පිටරට ජීවිතේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,445
    22,088
    113
    මේකේ ඉන්න ජෙප්පෝ ඔක්කොම රටනේ ඉන්නේ බලන් යනකොට..අඬ අඬ ඉන්නේ නැතුව ඉතිං ඉන්න බැරි නම් වර ලංකාවට..පුනුරුදය උදා වෙලා තියෙන්නෙ..🐱🐱🐱🐱
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,410
    7,892
    113
    sinhalunge dream eka scattering..
    but lankawe hariyata kannathi nathi anathayekta nam still good..

     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    4,353
    2,691
    113
    නොපෙනෙන මානයේ
    එහෙම නෑ බං. වෙලා තියෙන වෙලාවට ෆේස්බුක් එකෙන් රට හදනව. රටවල් දෙකේ දියුණුව කම්පෙයා කර කර ලංකාවෙ උන්ව දැනුවත් කරනව

    කවුරු හරි එන්න ඇහුවොත්, ඇවිල්ල කන්න තියෙන කට්ට, ජීවත් වෙන්න තියෙන අමාරුව කියල දෙනව.

    තව ඉතිං ප්ලේන් පිටිං බුක් කරං ඡන්දෙ දාන්න යනව වගේ හැමතිස්සෙම හැපනිං ලයිප් එකක් තමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,671
    48,154
    113
    පිටරට ජීවිතේ සෑහෙන කෘතිමයි නේද මචන්ලා..... මාර ආටිෆිෂල්......
    සමහර උන් සුපිරියට ඉන්නවා, උන්ව පෙන්නෙ නැත්තේ උන් ඇවිල්ල සෝශල් මීඩියාවල රඟන්නෙ නෑ. උන්ව ඉඳලා හිටලා හරි පෙන්නෙ එහෙම රඟන එකෙක් ඌව බලන්න ගියාඅම රඟන එකා දාන ෆොටෝ වලින්.

    තව reject වෙච්ච අනාතයෝ සෙට් එකක් ඉන්නවා. හෙන අමාරුවෙන් දවසේ ගාන හොයන් දුක තුනී කරගන්න සොශල් මීඩියාවල රඟනවා. උන් තම ලංකාව හදන එක ගැන එහෙ ඉඳන් උපඩෙස් දෙන්නෙ. උන්ට මේ වගේ ත්‍රේඩ් දැක්කාම මල පනිනවා. උන් තමා මේ ලයින් එකේ කමෙන්ට් කරන්නෙ 👇 👇

     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    Salli tiyanawanm supirima rata lankawa thama.owage gihin moka paddath ballekwath ganan ganne na e wageda lankawe nikan car ekak paddath gammak thiyanawa.okunwa kohomath ganan ganneth na e ratawala un.ekai mewagei social media walai puka denne danena thanikama home sick nisa. Thope higana kamata rata giya nam kata puka wahagana marila marila stress eke hamba karala heethalata ata dekath ekka puttu karan jeewath weyan puka nodi.mareneknma hamba kara kara thama inna wenne thopita pawule un na amma thaththa na... Lankawe gemak gahana eka thama hodama wade.samanyayen hoda income ekak hadagattanm gammata status ekak tiyan jeewath wenna puluwn.oya inna unuth salli tibbanm hoda job ekak lankawe karanna puluwn una nm duwala enne..
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    246
    444
    63
    ජොබ් එක පැත්තෙන් කොහොමත් හැපි නැහැ. උදේ 7 වෙන්කන් බුදියගෙන රොස්ටර් එකට අනුව 8 ට හෝ 9 ට වැඩට ගිහින් ගොඩක් දවසට 4.30 ට ගෙදර ඇවිත් ජිම් එකටත් ගිහින්, PS5 එකේ ගේම් එකකුත් ගහලා, රෑට ෆිල්ම් එකකුත් බලලා නිදාගන්නේ ගොඩක් දවසට. ඒ ලයිෆ් එක මට පට්ට බෝරින්. මොක උනත් ලංකාවේ කොච්චර බිසී උනත් ඒ ලයිෆ් එක මම එන්ජෝයි කලා.

    මිනිස්සු හිතන පතන විදිය වෙනස් නේ මචං. සමහර විට මගේ විදිය වෙනස් ඇති. ලංකාවෙදි දවසට Surgery 6 ක් 8 ක් කරලා, රෑට වෝඩ් එකේ රවුමක් ගහලා patients ලව බලලා මම මීට වඩා ජීවිතේ වින්දා.

    මට කියන්න ඕනේ උනේ මිනිස්සු කොහෙත් එකයි. ගොඩක් අය මේ ලංකාවේ උන් පට්ට වනචාරී, දියුණු රටවල මිනිස්සු පට්ට සිවිලයිස්ඩ් කිය කිය දානවා. නමුත් මට නම් ඔය දෙගොල්ලොම එකයි. නීතියක් නැති කමයි හෝ නීතිය නැමීමයි, නීතිය හරියට ක්‍රියාත්මක වීමයි අතර වෙනසක් තියෙන්නෙ.

    මට කියහන් ලස්සන තැන් මොනවද මට මිස් උනේ කියලා Australia වල උඹ දන්න.
    උඹ දන්නවනේ මම මෙහෙ මොනවද කරන්නේ කියලා
    Cairns - Fitzroy island, Green Island, Kuranda Village, Cairns esplanade ඔය ටික ගියා
    Whitsunday Island ගියා
    Noosa ගියා
    Maleny ගියා
    Toowoomba flower festival ගියා
    Good coast කොහොමත් වැඩක් නෑනේ theme parks විතරයිනේ.
    Canberra වල Tulip festival එකටත් ගියා
    NSW වල Blue mountains & 3 Sisters ගියා
    ගොඩක් උන් ලස්සනයි කිව්ව Victoria වල Great ocean drive එකත් ගියා ඒකෙත් 12 Apostles වලින් නවතින්නේ නැතිව එතනින් එහාට කෙළවරටම ගියා.
    Mount Buller ගියා ආයේ snow fall වලට. තව Puffing Billy railway ride එකත් ගියා.

    ඔය එකක්වත් මට ලොකුවට සෙට් උනේ නැති කමට Tazi වටේම ගියා. ලස්සනයි කිව්ව Cradle mountain වලටත් ගියා, Dove lake එක වටෙත් ගියා වැස්සේ තෙමි තෙමි, Wine glass bay එකත් ගියා. Lavender garden එකටත් ගියා, Burney island එකටත් ගිය. කොටින්ම Hobart වලින් පටන් අරන් Launceston, Stanly, Burnie, Queenstown වගේ මුලු Tasmania ව වටේම ගියා. ඒත් මට ලංකාවේ මම ගියපු තැන් එක්ක බලද්දි to be honest මට නම් මෙලෝ රහක් නෑ.

    මම මෙහෙ ඇවිත් අවුරුද්දයි මාස 3 ක් වගේ. ඒ උනාට අපි එක දිගට පැය 12 night shifts 7 ක් කරද්දි nights 7 ට කලින් දවස් 7 කුයි, nights 7 න් පස්සේ දවස් 7 කුයි නිවාඩු.(දැනුත් මේ nights සෙට් එකක් කරන් ගමන්. 7 වෙනි සෙට් එක. 5 වෙනි night එක කරල handover එක දීලා ටිකකට කලින් ගෙදර ආවේ) තව සතියේ උදේ 8 හවස 8 පැය 12 ශිෆ්ට් දෙකක් කරද්දි සිකුරාදා ඇතුලුව weekend එකම නිවාඩු. මගේ consultant training එකට එන්න ඕනේ උනු නිසා ලංකාවේ ජොබ් එකෙනුත් resign වෙලා wife මා එක්ක ඇවිත් මට තුන් වේලම උය උය දෙන නිසා එයාගේ desperation ගතිය නැති වෙන්න මම හම්බෙන පොඩි නිවාඩුවේදිත් පවා හැම තිස්සෙම කලේ travel කරපු එක.

    මම ලංකාවේ වන්ගෙඩිගල, බලතුඩුව, ගොන්මෝලිය, ගොන්බානිය, යහන්ගල, නකල්ස් කඳු පහ, කොට ගඟ, අලුගල්ලෙන, ලූල්කඳුර, මඩොල්සිම, චැරියට් පාත්වේ, ඩෙවිල් ස්ටෙයාකේස්, දූවිලි ඇල්ල හැමතැනකටම ගිහින් තියෙනවා 2017 RHO කාලෙ. තව ඔහියේ ඉඳන් හෝටන් තැන්නට පයින් ගිහින් කෑම්පින් කරලත් තියෙනවා, ඉඳල්ගස් හින්න ඉඳන් ඔහියට රේල්පාර දිගේ පයිනුත් ගිහින් තියෙනවා. ඒත් මට මිස් උනු තැන් තව ගොඩක් තියනවා ලංකාවේ.

    හැබැයි එකක් තියෙනවා මම දැකපු ලංකාවේ නැති. K'gari island වල lake Mckenzie කියන fresh water වලින් හැදුනු lake එක. ලංකාවේ ඒ වගේ තැනක් හම්බෙලා නෑ.

    හැබැයි overall මට නම් මම ලංකාවේ බලපුවා එක්ක මෙහේ තියෙන දේවල් ලොකු ගානක් නෑ.


    මට සුද්දො සෙට් වෙන්නේ නෑ. මගේ Speciality එක Obstetrics and Gyanecology. Foreign training එකේ ඉන්නේ. (ඔයාගේ brother Respiratory Physician නිසා උඩ ටික තේරෙනවා ඇති) සෙට් වෙන්නේ සුද්දියෝ (Females). හැම job field එකේම එවුන් සෙට්වෙනවා. හැබැයි Majority පට්ට dumb. I'd rather say low IQ. මෙහේ වැඩ කරන ඩොකාලා උනත් එහෙමත්. කිසිම clinical sense එකක් නැති, unnecessary investigation bulk එකක් කරන සෙට් එකක් simple diagnosis එකකටත්.
    ------ Post added on Feb 5, 2025 at 5:51 AM


    අපෝ හොරු ඉන්නවා. ගොඩක් හොරකම් කරන්නෙ Teenagers ලා. උන්ට මෙහෙ law එක හරිම light. ඔයා කියන කතාව ඇත්‍ත. Drive කරද්දි නම් , පෝලිම් වල ඉද්දි වගේ නම් well disciplined. Driving නම් ඉතින් හැම තැනම කැමරා තියෙනවා සහ පොලිස් පෙට්‍රොල් යනවා. ඒ නිසා. හැබැයි මුන්ගේ discipline වල තරම පේනවා හවසට, Coles, Woolworth එකට වගේ ගියහම. ගත්‍ත බඩුවක් එපා නම් ආයේ ගත්තු තැනට ගිහින් තියන්නවත් බැරි මෝඩ හැත්‍තක් මුන්. අහුවෙන Aisle එකක shelf එකක තියලා යනවා. හවස 7 ට වගේ K mart එකේ පොඩ්ඩක් ඇවිද්දොත් මුන්ගේ discipline රෙද්දපල්ලෙන් බේරෙනවා
    ------ Post added on Feb 5, 2025 at 5:56 AM

    එළකිරියේ දාපු මේ වගේ කමෙන්ට් බැලුවමත් තේරෙන්නේ පිටරට ජිවිතේ ගොඩක් අය එන්ජෝයි කරන්නේ නැහැ කියන එක තමයි.