Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියානෝගෙ කෙරුවාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කිට්ටු හිතවතකු වූයේ කුමාරවේල් මහතාය. එදා ඔහු මේ සිදුවීම විස්තර කොට ඇත්තේ මෙසේය.

“බිම වැටෙන කොටම මම ලලිත් මහත්තයව අල්ල ගත්තා. ආරක්ෂක අංශයේ තිලක් ශාන්තටත් වෙඩි වැදුණා. විනාඩි දහයක් යනකොට අපි හදිසි අනතුරු අංශයට ආවා.” දැඩි සත්කාරයට ඇතුළු කරල විනාඩි දහයකින් විතර ශල්ය වෛද්යවරයකු තියටර් එකෙන් එළියට ඇවිල්ල ශ්රීමනි මැතිනියගේ සොහොයුරියට කිව්වා අන්න ඔයාට ලලිත් මහත්තයා කතා කරනවා කියලා. කාටත් පුදුමයි.”

ඉන්පසු සිදුවූ දේ පුදුම සහගතය. ශ්රීමනිගේ සොහොයුරිය දැඩිසත්කාර ඒකකයට යද්දී ලලිත්ගේ ආරක්ෂකයකු උස්හඬින් කෑගසන්නට විය.

“මොකටද බොරු

කියන්නේ” ලලිත් මහත්තයා මැරිලා දැන් පැයකටත් වැඩියි. අපි ඇත්ත කතා කරන්න ඕනෑ. ඒකයි ලලිත් මහත්තයා කිව්වේ.” ඔහුගේ කතාවත් සමඟම රෝහල දෙවනත් විය. ජනතාව පොලිස් අණ නොතකා රෝහල කරා ඇදී එන්නට විය. රෝහල ලලිත්ගේ මරණය ප්රකාශයට පත් නොකළේ වියරු වූ ජනතාව රෝහලට අලාභහානි කරනු ඇතැයි සිතාය. නමුත් ඒ වන විටත් දෙස් විදෙස්

ජනසංනිවේදන මාධ්ය “ලලිත්ගේ” මරණය වාර්තා කොට හමාරය.

ලලිත්ගේ මරණය ගැන බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ එවකට ජනපති රණසිංහ ප්රේමදාසටය. රජයේ පුවත්පතක් පසුදිනම ජනපතිතුමා කම්පා වෙයි යනුවෙන් ප්රවෘත්තියක් පළකොට ඇත.

ඇතුලත්මුදලි මහතාගේ මරණය ගැන අසා තමන් ඉමහත් කම්පනයට හා ශෝකයට පත්වූ බව රණසිංහ ප්රේමදාස ජනාධිපතිතුමා ඊයේ රාත්රී ශෝක ප්රකාශ පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.

එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය.

කිරුළපනේ රැස්වීමට සහභාගි වෙමින් සිටියදී ලලිත් ඇතුලත්මුදලි මහතාට වෙඩි තබා ඇති බව දැනගන්නට ලැබීමෙනුත් වෙඩි තැබීමෙන් ලත් තුවාල වලින් ඔහු මරුමුවට පත්වූ බව දැනගන්නට ලැබීමෙනුත් මම ඉමහත් කම්පාවටත්, ශෝකයටත් පත්වීමි.

මේ ඝාතනය සාධාරණව සිතන හැම කෙනෙකු විසින්ම හෙළා දැකිය යුතු බියගුලු බිහිසුණු ක්රියාවකි. මේ ඝාතනය සිදුවූ ආකාරය ගැන පූර්ණ පරික්ෂණයක් පවත්වන ලෙස මම අදාළ අංශවලට නියෝග කළෙමි. ඝාතකයන් අල්ලා ගන්නට රජය තමන් සතු සියලු බලතල උපයෝගී කරගනු ඇත.

ප්රජාතන්ත්රවාදී ජීවන ක්රමය ආරක්ෂා කරන අතර සාමය හා විනය යළි ස්ථාපනය කිරීම පසුගිය වසර හතර තුළදී රජයේ පරිශ්රමය විය. අපේ රට මෙවැනි අමිහිරි අත්දැකීම් නොමඳව විඳ දරා ඇත.

මෙවැනි නිවට හා නීච ක්රියා මුලිනුපුටා දැමීමට සියලු ප්රජාතන්ත්රවාදී බලවේග එක්වීමට දැන් කාලයයි. ඇතුළත්මුදලි මහත්මියටත් ශෝකයට පත් පවුලේ සියලු දෙනාටත් හේමා ප්රේමදාස ආර්යාවත් මමත් අපගේ සාතිශය සංවේගය පළකර සිටිමු.

එයින් නොනැවතුණු එවක රජය 25 වැනි ඉරිදා රජයේ පුවත්පතක ශීර්ෂ පාඨයෙන් ලලිත් ඝාතනය ඛඔඔ ගිණුමට බැර කළේ මෙසේය.

“ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්රිෂ්ණන්. ලලිත්ට මරු කැඳවූ ඝාතකයා හඳුනා ගනී. මිනීමරුවා කොටි

වෙඩික්කරුවෙක්” යනුවෙන් එහි සඳහන්ය.

රජයේ මේ ප්රකාශය රට තුළ මහත් කලබැගෑනියක් ඇතිකරන්නට සමත් විය. මේ ප්රකාශය ගැන මුලින්ම තම විරෝධතාව පළකොට ඇත්තේ ගාමිණී දිසානායක මහතාය. එදා එම සිද්ධිය පුවත්පත් වාර්තා කළේ මෙසේය.

“ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මහේස්ත්රාත් පරික්ෂණය අවසන් වීමට පෙරම මුගලන් පාරේ හමුවූ මළසිරුර හිමි පුද්ගලයා ඝාතකයා යැයි ජනාධිපති ප්රේමදාස මහතා විසින් නම්කර ඇත.

ඒ මහතාට එසේ කළ හැක්කේ සිද්ධිය පිළිබඳ අභ්යන්තර තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. නැත්නම් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා වැඩි තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. යනුවෙන් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජ්යෙෂ්ඨ උප සභාපති ගාමිණී දිසානායක මහතා නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

“ඔවුනට ඝාතකයා සොයා ගැනීමට උනන්දුවක් තිබුණේ නම් අපරාධය සිදුවූ වහාම ඔවුන් ප්රදේශය පරික්ෂා කර බැලිය යුතුව තිබිණි. එසේ කළා නම් සිද්ධිය සිදුවූ ස්ථානයට නුදුරු ස්ථානයක වැටී සිටි තරුණ ඝාතකයාගේ මළසිරුර ඉක්මනින්ම සොයාගත හැකිව තිබිණි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්රකාශ කළ බවට අප්රේල් 27 වැනිදා ඬේලිනිව්ස් පත්රය වාර්තාකොට ඇත.

මහේස්ත්රාත් පරික්ෂණය තවදුරටත් පැවැත්වෙමින් තිබියදී වෛද්ය සාක්ෂි තවමත් ඉදිරිපත් කොට නැතිව තිබියදී මිනීමරුවා සොයාගත් බවට නිගමනය කිරීමට ජනාධිපති ප්රේමදාස මහතා ඉක්මන් වී ඇත.

මෙම ඝාතනය ගැන ජනාධිපතිවරයා මෙසේ කරුණු දැක්වීම කනගාටුදායකය. මෙසේ කළ හැක්කේ ජනාධිපතිවරයා ඝාතනය ගැන අභ්යන්තර තොරතුරු දන්නේ නම් පමණී. නැතහොත් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි.

මිනීමැරුමක් සිදුවූ විට සාමාන්ය පුද්ගලයන් අපරාධය සිදුවූ ස්ථානයෙන් ඈත්වී සිටිය යුතුය යන්න මූලික සිද්ධාන්තයකි. එසේ කිරීම සාපරාධි ක්රියාවකි. මෙම අපරාධය සිදුවූ ස්ථානයට (පොලිස්පති, නියොජ්ය පොලිස්පති වැනි) කිසිදු ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැමිණියේද නැත.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය නිසා ඔහුට ජාත්යන්තරව කොච්චර පිළිගැනීමක් ඇත්දැයි පෙන්වන කරුණක්ද එදා පුවත්පත් වාර්තාකොට ඇත. ලලිත් ඝාතනය රජයේ වැඩක් නම් ඇමෙරිකන් ආධාර නවත්වන තරමට ඇමෙරිකාවෙන් ශ්රී ලංකා රජයට තරවටුවක්ද කෙරුණි. ඒ නිවේදනයේ මෙසේ ඇතුළත්ය.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයට රජය වගකිව යුතු යැයි සොයාගනු ලැබුවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්රී ලංකාවට ප්රදානය නොකරන බවට එක්සත් ජනපදය ශ්රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතු යැයි ඇමෙරිකානු කොංග්රස් සභික රොබට් ජී. ටෝර් රිසෙලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර පවතින ද්විපාක්ෂික සම්බන්ධතා පිළිබඳවද ප්රශ්න මතුවනු ඇත. රජය මෙම ඝාතනයට වගකිවයුතු යැයි අනාවරණය වූවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්රී ලංකාවට ප්රදානය නොකරන බවත් එක්සත් ජනපදය ශ්රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතුය” යනුවෙනි.

අවසානයේ සිදුවුණේ ජනපති ප්රේමදාසගේ නියෝගයෙන් ස්කොට්ලන්ඞ් පොලිසිය ගෙන්වීමයි.

ලලිත්ගේ අවමඟුලට පැමිණීමට ආ ප්රේමදාස මහතාගේ හිතවාදීන්ට එල්ලවූයේ දැඩි විරෝධයකි. ජනපති ප්රේමදාස ලලිත්ගේ අවමඟුලට සහභාගි වීමට අවසර පැතූ පුවතක් ගැන අවසානයේ ප්රවෘත්ති ප්රකාශයක් නිකුත් කරන්නට පවා සිදුවී ඇත්තේ මෙසේය.

ජනාධිපති ප්රේමදාස මහතා අභාවප්රාප්ත ඇතුලත්මුදලි මහතාගේ නිවසට යාමට කිසිවකු විසින් ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයගෙන් කිසිම ඉල්ලීමක් නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්රකාශ කරයි.

පසුගිය 27 දා ඔබ්සර්වර් පත්රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් මෙම ප්රකාශය නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ ප්රකාශය මෙසේය.

1991 දී ජනාධිපති ප්රේමදාස මහතා දෝෂාභියෝගයකට ලක් කිරීමේ අසාර්ථක ප්රයන්තයකට නායකත්වය දුන් අභාවප්රාප්ත ඇතුත්මුදලි මහතාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට අවසරය පතා ප්රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් ඇතුළත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් ප්රතික්ෂේප කර තිබේ.

තමාට ප්රේමදාස මහතා එක්කොට ගෙන පැමිණිය හැකිදැයි ඇතුලත්මුදලි මහතාගේ නෑයකු වන හිටපු ජනාධිපති ජූනියස් ජයවර්ධන මහතා විසින විමසන ලද නමුත් එය අතුලත්මුදලි මහතාගේ දේශපාලන හිතවතුන්ගෙන් කෝපාවිෂ්ට ප්රතික්රියාවක් ඇතිවීමටම හේතු වේ යැයි බියෙන් එම ඉල්ලීමද ප්රතික්ෂේප කරන ලදයි පවුලේ සාමාජිකයෙක් කීය.” යනුවෙන් එම වාර්තාවේ ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතා හා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ඉහත සඳහන් ප්රකාශ ගොතා පළකරන ලද සම්පූර්ණයන්ම අසත්ය ප්රකාශයන්ය. අභාවප්රාප්ත ඇතුලත්මුදලි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාට එම නිවසට යෑමට අවසර පතා ජනාධිපති ප්රේමදාස මහතා හෝ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් පුද්ගලයකු විසින් හෝ ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට කිසිවකුට හෝ කිසිත් අවස්ථාවක ඉල්ලීමක් නොකරන ලද බව ස්ථීරවම ප්රකාශ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කැමැත්තේය.

තවද ඒ.එෆ්.පී. ප්රවෘත්ති උපුටා දැක්වූ “ඔබ්සවර්” ප්රවෘත්ති වාර්තාව සම්පූර්ණ අසත්යයක් බවද ජයවර්ධන මහතා විසින් ද ප්රකාශ කරන ලදී.

කෙසේ වුවද ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය ගැන ඇසු වහාම ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතා එම බියගුලු ක්රියාව හෙළා දකිමින් හා ඇතුලත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන්ට තමාගේ හා ප්රේමදාස මහත්මියගේ බලවත් ශෝකය පළකරමින් ප්රකාශයක්ද නිකුත් කළේය.

කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කොට දැන් කාලයක් ගතවී තිබේ. එය කාගේ ගිණුමට බැර කළ යුතු දැයි ස්කොට්ලන්ඞ්යාඞ් වාර්තාවත් නැත. ලලිත් මියගිය මොහොතේ ඔහුගේ චරිතාපදානය කළා වූ රංජිත් අමරකීර්ති ලලිත් ගැන තබා ඇත්තේ මෙවැනි සටහනකි.

මං මැරුණ දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති.

“මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.”

ඔහුගේ ස්මාරකයේ මේ වදන් කොටා ඇත්තේ ඔහුට ආදරය කළ මිනිසුන් ඔහුගේ ඝාතන අභිරහස එළිකරගනු ඇතැයි සිතා විය යුතුය.

මගේ උපදෙස් පිළිපැද්දනම් එතුමා අදත් අප අතර

ලලිත්ගේ ලේකම්වරිය

ෂර්මිලා පෙරේරා කියන කතාව

මම අවුරුදු 18ක් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග වැඩ කළා. එතුමා රාජකීය විද්යාලයේ ඉගෙන ගෙන ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්යාලයට ගියා. එතැනින් හාවඞ් විශ්වවිද්යාලයට. ශිෂ්ය සංගමේ සභාපති වෙච්ච ප්රථම ආසියාතිකයා එතුමා තමයි. ආපහු ලංකාවට ආවේ 1968. ඩඞ්ලි සේනානායක මැතිතුමා අවසන් වශයෙන් පත්කළ සංවිධායකවරයා තමයි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. පත්වීම දෙන්න කලින් ඩඞ්ලි මළා. ඊට පස්සේ නායකයා වුණේ ජේ.ආර්. ජයවර්ධන.

සංවිධායක ධුරය ජේ.ආර්. අතින් ගන්න යනකොට නැකතක් එහෙම බලන්නැත්ද කියල හැමෝම ඇහුවා. සමහරු කිව්වා නැකැත් විශ්වාස නැතත් රාහු කාලය පන්නන්න කියලා. එතුමා ජ්යොතිෂය එච්චර විශ්වාස කළේ නෑ. හැබැයි රංජන් විජේරත්න රාහු කාලය, ජ්යොතිෂය විශ්වාස කළා. රන්ජන් මළා කියල ආරංචි වුණාම එකපාරටම කිව්වා ඔච්චර රාහු කාල පන්නලත් රංජන්ට වෙච්ච දේ කියලා.

දුව උපන්න වෙලාවේ “සරලා” කියා නම තිබ්බෙ ක්ය්රකි ක්්රඑැර ෘසජඑදබැරහය බලල. ඝන බැලුවේ නැහැ. එතුමා වෙලාවට වැඩ කළේ. මගුලකට අත්සන් කරන්න කිව්වොත් ඔයාගේ නැකත මගේ වෙලාව වෙන්න ඕනැ කියනවා. අත්සන් කරන්න තියෙන්නේ උදේ 8.31ට නම් හරියට 8.30 එතැන ඇති.

එතුමා වෙළෙඳ ඇමැති කාලේ උදේ 6ට කාර්යාලයට එනවා. දුක් ගැනවිලි කියන්න එන පාක්ෂිකයින්ට වෙන වෙනම කැටගරි තියෙනවා. රැකියා, ගෙවල්, පාසල්, ස්ථානමාරු වගේ. ගෙයක් ගන්න නම් අනිවාර්යයෙන් 3 වතාවක් එන්න ඕනෑ. එතුමා රත්මලානේ රැකියා බැංකුවක් හැදුවා. මුළු රත්මලානටම රැකියා දුන්නා.

සමාගම් පනත, වෙළෙඳ සලකුණ, බුද්ධිමය දේපළ පනත් ගෙනාවේ එතුමා. වෙළෙඳ හා නාවුක ඇමැති විදිහට පනත් 18ක් ගෙනාවා. අපනයන ගම්මාන සංකල්පයේ නිර්මාතෘවරයා එතුමා. අලුත් අමාත්ය ධුරයක් කවදාවත් ප්රතික්ෂේප කරන්නේ නෑ. ඊට අදාළ ඔක්කොම අණ පනත් අරගෙන ගිරිඋල්ල වත්තට යනවා. දවස් දෙකක් ඔක්කොම කියවනවා.

හැත්තෑහත ඡන්දයට පෙර නායකත්වයේ දෙවෙනි පෙළ බලන්න රහස් ඡන්දයක් තිබ්බා. එක ප්රේමදාස, දෙක ගාමිණි, තුන ලලිත් හා හතර ඊ.එල්. සේනානායක. ඔය කියන කාලේ ලලිත් ප්රේමදාස විරසකයක් නම් තිබුණේ නැහැ.

මහපොළ ආරම්භ කරනකොට කිව්වා මේකේ ඉඳිකට්ටේ ඉඳන් ට්රැක්ටරයක් දක්වා පාරිභෝගිකයින්ට අවශ්ය දේවල් තියෙන්න ඕනෑ කියලා. එතුමා මත්පැන් නැතිව කානිවල් එකක් කරන හැටි පෙන්නුවා.

හැමෝම හිතන් ඉන්නේ 89 මැතිවරණේ අංක එක ගන්න වාසගම වෙනස් කළා කියලා. ඒක අමූලික බොරු. එතුමා ඉංග්රීසියෙන් නම ලියන්නේ එහෙම තමයි. එතුමා ආරක්ෂක ඇමැති වෙනකොට හිටපු 14000ක භට පිරිස 74,000 දක්වා වැඩිකළා.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට රහස් ඡන්දයක් තියනකොට ගාමිණිත් ඉල්ලන්න සූදානම් වුණා. එතකොට රංජන් විජේරත්න කිව්වා මාත් ඉල්ලනවා කියලා. නමුත් අන්තිමට ලලිත්-ගාමිණි එකතුවෙලා ප්රේමදාස මහත්තයගේ නම යෝජනා කරල ස්ථිර කළා. ඔය මොනවා කිව්වත් ප්රේමදාසගේ ජයග්රහණයට ලලිත්-ගාමිණි බැහැලා වැඩ කළේ. සමහර රැස්වීම් තියෙන තැන්වල මිනිස්සු මරල එල්ලල තිබ්බා බය කරන්න.

රැස්වීම්වල සිටියේ පොලිසියෙන් විතරයි. අපි ලේක්හවුස් පත්තර හෙලිකොප්ටර්වලින් ගිහින් බෙදුවේ.

ප්රේමදාස ජනාධිපතිවරණයට ඉල්ලනකොට මුල්ම පෝස්ටරය ගහල දුන්නේ ලලිත් සතොස ප්රින්ටර්ස් එකේ. මරණ බයට ප්රෙස්කාරයෝ හැංඟුණා.

මහ මැතිවරණයේදි වැඩිම ඡන්ද ප්රතිශතයකින් ඡන්ද 250,000/=ක් ගත් බව ජනපති ප්රේමදාසට දුරකථනයෙන් දන්වනකොට මාත් හිටියා.

ප්රේමදාස ජනාධිපතිතුමා ඇහුවේ ඇත්තද? කියල විතරයි. එතුමාට හම්බවුණේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර ඇමැතිකම. එතුමා කෘෂිකර්මයට පුදුම ආදරයක් තිබුණේ. ගිරිඋල්ල වත්තේ මිශ්ර වගාවන් කළා. කවුරුත් දන්නැතුව ඇති ලලිත් ඇතුලත්මුදලි කියන්නේ හොඳ ගොවියෙක්.

ප්රේමදාස ජනාධිපතිතුමාට වැඩිම ඡන්ද උඩරටින් අරන් දුන්නේ ගාමිණි දිසානායක. පළමු කැබිනට් සංශෝධනයෙන් ගාමිණි දොට්ට දැම්මා. ලලිත් මේ කෙනෙහිලිකමට විරුද්ධ වුණා.

මේ කලකිරීම නිසාම ලලිත්-ගාමිණී හිතවත්කමක් ඇතිවුණා. මේ අවස්ථාවේ එම්.එච්. මොහොමඞ් මහත්මයාම තමයි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ “දෝෂාභියෝගය” ගැන පෙන්නුවේ. දෝෂාභියෝගයට මන්ත්රීවරු 47ක් අත්සන් කළා. අන්තිමට ඉතුරු වුණේ 10යි.

මුලින්ම ගත්තේ මොහොමඞ්ව, ලලිත් ගාමිණී පක්ෂයෙන් නෙරපා හැරියා. නඩුමගට බැස්සම ප්රේමදාස ජනපති අධිකරණයටත් බලපෑම් කළා. නඩුව අහන්න හිටපු නඩුකාරයත් ගෙදර යැව්වා. ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණ බිහිවෙන්න හේතු පාදක වුණේ මේ කරුණු තමයි.

පක්ෂ ලාංඡනේ රාජාලියා තේරුවේ ප්රේමචන්ද්ර, පක්ෂයට නම තිබ්බේ සමරවීර වීරවන්නි. 1991 සැප්තැබ්මර් ඉඳන් 1993 අප්රේල් 23 වෙනකම් රැස්වීම් 1640ක ලලිත් කතා කළා. අයහපත් සෞඛ්ය තත්ත්වය වත් සැලකුවේ නැහැ. එතුමා පත්තරවල අයත් එක්ක පුදුම මිතුරුකමක් තිබුණේ. එතුමට උදේ 5ට වුණත් කතා කරන්න පත්ර කලාවේදීන්ට අවසර දීල තිබුණා. වෙඩි වැදුන දවසෙ උදේ 3ට ගෙදරින් ගියේ. මුන්නේස්වරම් ගිහිල්ල ගිරිඋල්ල වත්තේදී උදේ ආහාර ගත්තා. කුරුණෑගල උසාවියේ සංවිධායකයකු අත්අඩංගුවට ගත් නඩුවකට එදා පෙනී සිටියා. දවල් ආහාර ගත්තේ කුරුණෑගල රෙස්ට්හවුස් එකේ. ඊට පස්සේ හලාවත රැස්වීම් 2ක කතා කළා. අලුත්කඬේ රැස්වීම අමතන්න තිබුණේ රාත්රී 7.30ට.

මම එතකොට ෆ්ලවර් ටෙරස් ගෙදර. අපිට පොලිස් ආරක්ෂාවක් වත් ගිනි අවිවත් දුන්නේ නැහැ. ලලිත්ගේ ආරක්ෂාව භාරව හිටියේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි මුතු බණ්ඩා. හැම අතින්ම මරණ තර්ජන. එදා ශ්රීමනී හම්බවෙන්න අමුත්තෙක් ආවා. ශ්රීමනී නැති නිසා මට කතා කළා. එතකොට හවස හතරට විතර ඇති. ආපු අමුත්තා කිව්වා අලුත්කඬේදී ලලිත්ට වෙඩි තියන්න නියමිතව ඉන්නවා ආරක්ෂා කරගන්න කියලා. මම එවෙලේම ආරක්ෂකයෝ එක්ක අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීමට ගියා. වහල උඩ ඉඳන් සෙනඟ එතුමට පුදුම පිළිගැනීමක් තිබුණේ. 7.30ට ලලිත් කතා කරන්න පටන් ගත්තේ. මරණ තර්ජන ගැන එතුමා දැන සිටියා. ඒත් ඝාතකයා සුක්ෂම විදියට තර්ජනය වෙන පැත්තකට යොමු කළා.

එතුමා ආරක්ෂාව ගැන හිතුව නම් අදත් අප අතර ජීවත්වෙනවා. පිටරට හිටපු යාලුවෝ තුන් දෙනෙක් වෙඩි නොවදින ජැකට් එවල තිබුණා. කිරුළපන රැස්වීමේ කතා කරන්න වාහනෙන් බහිනකොට ඒක ගලවල වාහනෙන් තියල බැස්සේ. ඒක සෙරමික් ගාඞ් එකක්. ටිකක් බරයි. ඒක ඇඳන් හිටිය නම් වෙඩි වදින්නේ නැහැ. හදවත ගාවට ගිය උණ්ඩය එහෙනම් වදින්නේ නැහැ.

අපි ඔය රැස්වීම තියන්න ඉල්ලුවේ කිරුළපන මාර්කට් එක ළඟ. ඒක දුන්නේ නෑ. ඉල්ලපු පොලිස් ආරක්ෂාව දුන්නේ නැහැ. ලලිත් කතා කරන්න විනාඩි 5 කට කලින් ලයිට් කැපුවා. අපේ රැස්වීම ඒ ග්රවුන්ඞ් එකේ තියපු මුල්ම හා එකම රැස්වීම. එතුමා අභියෝගවලට බයවුණේ නැහැ. ඊට කලින් දෙහිවල රැස්වීමේ ස්පීකර් පර්මිට් නැවත්තුවාම මෙගා ෆෝන් එකක් අරන් වේදිකාවේ කතා කළා.

ලලිත් මැරුවේ කියල අදටත් තීන්දුවක් නැහැ. නඩුවක් පවරපු කෙනෙකුත් නැහැ. මාව මැරුවොත් ප්රේමදාස තමයි කියල නිතරම කිව්වා. මේ හින්දම තමයි ලලිත් ඝාතනයෙන් පස්සේ ප්රේමදාස මහත්තයා කිරුළපන රැස්වීමේදී කිව්වේ මාව මරා දැම්මත් මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා.

1993 සිංහල අවුරුද්ද දවසේ ලලිත් ශ්රීමනියි සරලයි එක්ක ගෙදර හිටියේ. කොහේවත් ගියේ නැහැ. ඒක තමයි සමරපු අන්තිම අලුත් අවුරුද්ද. අප්රේල් 16 වැනිදා මහරගම රැස්වීමක් තිබ්බා. මම එදා එතුමට කිව්වා ආරක්ෂාව ගැන හිතන්න. හවස හයෙන් හතෙන් පස්සේ අඳුර වැටුනම රැස්වීම්වල කතා කරන්න එපා කියලා. මම ෆල්වර් ටෙරස් ගෙදරට එන ගමන් රණ්ඩු වුණා. රෑට රැස්වීම්වල කතා කරන්න එපා කියල. අපේ පක්ෂය පිබිදීගෙන ආවේ. පළාත් සභා ඡන්දෙ අපි මුහුණදීපු ප්රථම ඡන්දේ. ඒකෙදි අපිට මන්ත්රී ධුර 54ක් ලැබුණා. ලලිත් එක්ක ඊළඟ මහ මැතිවරණයට ගියා නම් ශ්රී ලංකා එකත් එක්ක එකතුවෙලා අනිවාර්යයෙන් හවුල් ආණ්ඩුවක් හදන්න තිබුණා.

එතුමා මිය ගිහින් ලබන 23 වැනිදාට අවුරුදු 24ක්. අපි අවුරුදු 24ක් නොකඩවා අප්රේල් 23 එතුමා ඝාතනය කළ දිනේත් නොවැම්බර් 26 වැනිදා එතුමාගේ උපන් දිනයදිත් ලේ දන්දීමක් සංවිධානය කරල සාංඝික දානයක් දෙනවා. එතුමා නැති අඩුව එදාට වැඩිය දැනෙන්නේ අද. එතුමා ආරක්ෂාව ගැන කියනකොට හිතුවේ රටේ ආරක්ෂාව. එතුමා තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවා නම් අද මේ රටේ ගමන් මග මීට වැඩිය වෙනස් මඟකට ගිහින් ලංකාව ජාත්යන්තරව උසස්ම තැනකට ගෙන එන්නට එතුමාට හැකියාව තිබුණ බව ඒකාන්ත සත්යයක් බව මගේ මතයයි.

ඩී.ජී. ලියනගේ

[QUOTE="toiya, post: 24886798, member: 15009"] [SIZE="4"][COLOR="DarkOrchid"] ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කිට්ටු හිතවතකු වූයේ කුමාරවේල් මහතාය. එදා ඔහු මේ සිදුවීම විස්තර කොට ඇත්තේ මෙසේය. “බිම වැටෙන කොටම මම ලලිත් මහත්තයව අල්ල ගත්තා. ආරක්ෂක අංශයේ තිලක් ශාන්තටත් වෙඩි වැදුණා. විනාඩි දහයක් යනකොට අපි හදිසි අනතුරු අංශයට ආවා.” දැඩි සත්කාරයට ඇතුළු කරල විනාඩි දහයකින් විතර ශල්ය වෛද්යවරයකු තියටර් එකෙන් එළියට ඇවිල්ල ශ්රීමනි මැතිනියගේ සොහොයුරියට කිව්වා අන්න ඔයාට ලලිත් මහත්තයා කතා කරනවා කියලා. කාටත් පුදුමයි.” ඉන්පසු සිදුවූ දේ පුදුම සහගතය. ශ්රීමනිගේ සොහොයුරිය දැඩිසත්කාර ඒකකයට යද්දී ලලිත්ගේ ආරක්ෂකයකු උස්හඬින් කෑගසන්නට විය. “මොකටද බොරු කියන්නේ” ලලිත් මහත්තයා මැරිලා දැන් පැයකටත් වැඩියි. අපි ඇත්ත කතා කරන්න ඕනෑ. ඒකයි ලලිත් මහත්තයා කිව්වේ.” ඔහුගේ කතාවත් සමඟම රෝහල දෙවනත් විය. ජනතාව පොලිස් අණ නොතකා රෝහල කරා ඇදී එන්නට විය. රෝහල ලලිත්ගේ මරණය ප්රකාශයට පත් නොකළේ වියරු වූ ජනතාව රෝහලට අලාභහානි කරනු ඇතැයි සිතාය. නමුත් ඒ වන විටත් දෙස් විදෙස් ජනසංනිවේදන මාධ්ය “ලලිත්ගේ” මරණය වාර්තා කොට හමාරය. ලලිත්ගේ මරණය ගැන බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ එවකට ජනපති රණසිංහ ප්රේමදාසටය. රජයේ පුවත්පතක් පසුදිනම ජනපතිතුමා කම්පා වෙයි යනුවෙන් ප්රවෘත්තියක් පළකොට ඇත. ඇතුලත්මුදලි මහතාගේ මරණය ගැන අසා තමන් ඉමහත් කම්පනයට හා ශෝකයට පත්වූ බව රණසිංහ ප්රේමදාස ජනාධිපතිතුමා ඊයේ රාත්රී ශෝක ප්රකාශ පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කළේය. එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේය. කිරුළපනේ රැස්වීමට සහභාගි වෙමින් සිටියදී ලලිත් ඇතුලත්මුදලි මහතාට වෙඩි තබා ඇති බව දැනගන්නට ලැබීමෙනුත් වෙඩි තැබීමෙන් ලත් තුවාල වලින් ඔහු මරුමුවට පත්වූ බව දැනගන්නට ලැබීමෙනුත් මම ඉමහත් කම්පාවටත්, ශෝකයටත් පත්වීමි. මේ ඝාතනය සාධාරණව සිතන හැම කෙනෙකු විසින්ම හෙළා දැකිය යුතු බියගුලු බිහිසුණු ක්රියාවකි. මේ ඝාතනය සිදුවූ ආකාරය ගැන පූර්ණ පරික්ෂණයක් පවත්වන ලෙස මම අදාළ අංශවලට නියෝග කළෙමි. ඝාතකයන් අල්ලා ගන්නට රජය තමන් සතු සියලු බලතල උපයෝගී කරගනු ඇත. ප්රජාතන්ත්රවාදී ජීවන ක්රමය ආරක්ෂා කරන අතර සාමය හා විනය යළි ස්ථාපනය කිරීම පසුගිය වසර හතර තුළදී රජයේ පරිශ්රමය විය. අපේ රට මෙවැනි අමිහිරි අත්දැකීම් නොමඳව විඳ දරා ඇත. මෙවැනි නිවට හා නීච ක්රියා මුලිනුපුටා දැමීමට සියලු ප්රජාතන්ත්රවාදී බලවේග එක්වීමට දැන් කාලයයි. ඇතුළත්මුදලි මහත්මියටත් ශෝකයට පත් පවුලේ සියලු දෙනාටත් හේමා ප්රේමදාස ආර්යාවත් මමත් අපගේ සාතිශය සංවේගය පළකර සිටිමු. එයින් නොනැවතුණු එවක රජය 25 වැනි ඉරිදා රජයේ පුවත්පතක ශීර්ෂ පාඨයෙන් ලලිත් ඝාතනය ඛඔඔ ගිණුමට බැර කළේ මෙසේය. “ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්රිෂ්ණන්. ලලිත්ට මරු කැඳවූ ඝාතකයා හඳුනා ගනී. මිනීමරුවා කොටි වෙඩික්කරුවෙක්” යනුවෙන් එහි සඳහන්ය. රජයේ මේ ප්රකාශය රට තුළ මහත් කලබැගෑනියක් ඇතිකරන්නට සමත් විය. මේ ප්රකාශය ගැන මුලින්ම තම විරෝධතාව පළකොට ඇත්තේ ගාමිණී දිසානායක මහතාය. එදා එම සිද්ධිය පුවත්පත් වාර්තා කළේ මෙසේය. “ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මහේස්ත්රාත් පරික්ෂණය අවසන් වීමට පෙරම මුගලන් පාරේ හමුවූ මළසිරුර හිමි පුද්ගලයා ඝාතකයා යැයි ජනාධිපති ප්රේමදාස මහතා විසින් නම්කර ඇත. ඒ මහතාට එසේ කළ හැක්කේ සිද්ධිය පිළිබඳ අභ්යන්තර තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. නැත්නම් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා වැඩි තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. යනුවෙන් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජ්යෙෂ්ඨ උප සභාපති ගාමිණී දිසානායක මහතා නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ. එම නිවේදනය මෙසේය. “ඔවුනට ඝාතකයා සොයා ගැනීමට උනන්දුවක් තිබුණේ නම් අපරාධය සිදුවූ වහාම ඔවුන් ප්රදේශය පරික්ෂා කර බැලිය යුතුව තිබිණි. එසේ කළා නම් සිද්ධිය සිදුවූ ස්ථානයට නුදුරු ස්ථානයක වැටී සිටි තරුණ ඝාතකයාගේ මළසිරුර ඉක්මනින්ම සොයාගත හැකිව තිබිණි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්රකාශ කළ බවට අප්රේල් 27 වැනිදා ඬේලිනිව්ස් පත්රය වාර්තාකොට ඇත. මහේස්ත්රාත් පරික්ෂණය තවදුරටත් පැවැත්වෙමින් තිබියදී වෛද්ය සාක්ෂි තවමත් ඉදිරිපත් කොට නැතිව තිබියදී මිනීමරුවා සොයාගත් බවට නිගමනය කිරීමට ජනාධිපති ප්රේමදාස මහතා ඉක්මන් වී ඇත. මෙම ඝාතනය ගැන ජනාධිපතිවරයා මෙසේ කරුණු දැක්වීම කනගාටුදායකය. මෙසේ කළ හැක්කේ ජනාධිපතිවරයා ඝාතනය ගැන අභ්යන්තර තොරතුරු දන්නේ නම් පමණී. නැතහොත් පොලිසිය දන්නා තොරතුරුවලට වඩා තොරතුරු ඒ මහතා දන්නේ නම් පමණි. මිනීමැරුමක් සිදුවූ විට සාමාන්ය පුද්ගලයන් අපරාධය සිදුවූ ස්ථානයෙන් ඈත්වී සිටිය යුතුය යන්න මූලික සිද්ධාන්තයකි. එසේ කිරීම සාපරාධි ක්රියාවකි. මෙම අපරාධය සිදුවූ ස්ථානයට (පොලිස්පති, නියොජ්ය පොලිස්පති වැනි) කිසිදු ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැමිණියේද නැත. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය නිසා ඔහුට ජාත්යන්තරව කොච්චර පිළිගැනීමක් ඇත්දැයි පෙන්වන කරුණක්ද එදා පුවත්පත් වාර්තාකොට ඇත. ලලිත් ඝාතනය රජයේ වැඩක් නම් ඇමෙරිකන් ආධාර නවත්වන තරමට ඇමෙරිකාවෙන් ශ්රී ලංකා රජයට තරවටුවක්ද කෙරුණි. ඒ නිවේදනයේ මෙසේ ඇතුළත්ය. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයට රජය වගකිව යුතු යැයි සොයාගනු ලැබුවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්රී ලංකාවට ප්රදානය නොකරන බවට එක්සත් ජනපදය ශ්රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතු යැයි ඇමෙරිකානු කොංග්රස් සභික රොබට් ජී. ටෝර් රිසෙලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර පවතින ද්විපාක්ෂික සම්බන්ධතා පිළිබඳවද ප්රශ්න මතුවනු ඇත. රජය මෙම ඝාතනයට වගකිවයුතු යැයි අනාවරණය වූවොත් එවැනි හැසිරීමක් මත අපගේ විදේශ ආධාර ඩොලර් ශ්රී ලංකාවට ප්රදානය නොකරන බවත් එක්සත් ජනපදය ශ්රී ලංකාවට පණිවුඩයක් යැවිය යුතුය” යනුවෙනි. අවසානයේ සිදුවුණේ ජනපති ප්රේමදාසගේ නියෝගයෙන් ස්කොට්ලන්ඞ් පොලිසිය ගෙන්වීමයි. ලලිත්ගේ අවමඟුලට පැමිණීමට ආ ප්රේමදාස මහතාගේ හිතවාදීන්ට එල්ලවූයේ දැඩි විරෝධයකි. ජනපති ප්රේමදාස ලලිත්ගේ අවමඟුලට සහභාගි වීමට අවසර පැතූ පුවතක් ගැන අවසානයේ ප්රවෘත්ති ප්රකාශයක් නිකුත් කරන්නට පවා සිදුවී ඇත්තේ මෙසේය. ජනාධිපති ප්රේමදාස මහතා අභාවප්රාප්ත ඇතුලත්මුදලි මහතාගේ නිවසට යාමට කිසිවකු විසින් ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයගෙන් කිසිම ඉල්ලීමක් නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්රකාශ කරයි. පසුගිය 27 දා ඔබ්සර්වර් පත්රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් මෙම ප්රකාශය නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ ප්රකාශය මෙසේය. 1991 දී ජනාධිපති ප්රේමදාස මහතා දෝෂාභියෝගයකට ලක් කිරීමේ අසාර්ථක ප්රයන්තයකට නායකත්වය දුන් අභාවප්රාප්ත ඇතුත්මුදලි මහතාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට අවසරය පතා ප්රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමක් ඇතුළත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් ප්රතික්ෂේප කර තිබේ. තමාට ප්රේමදාස මහතා එක්කොට ගෙන පැමිණිය හැකිදැයි ඇතුලත්මුදලි මහතාගේ නෑයකු වන හිටපු ජනාධිපති ජූනියස් ජයවර්ධන මහතා විසින විමසන ලද නමුත් එය අතුලත්මුදලි මහතාගේ දේශපාලන හිතවතුන්ගෙන් කෝපාවිෂ්ට ප්රතික්රියාවක් ඇතිවීමටම හේතු වේ යැයි බියෙන් එම ඉල්ලීමද ප්රතික්ෂේප කරන ලදයි පවුලේ සාමාජිකයෙක් කීය.” යනුවෙන් එම වාර්තාවේ ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතා හා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ඉහත සඳහන් ප්රකාශ ගොතා පළකරන ලද සම්පූර්ණයන්ම අසත්ය ප්රකාශයන්ය. අභාවප්රාප්ත ඇතුලත්මුදලි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාට එම නිවසට යෑමට අවසර පතා ජනාධිපති ප්රේමදාස මහතා හෝ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් පුද්ගලයකු විසින් හෝ ඇතුලත්මුදලි මහතාගේ පවුලේ අයට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට කිසිවකුට හෝ කිසිත් අවස්ථාවක ඉල්ලීමක් නොකරන ලද බව ස්ථීරවම ප්රකාශ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කැමැත්තේය. තවද ඒ.එෆ්.පී. ප්රවෘත්ති උපුටා දැක්වූ “ඔබ්සවර්” ප්රවෘත්ති වාර්තාව සම්පූර්ණ අසත්යයක් බවද ජයවර්ධන මහතා විසින් ද ප්රකාශ කරන ලදී. කෙසේ වුවද ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය ගැන ඇසු වහාම ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතා එම බියගුලු ක්රියාව හෙළා දකිමින් හා ඇතුලත්මුදලි මහතාගේ පවුලේ සාමාජිකයන්ට තමාගේ හා ප්රේමදාස මහත්මියගේ බලවත් ශෝකය පළකරමින් ප්රකාශයක්ද නිකුත් කළේය. කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කොට දැන් කාලයක් ගතවී තිබේ. එය කාගේ ගිණුමට බැර කළ යුතු දැයි ස්කොට්ලන්ඞ්යාඞ් වාර්තාවත් නැත. ලලිත් මියගිය මොහොතේ ඔහුගේ චරිතාපදානය කළා වූ රංජිත් අමරකීර්ති ලලිත් ගැන තබා ඇත්තේ මෙවැනි සටහනකි. මං මැරුණ දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති. “මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.” ඔහුගේ ස්මාරකයේ මේ වදන් කොටා ඇත්තේ ඔහුට ආදරය කළ මිනිසුන් ඔහුගේ ඝාතන අභිරහස එළිකරගනු ඇතැයි සිතා විය යුතුය. මගේ උපදෙස් පිළිපැද්දනම් එතුමා අදත් අප අතර ලලිත්ගේ ලේකම්වරිය ෂර්මිලා පෙරේරා කියන කතාව මම අවුරුදු 18ක් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග වැඩ කළා. එතුමා රාජකීය විද්යාලයේ ඉගෙන ගෙන ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්යාලයට ගියා. එතැනින් හාවඞ් විශ්වවිද්යාලයට. ශිෂ්ය සංගමේ සභාපති වෙච්ච ප්රථම ආසියාතිකයා එතුමා තමයි. ආපහු ලංකාවට ආවේ 1968. ඩඞ්ලි සේනානායක මැතිතුමා අවසන් වශයෙන් පත්කළ සංවිධායකවරයා තමයි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. පත්වීම දෙන්න කලින් ඩඞ්ලි මළා. ඊට පස්සේ නායකයා වුණේ ජේ.ආර්. ජයවර්ධන. සංවිධායක ධුරය ජේ.ආර්. අතින් ගන්න යනකොට නැකතක් එහෙම බලන්නැත්ද කියල හැමෝම ඇහුවා. සමහරු කිව්වා නැකැත් විශ්වාස නැතත් රාහු කාලය පන්නන්න කියලා. එතුමා ජ්යොතිෂය එච්චර විශ්වාස කළේ නෑ. හැබැයි රංජන් විජේරත්න රාහු කාලය, ජ්යොතිෂය විශ්වාස කළා. රන්ජන් මළා කියල ආරංචි වුණාම එකපාරටම කිව්වා ඔච්චර රාහු කාල පන්නලත් රංජන්ට වෙච්ච දේ කියලා. දුව උපන්න වෙලාවේ “සරලා” කියා නම තිබ්බෙ ක්ය්රකි ක්්රඑැර ෘසජඑදබැරහය බලල. ඝන බැලුවේ නැහැ. එතුමා වෙලාවට වැඩ කළේ. මගුලකට අත්සන් කරන්න කිව්වොත් ඔයාගේ නැකත මගේ වෙලාව වෙන්න ඕනැ කියනවා. අත්සන් කරන්න තියෙන්නේ උදේ 8.31ට නම් හරියට 8.30 එතැන ඇති. එතුමා වෙළෙඳ ඇමැති කාලේ උදේ 6ට කාර්යාලයට එනවා. දුක් ගැනවිලි කියන්න එන පාක්ෂිකයින්ට වෙන වෙනම කැටගරි තියෙනවා. රැකියා, ගෙවල්, පාසල්, ස්ථානමාරු වගේ. ගෙයක් ගන්න නම් අනිවාර්යයෙන් 3 වතාවක් එන්න ඕනෑ. එතුමා රත්මලානේ රැකියා බැංකුවක් හැදුවා. මුළු රත්මලානටම රැකියා දුන්නා. සමාගම් පනත, වෙළෙඳ සලකුණ, බුද්ධිමය දේපළ පනත් ගෙනාවේ එතුමා. වෙළෙඳ හා නාවුක ඇමැති විදිහට පනත් 18ක් ගෙනාවා. අපනයන ගම්මාන සංකල්පයේ නිර්මාතෘවරයා එතුමා. අලුත් අමාත්ය ධුරයක් කවදාවත් ප්රතික්ෂේප කරන්නේ නෑ. ඊට අදාළ ඔක්කොම අණ පනත් අරගෙන ගිරිඋල්ල වත්තට යනවා. දවස් දෙකක් ඔක්කොම කියවනවා. හැත්තෑහත ඡන්දයට පෙර නායකත්වයේ දෙවෙනි පෙළ බලන්න රහස් ඡන්දයක් තිබ්බා. එක ප්රේමදාස, දෙක ගාමිණි, තුන ලලිත් හා හතර ඊ.එල්. සේනානායක. ඔය කියන කාලේ ලලිත් ප්රේමදාස විරසකයක් නම් තිබුණේ නැහැ. මහපොළ ආරම්භ කරනකොට කිව්වා මේකේ ඉඳිකට්ටේ ඉඳන් ට්රැක්ටරයක් දක්වා පාරිභෝගිකයින්ට අවශ්ය දේවල් තියෙන්න ඕනෑ කියලා. එතුමා මත්පැන් නැතිව කානිවල් එකක් කරන හැටි පෙන්නුවා. හැමෝම හිතන් ඉන්නේ 89 මැතිවරණේ අංක එක ගන්න වාසගම වෙනස් කළා කියලා. ඒක අමූලික බොරු. එතුමා ඉංග්රීසියෙන් නම ලියන්නේ එහෙම තමයි. එතුමා ආරක්ෂක ඇමැති වෙනකොට හිටපු 14000ක භට පිරිස 74,000 දක්වා වැඩිකළා. ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට රහස් ඡන්දයක් තියනකොට ගාමිණිත් ඉල්ලන්න සූදානම් වුණා. එතකොට රංජන් විජේරත්න කිව්වා මාත් ඉල්ලනවා කියලා. නමුත් අන්තිමට ලලිත්-ගාමිණි එකතුවෙලා ප්රේමදාස මහත්තයගේ නම යෝජනා කරල ස්ථිර කළා. ඔය මොනවා කිව්වත් ප්රේමදාසගේ ජයග්රහණයට ලලිත්-ගාමිණි බැහැලා වැඩ කළේ. සමහර රැස්වීම් තියෙන තැන්වල මිනිස්සු මරල එල්ලල තිබ්බා බය කරන්න. රැස්වීම්වල සිටියේ පොලිසියෙන් විතරයි. අපි ලේක්හවුස් පත්තර හෙලිකොප්ටර්වලින් ගිහින් බෙදුවේ. ප්රේමදාස ජනාධිපතිවරණයට ඉල්ලනකොට මුල්ම පෝස්ටරය ගහල දුන්නේ ලලිත් සතොස ප්රින්ටර්ස් එකේ. මරණ බයට ප්රෙස්කාරයෝ හැංඟුණා. මහ මැතිවරණයේදි වැඩිම ඡන්ද ප්රතිශතයකින් ඡන්ද 250,000/=ක් ගත් බව ජනපති ප්රේමදාසට දුරකථනයෙන් දන්වනකොට මාත් හිටියා. ප්රේමදාස ජනාධිපතිතුමා ඇහුවේ ඇත්තද? කියල විතරයි. එතුමාට හම්බවුණේ කෘෂිකර්ම, ආහාර හා සමුපකාර ඇමැතිකම. එතුමා කෘෂිකර්මයට පුදුම ආදරයක් තිබුණේ. ගිරිඋල්ල වත්තේ මිශ්ර වගාවන් කළා. කවුරුත් දන්නැතුව ඇති ලලිත් ඇතුලත්මුදලි කියන්නේ හොඳ ගොවියෙක්. ප්රේමදාස ජනාධිපතිතුමාට වැඩිම ඡන්ද උඩරටින් අරන් දුන්නේ ගාමිණි දිසානායක. පළමු කැබිනට් සංශෝධනයෙන් ගාමිණි දොට්ට දැම්මා. ලලිත් මේ කෙනෙහිලිකමට විරුද්ධ වුණා. මේ කලකිරීම නිසාම ලලිත්-ගාමිණී හිතවත්කමක් ඇතිවුණා. මේ අවස්ථාවේ එම්.එච්. මොහොමඞ් මහත්මයාම තමයි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ “දෝෂාභියෝගය” ගැන පෙන්නුවේ. දෝෂාභියෝගයට මන්ත්රීවරු 47ක් අත්සන් කළා. අන්තිමට ඉතුරු වුණේ 10යි. මුලින්ම ගත්තේ මොහොමඞ්ව, ලලිත් ගාමිණී පක්ෂයෙන් නෙරපා හැරියා. නඩුමගට බැස්සම ප්රේමදාස ජනපති අධිකරණයටත් බලපෑම් කළා. නඩුව අහන්න හිටපු නඩුකාරයත් ගෙදර යැව්වා. ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණ බිහිවෙන්න හේතු පාදක වුණේ මේ කරුණු තමයි. පක්ෂ ලාංඡනේ රාජාලියා තේරුවේ ප්රේමචන්ද්ර, පක්ෂයට නම තිබ්බේ සමරවීර වීරවන්නි. 1991 සැප්තැබ්මර් ඉඳන් 1993 අප්රේල් 23 වෙනකම් රැස්වීම් 1640ක ලලිත් කතා කළා. අයහපත් සෞඛ්ය තත්ත්වය වත් සැලකුවේ නැහැ. එතුමා පත්තරවල අයත් එක්ක පුදුම මිතුරුකමක් තිබුණේ. එතුමට උදේ 5ට වුණත් කතා කරන්න පත්ර කලාවේදීන්ට අවසර දීල තිබුණා. වෙඩි වැදුන දවසෙ උදේ 3ට ගෙදරින් ගියේ. මුන්නේස්වරම් ගිහිල්ල ගිරිඋල්ල වත්තේදී උදේ ආහාර ගත්තා. කුරුණෑගල උසාවියේ සංවිධායකයකු අත්අඩංගුවට ගත් නඩුවකට එදා පෙනී සිටියා. දවල් ආහාර ගත්තේ කුරුණෑගල රෙස්ට්හවුස් එකේ. ඊට පස්සේ හලාවත රැස්වීම් 2ක කතා කළා. අලුත්කඬේ රැස්වීම අමතන්න තිබුණේ රාත්රී 7.30ට. මම එතකොට ෆ්ලවර් ටෙරස් ගෙදර. අපිට පොලිස් ආරක්ෂාවක් වත් ගිනි අවිවත් දුන්නේ නැහැ. ලලිත්ගේ ආරක්ෂාව භාරව හිටියේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි මුතු බණ්ඩා. හැම අතින්ම මරණ තර්ජන. එදා ශ්රීමනී හම්බවෙන්න අමුත්තෙක් ආවා. ශ්රීමනී නැති නිසා මට කතා කළා. එතකොට හවස හතරට විතර ඇති. ආපු අමුත්තා කිව්වා අලුත්කඬේදී ලලිත්ට වෙඩි තියන්න නියමිතව ඉන්නවා ආරක්ෂා කරගන්න කියලා. මම එවෙලේම ආරක්ෂකයෝ එක්ක අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීමට ගියා. වහල උඩ ඉඳන් සෙනඟ එතුමට පුදුම පිළිගැනීමක් තිබුණේ. 7.30ට ලලිත් කතා කරන්න පටන් ගත්තේ. මරණ තර්ජන ගැන එතුමා දැන සිටියා. ඒත් ඝාතකයා සුක්ෂම විදියට තර්ජනය වෙන පැත්තකට යොමු කළා. එතුමා ආරක්ෂාව ගැන හිතුව නම් අදත් අප අතර ජීවත්වෙනවා. පිටරට හිටපු යාලුවෝ තුන් දෙනෙක් වෙඩි නොවදින ජැකට් එවල තිබුණා. කිරුළපන රැස්වීමේ කතා කරන්න වාහනෙන් බහිනකොට ඒක ගලවල වාහනෙන් තියල බැස්සේ. ඒක සෙරමික් ගාඞ් එකක්. ටිකක් බරයි. ඒක ඇඳන් හිටිය නම් වෙඩි වදින්නේ නැහැ. හදවත ගාවට ගිය උණ්ඩය එහෙනම් වදින්නේ නැහැ. අපි ඔය රැස්වීම තියන්න ඉල්ලුවේ කිරුළපන මාර්කට් එක ළඟ. ඒක දුන්නේ නෑ. ඉල්ලපු පොලිස් ආරක්ෂාව දුන්නේ නැහැ. ලලිත් කතා කරන්න විනාඩි 5 කට කලින් ලයිට් කැපුවා. අපේ රැස්වීම ඒ ග්රවුන්ඞ් එකේ තියපු මුල්ම හා එකම රැස්වීම. එතුමා අභියෝගවලට බයවුණේ නැහැ. ඊට කලින් දෙහිවල රැස්වීමේ ස්පීකර් පර්මිට් නැවත්තුවාම මෙගා ෆෝන් එකක් අරන් වේදිකාවේ කතා කළා. ලලිත් මැරුවේ කියල අදටත් තීන්දුවක් නැහැ. නඩුවක් පවරපු කෙනෙකුත් නැහැ. මාව මැරුවොත් ප්රේමදාස තමයි කියල නිතරම කිව්වා. මේ හින්දම තමයි ලලිත් ඝාතනයෙන් පස්සේ ප්රේමදාස මහත්තයා කිරුළපන රැස්වීමේදී කිව්වේ මාව මරා දැම්මත් මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා. 1993 සිංහල අවුරුද්ද දවසේ ලලිත් ශ්රීමනියි සරලයි එක්ක ගෙදර හිටියේ. කොහේවත් ගියේ නැහැ. ඒක තමයි සමරපු අන්තිම අලුත් අවුරුද්ද. අප්රේල් 16 වැනිදා මහරගම රැස්වීමක් තිබ්බා. මම එදා එතුමට කිව්වා ආරක්ෂාව ගැන හිතන්න. හවස හයෙන් හතෙන් පස්සේ අඳුර වැටුනම රැස්වීම්වල කතා කරන්න එපා කියලා. මම ෆල්වර් ටෙරස් ගෙදරට එන ගමන් රණ්ඩු වුණා. රෑට රැස්වීම්වල කතා කරන්න එපා කියල. අපේ පක්ෂය පිබිදීගෙන ආවේ. පළාත් සභා ඡන්දෙ අපි මුහුණදීපු ප්රථම ඡන්දේ. ඒකෙදි අපිට මන්ත්රී ධුර 54ක් ලැබුණා. ලලිත් එක්ක ඊළඟ මහ මැතිවරණයට ගියා නම් ශ්රී ලංකා එකත් එක්ක එකතුවෙලා අනිවාර්යයෙන් හවුල් ආණ්ඩුවක් හදන්න තිබුණා. එතුමා මිය ගිහින් ලබන 23 වැනිදාට අවුරුදු 24ක්. අපි අවුරුදු 24ක් නොකඩවා අප්රේල් 23 එතුමා ඝාතනය කළ දිනේත් නොවැම්බර් 26 වැනිදා එතුමාගේ උපන් දිනයදිත් ලේ දන්දීමක් සංවිධානය කරල සාංඝික දානයක් දෙනවා. එතුමා නැති අඩුව එදාට වැඩිය දැනෙන්නේ අද. එතුමා ආරක්ෂාව ගැන කියනකොට හිතුවේ රටේ ආරක්ෂාව. එතුමා තමන්ගේ ආරක්ෂාව ගැන හිතුවා නම් අද මේ රටේ ගමන් මග මීට වැඩිය වෙනස් මඟකට ගිහින් ලංකාව ජාත්යන්තරව උසස්ම තැනකට ගෙන එන්නට එතුමාට හැකියාව තිබුණ බව ඒකාන්ත සත්යයක් බව මගේ මතයයි. ඩී.ජී. ලියනගේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom