පිරිමින්ට කරදර කරන මාළුවෙක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පිරිමින්ට කරදර කරන මාළුවෙක්

දේශය කුමක් වුවත් නිරුවතින් නෑම යනු අළුත් දෙයක් නොවේ. එහෙත්, ආක්‍රමණශීලී මසුන් විශේෂයක් හේතුවෙන් ස්කැන්ඩිනේවියානු කලාපයේ ජිරිමින් ට නම් නිරුවතින් නෑම ගැටළුවක් වී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.

දකුණු ස්වීඩනයත් ඩෙන්මාර්කයට අයත් සීලනඩ් දූවත් අතර පවතින ‘ද සවුන්ඩ්’ සමුද්‍ර සන්ධියෙන් පසුගියදා හමුවී ඇති මෙම මත්ස්‍යයා පාකු නම් විශේෂයට අයත් යැයි පැවසේ.


නිවේදනයක් නිකුත් කරමින් සිටින ඩෙන්මාර්ක් බලධාරීන් පවසා ඇත්තේ මෙම මාළුවා හසුවූ ‘ද සවුන්ඩ්’ හි නෑමට යාමේදී නිරුවතින් නොයන ලෙසයි.


මිනිසුන්ට බෙහෙවින් සමාන දත්දෙපළක් හිමිව තිබීම මෙම මත්ස්‍යයා ගේ විශේෂත්වයයි.


පාකු මසුන් විසින් පැපුවා නිව් ගිනියා හි ධීවරයන් දෙදෙනෙකුගේ වෘෂණ සපාකෑමෙන් පසුව රුධිරය වහනය වීමෙන් එම ධීවරයන් මියගොස් ඇතැයි මීට කලින් වාර්තා වූ බව විදෙස් වාර්තා වල දැක්වෙන අතර, මෙවැනි සිද්ධීන් හේතුවෙන් මෙම සත්ත්වයා ‘බෝල් කටර්’ ලෙසද ඉංග්‍රීසී වහරෙන් හැඳින්වේ.


පිරානා මත්ස්‍ය පවුලට අයත් පාකු මත්ස්‍යයා සාමාන්‍ය යෙන් ආහාරයට ගන්නේ පැළෑටි, ගෙඩි, හා ගොළුබෙල්ලන් ය.


දිගින් සෙ.මී. 90 ක් හා බරින් කිලෝ 25ක් දක්වා විශාල විය හැකි මෙම මාළුවා සාමාන්‍ය යෙන් වෙසෙන්නේ ඇමේසන් ප්‍රදේශයේය.

උපුටාගැනීම මිරර් නිවුස්


1xf5.jpg



r6vy.jpg