ඉස්සර බිව්ව කියල මතක් වෙද්දිත් පුදුමයි. පිටි කිරි බොන එක නවත්තල සෑහෙන්න කාලයක්. ඉතින් මම නිකමට පැල්වත්ත පැකට් එකක් ගෙනත් පොඩ්ඩක් බීල බැලුව. ඒකට කිසිම රසායන ද්‍රව්‍යක් දාන්නෙ නෑලු. ලංකාවේ හදන එකම කිරි වර්ගයත් ඒකලු. බඩේ දැවිල්ලයි, ගැස්ට්‍රික් වගේ ඇවිත් බඩ තද වෙලා පපුවත් රිදෙන්න ගත්ත. පට්ටම අවුල් බන්. ඉස්සර මේවට පුරුදු වෙලා හිටිය නිසා මේව ආවත් ගනන් ගන්නෙ නැතිව අපි බොන්න ඇති කියලයි හිතෙන්නේ. මම ඇන්කර් පවා බිව්ව ඉස්සර. මට හොදට මතකයි ඇන්කර් වලින් අයිස්ක්‍රීම් හදන්න ගියාට හදන්න බෑ යට අයිස් කුට්ටියක් වගේ මොනවද මිදෙනව. අනිත් ඒවයින් නම් අවුලක් වුනේ නෑ . එහෙම තියෙද්දිත් උදේ හවස බිව්වෙම ඇන්කර්. දැන් බිව්වොත් නම් මැරෙන්නත් ඉඩ තියෙනව.
පිටිකිරි වල නම් ප්‍රශ්නයක් තියෙනවා. දැනට ගේන්නේ පැලවත්ත එකයි highland එකයි විතරයි. ඉස්සර පොඩි කාලේ ඇන්කර් , රත්ති එහෙම උඩ දාගෙන බීපු හැටි මතක් වෙනකොට දැන් තියෙන ලෙඩ වලට ඒවත් හේතු වෙලාද කියලත් හිතෙනවා.
තේකොළ වල පරශ්නයක් අවා මට එක බිව්වම ගැස්ටික් එනවා. නවත්තපුවම ලොකු අවුලක් නැහැ
ලංකාවේ premium කියලා මාර්කට් එකේ තියෙන හැම එකක්ම try කරනවා දැන් මාසෙන් මාසෙට. දැනට stuart එකෙන් ගහන tea එක බිව්වා දෙපාරක් වගේ , දැනට එක අවුලක් නැහැ. එන මාසේ තව එකක් ගෙනල්ලා ට්ට්‍රයි කරලා බලන්න ඕනේ.