පියුම් මාමා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    එක ලියුමක් බෙදන්නත් කිලෝ මීටර් 25ක්-30ක් පයින් යන මීමුරේ පියුන් මහත්තයා

    පාපැදියක් තිබුණත් ඉන් මේ ගමේ පාරවල ගමන් බෑ

    ගමේ අයගේ මුදල් බැංකුවලට දාන්නෙත් පියුන් මහත්තයා

    වෙහෙස නිවාගන්න කැලෑව මැද ගලක් උඩ වාඩිවෙනවා



    pun-mahatha-1.jpg




    සිරිපාද කඳු මුදුනට උදේ හවස ලියුම් බෙදන පියුම් මහතා ගැන ඔබ නිතර අසා ඇති. උදේ හවස දුෂ්කර ගිරි ශිඛරයක් තරණය කරමින් ඔහු කරන්නා වූ සේවය අගය කළ යුතු එකක් මෙන්ම එය තැපැල් සේවයේ සුවිශේෂී අවස්ථාවක් ද සලකුණු කරයි.



    සිරිපාදේ කඳු මුදුනට උදේ හවස යන එන පියුම් මහතා මෙන් ම සුවිශේෂි චරිතයක් අපට හමු වූයේ මීමුරේ ගම කරා සිළුමිණ අප ගිය මාධ්‍ය චාරිකාවේදීය.


    ඔහු මීමුරේ ගමේ එකම ලියුම් බෙදන්නා වන ඩබ්ලිව්. ජී. සමරකෝන් මහතා ය. දිවියේ අඩසියවස පසුකර ඇති සමරකෝන් මහතාගේ රාජකාරිය ද මීමුරේ ගමේ වාසය මෙන් ම දුෂ්කරය.
    සමරකෝන් මහතා මීමුරේ ගම්වැසියන් නිතර දකින නිතර අවැසි පුද්ගලයෙකි. ඔහු දිනකට කිලෝමීටර් 20 ක් 25 ක් දෙපා රිදෙනකමල් ඇවිදින්නේ සිය රාජකාරිය දේව කාරිය සේ සලකාය. හුන්නස්ගිරියෙන් ඇරැඹෙන මීමුරේ ගමන් මාර්ගයේ කිලෝමීටර් 32 ක් මීමුරය ගමටම ඇත. වාහනයක් නොව පාපැදියක්වත් යෑමට තරම් නොවන මීමුරේ මාර්ගය අතිශයින්ම අබලන්ය. දුෂ්කරය.”


    නාගරිකකරණයට හසු නොවූ මීමුරේ ගමේ ගෙවල් ඇත්තේ තැනින් තැනය. පාසල් තුනක් තැනින් තැන ඇත. කඩයක් දෙකක්, ගමේ පන්සලක් හැරුණු කොට මේ පියුම් මහතාගේ රාජකාරියට හසු නොවන තැන් නැත. ඔහු මේ දුෂ්කර සේවය කරන්නේ ගමේ ගම්මුන් වෙනුවෙනි; නැතිනම් දුෂ්කර සේවයක නියැළී සිටින රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු වෙනුවෙනි.


    සමරකෝන් මහතාගේ දෛනික ජීවිතය ඇරැඹෙන්නේ සිය නවාතැන වූ පුස්යාලේ සිට ය. එය මීමුරේ මාර්ගයේ අතරමැදි තැනකි. මේ ගමට ඇති එකම තැපැල් කන්තෝරුව ඇත්තේ කයිකාවල ගමේය. ඒ මීමුරයට පෙර ගමය.


    “...මම උදේ පාන්දර නැගිටලා පුස්යාලේ සිට කයිකාවල තැපැල් කන්තෝරුවට පයින්ම එනවා. එතැන කාර්යාලයේ කටයුතු කරලා තේ එකක් එහෙම බීලා ලියුම් මිටිය අරගෙන පයින්ම කයිකාවල හරහා කුඹුක්ගොල්ලට, පුස්යාල, හුනුකැට-දෙගලහ, නාඇල මාර්ගයේ කරඹ කැටියට යනවා. ඊටත් පස්සේ පයින්ම මීමුරයට යනවා. දවසකට එක ලියුමක් බෙදන්නත් කිලෝමීටර් ගණනක් පයින් ගමට යනවා එක ලියුමකට. ඒ ලියුම සමහර විට ඒ කෙනාට හදිසියක් නොවෙන්න පුළුවන්. ඒත් මම ලියුම් ප්‍රමාද කරන්නැහැ. රාජකාරිය මම අකුරටම කරනවා... මේ විදියට උදේ හවස මම කිලෝමීටර් 20 ක් 25 ක් පයින් ඇවිදිනවා. මට බයිසිකලයක් දීලා තිබුණා. ඒත් ඒකෙන් මේ පාරවල යන්න බැහැ...”


    සමරකෝන් මහතාට ගමේ වැව් කඳුරු, ලඳු කැලෑ හොඳට හුරුපුරුදුය. ඒ සිය රාජකාරිය නිවාලන්නට කෙටි මාර්ග සොයා යන බැවිනි. සාමාන්‍ය මඟින් ලිපි ගෙන ගියොත් ආපසු ඒමට දිනය මදි නිසා ලඳු කැලෑවල කෙටි මාර්ග සොයා යමින් වැව් කඳුරු තරණය කරමින් දිනපතා ගම වටා යෑමට සමරකෝන් මහතා පුරුදුව සිටී.


    සමරකෝන් මහතාගේ ගම තෙල්දෙණිය උඩිස්පත්තුවේය. පුතකු හා දියණියන් තිදෙනකුගේ පියකු වන සමරකෝන් මහතා සිය අඹු දරුවන්ගේ දුක සැප බලන්නට යන්නේ සතියේ සෙනසුරාදාත් සිය රාජකාරිය අහවර කරය.


    “...මම රාජකාරිය කරලා සෙනසුරාදා හවසයි ගෙදර යන්න පිටත් වෙන්නේ. සෙනසුරාදාට යන්න බැරිවුණොත් ඉරිදා උදෙන්ම ගෙදර යනවා. දරුවොත් එක්ක ඒ දවස ගතකරලා සඳුදා පාන්දරම රාජකාරියට එන්න පිටත් වෙනවා. හුන්නස්ගිරියෙන් මීමුරයට එන්න ආවොත් ගමන දුරයි. කි. මී. 32 ක් පයින්ම එන්න වෙනවා. ගමට යන එකම වෑන් එකේ යන්න ගියොත් රාජකාරිය පමා වෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් තංගප්පුවට එනවා. ඒක කෙටි කැලෑ පාරක්. තංගප්පුවේ ඉඳන් අට්ටලමෙට්ටුව හරහා කන්තෝරුවට කිලෝමීටර් 18 ක් තියෙනවා. ඒ දුර පයින්ම යනවා. කන්තෝරුවට ගිහින් ආයිත් ගම වටේ ලියුම් බෙදලා රෑ 6.30 ට විතර නවාතැනට යනවා. පුදුම දුෂ්කර සේවයක්...”


    සමරකෝන් මහතා කරන්නේ ගම්වැසියන්ගේ ලියුම් බෙදීම පමණක් නොවේ. ගමේ අයගේ වුවමනා එපාකම්වලට සත්කාර සේවයක් ද ඔහු විසින් සපයයි. ගමේ අයගේ මුදල් බැංකුවල තැන්පත් කරන්නට දෙන්නේ ද සමරකෝන් මහතාටය. පත්තරයක්, පොතක් ගෙදර ගොස් එන විට නගරයෙන් ගෙනත් දෙන්නේ ද ඔහුය. ඒ තරමට මේ පියුම් මහතා ගමේම විශ්වාසය දිනාගත් හිතවතෙකි. දුරකතන, අන්තර්ජාල, කිසිඳු පහසුකමක් නොමැති මේ ගමට කිසිදු ප්‍රමාදයකින් තොරව සිය වෙහෙස නොබලා ඔහු කරන කැපවීම ගම්මුන්ට උතුම්ය.

    pun-mahatha.jpg



    “ගමේ අය මාත් එක්ක හරිම එකතුයි. දුර ඇවිදගෙන යනකොට ගමේ ගෙදරකින් තමයි තේ එකක් බීලා වෙහෙස නිවා ගන්නේ, සමහර ගේකින් දවල්ට කෑම දෙනවා. වැස්ස දවස්වලට රාජකාරි නිම කරන්න රෑ වුණොත් ගමේ කාගේ හරි ගේකත් නවාතැන් ගන්න අවස්ථා තිබුණා... මම උදේ හවස කිලෝමීටර් ගණනක් ඇවිද්දත් වෙහෙස නිවා ගන්න කඩයක් නැහැ. ගෙයක් දොරක් නැති තැන ගලක් උඩ ටික වේලාවක් වාඩිවෙලා වෙහෙස නිවා ගන්නවා...”


