පියාගේ ඇකයේ සිටි බිලිඳියගේ හිසට පොල් ගෙඩිය වැටී ජීවිතක්ෂයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    galaha-girl-death


    පියාගේ ඇකයේ සිටි මාස 11ක දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇතැයි ගලහ පොලීසිය සඳහන් කරයි. පියා විසින් මෙම දැරිය රැගෙන පෙරේදා (16දා)

    සවස අසල්වැසි නිවසකට ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට ඇති අඩි තිහක් පමණ ඉතා උස පොල් ගසක තිබුණු වේලුණු පොල් ගෙඩියක් ඇගේ හිසට වැටී තිබේ. ඉන්පසු මොවුන් ත්‍රිරෝද රථයකින් එම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබූ අතර ඇගේ තත්ත්වය ඉතා බරපතළ නිසා එම රෝහලින් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබිණි.

    එහි ප්‍රතිකාර ලබමින් සිටි අදාළ දැරිය පෙරේදා දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලහ පොලීසිය සඳහන් කරයි.

    මොවුන් පදිංචි පේළි නිවාස අසල ඇති මෙම පොල් ගසේ ගෙඩි පැසී තිබෙන විට කිසිවෙකුත් ඒවා කඩා නොමැති අතර එම ගෙඩි වේලී අනාරක්ෂිත ලෙස බිමට වැටීම සිදුවන බව පරීක්ෂණ පවත්වන පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

    මෙම නිවාසවල තවත් කුඩා ළමුන් හා අනෙකුත් පිරිස් විශාල ලෙස සිටියත් මෙහි ඇති අවදානම පිළිබඳව ඔවුන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බවද හෙළි වී ඇත. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17දා) සිදු කිරීමට නියමිතව තිබිණි. ගලහ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    ගලහා, දෙල්තොට නාරංහින්න වත්තේ පදිංචි ලෝගේෂ්වරන් කියාංෂිනි නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
     
    • Sad
    Reactions: Asmodeus