පිටසක්වල ජීවීන් ඇත්තටම ආවාද?
මහමුහුද ඉමක් කොනක් නැත... ඒ වුණත් ප්ලොරිඩාවේ සිට බර්මියුඩා Bermuda තෙක් සහ බර්මියුඩාවේ සිට Puerto Rico දක්වා ඇති ත්‍රිකෝණාකාර සයුර පිහිටීම නම් කෙරෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ලෙසටය. (Beruda Traingle) මෙම මුහුදු සීමාව අදටත් අද්භූත ප්‍රශ්න ගණනාවකට හේතු සාධක වූ සාගර කලාපයක් ලෙසට නම් කෙරෙනවා.
මෙම සාගර කලාපයට අධිස්වභාවික බලපෑමක් හෝ පිටස්තර ජීවීන් (Aliens) ගේ බලපෑමක් ඇත්දැයි නිරීක්ෂණයන්ට බඳුන්ව පවතිනවා. 1945 වසරේ ඇමරිකාන එක්සත් ජනපදයට අයත් ඇවෙන්ජර් වර්ගයේ ප්‍රහාරක යානා පහක් අතුරුදන් වීමත් සමගම මේ අද්භූත මුහුදු කලාපය පිළිබඳව දැඩි අවධානයක් යොමු වන්නට පටන් ගත්තා. මේ ප්‍රහාරක යානාවන්ට ප්‍රහාර එල්ල කරන්නට සතුරු යාත්‍රා නොපැමිණීමත්. හදිසි අනතුරකට ලක් නොවීමත් මේවා "අතුරුදන් වීමත්"ප්‍රබල ගැටලු බවට පත් වුණා. මේ ගුවන් යාත්‍රා සෙවීමට ගිය තවත් බෝට්ටුවක් හිටි අඩියේම අතුරුදන් වූවා.
මේ මාරක මුහුදු සීමාවේදී ඉන්පසු වසර කිහිපය තුළත් මුහුදු ගමන් කළ මගී නැව් සහ මුහුදු සීමාවට ඉහළින් ගමන් කළ ගුවන් යානා අබිරහස් ලෙස අතුරුදන් විය. බොහෝ දෙනා විශ්වාස කළේ මෙම බර්මියුඩා ත්‍රිකෝණය අධිස්වභාවික බලවේගයක් ක්‍රියාත්මක වන බවය (Supernatural Powers)
තවත් මතවාදයක් බවට අදටත් පත්ව සිටින්නේ මේ මුහුදු සීමාව හරහා පිටස්තර ජීවීන් පෘථිවියට දැඩි බලපෑමක් කරනු රිසියෙන් මෙලෙස නෞකා හා ගුවන් යානා පැහැර ගැනීමකට ලක් කරන බවය. (Alein
Abduction).
පිටස්තර ජීවීන් පෘථිවිය හා සහ සම්බන්ධතා පවත්වන්නට පටන් ගෙන ඇත්තේ මීට වසර 1,500 ත් 2,000 ත් අතර පමණ දුර අතීතයක සිට බවට තවත් මතයක් පීරූ රටෙන්a දැකගත හැකිය. පීරු රටේ Nazca කාන්තාරයේ අතිශය දිගු ගල්තලාවක පිටස්තර සත්ව සංකේත, භූ විද්‍යා සටහන්, මෙන්ම පිටස්තර ජීවීන්ගේ රූපසටහන් ද තිබේ. මේවා නිර්මාණය කළේ කවුරුන්ද කුමකටද පිටස්තරයන් හා ඔවුන්ගේ පෘථිවි සබඳතා ගැන විශේෂඥයකු වූ ගත්කතුවර Erich von Daniken විශ්වාස කරන්නේ මේ සංකේත පිටස්තර ජීවීන්ගේ ගගන යාත්‍රාවලට තබනු ලද මං සලකුණු ලෙසටය.
මේ සබඳතාව වඩාත් තහවුරු වන්නේ පිටස්තර ජීවීන් පෘථිවියට නිතර ගමන් බිමන් ආයේ ද යන්ත්‍ර මතය. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඳුනා නොගත් පියාසර වස්තු (UFO) දැක තිබේ. මේ භාග්‍ය හිටපු ජනාධිපතිවරුන් දෙපළක් වූ ජිමී කාටර්ට හා රොනල්ඩ් රිගන්ට ලැබී තිබිණි. එහෙත් මෙම හඳුනා නොගත් පියාසර වස්තු ඉතාම හොඳින් නිරීක්ෂණය කළ හා දැකගත හැකි වූ තැනැත්තා ලෙසට සැළකෙන්නේ ගුවන් නියමු Kenneth Arnold ය. හෙතෙම 1947 දී තම ගුවන්යානය පදවාගෙන එනවිට තමන් නුදුරේම මෙම අරුමාකාර වස්තු අහසේ ලිස්සා යනු ඔහු දුටුවේය. එය තම කැමරාවල සටහන් කරගන්නට ද තම සගයන්ට අණ කළ ඔහු පසුව පුවත්පත් සාකච්ඡාවක් පිළියෙළ කළේය. එහිදී ඔහු තම අත්දැකීම විස්තර කරමින් කියා සිටියේ මෙම අපූරු යාත්‍රා වතුරේ ගසාගෙන යන පීරිසි ලෙසටය. පසුවදා මේ ප්‍රකාශය පුවත්පත්වල පළ වූයේ ගුවන් නැවියා පියාඹන පීරිසි (Flying Savcer) ගැන කතා කළ බවත් එම යානාවල අද්භූත පිටසක්වල ජීවීන් සිටිනු වගත් ය. එදා සිට අද දක්වාම මාධ්‍යවල හඳුනානොගත් පිටස්තර පියාසර වස්තු වලට පියාඹන පීරිසි යන පදය භාවිත වෙයි.
මෙම අද්භූත පිටසක්වල ජීවීන් ගැන තොරතුරු එමට පතපොතවල පළ වෙතත් ඔවුන් ගේ ශරීර ස්වභාවයන් ගැන ද පවතින්නේ විවිධාකාර මති මතාන්තරය. මෙම පිටස්තර ජීවීන් දැක ඇති ආකාරයට ඔවුන් සියලුදෙනාම දැක ඇත්තේ කොළ පැහැති ශරීර ඇතියවුන්ය. ඔවුන්ගේ හිස අළු පැහැ ගැන්ව තිබූ අතර දෙනෙත් විශාල වූ අතර කෘමීන්ගේ ඇස් ලෙසට ඒවා දැකගත හැකි විය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිතලයට පැමිණෙන්නේ මෙහි වසනවුන් "පැහැරගෙන" ගොස් නොයෙක් තාලයේ පර්යේෂණ කිරීමට බවය.
වඩාත්ම සමීපම පිටසක්වල ජීවීන් දැක ගැනීමේ වාසනාව හිමිවූ අයකු ලෙසට ඇමරිකා එක්සත් ජනපදයේ කුකුළු ගොවිපළක හිමිකරුවකු වූ Joe Simonton ය. ඔහුගේ ගොවිපළට නුදුරින් තිබුණු දිගු ලන්දකට ආලෝක විහිදුවමින් ආ පියාඹන පීරිසියක කවුළුවක් විවෘත විණි. ඔහු වහා එතැනට දිව ගිය අතර ඔහුට දෙනෙත් අදහා ගත නොහැකි විය. මෙම යානය තුළ කළු පැහැ අභ්‍යවකාශ ඇඟලුම් හැඳහුන් පිටස්තරයන් තිදෙනකු හුන් අතර එක් අයකු ජෝගෙන් කෝප්පයක් වැනි බඳුනකට වතුර ඉල්ලා සිටියේය. හනිකට වතුර ගෙනැවුත් දුන්නාට පසුව ජෝට ඔවුන්ගෙන් තෑග්ගක් ලැබිණි. ඒ ඔවුන් අනුභව කළ ආහාර විශේෂයකි. "ඒවා හරියටම කාඩ්බෝඩ් වගේ" පසුව සිමොන්ටන් මාධ්‍යයට කීවේය.
මේ කතාව "හැදූ එකක්" නොවූයේ ඔහුගේ ගොවිපළ නාසා ආයතනයේ නිලධාරීන් පරීක්ෂා කළ නිසාය. එබඳු පිටසක්වල යානයක් ඔහුගේ ගොවිපළට පාත් වූ බවට ඔවුහු නිගමනය කළහ.
හඳුනා නොගත් පිටස්තර යාත්‍රා පිළිබඳව වඩාත් පෘථුල හා මහජන සංවාදයට පාත්‍ර වූ සිදුවීමක් වාර්තා වන්නේ New Mexico හි Roswell හිදීය. ඒ 1947 දීය. දැවැන්ත කුණාටුවක් සහ අකුණු ගැසීමක් සමඟ william Brazel ගේ වත්ත අද්දර හඳුනානොගත් ලෝහ කොටස්, රබර් සහ කඩදාසි බොහෝමයක් තැන තැන විසිරී තිබිණි. මේ පිළිබඳව අදාළ අංශවල ට වහාම ඔහු දැනුම් දුන්නේය.
Roswell ගුවන් හමුදා මධ්‍යස්ථානය මුලින්ම ප්‍රකාශ කළේ මෙය පියාඹන තැටියක් වැනි යමක ඉතිරි වූ හෝ අබලි ද්‍රව්‍ය ලෙසටය. මොහොතකට පසුව යළිත් තම මතවාදය වෙනස් කළ ඔවුන් මාධ්‍යයට, ප්‍රකාශ කළේ එය කාලගුණ විපරිතයන්ගේ දත්ත හඳුනා ගැනීම සඳහා ගුවනට මුදා ලූ බැලුනයක කොටස් බවය. එහෙත් මෙම ස්ථානයේ ඇසින් දුටුවකු මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙය නියතයෙන්ම පියාඹන පිරිසියක් බවය. තවද ඔහු කියා සිsටියේ මියගිය පිටස්තර ජීවීන් හතරදෙනකුගේ මළ සිරුරු තමන් දුටු බවත් ඔවුන් අළු පැහැති හිස් ලොකුවට තිබූ අය බවත්ය. මේ කතාව මුළු මහත් ඇමරිකාව පුරාම පැතිර ගියේය.
හඳුනානොගත් පියාසර වස්තු පිළිබඳ විශේෂඥයන් (UFO logists) ප්‍රකාශ කරන්නේ මුළු මහත් ලෝකයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය මෙම Roswel සිද්ධිය වසං කළ බවයි. Roswel හිදී පියාඹන පීරිසි දෙකක් බිම පතිත වූ බවත් එහිදී "පිටස්තර ජීවීන්" කිහිපදෙනකු මියගිය බවත් තුවාල ලැබූ සහ ජීවත් වීමේ වාසනාව ලද පිටස්තර ජීවීන් ඇමරිකානු රජයේ මැදිහත්වීමෙන් ගෙන ගියේ කොහාටද ඔවුන්ට සිදුවූයේ කුමක්ද?. ඔවුන් ආරක්ෂා කිරීමත් සහ ඔවුන්ගෙන් ලබා ගත්තේ කිනම් ආකාර තොරතුරු ද මේ පිළිබඳ කිසිවකට තවමත් ඇත්තේ "නිහඬතාව" පමණකි.
කුකුළු ගොවියාට වතුර ගෙන එAමට පිටස්තරයන් සන්නිවේදනය කළ බව ඔහුට අවබෝධ කර ගත හැකි වී නම් Rදිඇකක හිදීත් ඔවුන්ගේ බස ඇමරිකානු විද්‍යාඥයන්ට අවබෝධ කර ගත හැකිය. එසේ වී නම් "පිටස්තර ලෝකයේ"පියාඹන පීරිසි ගැන අටෝරාශියක් තොරතුරු ඇමරිකාව දැනටමත් සතු කර ගෙන හමාර ඇතිවාට සැකයක් නැත. එහෙත් ඔවුන් මේ තොරතුරු තවමත් සඟවා ගෙන සිටින්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි. පිටසක්වල ජිවීන් ගැන කල්පනා කරන කොට අපට සිහියට නැඟෙන්නේ ගොඩක් දුර වෙනත් ග්‍රහලොවක සිට අපේ මිහිතලයට පියාඹන පීරිසියකින් පැමිණෙන ආගන්තුක කුඩා ජීවීන් විශේෂයක් ගැන අදහසක්. ඒ වුණත් මුළු ලෝකයම දරන මේ විශ්වාසය බැහැර කළ විද්‍යාඥයකු සිටියා ඔහු John Cleves symmes Jr (1779 - 1829) ඔහු විශ්වාස කළේ මෙම පිටසක්වලයන් පෘථිවියේ හරි මැද පොළව යට දැවැන්ත "ආවාට" සාදාගෙන (තමන්ගේ අභ්‍යවකාශ යානා ඉහළට ගත හැකි තරමේ) සිsටිනු බවය.
Credit:ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර