පියාඹන පීරිසි(UFO)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    UFO


    The 1958 Trindade Island Brazil "saturn"-shaped UFO

    aaaaaaaaaaaaaaaaaaf.jpg



    UFO Museum Roswell

    UFO%20Museum%20Roswell_7.jpg


    අසීමිත වූත්, අනන්ත වූත් මේ මහා විශ්වයේ නිශ්චිතව ම ජීවින් සිටිනවා යැයි දැනට පිළිගනු ලබන්නේ අප වාසස්ථානය වන පෘථිවිය මත පමණි. පෘථිවිය මත හැර වෙනත් ග‍්‍රහලෝක තුළ ද ජීවින් සිටිනවා ද යන්න සොයා බැලීමට මිනිසා යොමු වී සිටින්නේ විශාල වූ ධනස්කන්ධයක් ඒ සඳහා වැය කරමිනි. එතරම් විශාල වූ කැපකිරීමක් කරමින් ඔවුන් ඒ පිළිබඳව සොයා බැලීමට යොමු වී සිටින්නේ පෘථිවිවැසියා විශ්වය තුළ සිටින්නේ තනිව ම ද යන්න සැක සහිත නිසා ය.

    එම සැකයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ’පියාඹන පීරිසි’ නම් වූ පිටසක්වළ සිට පැමිණෙනවා යයි කියන යානා පිළිබඳව වූ ගුප්ත ආරංචියන් ය. මේ වනවිට ’පියාඹන පීරිසි’ සිය නෙතින් ම දැක ගැනීමට තරම් වාසනාවන්තයෝ මේ පොළෝ තලය මත සිට ඇත. මෙම අත්භූතජනක යානා විශේෂය වර්තමාන සමාජය තුළ කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වී ඇත. මේවායේ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් ද නැතහොත් මෙය වෙනත් යම්කිසි බලපෑමක්් නිසා දර්ශනය වනවාද යන්න තවමත් ප‍්‍රශ්නයකි.

    පීරිසියක් අහසේ පියාසර කරන බව යමෙක් පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. එය විශ්වාස කළ නොහැක්කක් වුව ද ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන අහසේ පියාසර කරන පීරිසි වර්ගයක් පිළිබඳව කටකතා විටින් විට වර්තමාන සමාජය තුළ පැතිර යයි. මෙලෙස පියාඹන පීරිසි නමින් අහසේ දර්ශනය වන්නේ මොනවාදැයි යන්න සොයා බැලීම විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදුකරයි. මේවා පෘථිවියෙන් එපිට ලෝකයක ජීවත්වන ජීවින් විසින් නිර්මාණකරණ ලද ඒවා බවට විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් පීරිසියක හැඩයට හුරු හැඩයක් ගන්නා නිසාත් අධික වේගයකින් යුතුව අහසේ පියාසර කරන නිසාත් මේවා ’පියාඹන පීරිසි’ ලෙසට හඳුන්වා දී ඇත. ’පියාඹන පීරිසි’ නමින් හඳුන්වනු ලබන මේවා ලෝකයේ විවිධ වූ ප‍්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ නෙතට දර්ශනය වී ඇති බවට සාක්ෂි ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ ද මේවා දර්ශනය වූ බවට වාර්තා ලැබී ඇත.

    ඇමෙරිකාවේ මෙක්සිකෝව නම් ප‍්‍රදේශයට 1947 ජුලි මස 04 වැනිදින මෙවැනි යානාවක් කඩා වැටුණු බවට වාර්තාවක් පල වී ඇත. එම යානාවේ පැමිණි ජීවීන් ද ඇමරිකානුවන් විසින් දුටු බව පැවසෙන අතර හිසට සාපේක්ෂව සිහින් සිරුරක් ඇති අළු පැහැයට හුරු කුඩා ජීවීන් විශේෂයක් ඒ තුළ සිටි බවත් සඳහන් ය. මෙම සිද්ධියත් සමඟ ම පියාඹන පීරිසි නැමති අභිරහස් යානා පිළිබඳව විශාල ආන්දෝලනයක් මිනිස් සමාජය තුළ ඇතිවිය. ඉන් පසුව ද මෙවැනි අත්භූතජනක සිද්ධීන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණීමට අද වනතුරුත් නොහැකි වී ඇත.ඒ කෙසේ නමුදු මේවා පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් විසින් මෙහෙයුමක් දියත් කර ඇත. රේඩියෝ දුරේක්ෂ භාවිතයෙන් සිදුකරනු ලබන මෙම මෙහෙයුම සෙටි යන නාමයෙන් හඳුන්වා දී ඇත. මුළු ලොව පුරා ම පිහිටුවා ඇති රේඩියෝ දුරේක්ෂ මගින් ඈත අභ්‍යවකාශය වෙත විහිදුවා හරිනු ලබන සංඥා මගින් පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ඔවුන් පවසයි. අහසේ විටින් විට දැකගැනීමට ලැබෙන ’පියාඹන පීරිසි’ නම් වූ යානාවන් තුළ පැමිණෙන්නේ කවුරුන් ද යන්න මේ මගින් නිගමනය කළ හැකි බවයි පැවසෙන්නේ.

