පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    mj-12.jpg

    1984 වසරේ දෙසැම්බර් මස දිනෙක රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු වුනු ජේමී ශැන්ඩෙරා නැමැත්තාගේ කැලිෆෝනියානු නිවෙසට කුඩා නිර්නාමික පැකට්ටුවක් තැපෑලෙන් ලැබුනා. එය තුල මි.මි 35 ඡායාරූප නෙගටිව් පටියක් තිබුණු අතර එය විකාස කල (develop) ශැන්ඩෙරා හට එහි සටහන්ව තිබූ අතිශය රහසිගත යයි සටහන් කොට තිබුණු පිටු 8ක ලිපියක ඡායාරූප මතුකරගත හැකිවුනා. 1952 නොවැම්බර් 18 දාතම සහිතවුනු එම නිල ලිපිය ලියා තිබුනේ එවක C.I.A රහස් තොරතුරු ඒජන්සියේ අධ්‍යක්ෂක වරයා වුනු, නාවික හමුදා රියර් අද්මිරාල් රොස්කෝ හිලෙන්කොටර් විසිනි.

    මෙම ලිපිය ඒවනවිට අලුතින් අමෙරිකානු ජනාධිපති ධූරයට පත්ව සිටි ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයාව නිළවශයෙන් දැනුවත් කිරීමේ ලිපියක් (official briefing document) ලෙස ලියාතිබුණු බව පෙනෙන්නට තිබුණා.

    1947වසරේ ව්‍යාපාරික කෙනත් ආර්නල්ඩ් විසින් වාර්තාකරන ලද හඳුනානොගත් පියාසර වස්තු දර්ශණයේ සිට එම වසරේම රොස්වෙල් ප්‍රදේශයට කඩාවැටුනා යයි පැවසෙන පියාසර වස්තුව ඇතුලු හඳුනානොගත් පියාසර වස්තූන් පිලිබඳව වාර්තා හා ඒ පිලිබඳව අමෙරිකානු රජයේ හමුදා හා ඔත්තුසේවා විසින් සිදුකරමින් තිබෙන පර්යේශණ වල තොරතුරු සංශිප්තව එම ලිපියේ සටහන් කොට තිබුණා.

    ලිපියේ විස්තර කොට තිබුණු ආකාරයට 1947වසරේ රොස්වෙල් පියාසර වස්තුව කඩාවැටුනු ස්ථානයට ඈතින් මානවරූපි (humanoid) පිටසක්වලයින් 5දෙනෙකුගේ සිරුරු හමුවී තිබුණා. පිටසක්වලයින්ගේ සිරුරු හමුවීමත් සමග 1947 වකවානුවේ අමෙරිකානු ජනාධිපතිධූරය දැරූ හැරී ටෲමන් මහතා මේ පිලිබඳව සියලු පර්යේශණ කටයුතු සඳහා පූර්ණ අවසර ඇති, ජනාධිපතිට පමණක් වගකියන ඉතා රහසිගත පාලන කණ්ඩායමක් නිර්මාණය කල බව පැවසෙනවා. අමෙරිකාවේ ඉහලම හමුදා හා ඔත්තුසේවා ප්‍රධානීන් හා විශිෂ්ඨතම නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයින්ගෙන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම Majestic 12, Majic 12, MAJCOM, Mars Jupiter Twelve or MJ-12 යන නම්වලින් හඳුන්වනු ලබනවා.

    1947-1955 මැජස්ටික් 12 ලිපිගොනුවල සංෂිප්තය.

    1947වසර වන විට අමෙරිකාව ලොව බලවත්ම රට බවට පත්වී සිටියේය. ලොව බලසම්පන්නම හමුදාව, පරමාණු බෝම්බය මෙන්ම ලොව ශක්තිමත්ම කාර්මික ආර්ථිකය බවට අමෙරිකාව පත්ව සිටියේය. ඒවන විට ලෝකයේ බලසම්පන්න රාජ්‍යවුනු මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සෝවියට් රුසියාව, ජපානය යන රටවල් දෙවන ලෝක යුද්ධයෙන් විනාශවී අලුගොඩවල් බවට පත්ව තිබුණි.

    මේ අනුව අමරිකාව ලොව එකම බලවතා වූ අතර, ලොව තමන්ට කැමති ආකාරයට අමෙරිකානුකරනය කිරීමේ සැලසුම් අමෙරිකානු දේශපාලන හා ව්‍යාපාරික නායකත්වය පිඹුරුපත් සකසමින් සිටි වකවානුවකි.

    එහෙත් 1947 ජූලි මස රොස්වෙල් ප්‍රදේශයෙන් සොයාගත් කඩාවැටුනු යානාවත් එහි ගමන් ගත් බවට සැක කෙරෙන පිටසක්වල ජීවීන් හමුවීමත් නිසා මුලුමත් අමෙරිකානු මිලිටරි හා දේශපාලන නායකත්වය මහත් අවුලකට පත් කලේය.

    කඩාවැටුනු යානය පරීක්ශකල අමෙරිකාවේ ඉහලම ගනයේ විද්‍යාඥයින් හා ඉන්ජිනේරුවන් එම යානයේ තාක්ශණය තමන්හට කිසිසේත් වටහාගත නොහැකි අමෙරිකානු තාක්ශණයට වසර දහස් ගණනාවක් ඉදිරියෙන් ඇති තාක්ශණයක් බව වාර්තාකලහ. එම යානය තනා තිබුණු ද්‍රව්‍ය පවහා හඳුනා ගැනීමට අමෙරිකාවේ විශිෂ්ඨතම විද්‍යාඥයින් අපොහොසත් විය. එමෙන්ම එහි ගමන් ගත් ජීවීන්ද පෘථිවිය මත නොව වෙනත් ග්‍රලෝකයක බිහිවූ ජීව විශේෂයක් බවට නිගමනය විනි. එමෙන්ම මෙම යානා විනාශකල හැකි කිසිදු අවියක් තමන් සතුව නොමැති බව අමෙරිකානු ආරක්ශක ප්‍රධානීන් වාර්තාකොට තිබුණි.

    පිටසක්වල යානා හඹාගිය අමෙරිකානු ගුවන්හමුදා යානා වලට එම යානාවලට ලඟාවීමට පවා නොහැකි වුනු අතර ඒවා ගමන්ගත් අධික වේගයත් ක්ශණයෙන් ඒ මේ අත හැරවීමේ හැකියාවත් නිසා අමෙරිකානු ගුවන් නියමුවන් අසරණ විය.

    1947-1955 කාලය අතරතුර තවත් පිටසක්වල යානා කඩාවැටීම් කිහිපයක් සිදුවුනු අතර තවත් මියගිය පිටසක්වලයින්ගේ සිරුරු සොයා ගැනුනි. මේ අනුව පිටසක්වල යානා හා ජීවීන් පිලිබඳව සොයා බැලීමට, ඔවුන්ගේ තාක්ශණය උකහා ගැනීමට, ඔවුන්ගේ යානා අඩපන කිරීමට හැකි අවි ආයුද නිපදවීමට විශේෂඥ කණ්ඩායම් බිහිකරන ලද අතර කඩාවැටෙන යානා හා ජීවින් අල්ලාගෙන තමන් සන්තක කරගැනීමට විශේෂයෙන් පුහුණු කරනලද කොමාන්ඩෝ හමුදා ඛන්ඩ ඇති කරනලදී. මේ සියලු කටයුතු අමෙරිකානු ජනතාවට පමණක් නොව කොන්ග්‍රස් මණ්ඩලයට පවා රහසින් සිදුකරන්නට පියවර ගෙන තිබුණු අතර මැජෙස්ටික් කණ්ඩායම යනුවෙන් හඳුන්වන විශේෂඥයින්ගේ කමිටුව මෙම සියලු මෙහෙයුම් භාව කටයුතු කරීමට පත්කරන ලද බව පැවසේ.

    මැජෙස්ටික් 12 ලිපිගොනු වන ඇත්තේ මෙම කණ්ඩායම් ගොනුකරන ලද වාර්තා, ඔවුන්ගේ නිරීක්ශණ හා නිගමන මෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ නිර්දේශ අඩංගු ලිය කියවිලිය.
    mj12-1.png

    ~ සැළකිය යුතුයි ~

    මැජස්ටික් ලිපිගොනු ලෙස සාමූහිකව හඳුන්වන මෙවැනි අතිශය රහසිගත යයි සඳහන් ලිපි ගනනාවක් 1984න් පසු නිර්නාමිකව විවිධ පිටසක්වල ජීවීන් පිලිබඳ පර්යේෂණ කරන පර්යේශකයින්, ලේඛකයින් හා ජනමාධ්‍යවේදීන් අතට පත්වී ඇත. එහෙත් මෙම ලිපි ව්‍යාජ ඒවා බව ඒවා සූක්ශ්ම පරීක්ශාවල බඳුන්කරන ලද රහස්‍ය ලිපි විශේෂඥයින් (secret dcoument specialists) පවසනවා. එම ලිපි ලියා ඇති අන්දම, වචන හා යෙදුම් වල ස්වභාවය, භාවිතාකොට ඇති කඩදාසි වල පෙනුම, ඒවා යතුරුලියනය කර ඇති මුද්‍රණ අකුරු (font) වල ඇති වෙනස්කම් මෙන්ම ඒවා වල සටහන් කොට ඇති විවිධ රබර් මුද්‍රාවල ස්වභාවයන් අනුව මේ ලිපි නියම අමෙරිකන් රහස් ලිපි නොවන බව පර්යේශකයින් පවසනවා.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    THE-NAZCA-LINES-PERU2.jpg

    අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර The Nazca Lines: ලෝකයේ නොවිසඳුණු අභිරහස්

    අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ දී අපට හමුවන නස්කා රේඛා (The Nazca Lines).

    මොනවද මේ නස්කා චිත‍්‍ර ?
    පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?

    nasca-615.jpg

    nazca-lines.jpg

    නස්කා චිත‍්‍ර
    නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි
    blythe-intaglios-6%25255B6%25255D.jpg

    නස්කා නිම්නයේ නස්කාවරු
    ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

    පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
    බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

    අහසින් ගිය නස්කාවරු
    සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.

    ජර්මානු ගණිතඥ මරීයා රීචේ
    දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.

    අභිරහස අභිරහසක්ම තමයි
    තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.