පිනා උපාධි කඩයක් මහනුවර

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පිනා උපාධි කඩයක් මහනුවර

    කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතිව සරසවි නිබන්ධන යනු මොනවාදැයි නොදන්නා ඕනෑම කෙනකුට රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය, පට්ටම්ද නම්බුනාමද දෙන තැනකට එසැණ වාර්තාකරු කාංචන කුමාර ආරියදාස ගියේය. රුපියල් සියයකට හා ලියුම් කවරවල දැමූ කොස්කොල කිහිපයකට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවිය.
    මේ උපාධිය පිරිනැමුයේ සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනයයි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දෙන මේ ආයතනය මහනුවර මහයියාවේ කන්දක් උඩ පන්සලක පිහිටියේය. ගාල්ලේ එස්. ඒ. කාරියවසම් එහි ප‍්‍රධානියාය. මල්දෙණියේ වජිරඥාන හිමි අතින් කාංචන ”පිනා මහාචාර්ය” පදවියේ සන්නස ලැබීය. ඔහුට වියදම් වූයේ රුපියල් සියයකි. ඔහු සමග ආ තවත් මාධ්‍යවේදියෙක්ද තවත් පිනා මහැදුරු පදවියකින් පිදුම් ලැබුවේය.


    by http://www.lankadeepa.lk/index.php/articles/32040



    DSC004891.jpg
    මල්දෙණියේ වජිරඥාන හිමියෝ කාංචනට මහාචාර්ය සන්නස ප‍්‍රදානය කරති.

    Picture-884.jpg
    රුපියල් සීය සාක්කුවේ දා ගනී

    professor-kanchana-kumara-ariyadasa-march-1612.jpg
    පිනා මහාචාර්ය පදවියේ ලෝගුව ඇද සිටිනුයේ කාංචනයි.

    Picture-897.jpg


    Thanks goes to කාංචන කුමාර ආරියදාස for investigative Journalism



    වාසනා දන්තනාරායන මහත්මියද උපාධිය ලබමින්









     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇ බොලේ මෙක නම් එසේ මෙසේ කඩයක් නෙමෙයි රජ කඩයක් වාගේ,දන්තනාරායනත් ගිහින් තියෙන්නෙ,අනේ හැබැටම මෙයාලට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ඔහොම බොරු එවා අරන් ලොකේට පෙන්න ඉන්න,ශික් විතරක්