පිටසක්වල ජීවය

sweets

Banned
Jul 2, 2011
297
160
0
aliens1.jpg

මිනිසා මෙලොව බිහිවූ දින පටන් තමාට කුතුහලයක් ඇතිවූ විට එය දැන ගන්නා තුරුම එය පසුපස හඹා ගියේය.එනමුදු මිනිසා බිහිවූ දින පටන් ඔහුට සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට නොහැකිවූ ස්ථානයක් වෙයි.එනම් තෙරක් නොමැති විශ්වයයි.තාක්ෂණික ඥාණය අතින් දියුණු නූතන මිනිසා මේ වන විට විශ්වයේ විශ්මය ජනක සිද්ධීන් බොහොමයක් අනාවරනය කරගෙන ඇතත් මෙතෙක් අනාවරනය නොවූ දේ ද බොහෝ ය.


2010 අප්‍රෙල් මස 27 වෙනි දින දිවයින පත්‍රයේ මුල් පිටුවේ පලවූ පුවතක මෙසේ සදහන් විය.

පිටසක්වල ජීවීන් කියා කොටසක් ඉන්නවා- භෞතික විද්‍යාඥ ස්ටෙපාන් හෝකින්. පිටසක්වල ජීවින් කියා කොටසක් සිටින බවත්, මනුෂ්‍යයන් ඔවුන් හා ගැටීමෙන් වැළකී සිටිය යුතු බවත් ලොව ප්‍රමුඛතම භෞතික විද්‍යාඥයකු වන ස්ටෙපාන් හෝකින් පවසයි. මෙම පිටසක්වල ජීවීන් විශ්වයේ බොහෝ පෙදෙස් වල සිටිය හැකි අතර ග්‍රහලෝක වල පමණක් නොව තාරකා මධ්‍යයේ හෝ අන්තර් අභ්‍යවකාශයේ පවා එවැනි ජීවිත පැවතිය හැකි බව ඔහු කියයි.


හෝකින්ට අනුව විශ්වය චක්‍රාවාට බිලියන 100කින් සමන්විත වන අතර එක් චක්‍රාවාටයක් තාරකා මිලියන ගනනකින් යුක්තවේ. මෙපමණ විශාල ප්‍රදේහයක් පැවතීම නිසා පෘතුවිය මිනිස් ජීවීන් සිටින එකම ග්‍රහ ලෝකය විය නොහැකි බව එහු අවධාරණය කර සිටී.


මගේ ගණිතමය ඥාණයට අනුව පිටසක්වල ජීවීන් සිටින සංඛ්‍යාව විශාලයි. ඔවුන් කුමන ආකාරයේ අයදැයි කියා සොයා බැලීම නියම අභියෝගයක් හෝකින් පවසයි.


ඔහුට අනුව පිටසක්වල ජීවින් මනුෂ්‍යත්වයට හානිකර වන අතර මෙම ජීවීන් පෘතුවියෙහි පවතින සම්පත් ලබා ගැනීම සදහා ප්‍රහාර එල්ල කර නැවත ආපසු යාමේ හැකියාවක් ඇති බව හෝකින් ඩිස්කවරි රූපවාහිනී නාලිකාව මගින් නිෂ්පාදිත නව වෘත්තාන්ත වැඩ සටහනකට පවසා ඇත.
 
Last edited:

sweets

Banned
Jul 2, 2011
297
160
0
ufomothership1.jpg

මීට අවුරුදු 2500කටත් ඉහතදී අප සමාජය දැන සිටි දෙයක් ස්ටෙපාන් හෝකින් මහතා වර්තමානයේදී සත්‍ය බවට අනුමත කරයි. මහා විශ්වය සමග ගනුදෙනු කල ජාතීන් අතර ශ්‍රී ලංකාවද ප්‍රමුඛත්වය ගත් රාජ්‍යයකි. පසු කලෙක එය වඩ වඩාත් වර්ධනය වී සිය දහස් ගනනක් මහ රහතන් වහන්සේලා හා ප්‍රඥාවන්තයින් හරහා මෙරටට ගලා ආ එම දැනුම් සම්භාරය අපට මහා ධන නිධානයක්විය. ස්ටෙපාන් හෝකින්ස් මහතා කියන තරම් මහා විශ්වයේ ජීවත්වෙන ජීවී පරම්පරාව කුරිරු කුහක පරම් පරාවක් නොවන අතර ඔවුන් තුලද ඇමරිකානු අධිරාජණවාදීන්, ස්කැන්ඩිනේවියානු අධිරාජ්‍යවාදීන් හා යුරෝපා අධිරාජ්‍යවාදීන් වන්වූ පාපතර කුහකයින්ද සිටී. එය ස්වභාවයයි. අප එදා ලබා ගත් ඒ තාක්ෂණික ඥානය, ස්වභාවය හා බද්ධව පැවති අතර, මෙරට කිසිදු ශාකයකට සත්වයකුට හෝ කෘමියකුට හානිකරන කිසිදු දෙයක් එම තාක්ෂණයන් තුල ගැබ්ව නොතිබිණ.
රුවන්මැලි චෛත්‍ය රාජාණන්වහන්සේ ඉදි කිරීමේ කාර්යයේදී එම භූමයේ තිබූ වෘක්ෂයක් ඉවත් කිරීම සදහා වර්තමානයේදී කරන්නාක් මෙන් ඩෝසරයක් ගෙන ගොස් කිසිදු හිතක් පපුවක් නැතිව පෙරලා දැමන ආකාරයේ, ක්‍රියාදාමයක් සිදුවූයේ නැත. එහි වැඩ වාසය කලා යයි සැලකෙන සවර්ණමාලි නම් වූ රුක් දෙවියාට මහත් ආයාචනයක් කර, එම ඉදි කරන චෛත්‍ය රාජානන් ඇයගේ නමින් ඉදිකරන බවට පොරොන්දුවී එම ගස කපා ඉවත් කර, ඉදිකල චෛත්‍යය ස්වර්ණමාලි චෛත්‍ය රාජාණන්වහන්සේ වශයෙන් නම් කරන ලදී. ඒ අපේ සැබෑ සංස්කෘතියයි. මේ ක්‍රියාදාමය තුල ශාකයට ගරු කිරීම, ශාකයේ ජීවත්වෙන ජීවීන්ට ගරු කිරීම. පොරොන්දු ඉටු කිරීම යන සෑම දෙයක්ම සම්පිණ්ඩිතව ඇත.


පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් - විදුර වීරසිංහ සිරිපියරතන තාරකා විද්‍යා සංගමය
සාමාන්‍ය ව්‍යවහාරයේ පියාඹන පීරිසි නම් වස්තූන් සඳහා එම නම ලැබී ඇත්තේ කෙනත් ආර්නෝල්ඩ් නම් ගුවන් නියමුවා ඒ සඳහා යොදාගත් වචනය නිසාය.ඇත්තෙන්ම දැන් මේවා හඳුන්වන්නේ “හඳුනා නොගත් පියාඹන වස්තූන්”(unidentified Flying Object-UFO)ලෙසයි.මෙම විශය ධාරාව පිලිබඳව විවිධ ආයතන වලින් නොයෙක් පර්යේෂණ සිදුකර තිබේ.මේ අතර ඇමරිකාවේ ගුවන් හමුදාව විසින් දියත් කළ ව්‍යාපෘති තුනක් වැදගත්වේ. එනම් සයින් ව්‍යාපෘතිය(project SIGN),ග්රජ් ව්‍යාපෘතිය (project GRUDGE)සහ නිල් පොත් ව්‍යාපෘතිය (project Blue Book)යි. නිල් පොත් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක වූ මහාචාර්ය ඇලන් හයිනෙක් (Allen Hynek ) හඳුනා නොගත් පියාඹන වස්තූන් මෙලෙස නිර්වචනය කරයි.”සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් , ආලෝකයක් ,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාඹන වස්තූවකි.”

මෙවැනි පියාඹන වස්තූ පීරිසියක හෝ බිත්තරයක හැඩයෙන් යුක්තය.දීප්තිය විහිදෙන හිසක් සහිතය.ගමනේ යෙදෙන විට පෘතුවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන සංඥා එළි නිකුත් කරයි.ඒවායේ වේගය ශබ්දයේ වේගය ඉක්මවන ගුවන් යානා වලටත් වඩා වැඩි නමුත් ශබ්දයේ වේගය ඉක්මවීමේදී සාමාන්‍යයෙන් ඇසෙන ශබ්දය තබා යානයක් මගින් නිකුත් වන ශබ්දයවත් නොඇසේ.
පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි
 
Last edited:
  • Like
Reactions: delmar

sweets

Banned
Jul 2, 2011
297
160
0
alien_asgard_stargate.jpg

1)පියාඹන පීරිසිවල වීඩියෝ දර්ශන
පිටසක්වල යානා ඡායාරූපයට ගැනීම සහ රේඩාර් මගින් හදුනා ගැනීම 1947 අවධියේ පටන් පැවතිණ.මේවා සජීවීව පටිගත කිරීම පිළිබඳව සාක්ෂි හමුවන්නේ 90 දශකයේ පටන්ය.මේ අතර 1994 වසරේ දෙසැම්බර් 04 වන දින ඇල්කරාස් ප්‍රදේශයෙන් වාර්තා වූ වීඩියෝ පටියද 1997 වසරේ නොවැම්බර් 30 වන දින පටිගත කල වීඩියෝ පටියද ප්‍රධාන තැනක් ලැබේ.