    මේ දුෂ්කර සේවයේදී පියුම් මහතා ජීවිතයේ ලද අමතක නොවන සිදුවීම් ද කටුක අත්දැකීම් ද බොහෝ ය. සිය පවුල් ජීවිතයට වඩා රාජකාරිය දේවත්වයේ ලා සැලකූ සමරකෝන් මහතාගේ සේවය ගම්මු ඇගැයීමට ලක් කළත් රජයෙන් ඔහුට නිසි ඇගැයීමට ලක්කර නොමැති බව කනගාටුවෙන් යුතුව සිහිපත් කළ යුතුය.


    “මං මේ ගමට ඇවිත් අට වසරක් වෙනවා. මේ අවුරුදු අටේම කළේ මේ දුෂ්කර සේවයමය. වෙන කෙනෙක් මේ ගමට එන්නැහැ. ඒ නිසා හැමදාම මම මෙතැන. මට කිසිම විශේෂ දීමනාවක් නැහැ. අනිත් අයට දෙන රු. 15,245 ක පඩියමයි මටත් ලැබෙන්නේ...”


    අපිට මේ සුවිශේෂී පුද්ගලයා හමුවූයේ කලින් සඳහන් කළාක් මෙන් මීමුරේ යන ගමනේදීය. ඒ ඔහු දහඩිය පෙරමින් කයිකාවල පාසලට පැමිණ රාජකාරි ලිපියක් විදුහල්පතිතුමාට බාරදීමට පැමිණි අවස්ථාවේදීය. මීමුරේ ගමනේ දුෂ්කරතාව නොදත් අය මොහුගේ සේවාව ඇගැයීමට ලක් නොකරති. නමුත් දුරකතන, අන්තර්ජාල නොමැති තොරතුරු ගලා යෑමේ අඩුපාඩු පවතින මෙවන් ගමකට මෙවැනි සේවයක් සලසන මෙවැනි පුද්ගලයකු ලැබුණේ ගම්මුන්ගේ පිනටය. අදාළ බලධාරීන් මෙවන් සේවා මීට වඩා ඇගැයුමට ලක්කළ යුතුය.


    සුභාෂිණි ජයරත්න
    ඡායා - විමල් කරුණාතිලක


    උපුටා ගැනීම - සිළුමිණ

    http://silumina.lk/2015/10/11/_art.asp?fn=ss1510117
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ වගේ මිනිස්සුන්ව අගය කරන්න ඕනේ. ටවුමේ ඉන්න ගොඩක් ලියුම් බෙදන මිනිස්සු ලියුම් කඩනවා. එකත් ඒ මිනිස්සුන්ගේ නැති බැරි කම. පව් ඉතින් ලියුම් බෙදන රස්සාව දන්නේ ඒ මිනිස්සු විතරයි. හ්ම්ම් :(
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ වගේ මිනිස්සුන්ව අගය කරන්න ඕනේ. ටවුමේ ඉන්න ගොඩක් ලියුම් බෙදන මිනිස්සු ලියුම් කඩනවා. එකත් ඒ මිනිස්සුන්ගේ නැති බැරි කම. පව් ඉතින් ලියුම් බෙදන රස්සාව දන්නේ ඒ මිනිස්සු විතරයි. හ්ම්ම් :(
    නුවර අපේ ගෙදරට ලියුම් බෙදන මල්ලි නම් අපරාදේ කියන්න බැ හරි හොදයි. කවදාවත් පාර්සලයක් ලොකුයි බරයි කියලා නොගෙනැවිත් නැ. සමහර පාර්සල් මට ගේට්ටුව ලග ඉදන් ගෙදෙට්ට උස්ස ගෙන ගියාම හැති. ඒත් ඒ මනුස්සයා ටවුමේ ඉදන් කදු නැගගෙන එනවා. නියම රජයේ සේවකයෙක්. මම ගෙදර ඉන්න වෙලාවක ආවොත් මිනිහට අනිවාර්යෙන් කූල් එකක් දීලා තමා යවන්නේ. මොකැ DHL උන්වගෙ වැන් එකේ එනවා කියලයැ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපරාදේනෙ ඔය තරම් දුරක් පයින්ම යන්නෙ..???????? ඕක තැපැල් කරානම් ඉවරයිනේ :lol::lol:.. (Jock)
    ඇත්තටම අගය කල යුතු මිනිසෙක්. Respect.
     
