පිටකොටුවේ කැලෑ පොළේ රැයක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,026
    198,421
    113
    Colombo, Sri Lanka
    පිටකොටුවේ කැලෑ පොළේ රැයක්

    කොළඹ පිටකොටුවට නුදුරු ව බැස්ටියන් මාවතට යාබද ව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්න ව පිහිටි හිස් පෙදෙසක් අවුරුදු කීපයක පටන් අපූරු වෙළෙඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත් ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ කැලෑ පොළ කියල යි.


    0TQqQmQ.jpg


    කැලේ කොළේ වැවෙන පලතුරු, පලා වර්ග වගේ ම තවත් එළවළු පලතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුර ම ක්‍රියාත්මක වන්නේ මහ රෑ ටයි. අඩුවට හොඳ බඩුගන්න මෙතනට යන්න සිල්ලර වෙළෙන්දන් වගේම පාරිභෝගික පිරිස් ද පුරුදු වී සිටිනවා.



    මැනිං මාකට්ටුවට විකල්පයක්​

    aj172XF.jpg

    බැස්ටියන් මාවතේ පොළ පැවති කාලයේ- flickr.com

    දැන් පෑලියගොඩට ගෙන ගොස් ඇති කොළඹ මැනිං වෙළෙඳපොළ මෙරට එළවළු පලතුරු මිල තීරණය කරන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මැනිං මාකට් එක මෑතක් වනතෙක් පැවතුණේ කැලෑ පොළට නුදුරුව යි. රටේ විවිධ පළාත්වලින් ගෙන එන බඩු පාන්දර එකේ පමණ සිට මැනිං මාකට් එකේ තොග වශයෙන් අලෙවි කෙරෙනවා. කැලෑ පොළට එවැනි මිල තීරණය කිරීමේ බලයක් නැහැ. එහි ක්‍රියාත්මක වන්නේ වෙනම මිලක්.


    රාත්‍රී 11.00ට පටන් ගන්නවා​

    මේ වන විට කැලෑ පොළ ආරම්භ වී වසර හැටක් පමණ වෙනවා. මුල් ම කාලේ ලොකු වට්‌ටිවල තියල ගමෙන් ගේන පොඩි පොඩි දේවල් වට්ටි අම්මලා එහි විකුණා ඇති බව පැවසෙනවා. ඒ කාලයේ සිට කැලෑ පොළ පිටකොටුව අවට තැන් අටක පමණ පවත්වා තිබෙනවා. එයට ස්ථිර ස්ථානයක් හෝ ගොඩනැඟිලි කිසිවක් නැහැ. මැනිං වෙළෙඳපොළට ආසන්නයේ වසර 35ක 40ක පමණ කාලයක සිට කැලෑ පොළ පැවැත්වෙනවා.

    JVLTqaM.jpg



    එය ඇරඹෙන්නේ රාත්‍රී 11.00ට යි. පසුදා උදෑසන 10 තෙක් පැය 11ක පමණ කාලයක් මෙතැන වෙළෙඳාම් හා ගනුදෙනු සිදුවෙනවා. මීට වසර 06කට පමණ ඉහත දී මෙය පැවැත්වූයේ බැස්ටියන් මාවත ඉදිරි පිට බස්නැවතුම් පොළෙහි කෙළවරක යි. පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් කොළඹ අලංකරණ කටයුතු කිරීම සිදුවූ අතර පාවෙන වෙළෙඳපොළ සඳහා ඒ අවට භූමිය අලංකරණය කිරීම සිදුවුණා.


    l9XjOqS.jpg

    පිටකොටුව පාවෙන වෙළෙඳපොළ


    මේ නිසා කැලෑ පොළ බැස්ටියන් මාවතේ සිට ඒ පාර පටන් ගන්නා තැන පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩමක් වෙත මාරු වුණා. එම ඉඩමට විදුලි ආලෝකය ද සපයා ඇති අතර පොළොවට ද කොන්ක්‍රීට් ගඩොල් අල්ලා තිබෙනවා.

    c3FQZPl.jpg


    මෙහි වෙළෙඳාමේ නිරත වන වැඩිදෙනෙක් ගොවියා හෝ ඔහුගේ පවුලේ ම කෙනකු වීම විශේෂත්වයක්. මේ නිසා ගොවියන්ගෙන් කෙළින් ම බඩු ලබා ගැනීමට කැලෑ පොළට යන පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා. ඒ නිසාම බඩුවල මිලත් යම් තරමකට අඩු වෙනවා. මෙහි එළවළු වෙළෙඳාමේ නිරත "නන්දා" තම අදහස් පැවසුවේ ඒ විදිහටයි.

    sY9BrvZ.jpg



    කැලෑ ගම්වල එළවළු පලතුරු​

    කැලෑ පොළ නම මෙතැනට හිමි වී තිබෙන්නේ ගමේ-ගොඩේ, කැලේ-කොළේ හැදෙන අල, පලා කොළ, පලතුරු, කොස්, දෙල්, කොස්ඇට, ගඩා ගෙඩි ආදිය රටේ හැම පැත්තෙන් ම පැමිණෙන හින්ද යි.

    pvd9CJd.png
    J250KPN.jpg


    සොයා ගැනීමට අපහසු වෙරළු, මසං, දං, දේශීය දෙළුම්, නමිනං, ඇඹරැල්ලා, ලොවි, ගඩුගුඩා, නාරං, ජමනාරං, ජම්බෝල, කාමරංගා, දොඩම්, ගමේ අඹ ආදිය කැලෑ පොළහි හමුවන පලතුරු වෙනවා.

    zZS1dSZ.jpg
    6ND0u7m.jpg


    කොස්, කොස්ඇට සහ පොලොස්වලට මෙහි ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ගමේ තැඹිලි, කුරුම්බා සහ පොල් ද මෙහි අලෙවියට තිබෙනවා. හීන් කොච්චි, තිබ්බටු, සුදු කොච්චි, බඩඉරිඟු, කෙසෙල් මුව, කෙසෙල් ආදිය මෙන්ම රම්පේ සහ කැලෑවලින් කඩා ගන්නා කරපිංචා ද මෙහි බහුල ව අලෙවි වෙනවා.



    පාරිභෝගිකයන් වන්නේ කුඩා වෙළෙඳුන්​

    මෙතැනට එළවළු පලතුරු මිලදී ගැනීමට බහුල ව එන්නේ කොළඹ අවට කුඩා කඩ පවත්වාගෙන යන වෙළෙන්දො යි. මෙතැනින් එළවළු රැගෙන ගොස් බත් පාර්සල් කර විකුණන අයත් ඉන්නවා. අච්චාරු තනා විකුණන පිරිස් ද පැමිණ ඒවාට අවශ්‍ය අමු පලතුරු වර්ග කිලෝ ගණනින් කැලෑ පොළෙන් මිලදී ගන්නවා.
    ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න, සාරණ ඇතුළු පලා වර්ගත් මෙහි බහුල ව දැකගත හැකි වෙනවා.

    TcuHQNw.jpg


    කෑලෑ පොළෙහි අලෙවි ද්‍රව්‍ය අතර නෙළුම්, මානෙල් මල් මිටි ද ඇතැම් දිනෙක මෙහි දක්නට ලැබෙනවා. මෙහි අලෙවිකරන දෑ අතර බුලත්විටට ඇවැසි බුලත් දුම්කොළ සහ පුවක් ද තිබෙනවා. විට වෙළෙන්දන් පැමිණ විටවලට ඇවැසි අමුද්‍රව්‍ය මෙතතින් මිලට ගන්නවා. පොලීසිය, වරාය, විශ්වවිද්‍යාල ආදී තැන්වල ආපනශාලා සඳහා ආහාර පිසීමටත් මෙතැනින් එළවළු සහ පලා වර්ග මිලදි ගැනෙනවා. ගමේ කෑම සොයා එන අයද මෙහි නිතර දක්නට ලැබෙනවා.


    lHWVpfa.jpg


    කැලෑ පොළෙහි දිනකට වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් සංඛ්‍යාව තුන්සියයක් හාරසියයක් අතර සංඛ්‍යාවක්. ඔවුන්ට හිසට වහලක් නෑ. වෙළෙඳාම් කරන්නට කඩ කෑල්ලක් ද නැහැ.
    තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුන් උදේ කාලයේ අව්වට පිච්චෙනවා. එවිට සමහරුන් කුඩ ඉහළා ගන්නවා. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගන්නවා. වැස්සට ද ඔවුන් තෙමෙනවා. දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේ යි.



    රට වටෙන් ම වෙළෙඳුන් එන තැනක්​

    සොයා ගැනීමට අපහසු ඖෂධ වර්ග මෙන් ම ගමේ එළවළු පලා වර්ගත් මෙහි තිබෙනවා. එහි මහා පරිමාණ වෙළෙන්දන් දකින්නට නැහැ. අනුරාධපුරය, තඹුත්තේගම, කුරුණෑගල, ගිරිඋල්ල, ආනමඩුව, හලාවත, පානදුර, ගම්පහ, වැලිවේරිය, හොරණ, ඇඹිලිපිටිය ඇතුළු විවිධ පැතිවලින් පැමිණෙන ගොවියන් සහ බඩු එකතු කරන අය 350ක් පමණ පොළේ වෙළෙඳාම් කරනවා. එයට අමතර ව කොළඹ වෙළෙඳුන් පිරිසක් ද දුර පළාත්වල ගොවියන් එවන එළවළු වැනි දෑ අලෙවි කරනවා දක්නට පුළුවන්.


    Qoqwir1.jpg



    4YldnJX.jpg


    වැසි දවසට තෙමෙමින් වෙළෙඳාමේ නිරත මොවුන් අව්ව දවස්වලට උදේ වරුවේ අව්වේ වේළෙනවා. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ බඩු විකිණිම සඳහා ආවරණයක් තනා දෙන ලෙස යි.


    මුලාශ්‍ර:
    බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    Dinamina.lk
    Silumina.lk
    Deshaya.lk
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,935
    113
    පට්ට මචන්..😍😍 යද්දී එද්දී කැලෑ පොල ඇති තරම් දැකලා තියනවා ඒ උනාට කවදාවත් යන්න චාන්ස් එකක් ලැබුන්නෑ :(:(:(
    සිරවට, දැකලා තියෙ, ලඟින් ගිහින් තියෙ, ඒ උනාට ගිහින් නැ ඔකට...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඉවරයි එකත් එහෙනම් 🥹
    ජම්බු එහෙම වර්ග 4/5 තියෙනවා ඕකේ

    සෙනසුරාදා උදේ පෑලියගොඩ මාළු මාර්කට් ගිහින්. උදේ 5 විතර පොලට යනවා
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිරවට, දැකලා තියෙ, ලඟින් ගිහින් තියෙ, ඒ උනාට ගිහින් නැ ඔකට...
    ඔව් මචන්.. යැවෙන්නෙම මැනිං මාකට් එකට, අනික ඕක ටිකක් ඈතට වෙන්නනේ තියෙන්නේ. පිටකොටුවේ රවුමක් ගහලා එනකොට ඕකට යන්න කම්මැලි.