මීට අමතරව 1997 වසරේ අගෝස්තු 06 දින මෙක්සිකෝවේ සිදුවූ සිදුවීමක් ඉතා සිත් ගන්නා සුළුය.එම වීඩියෝ පටයට අනුව උස ගොඩනැගිල්ලක් අසලින් විශාල වටකුරු පියාඹන පීරිසියක් දිස්වේ.මෙම යානය ගමන් කරන අතර රවුමට කැරකේ. නමුත් ඇතැමුන්ගේ අදහස වනුයේ පරිගණක මෘදුකාංග භාවිතයෙන් මේවා නිර්මාණය කළ හැකි බවය.

2)පියාඹන පීරිසිවල ඡායාරූප
1950 වසරේ මැයි 11 මැක්මින්විලෙ ගමේ ගොවියෙකු ගත් ඡායාරූප දෙකක් පිළිබඳ විද්වතුන්ගේ අවධාණය යොමු විය.බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙය සත්‍ය වශයෙන්ම සිදුවූ ඡායාරූපගත කිරීමක් බවය.

1952 දී ඇමරිකා එක්සත් ජනපදයේ රැල්ෆ් විසින් ගන්නා ලද අභ්‍යවකාශ වස්තුවද සත්‍ය ඡායාරූපයක් බව පරිගණක තාක්ෂණය භාවිතයෙන් කල විශ්ලේෂණ වලින් සනාථ විය.
පිටසක්වළ ජීවය

පෘථිවියෙන් පිටත එනම් වෙනත් ග්‍රහලෝකයක,උපග්‍රහයෙකු මත නැතිනම් ග්‍රහකයක ජීවයක් පවතීනම් එය පිටසක්වල ජීවය ලෙස හඳුන්වයි.මෙ‍ම ජීවීන් අප මෙන්ම මහා ජීවීන්ම වීම අවශ්‍ය නොවේ.එනම් අභ්‍යවකාශයේ පවතින දූව්ලි අංශුවක් මත ඇතිවන ජීවයක් වුවත් පිටසක්වල ජීවය ලෙස අර්ථකතනය කිරීමට පුළුවන.

ව්‍යුහමය සහ කෘත්‍යමය වශයෙන් ජීවයට දායක විය හැකි මහා අණු තැනිය හැක්කේ මූලද්‍රව්‍ය වලින් කාබන්, බෝරෝන්,නයිට්‍රජන්,සිලිකන් සහ පොස්පරස් වලට පමණි. පෘථිවියේ ජීවය කාබන් මත ගොඩ නැගුනද පිටසක්වල ජීවයක් ඉහත මූලද්‍රව්‍ය මත ගොඩනැගිය හැකිද? බෝරෝන් මූලද්‍රව්‍ය‍ට තැනිය හැක්කේ සීමිත බන්ධන ගණනකි.එසේම එවැනි සංයෝගවල ස්ථායීතාව අඩුය. නයිට්‍රජන්හි නයිට්‍රජන් අණුවේ බන්ධන ස්ථායීතාව ඉතා වැඩි බැවින් තැනෙන කුඩා දාමයක් වුවත් පහසුවෙන් වියෝජනය වී නයිට්‍රජන් වායුව සෑදීමට වැඩි නැඹුරුවක් දන්වයි. පොස්පරස් වල සහසංයුජ බන්ධනද අඩු ස්ථායීතාවක් දක්වයි.එමනිසා පිටසක්වල ජීවය එම මූලද්‍රව්‍ය තුන මත රඳා නොපවතින බව සිතිය හැක. ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයට අයත් නිසා සිලිකන් මූලද්‍රව්‍ය‍ කාබන් වෙනුවට හොඳ ආදේශකයක් විය හැකිය.නමුත් ප්‍රමාණයෙන් විශාල වීම නිසා සිලිකන්- සිලිකන් බන්ධන තැනීම කාබන්- කාබන් බන්ධන තැනීම තරම් පහසු නොවන අතර ස්ථායී භාවයද අඩුය.නමුත් සිලිකන් හා ඔක්සිජන් එකතුව තනන මෙතිල් සිලිකෝන වැනි අණු පිටසක්වල ජීවය සඳහා හොඳ අත්තිවාරමක් විය හැක. එසේම ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියා සිදුවීමට නම් ජලීය මාධ්‍යයක් අවශ්‍ය වේ.එම නිසා පිටසක්වල ජීවයක් ඇතිවීමට නම් එහි මෙ‍ම සියලු සාධක අන්තර්ගත විය යුතුය.
පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?


 
Last edited:

sweets

Banned
Jul 2, 2011
297
160
0
ClassicUFOL_468x366.jpg


පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම්

1) දුර සීමාව
බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවිය‍ට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය.

2) ආයු සීමාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.

3)ඉන්ධන සීමාව
විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා ක්රීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්ති‍ය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.
ඔබ අමුතු ආකාරයේ ආකාශ වස්තුවක් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?
ලෝකය පුරා පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පිළිබඳව නොයෙකුත් සිදුවීම් වාර්තා වී තිබේ.මධ්‍ය හරහා එළියට නොපැමිණි පර්යේෂකයන්ගේ ඇසට බඳුන් නොවූ තවත් සිදුවීමි අපමණ සංඛ්‍යාවක් තිබිය හැක.වාර්තා වූ බොහෝ සිදුවීම් ද සත්‍ය සිදුවීම විකෘතිව ඉදිරිපත් වන්නට හේතු වී ඇත්තේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇති නොදැනුවත් කම නිසාය.ඔබට යම් හෙයකින් පියාඹන වස්තුවක් දැක ගැනීමේ වාසනාව උදාවුවහොත් ඔබ අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටියක් ඇත.

1)ඔබ දුටු දේ තහවුරු කර ගැනීමට තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සොයාගන්න.

2)හැකි නම් ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට උත්සාහ ගන්න.

3)ඔබ විසින් නිරීක්ෂණය කරන ලද වස්තුව හා අවට පරිසරය සංසංදනය කර එහි විශාලත්වය,වේගය ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න.

4)හැකිනම් එම මොහොතේම දුටු දේ ලියා එහි ගමන් මාර්ගය ආදී දේ පිළිබඳව සිතියමක් අඳින්න.

5)හැකි ඉක්මනින් පොලීසියට,ගුවන් හමුදාවට හෝ හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ට සිද්ධිය ගැන දැනුම් දෙන්න.



පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති


1)සෙටී ව්‍යාපෘතිය
1961 වසරේ නොවැම්බැයේදී රේඩියෝ ඉංජිනේරුවන් , තාරකා විද්‍යාඥයන් සහ ජෛව විද්‍යාඥයන් කිහිපදෙනෙකු එකතුව සක්වලින් එපිට බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොට සමුළුවකි පැවැත්වූවේය.සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූ ෆ්රෑන්ක් ඩ්රේක් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කලේ මෙම සමුළුවේ දීය.මෙම සමුළුවේදී සෙටී (SETI-Search for Extraterrestrial Intelligence)උපන්නේය.එදා සිට අද දක්වා විවිධ දිශා වලට අතු විහිදවහින් දැවැන්තව වැඩුණු සෙටී ව්‍යාපෘතිය තවමත් මල් ඵල ගැන්වී නොමැත.මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ශාඛා කිතිපයක් ඔස්සේ දියත් කෙරිණි.එම ශාඛා වලින් කිහිපයක් නම්

ෆීනික්ස්(PHEONIX) බෙටා(BETA-Billion channel Extra Terrestrial Assay) මෙටා(META-Million channel Extra Terrestrial Assay)


2) බෙටා ව්‍යාපෘතිය

පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම අරුත් දෙන (Billion channel Extra Terrestrial Assay)BETA ව්‍යාපෘතිය, ග්‍රහ සංගමයෙහි (Planetary Society)ආධාර ඇතිව හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොව්ට්ස්ගේ ප්‍රධාණත්වයෙන් ඇරඹුණකි.ඛගෝලයේ සමකයේ සිට උතුරට අංශක 60 ක්ද දකුණට අංශක 30 ක්ද වූ සීමාව තුල සියළුම තරු නිරීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.වසරක් පුරා හාවඩ්හි පිහිටි මීටර 26ක රේඩියෝ දුරේක්ෂයෙන් ගිගා හර්ට්ස් 1.4 ත් 1.72 ත් අතර පරාසයක සංඛ්‍යාත ඹවුන් විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිරීක්ෂණය කරන ලදී. බෙටා ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1985 දී ආරම්භ වූ මෙටා ව්‍යාපෘතිය(META-Million channel Extra Terrestrial Assay)වෙනුවෙනි.
 
Last edited:
  • Like
Reactions: prabo22