පිය_පෙම

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    piyekuge-pema.jpg


    .
    .
    .
    .
    ලෙබනනයේ බීරූට් අගනුවර සිව් හැවිරිදි දියණියක කර පින්නාගෙන පෑන් වෙළඳාම් කරමින් ජීවිතය ගැට ගසා ගන්නට වෑයම් කළ තාත්තා කෙනෙකුගේ රුව පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවි හරහා ඉක්මනින් හුවමාරු වුණා. මේ දියණිය රීම්. තාත්තා තමයි තිස්පස් හැවිරිදි අබ්දුල් හලීම්. ඔවුන් දෙදෙනාත්, රීමාගේ සොහොයුරා වූ නව හැවිරිදි ආබ්දිල්ලාත් ලෙබනනයට සංක‍්‍රමණය වූයේ සිරියාවේ පැතිර ගිය යුදමය තත්ත්වය නිසයි. මේ දරුවන් දෙදෙනාගේ මව සිය පවුල හැර දමා ගොස් තිබුණේ සිරියාවේ දී ම යි. දරු දුක උහුලා තනිව ම ජීවිත තුනක බර උරට ගත්ත අබ්දුල් තාත්තාගේ ධෛර්යවන්ත සිත නිසා මව් සෙනෙහස අහිමි වුණු මේ පවුල ලෙබනනයේ අනාථ කඳවුරු තුළ පණ රැුක ගත්තා.

    මේ රුව දැක සංවේගයට පත් ලෝ පුරා පරිත්‍යාගශීලීන් විසින් ඩොලර් 168000ක මුදල් ආධාර අබ්දුල් හලීම්ගේ පවුල වෙනුවෙන් ලබා දෙන්නට යෙදුනා. ජීවිතේ කිසිම දිනක එවන් මුදල් සම්භාරයක් ඉපැයීමක් ගැන සිතන්නටවත් නො හැකි තත්ත්වයක පසු වුණු අබ්දුල් මේ මුදල් තම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත්, සිරියානු සරණාගතයන්ගේ සුබසාධනය වෙනුවෙනුත් යොදවන්නට තීරණය කොට තිබෙනවා.
    2015%2F12%2F03%2Fc9%2FBuyPens.f00b6.jpg


    අම්මලාගේ ආදරේට බොහෝ වචන තිබෙනවා. අම්මලාගේ ආදරය කථා කරන ආදරයක්. හැබැයි, සාමාන්‍යයෙන් නම් තාත්තලාගේ ආදරය නිහඬයි. එ් නිහඬ ආදරය කථා කරපු එක මොහොතක් තමයි මේ. දරුවන් බිහි කරන, දරුවන් පෝෂණය කරන, දරුවන් ව රැක බලා ගන්නා මේ ගුණය දැක සතුටු වුණු සිත් – එ් වගේ ම මංමාවත් පුරා ඇවිද යමින් දරුවන් ද සමඟ විඳින දුක දැක හද කම්පා වුණු කරුණාවන්ත සිත් මූල්‍යමය වශයෙන් ඔවුන්ට උපකාරයක් කරන්නට යෙදීම ප‍්‍රශංසනීය යි. මේ තාත්තාගේ වගේ ම එ් ත්‍යාගශීලීන්ගේ ගුණය ගැන පමණක් නො වෙයි; මේ පුවතින් හෙළිදරව් වන තවත් ගුණවත් පිරිසක් ගැන ඔබට කියන්නට අප සිතුවා.

    එ් පිරිස තමයි මේ රුව සහ පුවත ලෝකය හමුවට ගෙනා මාධ්‍යවේදීන් පිරිස. අයර්ලන්ත ජාතික ගිසර් සයිමනර්සන් නම් මාධ්‍යවේදියා විසින් කැමරා කාචයට හසු කර ගත් මේ රුව ලෝකය හමුවට ආවේ ජාතිවාදී, ආගම්වාදී හැඟීම් – ආවේග කුළු ගන්වමින් නෙවෙයි. ඔහු මේ දෙදරු පියා මහා පාරේ විඳින දුක ලෝකයට කියා පෑවා. ජාතිය, ආගම, වර්ණය සලකා බලමින් කෙනෙකුගේ දුක හමුවේ සතුටු වීම හෝ දුක් වීම තීරණය කරන මිනිසුන් සිටින ලෝකයක මේ මාධ්‍යවේදියා විශිෂ්ට මෙහෙවරකයි නියැළුනේ. ලද ප‍්‍රතිඵලයත් සතුටුදායකයි.

    මේ රුව ඉදිරිපත් කරමින් ඔහුට අදාළ පුවත අකුසල සිත් උපදවන වස්තු බීජයක් ලෙස සමාජගත කරන්නට ඉඩ ඕනෑතරම් තිබුණා. පුවත්පත්, සඟරා, රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා, අන්තර්ජාල වෙබ් අඩවි ආදි සියල්ල හරහා අද වන විට වැඩි වශයෙන් හුවමාරු වන්නේ මිනිසුන්ගේ රාග, ද්වේෂ, මෝහ වැඩි දියුණු කරවන දේවල්. කුසලය වැඩිය හැකි දෙයක්, කුසලය දියුණු කළ හැකි දෙයක් බව දැනගෙන තමා තුළත්, අනුන් තුළත් කුසලය ම දියුණු කරවන ප‍්‍රතිපදාවක හැසිරෙන්න තරම් ගුණවත් බවක් බොහෝ දෙනෙකුට නැහැ. මේ ගුණවත් බව අප අපේක්ෂා කළ යුත්තේ මාධ්‍යවේදීන් ලෙස ලියාපදිංචි වූවන්ගෙන් පමණක් නො වෙයි. වචනයක් පිට කළ හැකි, යම් හෝ ක‍්‍රියාවක් කළ හැකි, සිතුවිල්ලක් හෝ පහළ කළ හැකි සියලූ මනුෂ්‍ය වර්ගයා තුළ එ් ගුණවත් බව තිබිය යුතු ම යි. එවිටයි, ගුණය දකිමින් සතුටු වන, ප‍්‍රියශීලී ව වසන, සමඟි සම්පන්න සමාජයක් බිහි වන්නේ.


    Source: Mahamegha
     
    Last edited:

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පව් ඇඬෙනව දුකේ බෑ :yes: මේ අනික :yes:
    Alan_Kurdi_lifeless_body.jpg
    අඬල අඬල සරණාගතයො ගත්ත දැන් දාගෙන අරිනව ඕකත් ඔච්චර තමා :yes: ජීවිතේ ගැටගහගන්න විදිහක් නැත්තං ඕකටයි ලමයටයි දෙන්නටම ඔලුව කුඩුවෙන්න තියල දාල මිනිය ඇදල දැම්ම නං කැලේකට සතෙක්වත් කනව අරාබිකරේ අනුකම්පා කරනවනං කරන්න ඕනෙ ඊශ්‍රායල් ජාතිකයන්ට විතරයි :yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේවගේ දේවල් ලංකාවේ කොච්චර දකින්න පුලුවන්ද? :love::love:

    99% ඉන්නෙ බොරු කාරයෝ... මම දන්න කෙනෙක් ගෙ ගෙවල් ගාව ලමය බලගන්න හිටපු ගෑණි ගෙදර මිනිස්සු දෙන්න වැඩට ගියාම ලමයට පිරිටන් දීල ලමයත් උස්සන් හිඟා කන්න ගිහින් මාට්ටු උනා.
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    tfs macho


    අනේ පව් ඇඬෙනව දුකේ බෑ :yes: මේ අනික :yes:
    Alan_Kurdi_lifeless_body.jpg
    අඬල අඬල සරණාගතයො ගත්ත දැන් දාගෙන අරිනව ඕකත් ඔච්චර තමා :yes: ජීවිතේ ගැටගහගන්න විදිහක් නැත්තං ඕකටයි ලමයටයි දෙන්නටම ඔලුව කුඩුවෙන්න තියල දාල මිනිය ඇදල දැම්ම නං කැලේකට සතෙක්වත් කනව අරාබිකරේ අනුකම්පා කරනවනං කරන්න ඕනෙ ඊශ්‍රායල් ජාතිකයන්ට විතරයි :yes:

    99% ඉන්නෙ බොරු කාරයෝ... මම දන්න කෙනෙක් ගෙ ගෙවල් ගාව ලමය බලගන්න හිටපු ගෑණි ගෙදර මිනිස්සු දෙන්න වැඩට ගියාම ලමයට පිරිටන් දීල ලමයත් උස්සන් හිඟා කන්න ගිහින් මාට්ටු උනා.

    මේ තාත්ත හරිම උත්සාහවන්තයි ..ඒ වගේම වාසනාවන්තයි !!
    හොඳ ත්‍රෙඩ් එකක් !!!
    +15

    :yes: