පිරමීඩ තැනූ රහසක් හෙළිවේ

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
පිරමීඩ තැනූ රහසක් හෙළිවේ

ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කියති. කම්කරුවන් විසින් විශාල ශෛලමය කුට්ටි වැඩපොළට ගෙන ගොස් ඇත්තේ ඉතා සරළ ක්‍රමයකින් බව ඔවුන් අනාවරණය කරයි.

පර්යේෂණ සිදුකළ භෞතික විද්‍යාඥයන් කළේ ඊජිප්තුවේ හිම මත ගමන් කිරිමට තැනූ තල්ලුවී යන කරත්තයක යටින් වැලි තැටියක් දමා රසායනාගාර වාර්තාවක් ලබා ගැනීමයි.

ඔවුන් පවසන්නේ අවශ්‍යවන ඇදීමේ බලය හා වැලිවල දැඩි බව යන දෙකම වැලිවල ඇති ජල ප්‍රමාණය අනුව සිදුවන ක්‍රියාවක් බවයි. දැඩි බව තීරණය කිරීමට රෙයෝමීටරය භාවිතා කළ අතර එමගින් එක්තරා වැලි පරිමාවක් වෙනස් කිරීමට අවශ්‍ය බලය ද තීරණය කළ බව පර්යේෂකයෝ කියති.

පර්යේෂකයන් පවසන්නේ නිශ්චිත ජල පරිමාවක් යෙදීමේ දී කාන්තාර වැලි අනෙක් සාමාන්‍ය වැලි මෙන් දෙගුණයක දැඩි බවක් ඇති බවයි.

කාන්තාරයේ වැලි මත හිම කරත්තයක් ලිස්සා ඉතා සරලය. එම කරත්තය යන විටදී සාමාන්‍ය වැලි මෙන් කරත්තය ඉදිරිපිට දී මේ වැලි ගොඩගැසෙන්නේ නැත.

ඇම්ස්ටර්ඩෑම් පර්යේෂකයන් පවසන්නේ පුරාණ ඊජිප්තුවේ පිරමිඩ තැනීමට විශාල ගල් සහ ප්‍රථිමා ප්‍රවාහණය කැර ඇත්තේ තෙත වැලි මතින් බවයි. හිම කරත්ත භාවිතයෙන් බවයි. තෙත වැලි යොදා ගනිමින් මේවා ප්‍රවාහනය කිරීම පහසුවක් යැයි තහවුරු වී ඇත.

නිවැරදි ප්‍රමාණයකින් ජලය එක් කිරිමේ දී තෙත් වූ කාන්තාර වැලි වියලි වැලි වලට වඩා දැඩි වන බව ද එබැවින් ඒ මත යමක් තල්ලු කිරිමේ දී යෙදිමට වන ශක්තිය හරි අඩකින් අඩුවන බව ද පර්යේෂකයෝ කියති.

පිරමිඩ අභ්‍යන්තරයේ ඇති සිතුවම් මගින් ද මේ තාක්ෂණය පැහැදිලි වන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ අදාල පරීක්ෂණය සිදුකළ කණ්ඩායම පෙන්වා දී ඇත. එක් පිරමීඩයක ඇති සිතුවමක දක්වා ඇත්තේ එක් පුද්ගලයෙක් තල්ලුකරන හිමකරත්තයක ඉදිරිපිට නැගිට සිටිමින් ඉදිරියේ ඇති වැලිවලට ජලය වත්කරණ ආකාරයයි.

මේ පර්යේෂණය අනුව යමින් කුඩා කැට වලින් යුතු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, සැකසීම පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරිමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය නව සොයාගැනීම් වෙත ගමන්කළ හැකිවෙතැයි ද පර්යේෂකයෝ කියති


 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kocchara wada karayoda a kale idala tiyenne
    a kaaldi karapu dewal mey kaale hoyagannath hena kattak denna wenawa..

    :D:D:D:D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඒ උනාට මචන් ඔකේ තව අබිරහස් ටිකක් තිබුනා. දැන් නම් මට මතක නැහැ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    TFS machan... :)
    ඒක එහෙම උනත් අර පත ගල් සියුම් විදියට කපල තියෙන ඒක හොයාගන්න බෑනේ. :)
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ethakota issuweth veli uda thiyalada.
    owa boru e thakshane nethi wela giya eka paratama. lankawe unath issara gal kanu pravahanaya kala heti, gal molok karala ketayam kapapu heti, badaama hadapu thakshanaya me okkoma athurudahan wela giya.

    loke hema thenakama meka una. eka paarata perani thakshana athurudahan una. meka adatath wisadumak hoya ganna beri getaluwak.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ochchcra koheda ban ehe wathura thiyenne meka nam piliganna amarui
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ethakota issuweth veli uda thiyalada.
    owa boru e thakshane nethi wela giya eka paratama. lankawe unath issara gal kanu pravahanaya kala heti, gal molok karala ketayam kapapu heti, badaama hadapu thakshanaya me okkoma athurudahan wela giya.

    loke hema thenakama meka una. eka paarata perani thakshana athurudahan una. meka adatath wisadumak hoya ganna beri getaluwak.


    ඒක හරි සහෝ කෝමද ඔිව ඉස්සවේ කියන එකනේ ගැටලුව දුම්රිය පෙට්ටියක් තරම් ලොකු යෝධ හුණුගල් කුට්ටි :shocked: