පිටින් නොපෙනුනත් පී.සී.ආර්. කළ දොළහම පොසිටිව්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොමැති පුද්ගලයන් දොළොස් දෙනෙකු හට සිදු කරන ලද පී . සී ආර් . පරීක්ෂණයකින් එම පුද්ගලයන් දොළොස් දෙනාම කොරෝනා වෛරසය ආසාදිත බවට වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .ඒ.යු.ටි. කුලතිලක මහතා පවසයි.

    මෙම රෝගීන් දොළොස් දෙනා කටාන සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි විවිධ මට්ටමේ වයස්වල පසුවන්නන් බව ද කුලතිලක මහතා කියයි.

    එසේම මෙම රෝගීන් දොළොස් දෙනා කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවත් ඔවුන් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයකු හෝ නිරෝධායනය සිටි පුද්ගලයන් නොවන බවද කුලතිලක මහතා කීය.

    ඉකුත් 18 වන දින පී .සී .අර් . පරීක්ෂාවට ලක් වූ මෙම පුද්ගලයන් දොළොස් දෙනාගේ වාර්තා ඊයේ 21 දින ලැබුණු බවත් අනතුරුව ඔවුන් පිරිස ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර ඇති බව කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
     
    • Wow
    Reactions: B.Chat