පිනට බය වෙන්න එපා...
[repost: http://www.elakiri.com/forum/showpost.php?p=5837623&postcount=46 ]
පින්වත් මිතුරනි,
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ පිනට භය වෙන්න එපා කියලා නේ.
ඒ වගේම, පිනක් කරන විට එහි විපාක දැනගෙන කරන එක වැදගත්. පින නිසා එන සැප විපාක වලට ඇළුම් කිරිම ධර්මය ප්‍රතික්‍ෂේප කරනවා නම් විමාන වස්තු ගැන සඳහන් වෙන්නෙත් නෑ නේ.
එතකොට ප්‍රශ්නෙ පින සසර දිගු කරන වා ද නැද්ද?
මේ ගැන නො වැටහීම නිසයි සමාජයේ බොහෝ අය (ඇතැම්, පින්වත් ස්වාමීන් වහන්සේලා පවා) කියමින් සිටියේ පින් විපාකවලට ආශා කරන්න එපා; සසර දිගු වෙයි!
ඒක නොවේ නෙ සත්‍යය. අප පින් කළත්, පව් කළත්, නැතත් සසරෙ යනවා පටිච්චසමුප්පාදය අප තුළ තිබෙන කම්.
නොකිරීමෙන් කර්ම ප්‍රහාණය වෙන්නේ නෑ...
ඒ නිසා කරන්න ඕනේ ධර්ම මාර්ගය වඩන ගමන් පිනුත් කර ගන්න එක. දිව්‍ය ලෝකේ හිත පිහිටුවා ගත්තත් කමක් නෑ (ඒකනේ ද දේවතානුස්සතිය තියෙන්නෙ? ).
මාර්ගය සම්පුර්ණ කරන තුරු ඒ පින උපකාරි වේවි. මාර්ගය සම්පූර්ණ වූ විට ඉතිරි පින ප්‍රහාණය වේවි.
වැදගත් පවින් වැළකීමයි, කුසලය කිරිමයි. පිනට බය වෙන්න හෝ, පිනෙහි විපාකයට ආශා කරන්න එපා (ඒ ආශාව ප්‍රහාණය වෙනව මාර්ගය වැඩුනහම) කියා හෝ දහමෙහි කියන්නේ නෑ.
මාර්ගය සම්පූර්ණ වන විට පිනට තියෙන ආශාව නැතිවී යයි.. එතකොට කම් නෑ, මොකද නිවන පෙර කළ පින මත වෙනස් වන්නේ නැති බැවින්.
ධර්මය ස්වාක්ඛාතයි නෙ; එක තැනක කියන එකක් තවත් එකක් හා නොගැලපෙන්නේ නෑ...
නොගැලපෙන බවක් පෙනෙනවා නම් වරද තියෙන්නේ අපගේ වැටහීමේ...
ඒ වගේම, සසරෙන් මිදීම ගැන නොසිතමින් ඉඳීමත් ප්‍රශංසා ලබන්නේ නෑ.
ඒ නිසා පිනත්, අවබෝධයත් දෙකටම අප රුචි කළ යුතුයි. පින රැස් කරන ගමන් දහම් මග ගමන් කළ යුතුයි.
තෙරුවන් සරණයි!

Last edited: