ලෝක ඉතිහාසය යනු ශ්‍රේෂ්ඨ විප්ලවවලින් පිරි ඉතිහාසයකි. දරුණු ආඥාදායකයන්ගේ කුරිරු පීඩනයෙන් ගැලවීම පිණිස දියත් වූ ඒ සෑම විප්ලවයක දී ම බොහෝ ප්‍රගතිශීලීහු තම ජීවිත පූජා කළහ. එම අසහාය ජීවිත පූජාවන්ගෙන් අලෝකවත් වූයේ එම විප්ලව දියත් වූ රටවල පීඩිත ජනතාවගේ ජීවිත පමණක් නොවේ. එම විප්ලවීය ජයග්‍රහණවලින් ආශ්වාදය ලැබූ බොහෝ රටවල පීඩිත ජනතාවගේ ජීවිත ද එමගින් ආලෝකවත් වූයේය.
ක්‍රි.ව. 1789 සිට 1799 දක්වා වසර 10ක් පුරා පැවති ප්‍රංශ විප්ලවය ද එවැනි සමාජ හා දේශපාලන පෙරළියක් ඇතිකළ ශ්‍රේෂ්ඨ විප්ලවයකි. එහි ආරම්භක වසර තුන තුළ දී එරට වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය හා ක්‍රිස්තියානි පල්ලියේ වරප්‍රසාද ඇතුළු බොහෝ සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස්වලින් මෙන් ම, වාමාංශික අදහස් ඇති දේශපාලන කණ්ඩායම් අතින් මහත් වෙනසකට භාජනය විය.
ර්ෂ 1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදී යුද්ධ නිසා ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් හිස් වෙන්නට පටන් ගත්තේ ය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට අධිකරණ සහ පරිපාලන තනතුරු රදළයන්ට විකිණීමට පටන් ගත්හ. ඒ නිසා, රටේ අල්ලස හා දූෂණය වැඩි විය. එසේ මුදල් ගෙවා තනතුරු ලබාගත් රදළ පවුල් හාරදහසක් පමණ වූයේය.
ධනයට හිමිකම් කියූවත්, බුද්ධි විචාරමය යුගයේ අදහස්වලින් පෝෂණය වූ රදළයන් මෙන්ම, පල්ලියටත්, ආණ්ඩුවටත් බදු ගෙවීමෙන් බදු බරෙන් පීඩිතව සිටි එරට මධ්‍යම පාංතිකයන් සහ ගම්වැසියන් විප්ලවයේ හවුල්කාරයෝ වූහ. ඔවුන් සටන් වැදුණේ බදු එකතු කිරීමේ අයිතිය හිමි රදළ පංතියට, රාජාණ්ඩුවට හා පල්ලියට එරෙහිව ය.
වර්ෂ 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ පැතිර ගිය භීෂණ පාලන සමයේ නායකත්වය දැරුවේ ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙකු වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් නමැත්තා ය. ජනතා විරෝධීන් යනුවෙන් හඳුන්වන ලද 16,000ක්, 40,000 ක් අතර ජනතාවක් මේ සමයේ දී මරණයට පත්කොට තිබේ. ප්‍රංශ යුද ඉතිහාසයේ පැවති යුද්ධවලින් කැපී පෙනුණු හමුදා නායකයෙක් වූයේ නැපෝලියන් බොනපාට් ය. ප්‍රංශ දේශ සීමාවන් තුළ කැඩී බිඳී ගොස් තිබුණු නීතිය නැවතත් ස්ථාපිත කිරීම සඳහා ජනතාව විසින් ඔහු එරට අධිරාජයා වශයෙන් පත්කර ගන්නා ලදී.
වර්ෂ 1774 වනවිට යුරෝපයේ ජනගහණයෙන් වැඩි ම, සමෘද්ධිමත් ම රාජ්‍යය වූයේ ප්රංශයයි. එහි ජනගහණය මිලියන 25 ක් පමණ වූ අතර, අගනුවර වූ පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. පැරීසියේ පමණක් 650,000 ක ජනගහණයක් වාසය කළෝය. මුළු ප්‍රංශයේ මහජනතාව පූජකයන්, රදළයන් සහ සාමාන්‍ය ජනතාව ලෙස පංති තුනකට අයත් වූහ. තෙවැනි පංතිය වූ සාමාන්‍ය ජනයා තරමක ආර්ථික වර්ධනයක් අත්කරගෙන සිටියද, ඊට සරිලන දේශපාලන බලයක් හා සමාජයීය වැදගත්කමක් ඔවුනට නොතිබිණි. ඉහළ තනතුරු දරන පූජ්‍ය පක්ෂය අයත් වූයේ, ධනවත් රදළ පන්තියටය. ආගමික සංස්ථාවේ දුප්පතුන් වූයේ, ඉහළ තනතුරු නැති බහුතර පූජකවරුන් හා පල්ලි භාරකරුවන්ය. එකී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවයේ දී විප්ලවකාරීන් හා එකතු වූහ.
ආර්ථිකයෙන් ශක්තිමත්, උගත් සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් පැරිසියේ ගහණ විය. ප්‍රංශයේ දාර්ශනික හා සාහිත්‍ය හමු පැවැත්වූයේ ඒවායෙහිය. රදළ නොවූ එහෙත් ධනවත් හා උගත් පිරිස් “නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය” ඉල්ලා සිටියේ, තමන්ට ඉහළින් වූ අය හා සමානවීමට මිස තමන්ට පහළින් වූ අයට තමන් හා සමානවන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.
රටේ සදාචාර වර්ධනයට පල්ලිවල සහාය අපේක්ෂා කළ එරට පාලකයෝ දිගින් දිගටම ජනතාවගේ බදු මුදලින් පල්ලිය නඩත්තු කළෝය. මේ හේතුවෙන් ආගමික භක්තියන් 200,000 ක් පමණ රට හැර ගිය හ. ඒ, ප්‍රංශය හැරගිය පළමු සංක්‍රමණික කණ්ඩායමය. ප්‍රංශයේ දහසය වැනි ලුවී රජ රටක් පාලනය කරන අපේක්ෂාවෙන් සිටි කෙනෙකු නොවේ. වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වූයේ, 1765 දී සිදු වූ සිය පියාගේ හදිසි අභාවයත්, 1774 දී සිදු වූ තම සීයාගේ අභාවයත් නිසා ය.
ඔහු ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත්, ජනතාවත් අතර පැවති ගැටලු විසඳන්නට උත්සාහයක් ගත්තේය. තමන් යටතේ සිටි වහලුන් නිදහස් කළේය. එහෙත්, රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකිව තිබූ අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේ ය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමට හැකි ස්ථාන ආරම්භ කළේ ය.

Last edited: