පිතිකරුවන්ට තම හැකියාවන් ගැන විශ්වාසය නෑ

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    පිතිකරුවන්ට තම හැකියාවන් ගැන විශ්වාසය නෑ

    source;-www.srilankamirror.com

    ශ‍්‍රී ලංකා පිතිකරුවන් හට තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් නෑ




    Mavan.gif

    පකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් සංචාරයේ තුළදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් හට තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් නොවූ බව ශ‍්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ පුහුණුකරු මාවන් අතපත්තු කියයි. ඔහු මේ බව පවසා ඇත්තේ කි‍්‍රක්ඉන්ෆො වෙබ් අඩවියටයි.

    මෙය
    පන්දුවට පහරදීමේ තාක්‍ෂණය සම්බන්ධව ගැටළුවක් නොවන බව පවසන අතපත්තු, මෙය ශ‍්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසයක් නොවීම පිළිබඳ ගැටළුවක් බව කියා සිටියි.

    පිතිකරු
    අංශය සමස්ථයක් වශයෙන් සාර්ථක ලෙස කටයුතු නොකරන්නේ නම් එය හැකියාවන් පිළිබඳව විශ්වාසයක් නොවීම පිළිබඳව ගැටළුවක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

    දිගු
    කාලයක් පුරාවට මෙවැනි තත්ත්වයක් පවතින විට දී එම තත්ත්වයෙන් වහා මිදිය යුතු බවද අතපත්තු අවධාරණය කර සිටියි.

    පකිස්තානු
    කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් අතපත්තු පවසා ඇත්තේ එය, මෑත කාලයකදී තමා දුටු හොඳම පකිස්තානු පිල බවයි.


     
    Last edited: