පිටසක්වලයින් බ්‍රක්ස්ටන් නගරයට !!!!!

පිටසක්වලයින් බ්‍රක්ස්ටන් නගරයට !!!!!

Untitled.jpg



පිටසක්වල ජීවින් සම්බන්ධ ඉතිහාස කතා වලදී රොස්වෙල් සිදුවීම තරම් නොවුනත් බ්‍රැක්ස්ටන්හි සිදුවීමට හිමි වන්නේද අද්විතීය ස්ථානයකි.බිඳහෙළිය නොහැකි තරමට ශක්තිමත් ඇසින් දුටු සාක්ෂි නිසාම මෙය වර්තමානය වනතෙක් නොවිසඳුණු අභිරහස් අතරට එකතුවී පවතී.

1952 වර්ෂයේ සැප්තැම්බර් 12 වෙනිදා බටහිර වර්ජිනියාවේ ෆ්ලැට්වූඩ් නගරවාසීන්ට වෙනදා මෙන්ම සාමාන්‍ය දිනයක් විය.නමුදු සවස් බාගයේ සිදුවූ එක සිදුවීමක් නගරයේ ජන ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් විය.සවස 7ට පමණ නගරයේ මූලික පාසැල් පිට්ටනියේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි ළමුන් පිරිසකට අහසින් කඩා වැටෙන දීප්තිමත් එළියක් දකින්නට ලැබිණි.මෙම අත්භූත වස්තුව පිළිබඳව භීතියට පත් ළමුන් පිරිස ආසන්නයේම පිහිටි කැත්ලීන් (Kathleen) මහත්මියට මේ බව දැනුම් දී ඇත.

මෙම සිදුවීම පිළිබඳව කුතුහලයට පත් කැත්ලීන් මහත්මිය ඇතුළු හත් දෙනෙකුගෙන් පමණ සැදී පිරිසක් අහසින් වැටුණු වස්තුව පරීක්ෂා කිරීමට යන්නේ ඉන් අනතුරුවය.දැඩි මීදුම අතරින් කඩා වැටුණු වස්තුව අසලට යන ඔවුන් රතු පැහැයෙන් දිදුලන ගෝලාකාර යමක් දුටු බව පැවසේ.ඔවුන් භීතියෙන් මුසපත් කල දෙය දැක ඇත්තේ ඉන් අනතුරුවය.අඩි 12ක් පමණ උසැති, කොළ පැහැති සන්නාහයක් හඬ ගත් විශාල ජීවියෙකු ඔවුන් දැක ඇත.භීතියෙන් සිහි විකල් වූ පිරිස පසු නොබලා නගරය වෙත පැමිණ, වහාම මේ සිදුවීම පළාතේ ෂෙරිෆ් වරයාට දැනුම් දී ඇත.

පසුවදා ඉදුවීම පරීක්ෂා කිරීමට පැමිණි ෂෙරීෆ්වරයාට කිසිදු ආකාරයක යානයක් හෝ ජීවියෙකුගේ සලකුණක් හමු වී නොමැත.නමුදු දැඩි සල්ෆියුරික් ආම්ලික ගන්ධයක් සහ පිලිසුනු තෙල් මිශ්‍ර කළු රබර් වැනි අවශේෂයන් ඔවුනට හමු වී ඇත.අවට පොලොව මතින් දැඩි යමක් ඇදගෙන ගිය සලකුණුද ඉතිරිව තිබී ඇත.

සිදුවීමට මුහුණ දුන් බොහෝ දෙනෙකු සති කිහිපයක් යනතුරු උගුරේ සහ නායේ ඉදිමුමෙන් පීඩා විඳී අතර වෛද්‍ය මතය වී ඇත්තේ ඔවුන් යම්කිසි ආම්ලික වාෂ්පයක් ආඝ්‍රහණය කර ඇති බවයි.

සිදුවීමට මුහුණ දුන් පිරිස විවිධ වයස් කාණ්ඩ වල පසු වූවන් වන අතර ඔවුන් මෙවන් සිදුවීමක් ව්‍යාජ අයුරින් මවා පෑමට ලක් කල බව බොහෝ විද්වතුන් ප්‍රතික්ෂේප කරයි.නමුත් මේ පිළිබඳව පරීක්ෂා කල ඇතැම් පුද්ගලයින් පෙන්වා දෙන්නේ පෘතුවි වායුගෝලයට ඇතුළු වූ විශාල උල්කාවක් මෙම පෙදෙසට කඩා වැටෙන්නට ඇති බවත් මීදුම සහ කලබලය නිසා දුටු සියල්ල ඔවුන් වරදවා වටහා ගන්නට ඇති බවත්ය.නමුත් මෙම පැහැදිලි කිරීමේ දෝශ කිහියක්ම පවතී අතර පසුව පරීක්ෂා කිරීමේදී උල්කාපතයේ අවශේෂ හමු නොවීම ඉන් ප්‍රධාන තැනක් ගනී.


අඟහරු ජීවින් සිටින වග නාසා ආයතනය වසන් කරනවාද? පිටසක්වල ජීවින් යනු මිත්‍යාවක්ද? ඔක්කොම විස්තර දන්න සිංහලෙන් කියවන්න මෙතනින් එන්න. - www.ufonewzlanka.blogspot.com

ඔයත් පිටසක්වල ජීවින්, පියාඹන පීරිසි ගැන උනන්දු වෙන කෙනෙක් නම් බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. :D :D :D :D :D
 

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    TO Pitasakwalasari,
    mokada ban uba eka paaratama thread ekak daalaa ita passe kaaalekata penna naththe? PITASAKWALA wath yanawada?
     
    • Like
    Reactions: Jagoris

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    alienla gana hoda sira documentery ekak.interesting widiyata tiyanwa.. kamati aya net ekan hoya gena bagena balanna.. - The Hidden Hand: Alien Contact and the Government Cover-Up (2013)