ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ගැන කිසිඳු සැකයක් නැත. පිරිතේ ආනුභාවයත් එසේමය. එදා බුදු රජාණන්වහන්සේ රතන සුත්‍රය වදාලා , ඒ අනන්ත ත්‍රිවිධ රත්නයේ ගුණ සත්‍යනුභාව කර කෝටි ලක්ශයක් සක්වල ඒ බුද්ධ ආඥාව පතුරවනු ලද සේක.
නමුත් අද සමාජයේ පිරිත් කියූ පමණින්ම සියළු උවඳුරු නැතිවේ යැයි හැඟීමක් පවතී. එය එසේ නොවූ විට නූතන මිනිසුන් ධර්මය ගැන සැක උපදවනු ඇත. ඔවුන් ධර්මයෙන් තවත් දුරස් වනු ඇත. එය මහා අපරාධයකි. පිරිත් දේශන කරන ලද සිල්වත් හිමිවරුන්ගේ සීලය පිළිබඳවද කුකුසක් උපදවනු ඇත. ආර්‍යය උපවාද කර්ම පවා සිදු කර ගත හැක.
පිරිත් යනු බුදු රජාණන් වහන්සේ විසින් අධිෂ්ඨාන පිහිටුවා දේශනා කරන ලද උතුම් බුද්ධ භාශිතයයි. එහි නියත වශයෙන්ම ශක්තිය ගැබ්ව ඇත. තේරුම දැනගනිමින් හදවතින් එය ස්පර්ශ කරමින් සජ්ජායනය කිරීමෙන් මේ විශ්වයට මහා ශක්තියක් එක් වේ. තමන්ගේ හර්ද සන්තානයද පාර්ශුද්ධත්වයට පත්වේ. දෙවියන්ට, අමනුෂ්‍යන්ට පිරිත් ඉතා ප්‍රිය වේ.මේ විශ්වයේ සිදුවීම් සිදුවන්නේ හේතු ඵල දහමට අනුකූලවය. අප විසින් වපුරා ඇති බීජ අනුවම පලදාව ලැබෙනු ඇත. ප්‍රබල කර්ම ශක්තීන් නැතිනම් ඔබ විසින් විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, සිල්වත්ව, ගුණවත්ව සිට සජ්ජායනය කරන පිරිතේ බලය ඔබ අත්දකිනු ඇත. එහි කිසිඳු සැකයක් නොවේ.
පිරිතෙහි ප්‍රතිඵල ලැබීමට නම්, ත්‍රිවිධ රත්නය පිලිබද විශ්වාසයත්, කෙලෙස් වලින් බහුලව වැසී නැති, බලවත් කර්මයන්ගෙන් වැසී නැති, ස්වභාවයත් අවශ්‍ය වේ. පිරිත් කියන්නාද, සිල්වත් ගුණවත් විය යුතුය යන්න සාමාන්‍ය පිළිගැනීමයි. පිරිත් කියූ පමණින්ම සියල්ල ඉන්ද්‍රජාලිකව යහපත් නොවනු ඇත. අපට නොපෙනෙන පූර්ව කර්මයේ බලපෑමද මෙහි අනිවාර්යයෙන් ඇත. එසේ නොවේ නම් ඉතිහාසයේ දහස් ගණනින් රහතුන් වහන්සේලා බැමිණිතියා සාය වැනි දුර්භික්ශ වලින් පිරිනිවන් නොපානු ඇත. එදා සමාජය අදට වඩා සිල්වත් ගුණවත් මිනිසුන්ගෙන් පමණක් නොව උතුම් මහ රහතුන් වහන්සේලාගෙන් පිරී තුබුණද මේ ස්වභාවික උවදුරු එදත් පැමිණියේය.
උන් වහන්සේලා කෙලෙස් වලින් නිදහස්ව, ධර්මය ගැන අචල ශ්‍රද්ධාවකින් මේ උපද්‍රව වලදී මෙලෙසින්ම එදා පිරිත් කියන්නට ඇත. එනමුත් රහතුන් වහන්සේලාටද කර්මයට යට වන්නට ඇති බව සිතිය හැක. බුදුන් වහන්සේටත් කර්ම විපාකය පොදු ධර්මතාවක් නම් අසරණ අප ගැන කවර නම් කතාවක් වේද..! නමුත් සියල්ලටම වඩා වැදගත් වනුයේ සිතෙහි පවතින විශ්වාසයයි..ශ්‍රද්ධාවයි.. පිරිතෙහි ආනුභාවයෙන් ප්‍රතිඵල ලබා ගත් අවස්ථා අනන්තව හා අප්‍රමාණව බෞද්ධ ඉතිහාසය පුරාවටමත්, අප්‍රකටව පුද්ගලිකවත් ඇත.
විරාගී වී, වීතදෝෂී වූ, වීත මෝහී වූ අප මහා සම්මා සම්බුදු පියාණන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් , සමාධිමත් සිතින්, පිරිත් සජ්ජායනය කරන්න. ඔබට ලැබෙනා ප්‍රථිපලය ඔබ අත්දකිනු ඇත.
ඒ ශ්‍රද්ධාව , ප්‍රඥාවෙන් යුතුව තවත් ඉදිරියට ගෙන ගොස්, මේ සා ව්‍යසන වලින් සදාකාලිකව මිදෙන්නට බුදු පියාණන් පෙන්වා දුන් මාර්ගය අනුගමනය කරන්න....!