පිටරට ඇති අපේ පුරාවස්තු

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පිටරට ඇති අපේ පුරාවස්තු

    අපේ මාතෘ භූමිය ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. මේ පෞරාණික ඉතිහාසය නිසාම අපහට දායාද වුණු මිලකල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු වස්තු සම්භාරයකුත් අපිට උරුමයි.

    අපහට උරුම ඒ සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් වගේම අපෙන් පැහැරගත් දේවලුත් ඒ හා සමානවම මිල කරන්න පුලුවන් දේවල් නෙමෙයි.

    පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හිදී විනාශයට පත් කෙරුණු සහ අපෙන් උදුරාගෙන ඔවුන්ගේ රටවල් කරා යැවුණු මිල කල නොහැකි ඓතිහාසික වටිනාකමකින් යුතු වස්තූන් රාශියක් අදටත් විදෙස් කෞතුකාගාරවල දක්නට ලැබෙනවා.

    අපට අයත් මේ දේවල් නැවත ලබා ගැනීම ගැන විවිධ ආණ්ඩු සහ දේශපාලඥයින් කලින් කලට විවිධ කතා කීවත් මේ දේවල් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හරිහැටි ගෙන තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයක්.

    අපි මේ ඔබ වෙත ගෙන එන්නේ විදෙස් කෞතුකාගාරවල වැජඹෙන අපේ රටට අයත් එවන් වූ වටිනා කෞතුක භාණ්ඩ කිහිපයකුයි.


    1. තාරා දෙවඟන ප්‍රතිමාව


    ArtifactsInForeignMuseums-01.jpg


    ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවඟනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩ වලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වන ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේදී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර ප්‍රදේශයකින් තමයි මේ වටිනා පිලිමය සොයාගෙන ලැබ තිබෙන්නේ. එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් විසින් මෙය බ්‍රිතාන්‍ය මහරැජින වෙත තිලිණ කොට තිබෙන අතර පසු කලෙකදී ඇය විසින් මෙය කෞතුකාගාරයට පරිත්‍යාග කොට තිබෙනවා.

    2. අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමා

    ArtifactsInForeignMuseums-02.jpg


    තාරා දේව ප්‍රතිමාවට අමතරව ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද 8 වැනි සහ 9 වැනි සියවසට අයත් අවලෝකිතේශ්වර බෞද්ධ ප්‍රතිමා දෙකක්ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා.

    මේ ප්‍රතිමා දෙකෙන් 8 වැනි සියවසට අයත් බෝධිසත්ව ප්‍රතිමාව අපේ කොළඹ කෞතුකාගාරයේ තබා ඇති අවලෝකිතේශ්වර ප්‍රතිමාවට සමානකම් දරනවා. 9 වැනි සියවසට අයත් අනෙක් ප්‍රතිමාව ඊට තරමක් වෙනස් ව ආභරණ සහිතව නිර්මාණය කරන ලද ප්‍රතිමාවක් වනවා. ආභරණ සහිතව නෙලන ලද මෙවන් ප්‍රතිමා විභූෂණ නමින් හඳුන්වනු ලබනවා.


    3. රාහුල හිමියන්ගේ දේහය

    ArtifactsInForeignMuseums-03.jpg


    කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය ආදී කාව්‍ය සිංහල සාහිත්‍යයට දායාද කල තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ දේහය පිළිබඳව ඉතාමත්ම මතභේදයට තුඩුදෙන කථාවක් ඔබ කවුරුත් අසා ඇති. ශාන්ත සේවියර් පියතුමාගේ දේහය නමින් ඉන්දියාවේ ගෝආ නගරයේ තබා ඇත්තේ සත්‍ය වශයෙන්ම අපේ රාහුල හිමියන්ගේ දේහය බව පැවසෙනවා. එකල පෘතුගීසීන් විසින් රහල් හිමිගේ දේහය ගෝආවට ගෙන යන්නට ඇතැයි සැලකෙනව.

    උන්වහන්සේ අපවත් වීමට මත්තෙන් “සිදු අලු රසය” නැමැති බලවත් බෙහෙතක් පානය කල නිසාවෙන් අදටත් ඒ සිරුර දිරාපත් නොවී පවතිනවා කියා තමයි ජනප්‍රවාදයේ කියන්නේ. මේ සිරුරේ කෙස් සහ නිය වැඩෙන බවටත් මතයක් තිබෙනවා.

    එවක සිංහලේ රජු සමඟ වූ විරසකයක් නිසා ජීවිතයේ අවසන් කාලයේදී හුදෙකලාවම ගතකොට ඇති රාහුල හිමි පසු කලෙක කවුරුන්ට හෝ තමාගේ දේහය හඳුනාගනු පිණිස සිය දකුණු අතේ කවි දෙකක් කොටාගෙන සිට තිබෙන බවත් කියවෙනවා. පුදුමයකට වාගේ ශාන්ත සේවියර් දේහයේ දකුණු අතක් ඇත්තේ නෑ. එය සිරුරෙන් වෙන් වී අතුරුදන්ව තිබෙන්නක්.


    4. ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති බුදු පිළිම

    ArtifactsInForeignMuseums-04.jpg


    එඩින්බරෝ නුවර පිහිටි ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ලංකාවට අයත් බුදු පිළිම දෙකක් දක්නට ලැබෙනවා.

    ඉන් එක් පිළිමයක් 11 වන සියවස දක්වා ඈතට දිවයන්නක්. මහත් ඓතිහාසික වටිනාකමකින් යුතු ඒ පිළිමය නාග දරණයකින් වටවූ බුද්ධ ප්‍රතිමාවක්. Seshnag නමින් තමයි ඒ ප්‍රතිමාව නම් කරල තිබෙන්නෙ.

    එහි ඇති අනෙක් පිළිමය 1826 වසරේදී නුවර විහාරස්ථානයකින් සොයාගන්නා ලද ලෝකඩ බුදු පිළිමයක්.


    5. රයික්ස්මියුසියම්හි ඇති අපේ රාජකීය ආයුධ සහ පිළිම


    ArtifactsInForeignMuseums-05.jpg


    නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි කෞතුකාගාරය වන රයික්ස්මියුසියම්හි ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වස්තූන් බොහොමයක්ම හමුවනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කඩුකස්තාන විශේෂයි. 1764/65 වකවානුවේදී ලන්දේසීන් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේදී සොරාගන්නා ලද මෙය මකර හිස් කැටයම් ආදියෙන් අලංකාර වූ වීශිෂ්ඨ නිර්මාණයක්.


    ArtifactsInForeignMuseums-06.jpg


    මෙහි දැක්වෙන පිහිය සහ කොපුවද එම ලන්දේසි ආක්‍රමණයේදී සොරාගන්නා ලද, රජු විසින් පරිහරණය කරන ලද ආයුධයක්. රන් ආලේපිත ඉතා ආකර්ශනීය නිර්මාණයක්.

    මෙහි දැක්වෙන තුවක්කුවද 1964/65 ආක්‍රමණයේදී ලන්දේසීන් විසින් අත්පත් කරගත්තක්.

    නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති අභය සහ වර මුද්‍රාවලින් යුතුව වැඩ හිඳින මේ හිටි පිළිමයත් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද්දක්. මෙය ක්‍රි.ව. 900-1100 අතර කාලයකට අයත් බවයි පැවසෙන්නේ.


    6. කෝට්ටේ යුගුයට අයත් ඇත්දල පෙට්ටගමක්

    ArtifactsInForeignMuseums-07.jpg


    පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වැනි ජාතිකයින් මෙහි විසූ යුග ලංකාවෙ අලි ඇතුන්ට ඉතාම අපල කාලයක් බව සඳහන් වනවා. අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාමට අමතරව විවිධ වැවිළි සඳහා බිම් එළිපෙහෙළි කිරීමේදීත්, විනෝද දඩයම් ක්‍රීඩා වලදීත් අලි ඇතුන් විශාල වශයෙන් මරා දැමුණු බවට තොරතුරු සැපයෙනවා.

    මනරම් ඇත්දළ කැටයමින් නිර්මාණය වූ මේ පෙට්ටගම එවන් වූ යුගයකට අයත් වස්තුවක්. ඇත්දලින් නිම කර ඇත් මිනිස් රූප කැටයම් කොට නිල් මැණික්, පද්මරාග සහ රන් ඔබ්බවා සාදන ලදදක්.

    මේ පෙට්ටගම 1540 ගණන් වල කෝට්ටේ යුගයට අයත් වන බවත් කෝට්ටේ රජතුමා විසින් පෘතුගාලයට තෑගි දුන් බවත් සඳහන් වෙනවා. මේ වන විට මෙය ජර්මානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන්නක්.


    7. ක්ලීව්ලන්ඩ් කළා කෞතුකාගාරයෙහි බුද්ධ ප්‍රතිමාව

    ArtifactsInForeignMuseums-08.jpg


    අපේ ලැයිස්තුවේ ඉහලින්ම සඳහන් වූ අවලෝකිතේශ්වර සහ තාරා දේව ප්‍රතිමා ලංකාවේ බුදු සසුනට වූ මහායාන බලපෑමුත් සමග නිර්මාණය වූ ඒවා වනවා. ඊට පෙර නිර්මාණය වූ ශාක්‍යමුනි බුදු ප්‍රතිමා ථෙරවාද බෞද්ධ සංස්කෘතියට අයත් ඉපැරණි ප්‍රතිමා වනවා.

    මෙහි දැක්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ්හි පිහිටි කෞතුකාගාරයේ ඇති බුදු පිළිමයත් ලංකාවෙන් සොයාගන්නා ලද 7-8 සියවස්වල අනුරාධපුර යුගයට අයත් ලෝකඩින් නිම කල වටිනා ශාක්‍යමුනි බුදු පිළිමයක්. ඉතිහාසයේ නිරන්තර යුද්ධ, විනාශකිරීම් සහ කොල්ලකෑම වලට ලක්ව නිරුපද්‍රිතව වැඩ හිඳින්නට වාසනාව ලද අතලොස්සක් පිළිම අතරින් එකක් වන මෙයද අපේ රටට අයත් පෞරාණික වස්තුවක්.


    8. ලන්ඩනයේදී වෙන්දේසි වූ සඳකඩ පහණ

    ArtifactsInForeignMuseums-09.jpg


    අනුරාධපුරය යුගයට අයත් සඳකඩ පහණක් 2013 වර්ෂයේදී ලන්ඩනයේදී වෙන්දේසි වී තිබෙනවා. එය අලෙවි වී ඇත්තේ බ්‍රිතාන්‍ය පවුම් 553,250ක් වැනි (රුපියල් මිලියන 115කට වැඩි) අති විශාල මුදලකටයි.

    මේ සඳකඩ පහනේ හිමිකරුවන් වන මයිකල් සහ බ්‍රොන්වින් හික්මොට් යන අයගේ ගෙමිදුලේ කලක් තිස්සේ තිබී ඇති මෙම සඳකඩපහනේ වටිනාකම දැනගත්විට ඔවුන් විශ්මයට පත්වුණු බවයි කියවෙන්නේ. කෙසේ නමුත් ඔවුන්ට පෙර ඒ නිවසේ හිමිකරුව සිට ඇත්තේ ශ්‍රී ලංකාවේ තේ වැවිළිකරුවකුව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මේ සඳකඩ පහණ ඔහු විසින් මෙහි රැගෙන එන ලද්දක් යැයි විශ්වාස කෙරෙනවා.

    කෙසේ නමුත් මීට වෙනස් මතයක් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා එවක පවසා ඇත්තේ මෙය හුදෙක් අපේ සඳකඩ පහණක අනුරුවක් පමණක් බවයි. ඉහත කී සඳකඩ පහණේ ක්ෂය වීම් දක්නට නැති නිසා එතරම් පුරා විද්‍යාත්මක වටිනාකමක් එයට නොමැතිබවට ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. එසේනම්, බ්‍රිතාන්‍ය පවුම් 553,250ක් ගෙවා මිලදී ගෙන ඇත්තේ අනුරුවක් පමනක්ද?


    9. Star of India නිල් මැණික

    ArtifactsInForeignMuseums-10.jpg


    ලංකාවෙන් හමුවූ වටිනා නිල් මැණික් ගැන අපේ පෙර ලිපියකිනුත් අපි මේ සුප්‍රකට මැණික ගැන සඳහන් කර තිබෙනවා. වසර තුන් සීයකට පමණ ප්‍රථම ශ්‍රී ලංකාවෙන් සොයගන්නා ලද මේ කැරට් 563.35කින් හා ග්‍රෑම්112.67 බරකින් යුක්ත වන මැණික මේ වන විට ඇමරිකාවේ නිව්යෝක්හි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ (American Museum of Natural History) තැන්පත් කොට තිබෙනවා.


    ගෙඩි පිටින් ඉස්සුවේ aniva.lk එකෙන්...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වටිනාම දේවල් හැමදාමත් පිටරටටම ඇදිල යනවද මන්ද..?:baffled:
    හැබැයි ඉතින් මෙහෙ තිබිලා හරිහැටි සංරක්ෂණය නොවී විනාස වෙනවට වැඩිය පිටරට කෞතුකාගාරෙක හරි අපේ උරුමයන් ආරක්ෂා වෙලා තියෙන එකත් එක අතකට හොඳයිද කියලත් හිතෙනවා..:dull:
    +Rep

     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    වටිනාම දේවල් හැමදාමත් පිටරටටම ඇදිල යනවද මන්ද..?:baffled:
    හැබැයි ඉතින් මෙහෙ තිබිලා හරිහැටි සංරක්ෂණය නොවී විනාස වෙනවට වැඩිය පිටරට කෞතුකාගාරෙක හරි අපේ උරුමයන් ආරක්ෂා වෙලා තියෙන එකත් එක අතකට හොඳයිද කියලත් හිතෙනවා..:dull:
    +Rep


    ඔව් ඒකනම් ඇත්ත, අපේ උන්ට අපේ ඒවයේ අගයක් නැනේ... :(
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔහොමවත් තියෙන එක එක අතකින් හොන්දයි. නිකන්වත් මහින්ද ඉන්න කාලේ ඕවා අපේ රටේ කෞතුකාගාරයේ තිබුනොත් මොනවා වෙයිද​?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    3. රාහුල හිමියන්ගේ දේහය

    අන්තවාදී ක්‍රිස්තු බක්තිකයන්ගේ හෙළුව පෙන්නන තවත් එක සිදුවීමක්
    .

     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    වටිනාම දේවල් හැමදාමත් පිටරටටම ඇදිල යනවද මන්ද..?:baffled:
    හැබැයි ඉතින් මෙහෙ තිබිලා හරිහැටි සංරක්ෂණය නොවී විනාස වෙනවට වැඩිය පිටරට කෞතුකාගාරෙක හරි අපේ උරුමයන් ආරක්ෂා වෙලා තියෙන එකත් එක අතකට හොඳයිද කියලත් හිතෙනවා..:dull:
    +Rep

    :yes::yes::yes::yes::yes: