පිටුවහල් වෙමි -
ආදරණීය ඇක්සිනොෆ්,
ගෙන යන්න මාවත්
නුඹම ගිය අඩි පාර
මකාර් සෙමිනිච් වෙනුවෙන්
හෙට මලක් වනු පිණිස
මුළු ලෝකයම
අවැසියි මට එබැවින්
ලෝ පතල සියලු පව්
මගේ ගිණුමට බැර වී
මියෙන්නට හෙට දවස
කස පහර ලබමින්
සයිබීරියාවෙන්
නුඹ නම් අපූරුයි
සැබැවින්ම ඇක්සිනොෆ්
හදවතේ සාක්ෂිය
විකිණෙනා මායිමක
නොවිකිනුණු හැටියක්
ලෝකයම වෙනුවෙන්
-මාලන් විදානපතිරණ
ආදරණීය ඇක්සිනොෆ්,
ගෙන යන්න මාවත්
නුඹම ගිය අඩි පාර
මකාර් සෙමිනිච් වෙනුවෙන්
හෙට මලක් වනු පිණිස
මුළු ලෝකයම
අවැසියි මට එබැවින්
ලෝ පතල සියලු පව්
මගේ ගිණුමට බැර වී
මියෙන්නට හෙට දවස
කස පහර ලබමින්
සයිබීරියාවෙන්
නුඹ නම් අපූරුයි
සැබැවින්ම ඇක්සිනොෆ්
හදවතේ සාක්ෂිය
විකිණෙනා මායිමක
නොවිකිනුණු හැටියක්
ලෝකයම වෙනුවෙන්
-මාලන් විදානපතිරණ

