන් ම වෙළෙඳුන් එන තැනක්[/HEADING] [SIZE=4]සොයා ගැනීමට අපහසු ඖෂධ වර්ග මෙන් ම ගමේ එළවළු පලා වර්ගත් මෙහි තිබෙනවා. එහි මහා පරිමාණ වෙළෙන්දන් දකින්නට නැහැ. අනුරාධපුරය, තඹුත්තේගම, කුරුණෑගල, ගිරිඋල්ල, ආනමඩුව, හලාවත, පානදුර, ගම්පහ, වැලිවේරිය, හොරණ, ඇඹිලිපිටිය ඇතුළු විවිධ පැතිවලින් පැමිණෙන ගොවියන් සහ බඩු එකතු කරන අය 350ක් පමණ පොළේ වෙළෙඳාම් කරනවා. එයට අමතර ව කොළඹ වෙළෙඳුන් පිරිසක් ද දුර පළාත්වල ගොවියන් එවන එළවළු වැනි දෑ අලෙවි කරනවා දක්නට පුළුවන්.[/SIZE] [IMG width="747px"]https://i.imgur.com/Qoqwir1.jpg[/IMG] [IMG width="745px"]https://i.imgur.com/4YldnJX.jpg[/IMG] [SIZE=4]වැසි දවසට තෙමෙමින් වෙළෙඳාමේ නිරත මොවුන් අව්ව දවස්වලට උදේ වරුවේ අව්වේ වේළෙනවා. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ බඩු විකිණිම සඳහා ආවරණයක් තනා දෙන ලෙස[/SIZE] යි. [SIZE=1]මුලාශ්‍ර: බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන රෝර්මිඩියා චායාරුප අන්තර්ජාලයෙනි Dinamina.lk Silumina.lk Deshaya.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom