පින් නො වන පව් සිදු වන දාන

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    “පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලොකස්මිං කතමානි පඤ්ච? මජ්ජ දානං, සමජ්ජ දානං, ඉත්ථි දානං, උසභ දානං, චිත්ත කම්ම දානංති.”

    යනුවෙන් විනය පරිවාර පාළියෙහි අපුණ්‍ය දාන පසක් ඇති බව දක්වා තිබේ. මත් පැන් දීම ය, අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීම ය, පුරුෂයනට නො මනා ක්‍රියාවලට ස්ත්‍රීන් දීම ය, දෙනුනට ගැබ් ගැන්වීමට ගොනුන් දීම ය, රාග නිඃශ්‍රිත චිත්‍ර‍රූප දීම ය යන මේ පස අපුණ්‍ය දානයෝ ය.