    • Like
    Reactions: sudumalli2009

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නුවර අපේ ගෙදරට ලියුම් බෙදන මල්ලි නම් අපරාදේ කියන්න බැ හරි හොදයි. කවදාවත් පාර්සලයක් ලොකුයි බරයි කියලා නොගෙනැවිත් නැ. සමහර පාර්සල් මට ගේට්ටුව ලග ඉදන් ගෙදෙට්ට උස්ස ගෙන ගියාම හැති. ඒත් ඒ මනුස්සයා ටවුමේ ඉදන් කදු නැගගෙන එනවා. නියම රජයේ සේවකයෙක්. මම ගෙදර ඉන්න වෙලාවක ආවොත් මිනිහට අනිවාර්යෙන් කූල් එකක් දීලා තමා යවන්නේ. මොකැ DHL උන්වගෙ වැන් එකේ එනවා කියලයැ.

    මාත් නුවර. කලින් හිටපු ලියුම් බෙදන මෑන් හොඳට වැඩ කරගෙන ගියා. පස්සේ පස්සේ ගෙදරට පිටරට ඉඳන් ලියුම් එන්න ගත්තම මිනිහට කුතුහලේ වැඩි වෙලා කඩලා බලලා ආයේ අලවලා තිබුණා. මිනිහා හිතන්න ඇති සල්ලි මොනවා හරි ඇති කියලා. පස්සේ මම කෙලින්ම කිව්වා මෙහෙම වෙලා තියනවා කියලා මිනිහා දන්නේ නැති පාට් එකක් දැම්මා. පස්සේ මිනිහා ගැන තව ගොඩක් ගෙවල් වලින් කම්ප්ලේන් ගිහින් තිබිලා මෑන්ව මාරු කරලා තිබුණා. දැන් එන අය හොඳයි. නැති බැරි කමට ගෙදර මහන සවියට් කොට්ට උර එහෙම ගේනවා පුළුවන් උදව්වක් කරන්න කියලා. අපි ඉතින් උදව් කරනවා. පව් ඒ මිනිස්සු ඉතින්
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාත් නුවර. කලින් හිටපු ලියුම් බෙදන මෑන් හොඳට වැඩ කරගෙන ගියා. පස්සේ පස්සේ ගෙදරට පිටරට ඉඳන් ලියුම් එන්න ගත්තම මිනිහට කුතුහලේ වැඩි වෙලා කඩලා බලලා ආයේ අලවලා තිබුණා. මිනිහා හිතන්න ඇති සල්ලි මොනවා හරි ඇති කියලා. පස්සේ මම කෙලින්ම කිව්වා මෙහෙම වෙලා තියනවා කියලා මිනිහා දන්නේ නැති පාට් එකක් දැම්මා. පස්සේ මිනිහා ගැන තව ගොඩක් ගෙවල් වලින් කම්ප්ලේන් ගිහින් තිබිලා මෑන්ව මාරු කරලා තිබුණා. දැන් එන අය හොඳයි. නැති බැරි කමට ගෙදර මහන සවියට් කොට්ට උර එහෙම ගේනවා පුළුවන් උදව්වක් කරන්න කියලා. අපි ඉතින් උදව් කරනවා. පව් ඒ මිනිස්සු ඉතින්
    මටත් හරි දුකයි ලියුම් බෙදන උන් කන කට්ට දැක්කම. විශේශයෙන්ම නුවර වගේ කදු පලාත්වල. සමහරදාට එක ලියුමයි අපේ ලේන් එකටම, ඒත් මිනිහා කන්ද නගිනවා. මම දවසක් මිනිහට කිව්වා, එක ලියුමක් තියේ නම් එන්ඩ එපා අපේ ඔෆිස් එකට ගෙනත් දෙන්ඩ නැත්තම් කොල් එකක් දෙන්න පහුවෙනිදට ගේන්න කියලා. ඒ තරමට මට දුක හිතුනා. ඩයලොග් බිල් දවස්වලට හොන්ඩරයක් විතර ඇති මිනිහගේ මල්ල. ඒකත් එක්ක කදු නගිනවා කියන්නේ...
    2.gif
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොහෙදිද උබට හම්බුනෙ, මීමුරෙ ?


    ඔව් බන්.මේ මීමුරේ ලියුම් බෙදන කෙනා නම් මට එයා හමු වුනා.මම එහේ ගිය දවසේ අපේ වාහනේ දාගෙන ගිහින් මගින් බැස්සුවා.තව ටික දවසකින් පෙන්ෂන් යනවා කිව්වා..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඊයේ ලොක තැපැල් දිනය. මෙයා ගැන කතා කරලා නැ වගේ.

    මටනම් මේ කමෙන්ට් එක දැක්කාම දුකකුත් එක්ක පුංචි තරහකුත් ආවා...:(
    ලොකුවට ඕව සමරන සල්ලි වලින් මේ මිනිස්සුන්ව අගය කරල දෙයක් කරන්න පුලුවන් උනානම්....:yes: