පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංක&#3535

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංක&#3535

    පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පැවැසීය.
    ඩයටම යනු ඒක සෛල ඇල්ගී වර්ගයකි.ඒවායේ පොසිල තැන්පතු ද සොයාගෙන ඇත.
    පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 400ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ නිරතවී සිටි රුසියානු ගගනගාමීන් දෙනෙකු හට පසුගිය 19 වැනිදා මේ උල්කාශ්ම කැබැලි අංශූ හමු වී ඇත.ඔවුන් මේ කැබැලි අංශු වල ජීවයක් පවතින බවත් එහි මුහුදු ප්ලවාංග සහිත සජිවී ඩයටම කාණ්ඩයේ ජීවීන් වෙසෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යට කරුණු දක්වා ඇත.
    වායු රික්තයක් පවතින අවකාශයේ ඉදි කළ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ තිබී හමු වී ඇති උල්කාශ්මයන්ගේ පවතින ජීවී කොටස්වල හා අරලගංවිල උල්කාශ්මයේ පවතින ජිවීකොටස්වල සමාන බව ඉදිරියේදි ජාත්‍යන්තර මාධ්‍යට ලබා දෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
    අධික ඝන උෂ්ණත්වයක් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජනේලයක රැදි මුහුදු ප්ලාවංහ සහිත උල්කාශ්මීය අංශු වලින් රුසියාව විශ්වීය ජීවිය පිළිබ ලැබු නව සොයාගැනීමක් ලෙස හුවා දක්වයි.
    2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුවෙන් අරලගංවිලට පතිත වු උල්කාශ්මයේ මුහුදු ප්ලවාංග දකින්නට ලැබීම සුවිශේෂි කරුණක් බව ලෝක විද්‍යාඥයින්ගේ කමිටුවේ මෙන්ම ජාත්‍යන්තර විද්‍යාත්මක සඟරාවේද මීට පෙර සඳහන් වු බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
    ජාත්‍යන්තරව පෘතුවියටත් එපිට ජීවයක් පවතින බවට උල්කාශ්ම මගින් මුලින්ම සොයා ගැනීම ශ්‍රී ලංකාවට කීර්තියක් බව මහින්ද රාජපක්ෂ ජනපති ද පසුගිය වර මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
    නාසා ආයතනයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මහාචාර්ය ය රිචර්ඩ් බී හුවර් මහතා ද ලංකාවට පතිත වු උල්කාශ්මයේ ජීවයක් පවතින බවත් එහිදී සොයාගත් ඩයටම කාණ්ඩයේ ජීවී විශේෂ රුසියානු ගගනගාමීන් සොයාගත් උල්කාශ්ම අංශුවල ඩයටම ජීවී කොටස් හා සමාන බව ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥ ‘අපි ‘ එකමුතුවෙහි සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට දන්වා ඇත.

    Diatom-in-ISS.jpg

    GALGAMUWA-SANJEEWA-3.jpg

    GALGAMUWA-SANJEEWA-4.jpg

    GALGAMUWA-SANJEEWA.jpg

    polonnaruwa-map.jpg

    Proff.jpg

    ISS-outer1.jpg

    උපුටා ගැනීම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අරලගංවිල ඌව පලාතට අයිතීන් නෑ නේ සිංහලු
    සමහරවිට ඌවෙන් තව පාෂාණ කොටස් හමුවෙයි
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    me prof chandra kiyanne pissek. miniha yana yana thana kiyanawa dayatama walin thamai jeevin athi wune kiyala. habai oppu karala na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    GALGAMUWA-SANJEEWA-3.jpg

    මේ අන්වික්ෂේන් පරික්ෂා කරලද මේ ෆොටෝ දාල තියෙන්නේ ?

    GALGAMUWA-SANJEEWA-4.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    me prof chandra kiyanne pissek. miniha yana yana thana kiyanawa dayatama walin thamai jeevin athi wune kiyala. habai oppu karala na.

    මම දන්නා විදිහට පොර සාමාජිකත්වය දරන එංගලන්තේ ඔය පිටසක්වල ජීවින් ගැන හොයන වැඩසටහන දැන් අතෑරලා දාල තියෙන්නේ. පොර ඉස්සර ඉඳන්ම ඔය මතේ ඉන්න නිසා එක ඔප්පු කරන්න දඟලන්නේ.

    iss එකේ ඔය ඩයටම තිබ්බ කියල නිල වශයෙන් නාසා හෝ රුසියාව කියා තිබේද ? :confused:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මම දන්නා විදිහට පොර සාමාජිකත්වය දරන එංගලන්තේ ඔය පිටසක්වල ජීවින් ගැන හොයන වැඩසටහන දැන් අතෑරලා දාල තියෙන්නේ. පොර ඉස්සර ඉඳන්ම ඔය මතේ ඉන්න නිසා එක ඔප්පු කරන්න දඟලන්නේ.

    iss එකේ ඔය ඩයටම තිබ්බ කියල නිල වශයෙන් නාසා හෝ රුසියාව කියා තිබේද ? :confused:

    exactly. padayak giyath dayatama walata gawanawa ara makkage kathawa wage.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    :D:D:D:D

    monawada ban oya "dayatama" kiyanne sirawata danne nathi nisa ahanne

    මචං මට මතක විදිහට ඩයටම කියන්නේ ඇල්ගී ගණයට වැටෙන ක්ෂුද්‍ර ජීවී කොට්ටාශයක්. උන් පිටත කවරයක් වගේ එකක් හදාගෙන ඉන්නේ. ගොඩක් උන් අන්වික්ෂේට පෙන්නේ.

    ඔය ෆොටෝ එකේ දාල තියෙන්නේ දිග බටයක් වගේ එක සහ පැතලි පණුවෙක් වගේ එක වෙන්න ඕනා ඩයටම. උඩ ෆොටෝ එකේ දාල තියෙන්නේ optical අන්වීක්ෂයකිං මෙයාල බලනවා හැබැයි ඩයටම වල ෆොටෝ එක නම් අරං තියෙන්නේ ස්කෑනින් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂේකින්.
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mn nm kiynne me pruthuwiyta jiiwaya enna aththeth oya widihta kohen hari aapu ulkashmeka hitpu sila jiiwiyekgen wennati itapasse uu parinamaya wennati.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචං මට මතක විදිහට ඩයටම කියන්නේ ඇල්ගී ගණයට වැටෙන ක්ෂුද්‍ර ජීවී කොට්ටාශයක්. උන් පිටත කවරයක් වගේ එකක් හදාගෙන ඉන්නේ. ගොඩක් උන් අන්වික්ෂේට පෙන්නේ.

    ඔය ෆොටෝ එකේ දාල තියෙන්නේ දිග බටයක් වගේ එක සහ පැතලි පණුවෙක් වගේ එක වෙන්න ඕනා ඩයටම. උඩ ෆොටෝ එකේ දාල තියෙන්නේ optical අන්වීක්ෂයකිං මෙයාල බලනවා හැබැයි ඩයටම වල ෆොටෝ එක නම් අරං තියෙන්නේ ස්කෑනින් ඉලෙක්ට්‍රෝන අන්වික්ෂේකින්.

    thanks machan

    rep++
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ මනුස්සයට පිස්සුද මන්දන්නේ නැහැ. ලංකාවේ පර්යේෂණයකින්, කිව්වනේ ඕක පොලවේම දෙයක් කියල; ගොඩක් හේතු සාදක ඇතුව. international recognized journal එකක ඕව publish කරන්න බැහැ. ලෝකේ පිළිගන්නේ නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේ මනුස්සයට පිස්සුද මන්දන්නේ නැහැ. ලංකාවේ පර්යේෂණයකින්, කිව්වනේ ඕක පොලවේම දෙයක් කියල; ගොඩක් හේතු සාදක ඇතුව. international recognized journal එකක ඕව publish කරන්න බැහැ. ලෝකේ පිළිගන්නේ නැහැ

    මං හිතන්නේ මෙතන වෙන්නේ වෙන දෙයක්
    චන්දරේ දැන් වැලේ වැල් නැතුව ඉන්නේ
    පොර අපේ මහින්ද මාමට හේත්තු උනා
    මහින්ද ලොක්කා කියන්න ඇති උල්කාපතෙයි පිටසක්වලයෝයි මාර්කට් කරහන් කියල
    ලංකාව ඒලියන් පොයින්ට් එකක් කිව්වම කාටද ආඩම්බර
    තෙල්, ගැස් නිධි ලැබුනා
    දැන් පිටසක්වල කනෙක්ෂන් හිටං ආවම අරලගංවිල නිකන් ඒරියා51 වගේ වෙනව
    තව කාලයක් ගිහින් මිනිස්සු කතාවෙයි මහින්ද චන්ද දිනන්නේ පිටසක්වල ජිවින්ගේ තාක්ෂණයක් මගින්. යුද්දේ දිනුවේ පිටසක්වල ජීවින් උදව් කල නිසා... බ්ලා බ්ලා