පිනක් නැති ආදරේ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පිනක් නැති ආදරේ

පිනක් නැති ආදරේ

ගිලෙන හදවතක සකි
යදී නම් පෙමක් වූ ගැති
සරදම් කරන්නේ බැති
ඉවසුම මනිනුදැයි ඇසී

ඇය නම් බොහෝ හොඳය
ඇසුරක් වටිනු රිසින
පෙමකට හැරුණු සැණින
හඳත් මා ගැන උරණ වීය

මිතුදමත් පෙම්දමත්
එකටම සමව නොයතත්
මට අවැසි දැන් පෙමක්
ළඟින් ඉන්නට දුකට හෙටටත්

පැණි හලන්නෙක්නොවේ
සෙවලයෙක් නම් නොවේ
අත්වැලක් ජීවිතේ
සොයම් මං මුළාවී

යන මගක් නොදනිම්
සරදමින් පෙළඹෙම්
ආදරේ කුරිරු නම්
කියන් පින් මග නොලද හැකි නම්

- බ්‍රැන්ඩෝ
 
  • Like
Reactions: king_pandukabaya