පිටසක්වල ජීවය පැවතිය හැකි ලෝක 10ක් පිළිබඳ හ&#3

පිටසක්වල ජීවය පැවතිය හැකි ලෝක 10ක් පිළිබඳ හ&#3

පුවර්ටෝ රිකෝ (Puerto Rico) විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සහ සිසුන් පිරිසක් එකතු වෙලා පසු ගිය කාලයේ පිටසක්වල ජීවය සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුනා.පසුගියදා එළිදැක්වුණු ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා අනුව පෘතුවියෙන් එපිට ජීවය පැවතිය හැකි ලෝක 10ක් ගැන ඔවුන් හෙළිකර සිටිනවා.මේ සඳහා ඔවුන් තරුව සහ ග්‍රහලෝකය අතර පවතින දුර,තරුවේ වයස (අදාළ ගග්‍රහ පද්ධතිය බිහිවී ජීවය ඇතිවීමට තරම් කාලයක් ගතවී තිබිය යුතුයි) ආදී කරුණු රැසක් සැලකිල්ලට ගෙන තිබෙනවා.මේ තියෙන්නේ ඔවුන් හෙලිකල ග්‍රහයින් 10 දෙනා ගැන විස්තර.

10. Kepler-186f


kepler-186f.jpg


පෘතුවිය සමග ප්‍රමාණයෙන් තරමක් හෝ සමාන ග්‍රහයින් අතරින් සොයා ගත් පළමු ග්‍රහයා වන්නේ Kepler-186f.පෘතුවිය මෙන් දස ගුණයක් පමණ විශාල වන මෙය සාම්පූර්නයෙන්ම පාහේ පාෂාණමය ග්‍රහයෙක්.මෙය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 490ක් දුරින්.

09. Gliese 581g


Gliese%2B581g.jpg


තුලා රාශියට අයත් Gliese 581 නම් තාරකාව වටා භ්‍රමණය වන මෙම ග්‍රහයා සොයා ගනු ලැබුවේ 2010 වසරේ.නමුත් මේ දක්වා එහි පැවැත්ම ස්ථිර වශයෙන් සනාත කර තිබුනේ නැහැ.සෑම දින 30කටම වරක් මව් තාරකාව වටා භ්‍රමණය වන මෙය පෘතුවිය මෙන් 3ගුනයක් පමණ විශාලයි.මෙම ග්‍රහයා පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 20ක් දුරින්.

08. Gliese 667Cc


Gliese%2B667Cc.jpg


තවත් පෘතුවියට සමාන ග්‍රහයෙක් වන මෙය ආලෝක වර්ෂ 22ක් එපිටින් වෘශ්චික තරු පන්තිය තුල පිහිටා තියෙනවා.පෘතුවිය මෙන් පස් ගුණයක් තරම් විශාල වන මෙය සෑම දින 28කටම වරක් මව් තාරකාව වටා වන තමන්ගේ ගමන සම්පූර්ණ කරනවා.GJ 667C නම වන මෙහි මව් තාරකාව ත්‍රිත්ව තාරකා මණ්ඩලයකට අයත් තරුවක්.

07. Kepler-22b


Kepler-22b.jpg


අපගේ හිරුට ප්‍රමාණයෙන් සහ උෂ්ණත්වයෙන් බෙහෙවින් සමාන වන තාරකාවකට අයත් වන මෙම ග්‍රහයා පෘතුවිය මෙන් 2.4 ගුණයක් විශාල වනවා.මෙම ග්‍රහයා මතුපිට පෘතුවියේ මෙන්ම හරිතාගාර ආවරණ සංසිද්ධිය ක්‍රියාත්මක වන බව විශ්වාස කරනු ලැබේ.මතු පිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 72 පමණ වන මෙම ග්‍රහයා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක දුරින් සිග්නස් (Cygnus) තරු පන්තිය තුල පිහිටනවා.

06. HD 40307g


HD%2B40307g.jpg


පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටන මෙයට ඇති දුර වන්නේ ආලෝක වර්ෂ 42ක් පමණයි.මව් තාරකාවේ සිට ජීවය හට ගැනීමට සුදුසු දුරකින් පිහිටන මෙම ග්‍රහයා අනාගත අභ්‍යවකාශ දුරේක්ෂ මගින් පහසුවෙන්ම නිරීක්ෂණය කල හැකි වන ඇති.

