Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියවි ඇසින් ඔබ්බට : 13

පෙර ආත්ම ගණනාවක තොරතුරු කියූ ජීවනී

“වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ…” යැයි සංසාර මඩ ගොහොරුවෙහි කරක් ගහන සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි දේශනා කොට ඇත. ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස යන ආයතන හයට ස්පර්ශ වන අරමුණුවලින් ලබන වේදනාව හෙවත් වින්දනය නිසා ඇති වන කැමැත්ත හෝ අකැමැත්ත හෙවත් ඇලීම හෝ ගැටීම තණ්හාව උපදවයි.

මේ තණ්හාවට හේතුව වූ කැමැත්ත හෝ අකැමැත්ත දැඩි සේ සිතේ බැඳීම හෙවත් සිතේ අල්ලා ගැනීම උපාදාන ලෙස හඳුන්වයි. මේ උපාදානය ඊළඟ භාවයක් ඇති කිරීමට හේතු වෙයි. මරණාසන්න මොහොතේ පුද්ගලයා ගේ චුති චිත්තයට යොමු වන මෙවැනි උපාදානයක් ඊළඟ ප්රතිසන්ධියට හේතු වෙයි.

ජීවත්වන කාලය තුළ පෘතග්ජන වූ සෑම කෙනෙකුට උපාදානයන් බොහෝ ඇති වෙයි. දැඩි සේ සිතේ පැලපදියම් වූ ආශාවන් හා තරහ වෛර සිද්ධි බොහෝ ය. සම්මුති වශයෙන් ව්‍යවහාර කරන ආත්මය හෙවත් පුද්ගල අනන්‍යතාවය තුළ – චිත්ත සන්තානය තුළ පවතින උපාදානයත් ඊළඟ භවයට හේතු වන අතර අනිකුත් උපාදානයන් ද චිත්ත සන්තානය තුළ යටපත් ව පවතී.

මේ උපාදානයක් නොදැනුවත්ව ම වාගේ මතු වූ විට එය සංසාර පුරුද්දකැයි කියති. මෙවැනි උපාදානයක් කරා සිත අතීතයට ගොස් ඒ පිළිබඳ කතා කරන විට පෙර ආත්මය කියනවා යැයි හඳුන්වමු.

මේ භවයේ අරමුණුවලින් සිත මඳක් බැහැරව ඉතාමත් සංවේදී වූ සිතට කලාතුරකින් පැරණි අතීත භවවල සිදුවීම් මතක් වෙයි. ඒ මතකය දැඩි සේ සිතේ උපාදාන වූ මතකයන් ය.

මෙසේ පෙර ආත්ම කියන පුද්ගලයන් පිළිබඳ ඉඳහිට අසන්නට ලැබේ. මෝහනය මගින් ද පෙර ආත්ම සිද්ධීන් මතු කැර අනාවරණය කැර ගනිති.

පෙර ආත්ම කියන විට දීත් මෝහනයෙන් මතු කැර ගන්නා විටදීත් ඒ පුද්ගලයන්ට අමතක වූ බොහෝ දේවල් “මට මතක නෑ” යි කියයි. එසේ නම් මතකයේ රැඳී, ඇලී, පවතින්නේ දැඩි සේ අල්ලා ගත් සිද්ධීන් ය.

මෙසේ අතීත භව ගණනාවක සිද්ධි අනාවරණය කරන තරුණ කාන්තාවක් පසු ගිය දා අපට මුණ ගැසිණි. දුරකතනයෙන් පෙර ආත්මය කීවා යැයි (ප්‍රථමයෙන්) කීවොත් බොහෝ දෙනෙකු පුදුමයට පත් වෙනු ඇත.

“හෙලෝ”

“ආයුබෝවන්”

“මේ මහින්ද විජේතිලක මහත්මයා ද?”

“ඔව්”

“අනේ මහත්මයා මම හරිම අසරණ ගෑනියෙක්. මේ කතා කරන්නෙත් බඩ ගින්නේ. මගේ පෝන් එකේ රුපියල් දහයයි තියෙන්නේ. මහත්තයාට බුදු බව අත් වෙයි මගේ නොම්මරේට කෝල් එකක් ගන්නැ”යි කාන්තාවක් හඬමින් සානුකම්පිත ඉල්ලීමක් කළා ය.

ඇත්තට ම ඇය කතා කළ විලාසය අනුව ඈ කෙරෙහි මා තුළ අනුකම්පාවක් ඇති වීය. මගේ ජංගම දුරකතනයේ සටහන් වූ ඇගේ අංකයට මම ඇමතුමක් ගත්තෙමි.

“හලෝ”

“ආයුබෝවන්”

“අනේ මහත්මයා මම හරි ම අසරණ ගෑනියෙක්. මට ශාරීරිකව කිසි ම අඩුපාඩුවක් අසනීපයක් නෑ. ඒත් මගේ මනස හිටි හැටියේ අවුල් වෙනවා. අතීතයට දුවනවා. ඒ වෙලාවට බිම පෙරැළී විකාර වගේ දේවල් කියනවා කියා අම්මලා මා මානසික වෛද්‍යවරු ළඟට අරන් යනවා. පිස්සු බේත් පොවනවා. අනේ මට එහෙම පිස්සුවක් නෑ කියලා මට හිතෙනවා. මහත්තයා ලියන ‘සිළුමිණ’ පත්තරේ ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවලා මට හිතුණා මහත්තයාට කතා කරන්න. අනේ! මහත්මයා මට උදව් කරන්න. මේ දුකින් මිදෙන්න මට පිහිට වෙන්න. ඉහි… ඉහි… ඉහි… ඇය අඬන්නට පටන් ගත්තා ය.

“හා… හා… දැන් ඔය ඇඩිල්ල නතර කරලා කතා කරන්න. අඬලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් අපි හැමෝ ම අඩනවානෙ.” මම කීවෙමි.

“අනේ!! මහත්තයා මට පිහිට වෙනවා ද?”

“ඔව්! අපි ඉපදිලා ඉන්නේ අනුන්ට උදව් කරන්න තමයි. දැන් ඒක තමයි අපේ රාජකාරිය වෙලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා කියන්න කෝ ඔයා කව්ද කියලා.

“මම ජීවනී”

“ගම?”

“ගම්පහ”

“වයස?”

“තිස් දෙකයි”

“විවාහක ද?”

“ඔව්! ඒකත් ඒ තරම් සාර්ථක නෑ. ඉතා ම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.”

“මොකක්ද? ජීවනීට තියෙන කරදරය. අසනීපය. මට කෙටියෙන් කියන්න.”

“අනේ මහින්ද මහත්තයා. මගේ හිත හිටි හැටියේ අතීතයට යනවා. ඊට පස්සේ මම කරන කියන දේවල් සමහරක් මට මතකයි. සමහරක් මතක නෑ. මට ඉතා ම පිරිසුදුවට, සන්තෝසෙන්, ඉන්න ඕනෑ. එහෙම නැති වුණා ම මට කේන්ති යනවා. ගෙදර අයටත් බණිනවා. මගේ දුප්පත් අම්මයි අක්කයි තමයි මාව බලා ගන්නේ. ඒ අයට බණින කොට… අනේ… පව්… මට පව්… ඉහි… ඉහි… මම දැන් ගෙදර අයටත් කරදරයක් වෙලා.”

“හොඳයි හොඳයි… දැන් මට කියන්න. ඔය ජීවනීගෙ හිත අතීතයට ගමන් කරන එක නිතර සිද්ධ වෙනවා ද? මේ දැනුත් එහෙම ද?”

“ම්… ම්… ඔව්! දැනුත් ඒ වගේ ගතියක් තියෙනවා වගෙයි. ම්… ම්… (ජීවනී වේගයෙන් හුස්ම ගන්නා බවක් ඇසෙයි) ම්… ම්… මට මේ පොළව මතක නෑ. මාව මෙහෙට ගෙනාවෙ බලෙන්. මට යන්න ඕනෑ. මං හිටපු තැනට යන්න ඕනෑ” යි ජීවනී කේන්තියෙන් ඉතා තද ස්වරයෙන් කීවාය.

“හරි… හරි… යන්න පුළුවන්. ඔයා කව්ද කියන්න” මම දුරකතනයෙන් ම ප්‍රශ්න කළෙමි.

“මම… මම… මම ද? මම සූස්… සූස්… සුසී. මගේ නම සුසී…”

“ආ… සුසී… සුසී හොඳ ළමයා වගේ සම්පූර්ණ නම කියන්න” මම කාරුණිකව ඇසුවෙමි.

“මට මගේ සීයා කතා කරන්නේ සුසී කියලා. සම්පූර්ණ නම… ම්… ම්… සූස්… සුස්… සුසේන් දේවි”

“සුසේන් දේවි නේද?” මම මට ඇසුණු පරිදි අසමි.

“නෑ නෑ දේවි නෙමෙයි. ඩේව්… ඩේව්… සූසේන් ඩේව් ලොරන්සෝ… ඔව් මගේ නම සුසේන් ඩේව් ලොරන්සෝ’… අනේ මට එහේ යන්න ඕනෑ.”

“හරි… හරි… සුසේන් ඔයා ඒ හිටියේ කොහේද?”

“ම්… ම්… හරි ම ලස්සනයි. ලස්සන මල්වතු… කඳු වළල්ල අතරෙන් මීදුම පාවෙනවා හරි ම ලස්සනයි. මම ජනේලය ළඟට වෙලා ඒ දිහා බලා ගෙන ඉන්නවා. මගේ ජනේලය ළඟිනුත් මීදුම් වළාකුළු පාවෙනවා. මමත් ලස්සනයි.

මගේ කොණ්ඩය ක්‍රේල්. ජනේලයෙන් එන සීතල සුළඟට මගේ කොණ්ඩයත් අවුල් වෙනවා. මට ලස්සන ඇඳුම් තියෙනවා. මම ඒවා ඇඳගෙන ජනේලය ළඟට වෙලා ඈත බලා ගෙන ඉන්නවා.”

“ඔව්… ඔයා හිටපු පරිසරය හරිම ලස්සනයි. ඒ කොහේද කියලා මොන රටේ ද මොන ගමේ ද කියලා කියන්න.

“මං දන්නෙ නෑ! මට මතක නෑ. ම්… ම්… ඊ… ඊ… ඉන්දියාවෙ. මගේ සීයා මං චූටි කාලෙ අශ්වයෝ පිට එක්ක ගෙනත් ගියා. සීයා අශ්වයන් පුහුණු කළා. සීය ගෙ නම හැමෝම දන්නවා.”

“ආ… මොකක්ද සුසී සීයගෙන නම?”

“(ඇය පොඩි දරුවෙකු මෙන් සිනාවෙයි) ම්… ම්… මගේ සීය ද? සීය හරිම ලස්සනයි. සුදුයි. ලස්සන ඇස් දෙකක් තියෙනවා.”

“සුසී… ඔයාගේ සීයා ලස්සනයි. හරි හොඳයි ඉතින් සීයගෙ නම මොකක්ද කියන්නකෝ.” මම නැවත ප්‍රශ්න කළෙමි.

“සීයගෙ නම ද? හැමෝ ම දන්නවා. ම්… ම්… ලොල්… ලොල්… ලොරන්සෝ රොඩි්රගෝ… ම්… ම්… නෑ… නෑ… රොඩි්රගෝ නෙමෙයි. ලොරන්සෝ පෙඩි්රක්. ඔව්… මගේ සීයා ලොරන්සෝ පෙඩි්රක්. ඔව්!! අනේ මගේ සීයගෙ ලොකු පොටෝ එකක් තියෙනවා. මගෙත් ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා. මගේ ඇඳ හරි ම ලස්සනයි. මට ගොඩාක් ඇඳුම් තියෙනවා.

ඒවා මට ලස්සනට අන්දනවා. මගේ කොණ්ඩය ක්‍රේල්. සුළඟට යන කොට ලස්සනයි. කොණ්ඩය සුළඟට යන නිසා මං තොප්පියක් දා ගෙන ඉන්නේ. අශ්වයෝ ඉන්න රට… අනේ හරිම ලස්සනයි… මට එහේ යන්න ඕනෑ. මට යන්න ඕනෑ. මාව අරන් පලයල්ලා” යි ජීවනී කෑ ගසයි.

ඇගෙන් දුරකතනය උදුරා ගෙන ඇගේ මව කතා කරයි.

“අනේ! මහත්තයා මෙයා ගෙ කතා අහන්න ගියොත් මහත්තයා ගෙ ටෙලිෆෝන් බිල යනවා. මෙයා ඔය වගේ කතා ගණනාවක් කියනවා.

ආත්ම ගණනාවක් කියනවා. අපි දොස්තරලා ළඟටත් ගෙනිච්චා. ඒ අය පිස්සු බේත් දෙනවා. දැනුත් ඒ බෙහෙත් බොන්න දෙනවා. ඒවා බීවාම දූට නින්ද යනවා.

ඒත් දැන් අවුරුදු ගණනාවක් මේ පෙති ගිලිනවා මිසක් සනීප වෙන්නේ නෑ. අනේ! මහත්තයා මේ දරුවව සනීප කැරගන්න අපට උදව් කරන්නැ”යි ජීවනීගේ මව කීවාය.

“හොඳයි. එහෙනම් ලබන 23 දා ඔය ගොල්ලෝ අතුරුගිරියෙ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙ ගස්නාවේ ඤාණානන්ද හාමුදුරුවන් ළඟට හවස 2 ට විතර ජීවනීව එක්කර ගෙන එන්න.” මම ඇයට කීවෙමි.

“අපි මොනවද මහත්තයා එතනට එනකොට අරගෙන එන්න ඕනෑ” ජීවනීගේ මව ඇසුවාය.

“අපි බෞද්ධයෝනෙ. පන්සලකට එන කොට තෙල් මල් සුවඳ කූරු ටිකක් අරන් එන්න. හාමුදුරුවො මුදල් අය කරන්නෙ නෑ. කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ. ඒ වුණාට බුලත් හුරුල්ලක් ගිලන්පසට දෙයක් අරගෙන එන එක අපේ යුතුකමනෙ නේද?”

“හොඳයි මහත්මයා. එහෙම නම් 23 දා අපි ජීවනී දුවත් එක්ක එන්නම්. මහත්තයත් එදාට අතුරුගිරියෙ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට එනව ද?”

“හොඳයි. මමත් එන්න උත්සාහ කරන්නම්කො.”

23 දා හරියට ම පස්වරු 2 වන විට මේ පිරිස විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. ඤාණානන්ද හිමියෝ උන් වහන්සේ ගේ හිතවතකු වූ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු පිළිබඳ සම්බන්ධ කුරුප්පු මහතා සහ ඒ මහතාගේ බිරිය ද ඒ අවස්ථාවට ගෙන්වා තිබිණි.

මගේ හිත අතීතයට යනවා. එතකොට මං ඉන්නේ දෙලොවක් අතරේ

සංසාර ගමනේ නවාතැන් පොළවල් වන ආත්ම භවයන්හි දී සිදු කරන හා සිදු වන ඇතැම් කි‍්‍රයාකාරකම් චිත්ත සන්තානයේ දැඩි සේ සටහන් වී තදබල මතකයක් වී තිබීම නිසා ඒවා ඊ ළඟ භවයන් හිදී ඉඳ හිට හෝ මතුවන අවස්ථා ගැන අසන්නට දකින්නට ලැබේ.

ගම්පහ ජීවනී ගේ කතාවේ කොටසක් පසුගිය ලිපියෙන් අනාවරණය කළෙමු.

“මට මේ පොළව මතක නෑ. මාව මෙහාට ගෙනාවේ බලෙන්. මම හිටපු තැන හරී ම සුන්දරයි. අපේ ගෙය තිබුණේ කන්දක් මුදුණේ. වටේටත් කඳු. මීදුම් වලාව පා වී යන කොට හරී ම ලස්සනයි. අනේ මට ආයෙත් එහෙට යන්න ආසයි. මගේ නම සුසේන් ඩේව් ලෝරන්සෝ. සීයා ලෝරන්සෝ පෙඩි්රක්. සීයා මට සුසී කියලා කතා කරන්නේ හරී ම ආදරෙන්, “ජීවනී තම අතීත භවයක තොරතුරු අනාවරණය කරමින් කීවාය.

“සුසී… ඔයා සීයා ගැනමනෙ කියන්නේ. අපිට තාත්තා ගැනත් කියන්න. ඔයාගෙ තාත්තා ගෙ නම මොකක්ද? ඔයාගෙ තාත්තා මොනවාද කළේ” යි මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“මගේ තාත්ත ද? එයා ඩුෂුම්… ඩුෂුම්… වෙඩි තියනවා.”

“ඉතින් ඔයාගෙ තාත්තගෙ නම?”

“ලෝරන්සෝ ඇල්ෆ්‍රඩ්”

“ඔය කොයි කාලෙද? මොන අවුරුද්දෙ ද?”

“ම්… ම්… 1922 ඔක්තෝබර් මාසෙ 14 දා මා ඉපදුණේ. 1932 ජුලි මාසෙ 02 දා මැරුණා. ආයෙත් 1947 ඉන්දියාවෙ ඉපදුණා. දිනය මතක නෑ. මගේ නම… ම්… ම්… මං බබෙක්. අම්මා ගුජරාටි. තාත්තා හින්දුස්ථාන්. කුරුන්විල් නගර්වල. මගේ අම්මාට දිග කොණ්ඩයක් තිබුණා. සුදු සාරියක් ඇඳගෙන අඬනවා. ඊට පස්සෙ මං කැරකෙන ලෝකයකට ගියා. අහසෙ පාවෙනවා. හරී සනීපයි. අපි ගස් උඩත් ඉන්නවා. උඩට… උඩට… යනවා. එතකොට හරිම සන්තෝසයි. මට අශ්වයෙක් හිටියා. ඒ අශ්වයා පියාඹනවා. අපි ඉහළට ගිහින් අහසේ රවුමට හැදී කතා කර කර ඉන්නවා. කතා කරන්නෙ වචනවලින් නොවෙයි. හිතන කොට අනිත් අයට තේරෙනවා. ප්‍රශ්න අහන්නෙත් හිතෙන් ම යි. ඉහළ ඉඳල පහතට එන්න හිතන කොට ම පහතට එනවා. ගහකින් ගහකට හිතන කොට ම ටක් ගාලා යනවා.”

“ම්… ම්… මං වැදි ගමකත් හිටියා. මට ලස්සන මුවෙක් හිටියා. ඒ මුවා ගෙ නම බිංදු. බිංදු බිංදු… කෝ… මගෙ බිංදුවා. මගේ නම… ම්… ම්…. නම මතක නෑ. ඉහ මුදුණෙන් කොණ්ඩය ගැට ගහපු උත්තමයෙකුත් හිටියා ගල් ගුහාවක. ඒ උත්තමයා භාවනා කරනවා. මම ඒ උත්තමයාට දානෙ දුන්නා. පැන් පූජා කළා. චූටි අලි පැටියෙකුත් එහේ හිටියා. මම එතකොට පිරිමියෙක්. කවුදෝ ඊයකින් විද්දා. මට එච්චරයි මතක. අනේ මගේ බිංදුවා. බිංදුට මොකද වුණේ.”

“කලින් නියම කැර ගත් පරිදි 23 දා ජීවනීත් ඇගේ අම්මාත්, අක්කාත්, තවත් ළමයෙකුත් අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. ගස්නාවේ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට දී මේ මුණ ගැස්වීම සිදු වීය. ඤාණානන්ද හිමියන් ගේ හිතවතකු වූ යන්ත්‍ර මන්ත්රධරයකු වූ කුරුප්පු මහතා සහ ඔහුගේ බිරිය ද එහි පැමිණ සිටියහ.

ජීවනී ගේ අම්මාත් අක්කාත් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි අතර, ජීවනී ඇඟ හිර වෙන්නට දිග කලිසමක් හා අත් දිග හැට්ටයක් ඇඳ සිටියාය. ජීවනී ඤාණානන්ද හිමියන්ට වැඳ නමස්කාර කොට පළමුව ම කීවේ මෙයයි.

“අනේ! ස්වාමීන් වහන්ස! මං ගැන වරදවා තේරුම් ගන්න එපා. මට සමාවෙන්න මගේ මේ ඇඳුම පන්සලකට අඳින්න ඔබින්නේ නැති බව මං දන්නවා. මේක මගේ ඇඳුමකුත් නොවෙයි.

මගේ යාළුවෙකු ගෙන් ඉල්ලා ගෙන ඇඳ ගෙන ආවේ. මම මෙතැනදී අසිහියෙන් දඟලාවිය කියන සැකය හින්දයි මේ ඇඳුම ඇඳගෙන ආවේ. මට සමාවෙන්න හාමුදුරුවනේ වරදක් වුණා නම්.”

“නෑ නෑ ප්‍රශ්නයක් නෑ. චේතනාව යහපත් නම් වරදක් නෑ. මොකක්ද මේ ළමයාට තියෙන කරදරය අසනීපය කියන්න බලන්න.”

“හාමුදුරුවනේ මගේ හිත අතීතයට යනවා. හිටි හැටියේ හිත අතීතයේ ඈතට ඇදිලා යනවා. ඒ වෙලාවට මා තුළ ගෙදර ගැන කැමැත්තක් නෑ. ගෙදර අය ගැනත් කැමැත්තක් නෑ. සමහර වෙලාවට අසිහියෙන් වගේ කියවනවා.

සමහර දේවල් සම්පූර්ණයෙන් අමතකත් නෑ. එතකොට මං ඉන්නේ දෙලොවක් අතරේ, අම්මලා මට පිස්සු ය කියා වෛද්‍ය ප්‍රතිකාර කරනවා. ඒ අය මට පිස්සුවට බෙහෙත් දෙනවා.

අවුරුදු ගණනක් පිස්සු පෙති ගිලලා මට දැන් ජීවිතෙත් එපා වෙලා. කොච්චර පෙති බීවත් සනීපයකුත් නෑ.”

“මොනවද? ඔය අතීතයෙන් මතක් වෙන්නෙ, මතක් කර අපටත් කියන්න බලන්නැ”යි හාමුදුරුවෝ පැවසූහ.

ජීවනී වර්තමානයත් අතීතයත් මිශ්‍ර කරමින් තම පුද්ගල අනන්‍යතාවය හෙවත් ආත්ම ගත ගැටලු කියවන්නට වූවාය.

“අනේ හාමුදුරුවනේ! මගේ පවුලේ අය මට ආදරෙයි. මට ප්‍රතිකාර කරනවා. ඒත් මගේ අතීතයට සිත ගියාම දැනෙන සුඛදායක තත්ත්වයන් දැනෙන කොට මට මේ ගෙදරත් ගෙදර ඉන්නා අයත් රුස්සන්නේ නෑ. ඒ එදා අතීතයේත් අද මෙතන සිටින ජීවනීත් එක ම එක්කෙනා ‘මම’ මම ම යි. මේක මේ අයට වැටහෙන්නේ නෑ. දොස්තර මහත්තුරුන්ට වැටහෙන්නෙත් නෑ. මානසික අමාරුවක් ය කියා බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් බීවා ම නින්ද යනවා. මේ එක්කෙනෙකුටවත් මගේ අමාරුව වැටහෙන්නේ නෑ හාමුදුරුවනේ.”

“හරි මේ ළමයා බුද්ධ, ධම්ම, සංඝ රත්නයේ ගුණය, බලය, ආනුභාවය පිළිගන්නවා ද?” හාමුදුරුවෝ ඇසූහ.

“එහෙමයි එහෙමයි ඊට වඩා විමුක්තියක් මට නෑ.”

“මේ ළමයාට භාවනා කරන්න පුළුවන් ද?”

“මම භාවනා කරන්න ආසයි. හාමුදුරුවනේ! ඒත් හිත ඒ වේලාවට අතීතයට දුවනවා. අතීතයේ මට උදව් කරපු උත්තමයන් වහන්සේ නමක් සිටියා. උන් වහන්සේ රහත් ඵලය ලැබුවා. උන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබුණා. මට ඒ අතීතයට යන්නමයි හිතෙන්නේ. මම මේ ආත්මයේ ඉපදී පූර්ව කර්මයක් ගෙවනවා හාමුදුරුවනේ.”

“ඔව්! මේ ළමයා අතීතයට ගිහින් ඒ සිද්ධියක් දෙකක් කියන්න පුළුවන් ද?”

“ම්… ම්… සමහර ඒවා මතකයි. සමහර ඒවා මතක නෑ. මගේ මතකය අවුල් වෙනවා. සිතිවිලිවලින් පිරිලා එක අරමුණකට එන්න අමාරුයි.” ජීවනී තම සිතේ පවතින අවුල් බව පැය බාගයක් තිස්සේ ම කියනවා මිසක අවශ්‍ය තැනට එන්නේ ම නැත.

බැරි ම තැන මම ජීවනී ඇමතුවෙමි. ඇයට අතීතය සිහිපත් කරන්නට උත්සාහ කළෙමි.

“ජීවනී දැන් කියෙව්වා ඇති. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ බලය සිහිපත් කරන්න. දැන් නිශ්ශබ්ද වෙන්න. දෑස් පියා ගන්න. විසිරිලා තියෙන සිත එක තැනකට ගන්නැ”යි මම කීවෙමි.

අප සාකච්ඡා කළේ ආවාස ගෙයි ඉස්තෝප්පුවේ ය. ඤාණානන්ද හිමියන් හා අප ඉදිරිපිට කය සෘජුව තබා පැදුරක හිඳගෙන සිටි ජීවනී ඇය පිටුපස තිබු කණුවකට පිට දී හේත්තු වූවාය. දෑස් පියා ගත්තාය. දැන් හැම දෙනා ම නිශ්ශබ්දය. මම කතා කළෙමි.

“ජීවනී දැන් ඔයා ජීවනී නොවෙයි යන්න අතීතයට. ඔව්! දැන් ඉන්නේ අතීතයේ. ඔයා සුසේන්. සුසී… සුසී… කතා කරන්න සුසේන්, මතකය අවදි කරන්න. සුසේන්… සුසේන් හරිම ලස්සනයි. සුසේන් ඔයා සුසේන් ලෝරන්සෝ සුසේන් ලෝරන්සෝ… සුසේන් ලෝරන්සෝ…”

ජීවනී හරිබරි ගැහී දිග ඇදුණාය. හාමුදුරුවන් සිටින පැතට හිස සිටින සේ බිම දිග ඇදුණා ය. මම යළි යළිත් ඇමතුවෙමි. “මීදුම ගලා යන පරිසරයක්. සුසේන්… සුසේන්…”

“හº… හº… හා… හº… හº… හා මම සුසේන් නොවෙයි. මම මේඝ… මම මේඝ නාථ ඔව්… මම මේඝ නාථ” යි කියමින් මහා ප්‍රෞඪත්වයක් අභිනය කරමින් දෑත් මිට මොළවා දෙපසට දිගු කරමින් කතා කරන්නට වූවාය.

“හº… හº… හා… කෝ මගේ ආයුධ. මගේ ආයුධ මට දියව්… පරසතුරු හැතිකරය… (දත් සපමින් කතා කරයි) කෝ මගේ ආයුධ… මහේල… මහේල… කෝ මගේ ආයුධ…”

“ඔව්… ඔබ මේඝ නාථ… මේඝ නාථ කොහේද හිටියේ. කොහේද ජීවත් වුණේ?” මම ඇසීමි.

“මම හිටියේ දීගල්ලෙනේ… ලංකා පුරයේ හිරිගල් ලෙනට ඔබ්බෙන් දීගල්ලෙනේ. අසපුවට හූවක් දෙකක් එහා මම හිටියේ.

“මොකක් ද ඒ අසපුව?”

“මට උදව් කළ උත්තමයන් වහන්සේ හිටියේ එතැන. උන් වහන්සේ බෝධියක් මුල සිට රහත් වුණා. උන් වහන්සේගේ ආශීර්වාදය එදා මට තිබුණා. මේඝ නාථ… නුඹට හැම දෙයක් ම ලැබේවි කියලා උන්වහන්සේ මට කීවා. ඔව්! උන් වහන්සේ හිටියේ ආරණ්‍යයේ. උඩ ගල්ලෙනේ. ඔව්… උන් වහන්සේ මට කිව්වා මේඝ නාථ නුඹට කරන්න බැරි දෙයක් නෑ කියලා. කෝ මගේ ආයුධ… මට දියල්ලා මගේ ආයුධ… කෝ මගේ මහේල… මහේ… ල…”

“මහේල… මහේල… කව්ද මේ මහේල කියන්නේ.”

“මහේල කියන්නේ මගේ මිත්‍රයා. මහේල තමයි මට උදව් කළේ. මහේල තමයි මට ආරංචි ගෙනැත් දුන්නේ. මම මහේලව ඔත්තු ගේන්න යැව්වා. ඔව්… ඒ වෙලාවේ මුං මා මරන්න කුමන්ත්‍රණය කළා. මාව මැරුවා. මේ පර හතුරෝ… කෝ මගේ ආයුධ… මගේ අතට මගේ ආයුධ දියල්ලා…”

ඤාණානන්ද හිමියෝ කතා කළහ.

“ඔව් දැන් මේ ඇත්තා ඉන්නේ සතුරන් ගැන වෛරයෙන්. හිතන්න, බුදු දහම පිළිගන්නවා නම් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. ඒ වෛරය හිතේ අල්ලගෙන. ඒක අතහරින්න. දැන් ඒ යුගය හමාරයි. දැන් ඉන්නේ වෙන ආත්මයක. වෛරය අතහරින තුරු සැනසුමක් නෑ. නහී වේරේන වේරානි…” වෛරයෙන් වෛරය කවදාවත් සංසිදෙන්නේ නෑ. ඒ නිසා වෛරය අත හරින්න. සිත නිදහස් කැර ගන්න.”

මම යළිත් කතා කළෙමි. “ඔව්… මේඝ නාථ… දැන් ඔයා මේඝ නාථ… නොවෙයි. මේඝ නාථ මළා. දැන් ජීවනී. ජීවනී… අවදි වෙන්න…”

විනාඩි කීපයක් නිහඬව සිටි ජීවනී එක්වරම නැගිට එක පිම්මට හාමුදුරුවන් ඉදිරියට පැන වැඳ කය සෘජු කොට ගෙන පද්මාසනයෙන් හිඳ ගත්තා ය. හාමුදුරුවන් අත තිබු වටා පත රැගෙන මුහුණට තබා සිපගෙන ආපසු දුන්නා ය.

“ඇයි අර බිම දිග ඇදිලා කතා කළේ. නැගිටලා කතා නොකළේ මොකද? දුර්වල පේ‍්‍රත ආත්මයක් නේදැ” යි කුරුප්පු මහතා ඇසුවේය.

“ඔන්න හාමුදුරුවනේ මට කේන්ති යනවා (කුරුප්පු මහතා දෙස බලා) තරහ වෙන්න එපා. ඔය කතා මට හරියන්නේ නෑ. දොස්තරුන්ටත් වැරදුණා. ඇදුරන්ටත් වැරදුණා. හාමුදුරුවනේ මේඝ නාථත් මම. ජීවනීත් මම. (දෑතින් පපුවට ගසාගනී) මේ මම ම යි. වෙන කෙනෙක් නෙවෙයි. මෙන්න මේ ටික කාටවත් තේරෙන්නේ නෑ හාමුදුරුවනේ.”

“හරි හරි…” යි හාමුදුරුවෝ පිරිත් පාඨයක් කියමින් ඇගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූහ. “මේ එදා ඉඳලා එන එක ම සිතුවිලි පරම්පරාව. එක ම පුද්ගල අනන්‍යතාවය. ඒ නිසා දැන් ඉඳලා අතීතයට යන්න හිතන්න එපා. අතීතය මතක් වෙන කොට බුදු ගුණ සිහි කරන්න. භාවනා කරන්න ඉගෙන ගන්නැ” යි උපදෙස් දුන්හ.

ඇය තරුණ කාන්තාවක් බැවින් මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්නට ඇයට නොහැකි නිසා ඊට සුදුසු, අත්දැකීම් ඇති භාවනා යෝගී මෙහෙණින් වහන්සේ නමක් වෙත ඇය යොමු කළෙමු. උන් වහන්සේ හමු වී තමන්ට සුදුසු භාවනාවකට කමටහන් ගන්නැයි උපදෙස් දුනිමු.

