අපි දකිනවා ගොඩක් චැරිටි හෙවත් පිංඅතේ වැඩ කරන අයව. ඒ අය සමහර අයට බඩු අරන් දීලා ෆොටෝ දානවා. තව අය දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීලා ෆොටෝ, වීඩියෝ දානවා. එහෙම උදව් කරලා ෆොටෝ දාන්න එපා කියල විවේචන එනවා. ඒ වගේම අනිත් පැත්තට උදව්වක් කරලා ෆොටෝ එකක් දැම්මම මොකද කියලත් අහන අය ඉන්නවා.
කොහොම වුනත් මේ නැති බැරි අයට දීමේ හොඳ නරක විදි හෝ ඒ ගැන ආචාර ධර්ම අපිට නෑ. හැබැයි යුදෙව්වන්ට එහෙම දුගියන්ට දීමේ ආචාර ධර්ම පද්ධතියක් තිබුනා. මයිමොනිඩස් කියන යුදෙව් දාර්ශනිකයා මේ දීමේ උසස්කම අනුව නීති අටක් ගැන කතා කළා.
1. උසස්ම දීම තමයි වෙන කෙනෙකුට ලෝන් එකක් වගේ දීලා එයාට අදායම් මාර්ගයක් සකස් කරගන්න උදව් කරන එක. දුප්පත් කෙනා වෙනුවෙන් ආයෝජනයක් කරන එක. මාළු දෙනවා වෙනුවට බිලිපිත්තක් දීලා මාළු අල්ලන්න කියලා දෙන එක.
2. ඊට වඩා ටිකක් පහල දීමේ ආකාරය තමයි ලබන්නා ඒ කවුරු විසින් දෙන ලද දැයි නොදැන ලැබීමේ ක්‍රමය. ඒ වගේම දෙන තැනැත්තා විසින් එය කවුරුන් විසින් ලබා ගනු ඇත්දැයි නොදැන එය දෙන්න ඕන. යහපත පිලිබඳ විශ්වාස මිස අන් සියල්ල අඥාත විය යුතුයි. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වය ගැන දන්නේ නැති අවස්ථාවක දානය දෙවෙනි තැන ගන්නවා.
3. ඊට පහලින් තියෙන දීම තමයි දෙනු ලබන්නා දන්නවා, නමුත් ලබාගන්නා අය දන්නෙ නෑ. හරියට සල්ලි ගිහින් ගෙදරක දොරකඩින් තියලා එනවා වගේ.
4. ඊට වඩා වටිනාකමෙන් අඩු දීම තමයි ලබා ගන්නා අය දන්නවා කවුද දුන්නෙ කියල. දෙන කෙනා දන්නෙ නෑ කවුද ගන්නෙ කියල. පාරෙ යන ගමන් පිටිපස්සට කාසි විසි කර කර යනවා වගේ. දුගියන් ඇවිත් ඒවා අහුලගන්නවා.
5. ඊට යටින් තියෙන දීමේ ආකාරය තමයි කෙනෙක් ඍජුවම තව කෙනෙක් අතට මුදල් දීම. එතකොට දෙන්නාම දෙන්නාව දන්නවා. මුදල් දෙනු ලබන්නා ගැන මුදල ලබාගන්නා අයගෙ වහල්භාවයක් ඇති වෙනවා. හැබැයි පස්වෙනි දීමේදි වුනත් මුදල් ඉල්ලන්න කලින් දෙනු ලබන්නා විසින් ඒ මුදල් දීම කරන්න ඕන.
6. ඇහුවට පස්සෙ සල්ලි අතේ තියෙන එක අර කලින් එකට වඩා පහත් වර්ගයේ දීමක්.
7. ඊලගට පහත් එක තමයි එහෙම ඉල්ලුවට පස්සෙත් ඉල්ලන ගානට අඩුවෙන් මුදල් දීම. නමුත් මෙතනදීත් මේ දෙන කෙනා සතුටින් සිනාමුසුව එය දිය යුතු බව කියනවා.
8. පහත්ම වර්ගයේ දීම කියන්නෙ අකමැත්තෙන් දීම. ඒ මුදල් දීමට කිසිදු හැගීමක් නැතුව, ඒ ගැන ලෝභයෙන් මුදල් දීම තමයි නැති බැරි අයට දීමේ ලැයිස්තුවෙ පහලින්ම තියෙන්නෙ.
හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ 'දීමේ' අෂ්ට විධ මට්ටම් ඒ ආකාරයෙන් වර්ග කිරීමේ පදනමක් තියෙනවා. ඒකෙන් කෙනෙකුට ලැබෙන මානසික ප්‍රතිලාභය, මාන්නය, අවමානය ආදී කාරනා මතයි මේ දීමේ මිම්ම නිර්මාණය වෙන්නෙ. ඕනම දීමක් අපිට පුළුවන් මේ මයිමොනිඩස්ගේ කෝදුව අනුව මැනලා තේරුම් ගන්න.
https://www.facebook.com/share/p/c1QMPXLyHgVrfE9j/