පිපුණු මලේ රුව - ලුෂන් බුලත්සිංහල

lilman

Well-known member
  • May 10, 2009
    41,203
    54,990
    113
    Colombo




    පිපුණු මලේ රුව


    පිපුණු මලේ රුව එ මල දනී දෝ
    මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
    නැති බැරි කම මුතු මාල හතක් වී
    කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

    කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
    රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ

    ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
    එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
    නොතළන් හිත මා ආදර දියණියනේ
    පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ

    :ලුෂන් බුලත්සිංහල මහතා රචිත එක් ප්‍රතිහාර්ය ගීතයක්

    https://elakiri.com/threads/පිපුණු-මලේ-රුව-එමල-දනීදෝ.1871513/



     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පට්ටම ගේය පද රචකයා තමයි ලූෂන් මටනම්. 😍😍
     
    • Like
    Reactions: stasia