[QUOTE="chk99, post: 12013685, member: 302144"] [b]පියවි ඇසින් ඔබ්බට : 13[/b] [CENTER][B][SIZE=5]පෙර ආත්ම ගණනාවක තොරතුරු කියූ ජීවනී[/SIZE][/B] [/CENTER] [CENTER][IMG]http://www.silumina.lk/2009/07/05/aw0907051.jpg[/IMG] [/CENTER] [SIZE=3][COLOR=Navy]“වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ…” යැයි සංසාර මඩ ගොහොරුවෙහි කරක් ගහන සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි දේශනා කොට ඇත. ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස යන ආයතන හයට ස්පර්ශ වන අරමුණුවලින් ලබන වේදනාව හෙවත් වින්දනය නිසා ඇති වන කැමැත්ත හෝ අකැමැත්ත හෙවත් ඇලීම හෝ ගැටීම තණ්හාව උපදවයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ තණ්හාවට හේතුව වූ කැමැත්ත හෝ අකැමැත්ත දැඩි සේ සිතේ බැඳීම හෙවත් සිතේ අල්ලා ගැනීම උපාදාන ලෙස හඳුන්වයි. මේ උපාදානය ඊළඟ භාවයක් ඇති කිරීමට හේතු වෙයි. මරණාසන්න මොහොතේ පුද්ගලයා ගේ චුති චිත්තයට යොමු වන මෙවැනි උපාදානයක් ඊළඟ ප්රතිසන්ධියට හේතු වෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජීවත්වන කාලය තුළ පෘතග්ජන වූ සෑම කෙනෙකුට උපාදානයන් බොහෝ ඇති වෙයි. දැඩි සේ සිතේ පැලපදියම් වූ ආශාවන් හා තරහ වෛර සිද්ධි බොහෝ ය. සම්මුති වශයෙන් ව්‍යවහාර කරන ආත්මය හෙවත් පුද්ගල අනන්‍යතාවය තුළ – චිත්ත සන්තානය තුළ පවතින උපාදානයත් ඊළඟ භවයට හේතු වන අතර අනිකුත් උපාදානයන් ද චිත්ත සන්තානය තුළ යටපත් ව පවතී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ උපාදානයක් නොදැනුවත්ව ම වාගේ මතු වූ විට එය සංසාර පුරුද්දකැයි කියති. මෙවැනි උපාදානයක් කරා සිත අතීතයට ගොස් ඒ පිළිබඳ කතා කරන විට පෙර ආත්මය කියනවා යැයි හඳුන්වමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ භවයේ අරමුණුවලින් සිත මඳක් බැහැරව ඉතාමත් සංවේදී වූ සිතට කලාතුරකින් පැරණි අතීත භවවල සිදුවීම් මතක් වෙයි. ඒ මතකය දැඩි සේ සිතේ උපාදාන වූ මතකයන් ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මෙසේ පෙර ආත්ම කියන පුද්ගලයන් පිළිබඳ ඉඳහිට අසන්නට ලැබේ. මෝහනය මගින් ද පෙර ආත්ම සිද්ධීන් මතු කැර අනාවරණය කැර ගනිති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]පෙර ආත්ම කියන විට දීත් මෝහනයෙන් මතු කැර ගන්නා විටදීත් ඒ පුද්ගලයන්ට අමතක වූ බොහෝ දේවල් “මට මතක නෑ” යි කියයි. එසේ නම් මතකයේ රැඳී, ඇලී, පවතින්නේ දැඩි සේ අල්ලා ගත් සිද්ධීන් ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මෙසේ අතීත භව ගණනාවක සිද්ධි අනාවරණය කරන තරුණ කාන්තාවක් පසු ගිය දා අපට මුණ ගැසිණි. දුරකතනයෙන් පෙර ආත්මය කීවා යැයි (ප්‍රථමයෙන්) කීවොත් බොහෝ දෙනෙකු පුදුමයට පත් වෙනු ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හෙලෝ”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ආයුබෝවන්”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මේ මහින්ද විජේතිලක මහත්මයා ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව්”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ මහත්මයා මම හරිම අසරණ ගෑනියෙක්. මේ කතා කරන්නෙත් බඩ ගින්නේ. මගේ පෝන් එකේ රුපියල් දහයයි තියෙන්නේ. මහත්තයාට බුදු බව අත් වෙයි මගේ නොම්මරේට කෝල් එකක් ගන්නැ”යි කාන්තාවක් හඬමින් සානුකම්පිත ඉල්ලීමක් කළා ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇත්තට ම ඇය කතා කළ විලාසය අනුව ඈ කෙරෙහි මා තුළ අනුකම්පාවක් ඇති වීය. මගේ ජංගම දුරකතනයේ සටහන් වූ ඇගේ අංකයට මම ඇමතුමක් ගත්තෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හලෝ”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ආයුබෝවන්”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ මහත්මයා මම හරි ම අසරණ ගෑනියෙක්. මට ශාරීරිකව කිසි ම අඩුපාඩුවක් අසනීපයක් නෑ. ඒත් මගේ මනස හිටි හැටියේ අවුල් වෙනවා. අතීතයට දුවනවා. ඒ වෙලාවට බිම පෙරැළී විකාර වගේ දේවල් කියනවා කියා අම්මලා මා මානසික වෛද්‍යවරු ළඟට අරන් යනවා. පිස්සු බේත් පොවනවා. අනේ මට එහෙම පිස්සුවක් නෑ කියලා මට හිතෙනවා. මහත්තයා ලියන ‘සිළුමිණ’ පත්තරේ ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවලා මට හිතුණා මහත්තයාට කතා කරන්න. අනේ! මහත්මයා මට උදව් කරන්න. මේ දුකින් මිදෙන්න මට පිහිට වෙන්න. ඉහි… ඉහි… ඉහි… ඇය අඬන්නට පටන් ගත්තා ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හා… හා… දැන් ඔය ඇඩිල්ල නතර කරලා කතා කරන්න. අඬලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් අපි හැමෝ ම අඩනවානෙ.” මම කීවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ!! මහත්තයා මට පිහිට වෙනවා ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව්! අපි ඉපදිලා ඉන්නේ අනුන්ට උදව් කරන්න තමයි. දැන් ඒක තමයි අපේ රාජකාරිය වෙලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා කියන්න කෝ ඔයා කව්ද කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මම ජීවනී”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ගම?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ගම්පහ”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“වයස?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“තිස් දෙකයි”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“විවාහක ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව්! ඒකත් ඒ තරම් සාර්ථක නෑ. ඉතා ම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මොකක්ද? ජීවනීට තියෙන කරදරය. අසනීපය. මට කෙටියෙන් කියන්න.