    පියාඹන පීරිසි නමින් හඳුන්වනු ලබන යානා විශේෂය පිළිබඳව වර්තමාන තත්ත්වය එසේ වුවද කටකතා හා ආරංචියන් මත පදනම් වූ මිනිස් සමාජය තුළ මේ පිළිබඳව විවිධ වූ විශ්වාසයන් බිහි විය. පියාඹන පීරිසි වල පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් බවට අයෙක් විශ්වාස කළ අතර අයෙක් එය අසත්‍යයක් බව පැවසුවේ ය. මේ අතර මෙම අදහස් දෙක අතර තනි වූ මිනිසුන් ද මේ සමාජය තුළ අනන්තවත් සිටිති. සමහර අයෙක් තම පෞද්ගලික වාසිය තකා මෙය සත්‍යයක් බව පැවසූහ. එවැනි සිද්ධියක් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව දෙසින් වාර්තා වේ. එම ප‍්‍රදේශයේ ජීවත් වූ ඇඩම්ස්කි නැමති පුද්ගලයා විසින් පිටසක්වළ යානයකින් පැමිණි ජීවියකු දුටු බවත් තමා ඔහුත් සමග යානාවේ නැගී සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සංචාරය කළ බවත් පැවසීය. ඔහු පැවසූූ සිද්ධිය එසේ වුව ද කල් ගතවත්ම ඔහු කළ ප‍්‍රකාශය අසත්‍ය එකක් බව සොයාගන්නා ලදී. මුළු ලෝකයාටම තම නම ජනපි‍්‍රය කරවා ගැනීමේ අදහසින් මෙය ඉදිරිපත් කරන්නට ඇතැයි සමහරෙක් පවසති.

    පියාඹන පීරිසි තුළ පැමිණෙන්නේ පිටසක්වළ ජීවින් යැයි පැවසූ අය අතර පුවත්පත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ පිළිබඳ ය පුවත්පත් මගින් අපූරුවට විග‍්‍රහ කර තිබිණි. එම වාර්තා පල කිරීමත් සමඟ ම තම පුවත්පත්වල අලෙවියෙහි ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිකර ගැනීමට පුවත්පත් හිමිකරුවන්ට හැකිවිය. මේවා සම්බන්ධයෙන් සමහර විද්‍යාඥයින් පැවසුවේ සමහර විට වායුගෝල තුය තුළ ඇතිවන කැළඹීම් තුළින් දර්ශනය වන මායාවන් බවයි. ඒ අතර මේවා පිළිබඳව අදහස් දැක්වු අමෙරිකාව පැවසුවේ මේවා විවිධ රටවලින් එවු අභිරහස් යානා විශේෂයක් බවයි. එනම් රහස් ඔත්තු සෙවීමට පැමිණි යානා විශේෂයක් බවයි. එහෙත් පියාඹන පීරිසි දුටු බවට වාර්තා දිගින්් දිගටම ආරංචි විය. ඒ අනුව ඒවා පිළිබඳව පර්යේෂණ කළ විවිධ ආයතන විසින් පියාඹන පීරිසි යන්න කිහිප ආකාරයකින් හඳුන්වා දී ඇත.පියාඹන පීරිසි නමින් ප‍්‍රකටව ඇති මෙය නොහැඳිනුණු මේ පියාසර කරන වස්තූන් විශේෂය අධික වේගයෙන් ගමන් කරන නිසාත් ඒවා මොනවාද යන්න ක්ෂණයෙන් හඳුනාගත නොහැකි නිසාත් අමෙරිකානු ගුවන් හමුදාව විසින් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත්තේ පහත ආකාරයේ නිර්වචනයකි.

    ’අහසේ විටින් විට දර්ශනය වන්නා වූ කුමක්දැයි හඳුන්වා ගැනීමට අපහසු වස්තූන් පියාඹන පීරිසි නම් වේ’.මෙම යානා විශේෂය තම නෙතින් දුටු සමහර පුද්ගලයන් ඒ පිළිබඳව පොලීසියට ද දැනුම් දුන්නේ ය. එමෙන් ම මෙය කුමන ආකාරයක් දැයි තේරුම් ගැනීමට නොහැකි බව ද ඔවුන් පැවසූ අතර ඔවුන් ගේ මෙම කි‍්‍රයා කලාපයන් හා සාක්ෂි අනුව ’කොලරාඩෝ ’ විශ්වවිද්‍යාලය පහත දැක්වෙන ආකාරයේ නිර්වචනයක් පියාඹන පීරිසි සඳහා ලබාදී ඇත.’’සමාජයේ වගකිව යුතු පුද්ගලයන්ට පැමිණිලි කිරීමට තරම් චකිතයක් මිනිස් සිතෙහි ඇති කරමින් මොනවාදැයි තේරුම් ගත නොහැකි. මීට පෙර දැක නොතිබූ යම් වස්තුවක් අහසේ පියාසර කරනු දැකීම පියාඹන පීරිසියකි’’.පියාඹන පීරිසිත් දර්ශනය වන මෙම අත්භූතජනක යානා විශේෂය පොළොව මත සිටි අයට පමණක් ම නොව ගුවන් යානා යොදා ගනිමින් ඉහළ අහසේ ගමන් කරමින් සිටි අයට ද දර්ශනය වී ඇති බව පැවසෙයි. පුදුමය වන්නේ එය නොවේ.

    සඳ මතට ගිය සඳගාමීන්ට පවා සඳ මත දී එවැනි දර්ශන දැක ගන්නට ලැබුණු බව ඔවුන් පවසා ඇත. රාති‍්‍රය හා දහවල යන දෙකෙහි වෙනසක් නොමැතිව දර්ශනය වන පියාඹන පීරිසි දහවල් කාලයේදී එක් ආකාරයකටත් රාතී‍්‍ර කාලයේදී තවත් ආකාරයකටත් දිස්වන බව ඇසින් දුටුවෝ පැවසූ තොරතුරු අනුව ආනාවරණය වී ඇත. දහවල් කාලයේදී රිදී පැහැයට හුරු පැහැයක් ගත් මේවා රාතී‍්‍ර කාලයේ දී දර්ශනය වී ඇත්තේ කිසියම් දිලිසෙන ආලෝක කදම්බයක් ලෙසිනි. එමෙන් ම ඒවා එකම ප‍්‍රමාණයකින් නොව විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුතුව දිස් වී ඇති බව පැවසෙන අතර දැනට දැක ඇති පියාඹන පීරිසියේ විශාලත්වය මීටර් විස්සක් පමණ වන බව ගණන් බලා තිබේ.
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    #Earth#
    Mehema graha lokayak jivinta sudusu parisarayak ekka nirmanaya unanam thava me vage ekak vishvaya thula nirmanaya vena prathihatha vedi neda. e kiyanne thava jivaya thiyana loka on atharam athi.

    Arther Z:) Clark kiyana vidiyata minis hedaruva thiyana thava jivin inna be kiyala mokada parinamanaye dadu ketaya ahabu lesa vara gananavak peralima nisa minisa ada me rupayen sitina bava eya kiuve

    Pruthuviye ehema deyak unanam vena jivaya thiyana graha lokayakahth ehema venna berida:eek::eek:

    Minis ruvata samana jivin thava inna ida prasthava nethda:eek::eek::confused:
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Aliens are true , World's major powers know they exists including US,Russia,Europe,China
    at the time of first moon landing in 1969 Niel Amstrong has observed these UFOs.Though US keeps these stories as secrets Russian interference to the radio waves has recorded what he said. As well as Egypt Pyramids reveal some evidence for use of radiology 5000 yars ago.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Aliens are true , World's major powers know they exists including US,Russia,Europe,China
    at the time of first moon landing in 1969 Niel Amstrong has observed these UFOs.Though US keeps these stories as secrets Russian interference to the radio waves has recorded what he said. As well as Egypt Pyramids reveal some evidence for use of radiology 5000 yars ago.

    I've heard this too.:D the thing is why they are hiding this informations:nerd:
    My guess is to grab their technology against others:frown:
    Cz USA is power thirsty country. They are always Looking for Grab power:no: (Same others)
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    Aliens are true , World's major powers know they exists including US,Russia,Europe,China
    at the time of first moon landing in 1969 Niel Amstrong has observed these UFOs.Though US keeps these stories as secrets Russian interference to the radio waves has recorded what he said. As well as Egypt Pyramids reveal some evidence for use of radiology 5000 yars ago.


    haffa Alien kenek da owa kiuwe?

    Deyak kiuwoth oppu karanna puluwan sadaka danna... neththam 0
     

    Similar threads