පිරිමියෙක් වුනත් අපයෝජනය වෙන්න පුලුවන්
ඇබියුස් නැත්තං අපයෝජනය කියන වචනේ ඇහුණු ගමන් අපිට මතක් වෙන්නේ ස්ත්‍රී පාර්ශවයට පිරිමි පාර්ශවයෙන් වෙච්ච අකටයුතුකමක් කියන එකනේ. ඇත්තටම මේක අකටයුතු කමක් වගේ සරලව හිතන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපයෝජනයක් කියන්නේ නීතියේ හැටියටත් දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි අපි මේ කියන්න යන්නේ තව ටිකක් වෙනස් කතාවක්. නිකමට හරි හිතලා තියෙනවද පිරිමින්වත් අපයෝජනයට ලක්වෙන්න පුලුවන් කියල? ඒක තව පිරිමියෙක් හෝ පිරිමි අතින් වෙන්න පුලුවන්. ඒ වගේම ගැහැණියක් හෝ ගැහැණු අතින් වෙන්නත් පුලුවන්. බලමු තව දුරට මේ ගැන කතා කරලා.
1. අපයෝජනය ඕනෑම ආකාරයක් ගන්න පුලුවන්
ඒ වගේම දිගට කියවගෙන යන්න කලින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපයෝජනය කියන්නේ හැමවෙලාවකම ලිංගික අපයෝජනයම නෙවෙයි. අපයෝජනය ශාරීරික වෙන්න පුලුවන්. අපයෝජනය මානසික වෙන්න පුලුවන්. නිකමට හිතන්න කෙනෙක් දරුවෙක්ට කරන ඕනෑම සුළු වැරැද්දකට දැඩි දඬුවම් පමුණුවනවා කියලා. ඒ වගේ සිදුවීම් ඕන තරම් වාර්තා වෙලා තියෙනවා. ඕනම පොඩි ළමයෙක්ගේ අතින් වෙන්න පුලුවන් වැරැද්දකට වුනත් දැඩි ලෙස ශාරීරික දඬුවම් කිරීම, ශාරීරික වද හිංසා පැමිණවීම, අපහසු ජීවන තත්ව වලට දරුවෙක්ව බලහත්කාරයෙන් යොමු කිරීම වගේ මේ ඕන දෙයක් ශාරීරික අපයෝජනයක් විදියට සලකන්න පුලුවන්. අනෙක් අතට නිතරම දෝෂාරෝපණය කිරීම, මානසිකව බිඳ වැට්ටවීම වගේ දේවල් මානසික අපයෝජනයන් විදියට ගණන් ගන්න පුලුවන්.
2. පහසුම ඉලක්කය: පොඩි දරුවෝ
මේ කාරණාවට ඇත්තටම ගැහැණු පිරිමි භේදයක් නැහැ කියලා අපි දන්නවනේ. හැබැයි තවමත් සමාජයේ වැඩියෙන් පරිස්සම් කෙරෙන්නේ ගැහැණු ළමයි තමයි. පිරිමි ළමයෙක්ව ඒ තරමට පරිස්සම් කිරිල්ලක් දෙමාපියන්ගෙන් සිද්ධ වෙන්නෙ නෑ. අන්න ඒ නිසාම පොඩි පිරිමි දරුවෙක්ව බොහොම පහසුවෙන් අපයෝජකයෙක්ට ගොදුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. අනික් කාරණාව තමයි මේ වගේ අපයෝජනයක් දරුවෙක්ගේ ජීවිතේ එක්ක සම්බන්ධ වෙන ඕනෑම වැඩිහිටියෙක්ගෙන් වෙන්න පුලුවන්. ඒකට වෑන් එකේ අංකල්ද, ගුරුවරයෙක්ද, මාමා කෙනෙක්ද කියලා නෑ. දෙමාපියන් අන්න ඒ ගැන දැනුවත් විය යුතුමයි.
ගොඩක් වෙලාවට පොඩි දරුවෙක්ට මේ කිසිදෙයක් නොතේරුම් කමත්, පහසුවෙන් බය ගන්වන්න පුලුවන් වීමත් මෙතනදී අපයෝජකයෙක්ට ආයුධ වෙන්න පුලුවන්.
3. ගැටවර වියේ ළමයෙක් වුනත් සීයට සීයක් ආරක්ෂාකාරී නෑ!
ගැටවර වියේ ඉන්න තරුණ දරුවෙක් අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද කියලා කෙනෙක් අහයි. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම දරුවාගේ නොදන්නා කම හෝ බයගැන්වීම ප්‍රයෝජනයට අරගෙන නෙවෙයි. හැමදෙයක් ගැනම තියෙන කුතුහලය සහ මේ කාලේ ඇතිවෙන ශාරීරික/මානසික විපර්යාසය මෙතනදී වැඩි භූමිකාවක් කරනවා. ගැටවර විය කියන්නේ විශේෂයෙන්ම ලිංගිකත්වය ගැන කුතුහලය ඇතිවෙන අවධියක්. තමන්ගේම ශරීරය ගැන කුතුහලයක් ඇතිවෙන කාලයක්. ඉතින් අපයෝජකයෙක්ට හරිම පහසුවෙන් පුළුවන් මේ වයසේ දරුවෙක්ව තමන්ගේ මතයට නම්මා ගන්නට. විශේෂයෙන්ම තමන්ගේ ලිංගිකත්වය ගැන හරි දැනුමක් නැතුව ඉන්න, ලිංගික අත්දැකීමක් ලබාගන්නට ආසාවෙන් ඉන්න ගැටවරයෙක්ව නම්මා ගන්න වඩාත් ලේසියි. අන්න ඒ නිසා තමයි ගැටවර කාලෙදී තමන්ගේ තරුණ දරුවෝ යන්නෙ එන්නෙ කොහෙද, ආශ්‍රය කරන්නෙ කවුද වගේ දේවල් ගැන අම්මලා තාත්තලා විමසිල්ලෙන් ඉන්න ඕන කියන්නේ. මෙතනදීත් පාසැලක වැඩිහිටි සිසුන්ගේ ඉඳන් ගුරුවරයෙක්ගේ ඉඳන් පවුලේ කෙනෙක්ගේ ඉඳන් ඕනෑම කෙනෙක් අපයෝජකයාගේ චරිතය කරන්න පුලුවන්.
4. වැඩිහිටි තරුණයෙක් වුනත් අපයෝජනය වෙන්න පුලුවන්!
ඇත්තටම පිරිමියෙක් වුනත් අපයෝජනය වෙන්න ලාබාල වයසකම ඉන්න ඕන කියලා නියමයක් නැහැ. විශේෂයෙන්ම වැඩිහිටි තරුණයෙක් විතරක් නෙවෙයි, මුහුකුරා ගියපු පිරිමියෙක්ව වුනත් පහසුවෙන්ම මානසික අපයෝජනයට ලක් කරන්න හැකියි. මේ වගේ අපයෝජනයක් පිරිමියෙක්ට සිද්ධ වෙන්න පුලුවන් පිරිමියෙක් අතින් විතරයි කියලා හිතීම ඇත්තටම මුලාවක්. මේ වගේ මතයක් සමාජ ගතවෙන්න හේතුව වෙන්නේ සෑමවිටම පිරිමියා ගැහැණියට වඩා ශරීර ශක්තියෙන් සහ වෙනත් පැතිවලින් ඉහළින් ඉන්නවය කියලා තියෙන ස්ටීරියෝටයිප් එක තමයි. ඒත් ඒක වැරදියි. කෙනෙක් පහසුවෙන් අපයෝජන මානසිකත්වයක් තියෙන පෙම්වතිය අතින් මානසික අපයෝජනයට විතරක් නෙවෙයි, ශාරීරික අපයෝජනයට වුනත් ලක් වෙන්න පුලුවන්.
5. සමරිසියන් අපයෝජනයට ලක් වීමේ ඉඩ
අපි දන්නවා ලංකාවේ සමාජය ඇතුලේ තවමත් සමරිසි ලිංගිකත්වයකින් යුක්ත වුණු අයට සමාජයේ කොටසක් විදියට හරි පිළිගැනීමක් නැහැයි කියන එක. මේ නිසාම සමරිසියන් දෙයාකාරයකට අපයෝජනයට ලක් වෙන්න පුලුවන්. මේ අපි කතා කරන්නේ ලිංගික අපයෝජනයම විතරක් නෙවෙයි. මෙතනදීත් ගොඩක් දුරට මානසික සහ ශාරීරික අපයෝජනයන් ඇතුළත්. එකක් සමාජයෙන් පොදුවේ සමරිසි ලිංගිකත්වයක් දරණ කෙනෙක්ව අපයෝජනයට ලක් වෙන්න පුලුවන් ඔහුගේ ලිංගිකත්වය මත පදනම් වෙලා. ඒක නිවස ඇතුළෙන් වුනත් සිද්ධ වෙන්න පුලුවන් දෙයක්. දෙවෙනි දේ තමයි සමසෙනෙහස් සම්බන්ධතාවයක් හොයා යන තරුණයෙක්/පිරිමියෙක් තමන්ගේ ඒ සම්බන්ධතාවය ඇතුළෙදි සහකරුගෙන් අපයෝජනයට ලක් වෙන්න පුලුවන්. මෙතනදී නම් ඇත්තටම මානසික සහ ශාරීරික අපයෝජනය තමයි ඉදිරියට එන්නේ. මෙතනදී ප්‍රශ්නය තවත් උග්‍ර වෙන්නේ අපේ සමාජය ඇතුළේ සමරිසියන්ට තියෙන අඩු පිළිගැනීමත් එක්ක මෙහෙම අපයෝජනය වෙන වින්දිතයෙක් උදවු ලබාගන්න යන්න තැනක් නොදැන ඉන්න/උදවු ලබාගන්න පැකිලෙන එක.
6. පිරිමි ගෘහස්ත හිංසනයට ලක් වෙන්න පුළුවන්ද?
මේකත් එක පාරට අහපු ගමන් ටිකක් විකාර කතාවක් වගේ නේද? හැබැයි ඇත්තටම පිරිමින්ට වුනත් ගෘහස්ත හිංසනයට මුහුණ දෙන්න වෙන අවස්ථා එනවා. ඒකත් අපයෝජන අවස්ථාවක් තමයි. මෙතනදී අපි මුලිනුත් කියලා තියෙන විදියට පොඩි දරුවෙක්ට ගෘහස්ත පරිසරයේදී අත්විඳින්නට සිද්ධ වෙන හිංසනය සහ අපයෝජනයත් අයිති වෙනවා. සමරිසි යුවලක් අතරේ එක් කෙනෙක් අනෙකාව අපයෝජනය කිරීමත් අයිති වෙනවා. ඒත් අපි හිතුවොත් විවාහක යුවළක් කියලා. විවාහක කාන්තාව අතින් තමන්ගේ ස්වාමි පුරුෂයාව අපයෝජනයට ලක්වෙන්න පුලුවන්ද? අනිවාර්යයෙන්ම පුලුවන්. ශාරීරික අපයෝජනයට පවා පිරිමියෙක් ගැහැණියක් අතින් ලක් වෙන්න පුලුවන්. එතකොට මානසික අපයෝජනයට අනිවා ලක් වෙන්න ඉඩ තියෙනවා. මේක පිරිමියාව අවතක්සේරුවෙන්, අවඥාවෙන් සැලකීමේ ඉඳන් බැණ වැදීම් දක්වා දිගු වෙන්න පුලුවන්. ඒකෙන් පුරුෂයා මානසික බිඳවැටීමකට ලක් වෙනවා නම් ඒක අනිවා අපයෝජනයක් තමයි. මෙතනදීත් අනිවා වින්දිතයා උදවු ලබාගන්න ඕන.
7. පුරුෂ ලිංගික අපරාධයන් වෙන්න පුලුවන් දේවල්ද?
දැන් ඔය වෙන රටක සිද්ධ වුනා කියමු අවුරුදු තිහේ ගුරුවරිය අවුරුදු 16 ශිෂ්‍යයාව කායික ඇසුරකට පොළඹවාගෙන අපයෝජනය කලා කියලා. මේ වගේ නිව්ස් එකක් ලංකාවේ ගොසිප් සයිට් එකක දැක්ක ගමන් අපේ අය්යලා ගිහින් කමෙන්ට් කරන්නේ ‘අනේ මාවත් අපයෝජනය කරන්නකෝ’, ‘අපිට නෑනේ බාලාපරාධයක්වත් කරන්න සෙට් වෙන ටීචර් කෙනෙක්’ වගේ කතා තමයි. හැබැයි මෙහෙම අත්දැකීමක් බැරිවෙලාවත් අත්විඳින්න වුනා නං තමයි තේරෙන්නෙ ලේසි නෑ කියලා. මේ වගේ දෙයක් පිටින් පේන්නේ ‘බෝනස් එකක්නේ’ වගේ වුනාට ඇත්තටම මේ වගේ දේකින් නොමැකෙන මානසික කැළලක් ඉතුරු වෙන්න පුලුවන්. ඉතින් මේවත් අපයෝජන කියලා බය නැතුව කියන්න පුලුවන් ඒ නිසා.
ඊට අමතරව අපිට ඉඳලා හිටලා හරි අහන්න ලැබෙනවා කාන්තාවෝ කීපදෙනෙක් තරුණයෙක්ව පැහැරගෙන ගිහින් ලිංගික අපරාධ කරලා වගේ නිව්ස්. ඒ කියන්නේ මේ වගේ දේවලුත් ලෝකේ වෙනවා.
8. පූර්වාරක්ෂාවන් සහ විසඳුම්
එක් එක් අපයෝජනයන්ට, බාලවයස්, වැඩිමල් විදියට වෙනස් වුනත් පොදුවේ අපයෝජනයක් කියන්නේ ඔප්පු වුනොත් නීතියෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙන වරදක්. ඒ නිසා එකක් තමයි අපයෝජනයක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන නීති ආයතනයක හෝ/හා වෙනත් බලතල තියෙන අධිකාරියකට දැනුම් දෙන්න ඕන. ඒක උදවුවක් වෙයි තවත් කෙනෙක්ව අපයෝජනයට ලක්වීමෙන් මුදාගන්න.
ඒ වගේම තවත් දෙයක් තමයි අපයෝජනයට ලක්වූවෙකුට සලකන විදිය. අපිත් ඒ කෙනාව කොන් කරන්න ගියොත් ප්‍රශ්නේ තවත් බැරෑරුම් වෙනවා. ඒක අපයෝජනයට ලක්වුණු වින්දිතයෙක්ව ආයෙමත් මානසික අපයෝජනයකට ලක් කිරීමක්. ඒ වගේම මේ වගේ මානසික කම්පනයකට තුඩු දෙන දෙයක් සිද්ධ වුනාට පස්සේ වෘත්තිමය උපදේශන උපකාර ලබාගන්න පුලුවන් නම් ඒකත් වටින දෙයක්.
මේ හැමදේකටම වැඩියෙන් වැදගත් වෙන්නේ අපයෝජනයක් සිද්ධ වෙන්න කලින් ඒකට ඉඩ අහුරන එක තමයි. තමන්ගේ කුඩා දරුවන්ව පරිස්සම් කරගන්න. තමන්ගේ යොවුන් වියේ දරුවන් ගැන ඇහැ ගහගෙන ඉන්න, ඒ අයගේ විශ්වාසවන්තයෝ තමන් බවට පත් වෙන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ ඉන්නේ අපයෝජන නැඹුරුවක් තියෙන සම්බන්ධතාවයක කියලා දැනුනු ගමන් වහාම එතනින් ඉවත් වෙන්න.
ස්ත්‍රී පාර්ශවය වගේම පුරුෂ පාර්ශවයත් අපයෝජනයක වින්දිතයෙක් වෙන්න පුලුවන් කියන එක ගැන දැනුවත්ව ඉන්න.