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ මහින්ද මහත්තයා. මගේ හිත හිටි හැටියේ අතීතයට යනවා. ඊට පස්සේ මම කරන කියන දේවල් සමහරක් මට මතකයි. සමහරක් මතක නෑ. මට ඉතා ම පිරිසුදුවට, සන්තෝසෙන්, ඉන්න ඕනෑ. එහෙම නැති වුණා ම මට කේන්ති යනවා. ගෙදර අයටත් බණිනවා. මගේ දුප්පත් අම්මයි අක්කයි තමයි මාව බලා ගන්නේ. ඒ අයට බණින කොට… අනේ… පව්… මට පව්… ඉහි… ඉහි… මම දැන් ගෙදර අයටත් කරදරයක් වෙලා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි හොඳයි… දැන් මට කියන්න. ඔය ජීවනීගෙ හිත අතීතයට ගමන් කරන එක නිතර සිද්ධ වෙනවා ද? මේ දැනුත් එහෙම ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ම්… ම්… ඔව්! දැනුත් ඒ වගේ ගතියක් තියෙනවා වගෙයි. ම්… ම්… (ජීවනී වේගයෙන් හුස්ම ගන්නා බවක් ඇසෙයි) ම්… ම්… මට මේ පොළව මතක නෑ. මාව මෙහෙට ගෙනාවෙ බලෙන්. මට යන්න ඕනෑ. මං හිටපු තැනට යන්න ඕනෑ” යි ජීවනී කේන්තියෙන් ඉතා තද ස්වරයෙන් කීවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හරි… හරි… යන්න පුළුවන්. ඔයා කව්ද කියන්න” මම දුරකතනයෙන් ම ප්‍රශ්න කළෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මම… මම… මම ද? මම සූස්… සූස්… සුසී. මගේ නම සුසී…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ආ… සුසී… සුසී හොඳ ළමයා වගේ සම්පූර්ණ නම කියන්න” මම කාරුණිකව ඇසුවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මට මගේ සීයා කතා කරන්නේ සුසී කියලා. සම්පූර්ණ නම… ම්… ම්… සූස්… සුස්… සුසේන් දේවි”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“සුසේන් දේවි නේද?” මම මට ඇසුණු පරිදි අසමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“නෑ නෑ දේවි නෙමෙයි. ඩේව්… ඩේව්… සූසේන් ඩේව් ලොරන්සෝ… ඔව් මගේ නම සුසේන් ඩේව් ලොරන්සෝ’… අනේ මට එහේ යන්න ඕනෑ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හරි… හරි… සුසේන් ඔයා ඒ හිටියේ කොහේද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ම්… ම්… හරි ම ලස්සනයි. ලස්සන මල්වතු… කඳු වළල්ල අතරෙන් මීදුම පාවෙනවා හරි ම ලස්සනයි. මම ජනේලය ළඟට වෙලා ඒ දිහා බලා ගෙන ඉන්නවා. මගේ ජනේලය ළඟිනුත් මීදුම් වළාකුළු පාවෙනවා. මමත් ලස්සනයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මගේ කොණ්ඩය ක්‍රේල්. ජනේලයෙන් එන සීතල සුළඟට මගේ කොණ්ඩයත් අවුල් වෙනවා. මට ලස්සන ඇඳුම් තියෙනවා. මම ඒවා ඇඳගෙන ජනේලය ළඟට වෙලා ඈත බලා ගෙන ඉන්නවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව්… ඔයා හිටපු පරිසරය හරිම ලස්සනයි. ඒ කොහේද කියලා මොන රටේ ද මොන ගමේ ද කියලා කියන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මං දන්නෙ නෑ! මට මතක නෑ. ම්… ම්… ඊ… ඊ… ඉන්දියාවෙ. මගේ සීයා මං චූටි කාලෙ අශ්වයෝ පිට එක්ක ගෙනත් ගියා. සීයා අශ්වයන් පුහුණු කළා. සීය ගෙ නම හැමෝම දන්නවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ආ… මොකක්ද සුසී සීයගෙන නම?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“(ඇය පොඩි දරුවෙකු මෙන් සිනාවෙයි) ම්… ම්… මගේ සීය ද? සීය හරිම ලස්සනයි. සුදුයි. ලස්සන ඇස් දෙකක් තියෙනවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“සුසී… ඔයාගේ සීයා ලස්සනයි. හරි හොඳයි ඉතින් සීයගෙ නම මොකක්ද කියන්නකෝ.” මම නැවත ප්‍රශ්න කළෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“සීයගෙ නම ද? හැමෝ ම දන්නවා. ම්… ම්… ලොල්… ලොල්… ලොරන්සෝ රොඩි්රගෝ… ම්… ම්… නෑ… නෑ… රොඩි්රගෝ නෙමෙයි. ලොරන්සෝ පෙඩි්රක්. ඔව්… මගේ සීයා ලොරන්සෝ පෙඩි්රක්. ඔව්!! අනේ මගේ සීයගෙ ලොකු පොටෝ එකක් තියෙනවා. මගෙත් ලස්සන චිත්‍රයක් ඇඳලා තියෙනවා. මගේ ඇඳ හරි ම ලස්සනයි. මට ගොඩාක් ඇඳුම් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒවා මට ලස්සනට අන්දනවා. මගේ කොණ්ඩය ක්‍රේල්. සුළඟට යන කොට ලස්සනයි. කොණ්ඩය සුළඟට යන නිසා මං තොප්පියක් දා ගෙන ඉන්නේ. අශ්වයෝ ඉන්න රට… අනේ හරිම ලස්සනයි… මට එහේ යන්න ඕනෑ. මට යන්න ඕනෑ. මාව අරන් පලයල්ලා” යි ජීවනී කෑ ගසයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇගෙන් දුරකතනය උදුරා ගෙන ඇගේ මව කතා කරයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ! මහත්තයා මෙයා ගෙ කතා අහන්න ගියොත් මහත්තයා ගෙ ටෙලිෆෝන් බිල යනවා. මෙයා ඔය වගේ කතා ගණනාවක් කියනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ආත්ම ගණනාවක් කියනවා. අපි දොස්තරලා ළඟටත් ගෙනිච්චා. ඒ අය පිස්සු බේත් දෙනවා. දැනුත් ඒ බෙහෙත් බොන්න දෙනවා. ඒවා බීවාම දූට නින්ද යනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒත් දැන් අවුරුදු ගණනාවක් මේ පෙති ගිලිනවා මිසක් සනීප වෙන්නේ නෑ. අනේ! මහත්තයා මේ දරුවව සනීප කැරගන්න අපට උදව් කරන්නැ”යි ජීවනීගේ මව කීවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි. එහෙනම් ලබන 23 දා ඔය ගොල්ලෝ අතුරුගිරියෙ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙ ගස්නාවේ ඤාණානන්ද හාමුදුරුවන් ළඟට හවස 2 ට විතර ජීවනීව එක්කර ගෙන එන්න.” මම ඇයට කීවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අපි මොනවද මහත්තයා එතනට එනකොට අරගෙන එන්න ඕනෑ” ජීවනීගේ මව ඇසුවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අපි බෞද්ධයෝනෙ. පන්සලකට එන කොට තෙල් මල් සුවඳ කූරු ටිකක් අරන් එන්න. හාමුදුරුවො මුදල් අය කරන්නෙ නෑ. කිසි දෙයක් ඉල්ලන්නෙ නෑ. ඒ වුණාට බුලත් හුරුල්ලක් ගිලන්පසට දෙයක් අරගෙන එන එක අපේ යුතුකමනෙ නේද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි මහත්මයා. එහෙම නම් 23 දා අපි ජීවනී දුවත් එක්ක එන්නම්. මහත්තයත් එදාට අතුරුගිරියෙ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට එනව ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි. මමත් එන්න උත්සාහ කරන්නම්කො.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]23 දා හරියට ම පස්වරු 2 වන විට මේ පිරිස විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. ඤාණානන්ද හිමියෝ උන් වහන්සේ ගේ හිතවතකු වූ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු පිළිබඳ සම්බන්ධ කුරුප්පු මහතා සහ ඒ මහතාගේ බිරිය ද ඒ අවස්ථාවට ගෙන්වා තිබිණි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Navy]මගේ හිත අතීතයට යනවා. එතකොට මං ඉන්නේ දෙලොවක් අතරේ[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://www.silumina.lk/2009/07/12/aw0907121.jpg[/IMG] [/CENTER] [SIZE=3][COLOR=Navy]සංසාර ගමනේ නවාතැන් පොළවල් වන ආත්ම භවයන්හි දී සිදු කරන හා සිදු වන ඇතැම් කි‍්‍රයාකාරකම් චිත්ත සන්තානයේ දැඩි සේ සටහන් වී තදබල මතකයක් වී තිබීම නිසා ඒවා ඊ ළඟ භවයන් හිදී ඉඳ හිට හෝ මතුවන අවස්ථා ගැන අසන්නට දකින්නට ලැබේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ගම්පහ ජීවනී ගේ කතාවේ කොටසක් පසුගිය ලිපියෙන් අනාවරණය කළෙමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මට මේ පොළව මතක නෑ. මාව මෙහාට ගෙනාවේ බලෙන්. මම හිටපු තැන හරී ම සුන්දරයි. අපේ ගෙය තිබුණේ කන්දක් මුදුණේ. වටේටත් කඳු. මීදුම් වලාව පා වී යන කොට හරී ම ලස්සනයි. අනේ මට ආයෙත් එහෙට යන්න ආසයි. මගේ නම සුසේන් ඩේව් ලෝරන්සෝ. සීයා ලෝරන්සෝ පෙඩි්රක්. සීයා මට සුසී කියලා කතා කරන්නේ හරී ම ආදරෙන්, “ජීවනී තම අතීත භවයක තොරතුරු අනාවරණය කරමින් කීවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“සුසී… ඔයා සීයා ගැනමනෙ කියන්නේ. අපිට තාත්තා ගැනත් කියන්න. ඔයාගෙ තාත්තා ගෙ නම මොකක්ද? ඔයාගෙ තාත්තා මොනවාද කළේ” යි මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මගේ තාත්ත ද? එයා ඩුෂුම්… ඩුෂුම්… වෙඩි තියනවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඉතින් ඔයාගෙ තාත්තගෙ නම?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ලෝරන්සෝ ඇල්ෆ්‍රඩ්”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔය කොයි කාලෙද? මොන අවුරුද්දෙ ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ම්… ම්… 1922 ඔක්තෝබර් මාසෙ 14 දා මා ඉපදුණේ. 1932 ජුලි මාසෙ 02 දා මැරුණා. ආයෙත් 1947 ඉන්දියාවෙ ඉපදුණා. දිනය මතක නෑ. මගේ නම… ම්… ම්… මං බබෙක්. අම්මා ගුජරාටි. තාත්තා හින්දුස්ථාන්. කුරුන්විල් නගර්වල. මගේ අම්මාට දිග කොණ්ඩයක් තිබුණා. සුදු සාරියක් ඇඳගෙන අඬනවා. ඊට පස්සෙ මං කැරකෙන ලෝකයකට ගියා. අහසෙ පාවෙනවා. හරී සනීපයි. අපි ගස් උඩත් ඉන්නවා. උඩට… උඩට… යනවා. එතකොට හරිම සන්තෝසයි. මට අශ්වයෙක් හිටියා. ඒ අශ්වයා පියාඹනවා. අපි ඉහළට ගිහින් අහසේ රවුමට හැදී කතා කර කර ඉන්නවා. කතා කරන්නෙ වචනවලින් නොවෙයි. හිතන කොට අනිත් අයට තේරෙනවා. ප්‍රශ්න අහන්නෙත් හිතෙන් ම යි. ඉහළ ඉඳල පහතට එන්න හිතන කොට ම පහතට එනවා. ගහකින් ගහකට හිතන කොට ම ටක් ගාලා යනවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ම්… ම්… මං වැදි ගමකත් හිටියා. මට ලස්සන මුවෙක් හිටියා. ඒ මුවා ගෙ නම බිංදු. බිංදු බිංදු… කෝ… මගෙ බිංදුවා. මගේ නම… ම්… ම්…. නම මතක නෑ. ඉහ මුදුණෙන් කොණ්ඩය ගැට ගහපු උත්තමයෙකුත් හිටියා ගල් ගුහාවක. ඒ උත්තමයා භාවනා කරනවා. මම ඒ උත්තමයාට දානෙ දුන්නා. පැන් පූජා කළා. චූටි අලි පැටියෙකුත් එහේ හිටියා. මම එතකොට පිරිමියෙක්. කවුදෝ ඊයකින් විද්දා. මට එච්චරයි මතක. අනේ මගේ බිංදුවා. බිංදුට මොකද වුණේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“කලින් නියම කැර ගත් පරිදි 23 දා ජීවනීත් ඇගේ අම්මාත්, අක්කාත්, තවත් ළමයෙකුත් අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. ගස්නාවේ ඤාණානන්ද හිමියන් ඉදිරිපිට දී මේ මුණ ගැස්වීම සිදු වීය. ඤාණානන්ද හිමියන් ගේ හිතවතකු වූ යන්ත්‍ර මන්ත්රධරයකු වූ කුරුප්පු මහතා සහ ඔහුගේ බිරිය ද එහි පැමිණ සිටියහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජීවනී ගේ අම්මාත් අක්කාත් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි අතර, ජීවනී ඇඟ හිර වෙන්නට දිග කලිසමක් හා අත් දිග හැට්ටයක් ඇඳ සිටියාය. ජීවනී ඤාණානන්ද හිමියන්ට වැඳ නමස්කාර කොට පළමුව ම කීවේ මෙයයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ! ස්වාමීන් වහන්ස! මං ගැන වරදවා තේරුම් ගන්න එපා. මට සමාවෙන්න මගේ මේ ඇඳුම පන්සලකට අඳින්න ඔබින්නේ නැති බව මං දන්නවා. මේක මගේ ඇඳුමකුත් නොවෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මගේ යාළුවෙකු ගෙන් ඉල්ලා ගෙන ඇඳ ගෙන ආවේ. මම මෙතැනදී අසිහියෙන් දඟලාවිය කියන සැකය හින්දයි මේ ඇඳුම ඇඳගෙන ආවේ. මට සමාවෙන්න හාමුදුරුවනේ වරදක් වුණා නම්.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“නෑ නෑ ප්‍රශ්නයක් නෑ. චේතනාව යහපත් නම් වරදක් නෑ. මොකක්ද මේ ළමයාට තියෙන කරදරය අසනීපය කියන්න බලන්න.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හාමුදුරුවනේ මගේ හිත අතීතයට යනවා. හිටි හැටියේ හිත අතීතයේ ඈතට ඇදිලා යනවා. ඒ වෙලාවට මා තුළ ගෙදර ගැන කැමැත්තක් නෑ. ගෙදර අය ගැනත් කැමැත්තක් නෑ. සමහර වෙලාවට අසිහියෙන් වගේ කියවනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]සමහර දේවල් සම්පූර්ණයෙන් අමතකත් නෑ. එතකොට මං ඉන්නේ දෙලොවක් අතරේ, අම්මලා මට පිස්සු ය කියා වෛද්‍ය ප්‍රතිකාර කරනවා. ඒ අය මට පිස්සුවට බෙහෙත් දෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]අවුරුදු ගණනක් පිස්සු පෙති ගිලලා මට දැන් ජීවිතෙත් එපා වෙලා. කොච්චර පෙති බීවත් සනීපයකුත් නෑ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මොනවද? ඔය අතීතයෙන් මතක් වෙන්නෙ, මතක් කර අපටත් කියන්න බලන්නැ”යි හාමුදුරුවෝ පැවසූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජීවනී වර්තමානයත් අතීතයත් මිශ්‍ර කරමින් තම පුද්ගල අනන්‍යතාවය හෙවත් ආත්ම ගත ගැටලු කියවන්නට වූවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අනේ හාමුදුරුවනේ! මගේ පවුලේ අය මට ආදරෙයි. මට ප්‍රතිකාර කරනවා. ඒත් මගේ අතීතයට සිත ගියාම දැනෙන සුඛදායක තත්ත්වයන් දැනෙන කොට මට මේ ගෙදරත් ගෙදර ඉන්නා අයත් රුස්සන්නේ නෑ. ඒ එදා අතීතයේත් අද මෙතන සිටින ජීවනීත් එක ම එක්කෙනා ‘මම’ මම ම යි. මේක මේ අයට වැටහෙන්නේ නෑ. දොස්තර මහත්තුරුන්ට වැටහෙන්නෙත් නෑ. මානසික අමාරුවක් ය කියා බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් බීවා ම නින්ද යනවා. මේ එක්කෙනෙකුටවත් මගේ අමාරුව වැටහෙන්නේ නෑ හාමුදුරුවනේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හරි මේ ළමයා බුද්ධ, ධම්ම, සංඝ රත්නයේ ගුණය, බලය, ආනුභාවය පිළිගන්නවා ද?” හාමුදුරුවෝ ඇසූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“එහෙමයි එහෙමයි ඊට වඩා විමුක්තියක් මට නෑ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මේ ළමයාට භාවනා කරන්න පුළුවන් ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මම භාවනා කරන්න ආසයි. හාමුදුරුවනේ! ඒත් හිත ඒ වේලාවට අතීතයට දුවනවා. අතීතයේ මට උදව් කරපු උත්තමයන් වහන්සේ නමක් සිටියා. උන් වහන්සේ රහත් ඵලය ලැබුවා. උන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබුණා. මට ඒ අතීතයට යන්නමයි හිතෙන්නේ. මම මේ ආත්මයේ ඉපදී පූර්ව කර්මයක් ගෙවනවා හාමුදුරුවනේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව්! මේ ළමයා අතීතයට ගිහින් ඒ සිද්ධියක් දෙකක් කියන්න පුළුවන් ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ම්… ම්… සමහර ඒවා මතකයි. සමහර ඒවා මතක නෑ. මගේ මතකය අවුල් වෙනවා. සිතිවිලිවලින් පිරිලා එක අරමුණකට එන්න අමාරුයි.” ජීවනී තම සිතේ පවතින අවුල් බව පැය බාගයක් තිස්සේ ම කියනවා මිසක අවශ්‍ය තැනට එන්නේ ම නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]බැරි ම තැන මම ජීවනී ඇමතුවෙමි. ඇයට අතීතය සිහිපත් කරන්නට උත්සාහ කළෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ජීවනී දැන් කියෙව්වා ඇති. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ බලය සිහිපත් කරන්න. දැන් නිශ්ශබ්ද වෙන්න. දෑස් පියා ගන්න. විසිරිලා තියෙන සිත එක තැනකට ගන්නැ”යි මම කීවෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]අප සාකච්ඡා කළේ ආවාස ගෙයි ඉස්තෝප්පුවේ ය. ඤාණානන්ද හිමියන් හා අප ඉදිරිපිට කය සෘජුව තබා පැදුරක හිඳගෙන සිටි ජීවනී ඇය පිටුපස තිබු කණුවකට පිට දී හේත්තු වූවාය. දෑස් පියා ගත්තාය. දැන් හැම දෙනා ම නිශ්ශබ්දය. මම කතා කළෙමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ජීවනී දැන් ඔයා ජීවනී නොවෙයි යන්න අතීතයට. ඔව්! දැන් ඉන්නේ අතීතයේ. ඔයා සුසේන්. සුසී… සුසී… කතා කරන්න සුසේන්, මතකය අවදි කරන්න. සුසේන්… සුසේන් හරිම ලස්සනයි. සුසේන් ඔයා සුසේන් ලෝරන්සෝ සුසේන් ලෝරන්සෝ… සුසේන් ලෝරන්සෝ…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජීවනී හරිබරි ගැහී දිග ඇදුණාය. හාමුදුරුවන් සිටින පැතට හිස සිටින සේ බිම දිග ඇදුණා ය. මම යළි යළිත් ඇමතුවෙමි. “මීදුම ගලා යන පරිසරයක්. සුසේන්… සුසේන්…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හº… හº… හා… හº… හº… හා මම සුසේන් නොවෙයි. මම මේඝ… මම මේඝ නාථ ඔව්… මම මේඝ නාථ” යි කියමින් මහා ප්‍රෞඪත්වයක් අභිනය කරමින් දෑත් මිට මොළවා දෙපසට දිගු කරමින් කතා කරන්නට වූවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හº… හº… හා… කෝ මගේ ආයුධ. මගේ ආයුධ මට දියව්… පරසතුරු හැතිකරය… (දත් සපමින් කතා කරයි) කෝ මගේ ආයුධ… මහේල… මහේල… කෝ මගේ ආයුධ…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව්… ඔබ මේඝ නාථ… මේඝ නාථ කොහේද හිටියේ. කොහේද ජීවත් වුණේ?” මම ඇසීමි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මම හිටියේ දීගල්ලෙනේ… ලංකා පුරයේ හිරිගල් ලෙනට ඔබ්බෙන් දීගල්ලෙනේ. අසපුවට හූවක් දෙකක් එහා මම හිටියේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මොකක් ද ඒ අසපුව?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මට උදව් කළ උත්තමයන් වහන්සේ හිටියේ එතැන. උන් වහන්සේ බෝධියක් මුල සිට රහත් වුණා. උන් වහන්සේගේ ආශීර්වාදය එදා මට තිබුණා. මේඝ නාථ… නුඹට හැම දෙයක් ම ලැබේවි කියලා උන්වහන්සේ මට කීවා. ඔව්! උන් වහන්සේ හිටියේ ආරණ්‍යයේ. උඩ ගල්ලෙනේ. ඔව්… උන් වහන්සේ මට කිව්වා මේඝ නාථ නුඹට කරන්න බැරි දෙයක් නෑ කියලා. කෝ මගේ ආයුධ… මට දියල්ලා මගේ ආයුධ… කෝ මගේ මහේල… මහේ… ල…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මහේල… මහේල… කව්ද මේ මහේල කියන්නේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මහේල කියන්නේ මගේ මිත්‍රයා. මහේල තමයි මට උදව් කළේ. මහේල තමයි මට ආරංචි ගෙනැත් දුන්නේ. මම මහේලව ඔත්තු ගේන්න යැව්වා. ඔව්… ඒ වෙලාවේ මුං මා මරන්න කුමන්ත්‍රණය කළා. මාව මැරුවා. මේ පර හතුරෝ… කෝ මගේ ආයුධ… මගේ අතට මගේ ආයුධ දියල්ලා…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඤාණානන්ද හිමියෝ කතා කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව් දැන් මේ ඇත්තා ඉන්නේ සතුරන් ගැන වෛරයෙන්. හිතන්න, බුදු දහම පිළිගන්නවා නම් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. ඒ වෛරය හිතේ අල්ලගෙන. ඒක අතහරින්න. දැන් ඒ යුගය හමාරයි. දැන් ඉන්නේ වෙන ආත්මයක. වෛරය අතහරින තුරු සැනසුමක් නෑ. නහී වේරේන වේරානි…” වෛරයෙන් වෛරය කවදාවත් සංසිදෙන්නේ නෑ. ඒ නිසා වෛරය අත හරින්න. සිත නිදහස් කැර ගන්න.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මම යළිත් කතා කළෙමි. “ඔව්… මේඝ නාථ… දැන් ඔයා මේඝ නාථ… නොවෙයි. මේඝ නාථ මළා. දැන් ජීවනී. ජීවනී… අවදි වෙන්න…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]විනාඩි කීපයක් නිහඬව සිටි ජීවනී එක්වරම නැගිට එක පිම්මට හාමුදුරුවන් ඉදිරියට පැන වැඳ කය සෘජු කොට ගෙන පද්මාසනයෙන් හිඳ ගත්තා ය. හාමුදුරුවන් අත තිබු වටා පත රැගෙන මුහුණට තබා සිපගෙන ආපසු දුන්නා ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඇයි අර බිම දිග ඇදිලා කතා කළේ. නැගිටලා කතා නොකළේ මොකද? දුර්වල පේ‍්‍රත ආත්මයක් නේදැ” යි කුරුප්පු මහතා ඇසුවේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔන්න හාමුදුරුවනේ මට කේන්ති යනවා (කුරුප්පු මහතා දෙස බලා) තරහ වෙන්න එපා. ඔය කතා මට හරියන්නේ නෑ. දොස්තරුන්ටත් වැරදුණා. ඇදුරන්ටත් වැරදුණා. හාමුදුරුවනේ මේඝ නාථත් මම. ජීවනීත් මම. (දෑතින් පපුවට ගසාගනී) මේ මම ම යි. වෙන කෙනෙක් නෙවෙයි. මෙන්න මේ ටික කාටවත් තේරෙන්නේ නෑ හාමුදුරුවනේ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හරි හරි…” යි හාමුදුරුවෝ පිරිත් පාඨයක් කියමින් ඇගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූහ. “මේ එදා ඉඳලා එන එක ම සිතුවිලි පරම්පරාව. එක ම පුද්ගල අනන්‍යතාවය. ඒ නිසා දැන් ඉඳලා අතීතයට යන්න හිතන්න එපා. අතීතය මතක් වෙන කොට බුදු ගුණ සිහි කරන්න. භාවනා කරන්න ඉගෙන ගන්නැ” යි උපදෙස් දුන්හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇය තරුණ කාන්තාවක් බැවින් මෙම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්නට ඇයට නොහැකි නිසා ඊට සුදුසු, අත්දැකීම් ඇති භාවනා යෝගී මෙහෙණින් වහන්සේ නමක් වෙත ඇය යොමු කළෙමු. උන් වහන්සේ හමු වී තමන්ට සුදුසු භාවනාවකට කමටහන් ගන්නැයි උපදෙස් දුනිමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]:yes::yes::shocked::shocked::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom