පිනට බය වෙන්න එපා...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පිනට බය වෙන්න එපා...

    [repost: http://www.elakiri.com/forum/showpost.php?p=5837623&postcount=46 ]

    පින්වත් මිතුරනි,

    බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ පිනට භය වෙන්න එපා කියලා නේ.

    ඒ වගේම, පිනක් කරන විට එහි විපාක දැනගෙන කරන එක වැදගත්. පින නිසා එන සැප විපාක වලට ඇළුම් කිරිම ධර්මය ප්‍රතික්‍ෂේප කරනවා නම් විමාන වස්තු ගැන සඳහන් වෙන්නෙත් නෑ නේ.

    එතකොට ප්‍රශ්නෙ පින සසර දිගු කරන වා ද නැද්ද?
    මේ ගැන නො වැටහීම නිසයි සමාජයේ බොහෝ අය (ඇතැම්, පින්වත් ස්වාමීන් වහන්සේලා පවා) කියමින් සිටියේ පින් විපාකවලට ආශා කරන්න එපා; සසර දිගු වෙයි!

    ඒක නොවේ නෙ සත්‍යය. අප පින් කළත්, පව් කළත්, නැතත් සසරෙ යනවා පටිච්චසමුප්පාදය අප තුළ තිබෙන කම්.
    නොකිරීමෙන් කර්ම ප්‍රහාණය වෙන්නේ නෑ...

    ඒ නිසා කරන්න ඕනේ ධර්ම මාර්ගය වඩන ගමන් පිනුත් කර ගන්න එක. දිව්‍ය ලෝකේ හිත පිහිටුවා ගත්තත් කමක් නෑ (ඒකනේ ද දේවතානුස්සතිය තියෙන්නෙ? ).
    මාර්ගය සම්පුර්ණ කරන තුරු ඒ පින උපකාරි වේවි. මාර්ගය සම්පූර්ණ වූ විට ඉතිරි පින ප්‍රහාණය වේවි.

    වැදගත් පවින් වැළකීමයි, කුසලය කිරිමයි. පිනට බය වෙන්න හෝ, පිනෙහි විපාකයට ආශා කරන්න එපා (ඒ ආශාව ප්‍රහාණය වෙනව මාර්ගය වැඩුනහම) කියා හෝ දහමෙහි කියන්නේ නෑ.

    මාර්ගය සම්පූර්ණ වන විට පිනට තියෙන ආශාව නැතිවී යයි.. එතකොට කම් නෑ, මොකද නිවන පෙර කළ පින මත වෙනස් වන්නේ නැති බැවින්.

    Dhammapadapali-Yamakavaggo-18.jpg


    ධර්මය ස්වාක්ඛාතයි නෙ; එක තැනක කියන එකක් තවත් එකක් හා නොගැලපෙන්නේ නෑ...
    නොගැලපෙන බවක් පෙනෙනවා නම් වරද තියෙන්නේ අපගේ වැටහීමේ...

    ඒ වගේම, සසරෙන් මිදීම ගැන නොසිතමින් ඉඳීමත් ප්‍රශංසා ලබන්නේ නෑ.
    ඒ නිසා පිනත්, අවබෝධයත් දෙකටම අප රුචි කළ යුතුයි. පින රැස් කරන ගමන් දහම් මග ගමන් කළ යුතුයි.

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    මේ තියෙන්නේ ධම්මපදයේ පින පව ගැන එන ගාථා රත්නයන් දෙකක්...

    papavagga2.jpg


    papavagga3.jpg


    ඔබ සැපයට අකැමති නෑ නේ ද?
    පින් කරන්න, නැවත නැවතත් කරන්න, 'පින' කියන්නෙ සැපයමයි..

    "ධම්ම පදයේ" සරල සිංහල පරිවර්තනයක් මෙතැනින් ලබා ගන්න පුළුවන්..
    http://mahamevnawa.com/Download/02/08_Dhamma_Padaya.pdf

    සාදු! සාදූ!! සාදූ!!!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    දාන, සීල, භාවනා යන අකාර වලින් පින රැස් කර ගන්න පුළුවන්.
    මේ තියෙන්නේ, සීලය ගැන රහත් මුනිවරයෙක් පැවසූ ගාථාවන්
    (උපුටා ගත්තේ: ථේර ගාථා වෙතින්; මෙම පරිවර්තනයෙන්...
    http://mahamevnawa.com/Download/02/05_A_Ama_Niwan_Dutu_Rahathan_Wahansela.pdf )

    sellawaTheraGatha.jpg


    "නුවණ තියෙන කෙනා සිල් රකින්න ඕනෑ සැප තුනක් බලා ගෙන...
    ඒ තමයි ප්‍රශංසාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම"

    බලන්න...
    ධර්ම මාර්ගය එහි ගමන් කරන කෙනා දුකින් එතෙර කරවන්නේ සැපය තුළින් ම යි...

    ඒත් මෙතැන බුදු දහමේ ඉලක්කය වන සසර දුකින් සත්වයා එතෙරකරවීම ගිලිහී නෑ...

    සසරින් එතෙර කරවන ධර්මයක සුගතියේ සිත පිහිටුවීම ගැන කියැවෙන්නේ ඇයි දැයි මදක් විමසා බැලීම වැදගත්...
    ඒ අන් කිසිවක් නිසා නොව, ධර්මය ලෙස පැතිරී ඇති විවිධ මත වලින් නිවන පමණක් නොව සුගතියේ උපතත් අහිමි විය හැකි බැවින්...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මටනම් මේක ඇත්තටම ටිකක් අපැහැදිලි තැනක්. :)

    යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට සුගතියක ඉපදීමට, සැප සම්පත් ලැබීමට පුලුවන් තමයි. නමුත් අපි ඒ ගැන බලාපොරොත්තුවෙන්ම පින් කළ යුතුද? එහෙම කළොත් සසරට ආශාවක්, බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? අපි යම් පිනක් කර ගත්තහම, ප්‍රාර්ථනා කරන්නෙ මේ පින සසරින් එතෙර වීමට උපකාරයක් වේවා කියල නේද? අනික් අතට, ඔයා කියනවා වගේ, මරණ මොහොතේදී දිව්‍ය ලෝකවල සිත පිහිටුවා ගැනීමට උපකාර කළ තැනුත් තියෙනවා.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මටනම් මේක ඇත්තටම ටිකක් අපැහැදිලි තැනක්. :)

    යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට සුගතියක ඉපදීමට, සැප සම්පත් ලැබීමට පුලුවන් තමයි. නමුත් අපි ඒ ගැන බලාපොරොත්තුවෙන්ම පින් කළ යුතුද? එහෙම කළොත් සසරට ආශාවක්, බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? අපි යම් පිනක් කර ගත්තහම, ප්‍රාර්ථනා කරන්නෙ මේ පින සසරින් එතෙර වීමට උපකාරයක් වේවා කියල නේද? අනික් අතට, ඔයා කියනවා වගේ, මරණ මොහොතේදී දිව්‍ය ලෝකවල සිත පිහිටුවා ගැනීමට උපකාර කළ තැනුත් තියෙනවා.

    මේ මගේ මතය. පින් කරාම සුගතිවල ඉපදෙනවා තමයි.අපි පින් කරන්න ඕන සුගතියක ඉපදෙන්න බලාගෙන නෙවෙයි, සසර කෙටි කරගන්න අරමුනෙන්. ඒ අරමුනෙන් පින් සිදු කරාම සසරට බැදීමක් ඇති වෙන්නේ නෑ නේ. ඒ වගේම සුගතියක ඉපදෙන 1 සසර කෙටි කරගන්න උපකාරයක් නේ. හිතන්න අපි තිරිසන් භවයක ඉපදුනොත් අපිට පින් කරන්න අපහසුයි නේ
    දිව්ය ලෝකෙක ඉපදුන කෙනෙක්ට තමා දිව්ය ලෝකයක උපත ලැබුවේ පින් දහම් සිදුකිරීම නිසා කියලා වටහා ගන්න පුලුවන් නේ. එතකොට පිනට කැමැත්තක් ඇති වෙනවා නේද
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මටනම් මේක ඇත්තටම ටිකක් අපැහැදිලි තැනක්. :)


    පින්වත් මිතුර, මාත් හරියට වටහා ගෙන සිටියේ නෑ.

    මේකයි හේතුව, සත්වයා සසරේ යන්නේ පටිච්චසමුප්පාදය තිබීම නිසා නේ.