05. HD 85512b


HD%2B85512b.jpg


වර්ෂ 2011 දී HARPS (High Accuracy Radial velocity Planet Searcher instrument) ව්‍යාපෘතිය මගින් සොයා ගැනුණු මෙම ග්‍රහලෝකය පෘතුවියේ සිට ආලෝක වර්ෂ 35ක දුරින් පිහිටා තිබෙනවා.පෘතුවිය මෙන් 3.6 ගුණයක් විශාල වන මෙම ග්‍රහයා මතුපිට ජලය පවතී දැයි සොයා බැලීමට මේ වනවිට පරීක්ෂණ කෙරෙමින් පවතී.

04. Tau Ceti e


Tau%2BCeti%2Be.jpg


මඝයම ප්‍රමාණයේ උණුසුම් ග්‍රහයෙකු වන Tau Ceti e පෘතුවිය මෙන් 4.3 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ෂ 12ක් දුරින් පිහිටා තිබෙනවා.මෙහි පවතින උණුසුම නිසාම සංකීර්ණ ජීවයක හට ගැනීමට පවතින්නේ අවම ඉඩක්.ඇතැම් විට මෙය සිකුරු ග්‍රහයා මෙන් ජීවයෙන් තොර වීමටද ඉඩ ඇති අතර එය රඳා පවතිනුයේ ග්‍රහයාගේ වායුගෝලීය සංයුතිය මත වේ.

03. Gliese 163c


Gliese%2B163c.jpg


ජීවය පවතින්නට සුදුසු දුර සීමාවෙන් මදක් ඔබ්බට වන්නට පිහිටන මෙම ග්‍රහයා මත ඇතැම් විට ජීවය හට ගැනීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.පෘතුවිය මෙන් හත් ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 50ක දුරින් පිහිටා ඇත.පාෂාණමය හෝ වායුමය ග්‍රහයෙකු විය හැකි මෙය අයත් වන්නේ ඩොරාඩෝ (Dorado) තාරකා පද්ධතියට වේ.

02. Gliese 581d


Gliese%2B581d.jpg


කාබන් ඩයොක්සයිඩ් සහිත ඝන වායුගොලයකට හිමිකම් කියන මෙම ග්‍රහයා පිහිටන්නේ ආලෝක වර්ෂ 20ක දුරින්.රතු වාමන තාරකාවක් මෙහි මව් තාරකාව වන අතර ඇතැම් විට ඉපැරණි පිටසක්වල ශිෂ්ටාචාරයන් මෙහි පැවතිය හැකි බව විශ්වාස කෙරේ.

01. Tau Ceti f


Tau%2BCeti%2Bf.jpg


මව්තාරකාවේ සිට ජීවය පැවතිය හැකි සීමාවේ අවසාන ඉමේ පිහිටන මෙම ග්‍රහයාට උෂ්ණත්වය රඳවා ගැනීමට සුදුසු වායුගෝලයක් පවතී නම් ජීවය හට ගැනීමේ ඉඩකඩක් ඇති බව විද්වත් මතයයි.පෘතුවිය මෙන් 6.6 ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 12ක දුරින් පිහිටා ඇත.

පිටසක්වල ජීවින් ගැන අලුත්ම විතර දැන ගන්න එකතු වෙන්න අපේ වෙබ් අඩවිය එක්ක - www.ufonewzlanka.blogspot.com

ඔයාලා මේ විෂයට කැමති නම් බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. :)
 
mchn budu dahame pahadiliwama prakasha wenawa bn eka irak yata thiyenna puluwan ek manuxa lokayak, eka thirisan lokayak, ek dev lokayk, etc.. me ire shakthiya nathi wena thana aluth irak payanawa.. eekatath ekm manuxa lokyak.. mchn me gna scientistla kchchr hewwath wdk na bn.. abidarmaye ooka pahadiliwama kiyala dnw.. me irin anith irata yann aloka waraha bara gaanak yanawa bn..
 

Similar threads