පිදු අරං ගල - පිදුරංගල වූ හැටි🙏⛰🍀 (Pidurangala Rock🎍)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පිදු අරං ගල - පිදුරංගල වූ හැටි🙏⛰🍀 (Pidurangala Rock🎍) - Your Choice Way
    අද අපේ කතාව හැමෝටම අමතක නොවෙන පිදුරංගල ගැනයි.රැල්ලට පිදුරංගල යනවට වඩා දැනුමක් එක්ක පිදුරංගල යන්නයි අද අපි ඔයාලට මේ කතාව කියන්නේ.

    පිදුරංගල ඉතිහාස කතාව කියන්නම් මම මුලින්ම..පුරාණයේ කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා එහි වැඩසිට තිබෙනවා.

    පසුව සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය බලකොටුව බවට පත්කරගත්තම භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා.

    ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා.

    කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ...ඔන්න ඕකයි මෙහි ඉතිහාසය.

    ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය,

    මේ පිළිබඳවත් විවිධ ජනප්‍රවාද පවතිනවා... සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් පවතී..


    එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි යන්න ජනප්‍රවාදයක් නම් තියෙනවා...

    ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී... බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් විහාරයක් ද තිබිලා තියෙනවා.

    පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බවටත් වාර්තා වෙනවා..

    තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනාමාන කල බවත් කියවෙනවා.

    ඒ වගේම පිදුරංගල මතට සීගිරිය මෙන්ම රිටිගල ද හොඳින් දර්ශනය වෙනවා.පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර ද ඔයාලට දැකගත හැකියි.

    එමෙන්ම එහි පරිසරයට හා ඓතිහාසික වටිනාකමක් ඇති දේට හානියක් නොකිරීම ද සංචාරකයින් ගේ යුතුකමක්.

    මෙවැනි උතුම් භූමියක තමා අපේ තරුණ පිරිස් නොදන්නවට කරපු හදිය මතක නේ.. හිරේ විලංගුවෙත් වැටුණා..


    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here