    එතකොට, පින්, පව් හා ධ්‍යාන අනුව විඤ්ඤාණය වැඩෙනවා නෙ, භවයක් සකස් වෙන්න.
    හොඳට බලන්න, ඒ පින හෝ පව හෝ නෙවේ නෙ සසර පැවැත්මට හේතුව.
    අවිජ්ජාවෙන් වැසි තණ්හාවෙන් වෙලී සිටීම නේ...
    ඒ ටික හරි නේ... ?

    දැන් අපි අවිජ්ජා සහගත නේ?
    ඉතින්, අපි කැමති වුණත් නැතත් මාර්ගය සම්පූර්ණයෙන් වැඩෙන තුරු, අප එදිනෙදා කරන දේ වල දි විපාක දෙන ලෙසට කර්ම සකස් වෙනවා!
    අපි කැමති වෙන්න ඕනේ කුමක් රැස් කර ගන්න ද? පින නේ ද?

    ඒ වගේම, අපි පින්, පව් කිසිත් නොකර අසඤ්ඤ ලෝකෙක හිටියත්; පැරණි කර්ම අවසන් වෙන්නේ නෑ.

    ඒ වගේම පින් කර කර ම ඉන්න කියල ධර්මයේ කියන්නේ නෑ.
    ඒ ගමන් ධර්මය ප්‍රගුණ කරන්න ඕනේ.
    ධර්මය ප්‍රගුණ කරනවා කියන්නේ සීල, සමාධි, පඤ්ඤා වශයෙන් වැඩෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එය ශ්‍රද්ධානූසාරී වීමෙන් පටන් ගෙන අරහත්වය දක්වා කෙනෙක් ගෙන යන්නට සමත් නෙ.

    ඒක වැඩෙන කොටයි ඉපදෙන ස්වභාවය නැති වන්නේ. උදාහරණයක් ලෙස සෝතාපන්න වෙන විට නිරයගාමී ස්වභාවය නැති වෙනවා; ඒ එක්කම නිරයේ විඳවීමට විපාක දෙන්න තිබූ කර්ම ක්‍ෂය වෙනවා.
    ඒ වගේම යි, කෙනෙක් අනාගාමී වෙන විට කාම ලෝකවල (දිව්‍ය ලෝකෙ ඇතුළු) උපදින ස්වභාවය නැති වෙනවා; ඒ කියන්නේ ඒ පිනුත් ප්‍රහාණය වෙනවා!
    රහත් වුණොත් සියලු භවයන් නැති වෙනවා; එසේ වෙන භවයක විපාක දෙන සියලු කර්ම ප්‍රහාණය වෙනවා...
    ඒහෙමනෙ, කර්ම ක්‍ෂය වන්නේ.
    කොතරම් කළ පින් පව් තිබුණත් නැතත් ඒ කෙනා පිරිනිවන් පානවා; ඒ කියන්නේ ඒ සියල්ල ක්‍ෂය වී යනවා (සීවලී හා ලෝසක රහතන් වහන්සේලා ගැන සිතා බලන්න...)

    ඔන්න දැන් අපි හිතමු, අපි ධර්ම මාර්ගය වඩන ගමන් මැරෙනවා කියා.
    ශ්‍රද්ධානුසාරී වී සිටියොත් සුගතියේ උපතකට තමා ඉඩ කඩ තියෙන්නේ;
    ඒ සුගතියේදී අපට විපාක දෙන්නේ අප රැස් කර කර්ම ම නේ!

    බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ, රහතුන් ගේ රහත් බව හැර අන් සියලු දේට කළ පින උදව් වෙන බව නේ... ඒකයි, පින කරන්න කියන්නේ...

    යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට සුගතියක ඉපදීමට, සැප සම්පත් ලැබීමට පුලුවන් තමයි. නමුත් අපි ඒ ගැන බලාපොරොත්තුවෙන්ම පින් කළ යුතුද? එහෙම කළොත් සසරට ආශාවක්, බැඳීමක් ඇති වෙන්නේ නැද්ද?

    ඒක ඇත්ත, නිසි අවබෝධයකින් තොරව පින් පමණක් කරමින් ධර්මයේ හැසිරෙන්නෙ නැතිව ඉන්න අයට එහෙම වෙයි...
    ඒත්, ධර්මයේ තරමක් හෝ හැසිරෙන කෙනාට කළ පින පුදුම උපකාරයක් සසරින් එතෙර වන්න... මහා කාශ්‍යප රහතන් වහන්සේ වැනි අතිශයින්ම පින්වන්තයින් ගේ ජීවීත කථාව බලන්න කො..

    අනෙක, ජනවසභ, සක්කපඤ්හ වැනි සූත්‍ර දේශනාවල පෙනෙනවා දෙව්ලොව ඉපදුන අයට දහමෙහි හැසිරෙන්න තියෙන අවකාශය...

    හැබැයි, මෙහෙම දෙයක් තියෙනවා; සියලු කුසල ධර්මයන්ට මුල් වන්නේ අප්‍රමාදයනේ; බුදු රජාණන් වහන්සේ සසරේ යාම ඇසි පිය හෙළන මොහොතක් වත් වර්ණනා කරේ නෑ.
    මෙය කලින් කී කරුණු හා ගැලපන්නේ කෙසේද?
    - පිනත් අවබෝධයත් දෙකම අවශ්‍යයි

    ඒ භාග්‍යවතුන් වහන්සේ පිහිටවූ කළ්‍යාණ වැට අදත් තිබුණා නම්, පින ගැන නොතකා වුණත් වීර්යයෙන් කටයුතු කර මේ ජීවිතයේ දීම පිරිණිවන් පාන්න වැඩි ඉඩකඩක් තිබුණා. ඒසේ කරපු ගොඩක් අය සුවිශේෂී පින්වන්තයින්.

    හැබැයි, අප වගේ ගිහි ජීවිතයේ ඉන්න අයනම් එහෙම පින නොතකා ඉඳීම 100% අවදානම්..
    අප දැන් මැරුණොත් කොහෙ උපදියි ද?

    අපි යම් පිනක් කර ගත්තහම, ප්‍රාර්ථනා කරන්නෙ මේ පින සසරින් එතෙර වීමට උපකාරයක් වේවා කියල නේද?

    අපි දැකල තියෙනවා නේ ද මේ ධර්මය පසෙක ලා පාරමී පුරණ බව කියා ගෙන යන අය.
    එයාලගෙ ඉලක්කයත් සසරින් මිදී අනෙක් අයත් නිදහස් කරන එක නේ ද?
    ඒගොල්ලො පින් රැස් කරනවා; ඒවා සසර කෙටි කරයි ද, දිගු කරයි ද?
    දහම් මග යෑමේ දී ඡන්දය හා චිත්තය අවශ්‍යයි; ඒත් ප්‍රාර්ථනා කරන එක නෙමේ.

    පිනක් කර සසරින් එතෙර වීමට උපකාර වේවා කියද්දිත්, අප පතන්නේ මේ පිනේ විපාකය අපට සුවසේ දහම් මග යාමට උදව් වේ වා යැයි පැතීම (නැතිව ඒ පිනේ විපාක නිසා කර්ම ගෙවි යනෙනේ නෑ නේ...). එය නිවැරදියි. පින් පව් ගැන අවබෝධයෙන්; එහි විපාක නැවත ලැබෙන බව අවබෝධයෙන් කිරීමෙන් අප නිතැතින්ම ලෞකික සම්මා දිට්ඨියට යනවා...

    ඒකම යි, අවබෝධයෙන් යුතුව පින් කළ යුත්තේ....
    ඔබ කිවූ ලෙසටම, නිවන් මගට උදව් වීම පිණිස පින් කරන එකයි හොඳ (අනෙක් වචනවලින් කීවොත් පින සහ අවබෝධය)...

    අනික් අතට, ඔයා කියනවා වගේ, මරණ මොහොතේදී දිව්‍ය ලෝකවල සිත පිහිටුවා ගැනීමට උපකාර කළ තැනුත් තියෙනවා.

    ඔව්, ගිලාන සුත්‍රයේ පෙන්වා දෙනවා නේ සෝතාපන්න කෙනෙක් ක්‍රමයෙන් සිත පිහිටුවල අවසානේ නිවනෙහි සිත පිහිටුවන ආකාරය.
    ඒකෙදි, එයා ගේ ධර්ම මාර්ගය වැඩී; පින් පව් සියල්ල ක්‍ෂය වී යනවා...

    තවත් තැනක පෙන්වනවා, නිරයෙහි උපදින්නට සිටි කෙනෙක් සැරියුත් මහ රහතන් වහන්සේ ධර්මානුශාසනා කර සිත පිහිටවීමෙන් බඹ ලොව ඉපදීමට සලස්වන ආකාරය...
    එහිදී වන්නේ එයාගේ පව යටපත් වී විපාක දෙන්න පින ඉදිරිපත් වීම නේ...

    භවයට පැතුමේ බලපෑමක් තියෙනවා... භවය ගැන විස්තර කරන තැනත් කියනවා නේ...
    ඒත්, සකස් වෙන්න කර්ම තියෙන්න එපැයි..
    උදා: ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් කොතරම් ප්‍රාර්ථනා කරත් ඊළඟ භවයේ දෙව්ලොව යන්නේ නෑ නේ...

    වැදගත් දේ, පිනට බය වෙන්න එපා; ධර්මයේ හැසිරෙන ගමන් ලද හැම විට ම පින් කරන්න...
    පින් කුසල් කියා බෙද බෙද බලන්න එපා...

    තෙරුවන් සරණයි!
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මම ධර්ම මාර්ගයෙ ගමන් කරන්ඩ උත්සහ ගන්නෙ පරලොව සැප ගැන හිතලා නෙමෙය්. ජිවත් වෙන මේ ටික කාලය යහපත් ලෙස ජිවත් වෙන්ඩය්. මෙ අදහස වැරදි නම් කව්රුහරි නිවැරදි කරන්න. තෙරුවන් සරණයි!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම ධර්ම මාර්ගයෙ ගමන් කරන්ඩ උත්සහ ගන්නෙ පරලොව සැප ගැන හිතලා නෙමෙය්. ජිවත් වෙන මේ ටික කාලය යහපත් ලෙස ජිවත් වෙන්ඩය්. මෙ අදහස වැරදි නම් කව්රුහරි නිවැරදි කරන්න. තෙරුවන් සරණයි!

    ඔයා කියල තියෙන විදිහ දැක්කම මට මතක් වුණා මොකක්ද සූත්‍රයක කියල තිබුණ දෙයක්: එක්තරා ගමක බ්‍රාහ්මණ පිරිසක් ඇවිත් බුදු හාමුදුරුවන්ට කිව්වලු අපි මල්ගඳ, සුවඳ විලවුන් පළඳින, සුව පහසුවට කැමති ගිහි ජීවිත ගත කරන අය; අපට මෙලොව ජීවිතයක් යහපත් කරගෙන, පරලොව සුගතියටත් යාමට හැකි දහමක් දේශනා කරන්නය කියල.

    මං හිතන්නෙ ධර්මයෙ හැසිරෙන හේතුව එකිනෙකාගෙන් වෙනස් වෙනව. ඇතමෙක් සසර දුකින් මිදීම සඳහාම ධර්මයෙහි හැසිරෙනවා. ඇතැමෙක් සුගතිගාමී වීම පිණිස; තව කෙනෙක් මෙලොව ජීවිතය යහපත් කර ගැනීමට; තව කෙනෙක් කෝකටත් කියල වැඩි හොඳට-බැරි වෙලාවත් ආයෙ සැරයක් ඉපදුණොත් එහෙම කියල; තව සමහරු අනික් අය කරන නිසා, ඒ වයසෙදි කළ යුතුයි කියල හිතන නිසා.

    මොන අදහසකින් වුණත් හරි පාරෙනම් ගමන් කරන්නෙ හොඳයි. නරකක් වෙන්න ඉඩක් නෑනෙ. එකම දේ, වටපිට බල බල, මල් කඩ කඩ යන අපිට වඩා, කෙළින්ම නිවන් අරමුණු කරන් යන මනුස්සයා වඩා ඉක්මණින් එතනට යයි. අනික මගපල ලබා ගන්න උනන්දු කෙනෙකුට නැවත උපදිනකොට ආරක්ෂාවකුත් තියෙනව, මිත්‍යාදෘෂ්ටික නොවී උපදින්න, සුගතියක උපදින්න.

    මගෙ හිතනම් බාහිර දේවලට දුවනවා බොහොම වැඩියි.:(