පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම

[SIZE=+2]පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම[/SIZE]

ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව බොහෝ දෙනා අතර ඇත්තේ අල්ප වූ දැනුමකි. ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මගින් මානව වර්ගයාගේ පැවැත්ම සිදුවේ. ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතියමෙන්ම පුරුෂ ප්‍රජනන පද්ධතියද මෙහිදී වැදගත් වේ. ප්‍රජනන පද්ධතියට අයත් අවයවයන් වල ක්‍රියාකාරිත්වය ගැන යහපත් තෘප්තියක්‌ හා ආරක්‌ෂිත ලිංගික ජීවිතයක්‌ තුළින් අප ජීවිත ආරථවත් කර ගැනීම සඳහා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය දරුවන් වෙත හොදින් ලබාදිය යුතුය. ආහාර ජීර්ණ පද්ධතිය ශ්වසන පද්ධතිය මෙන් ම නොයෙක්‌ පද්ධතීන් අපගේ සිරුරේ ඇත. නමුත් පුළුල් හා තීරණාත්මක ලෙස අප ජීවිත වලට බලපානු ලබන්නේ ප්‍රජනන පද්ධතියයි. ශරීරයටත් මනසටත් බලපෑම් කරමින්, හැගීම්, ආශාවන් ශාරිරික අවශ්‍යතාවන් හා ආවේගයන් හසුරුවන ප්‍රජනන පද්ධතියේ ක්‍රියාවලිය මත ඇත්තෙන් ම ජීවිතයේ ගුණාත්මක බව රදා පවතී. ලිංගිකත්වය හේතුවෙන් ප්‍රජනන පද්ධතියේ ක්‍රියාවලිය කායික අවශ්‍යතා පමණක්‌ නොව ශෘංගාරය, සෞන්දර්යාත්මක සිතුවිලි පවා හසුරුවන්නේ මෙම ක්‍රියාවලිය මගින් ය. සදාචාරය යනු නිවැරදි අයුරින් ප්‍රජනන හැකියාව සකස්‌ කර ගැනීම යි.

සාමාන්‍යයෙන් ප්‍රජනනේද්‍රියන්ගේ වර්ධනය වැඩිවියට පැමිණීමේ දී සිදුවන ප්‍රධානම වෙනසකි. මෙහිදී නිරෝගි පුරුෂයෙකුගේ වෘෂණ කෝෂවල ප්‍රමාණය 18-20 mm පමණ වේ. මේවායේ ප්‍රධාන ක්‍රියාවලින් 2 ක්‌ සිදු වේ. එනම් හෝමෝන නිපදවීම හා පුරුෂ බීජ නිපදවීම යි. වැඩිවියට පැමිණීමේ ක්‍රියාවලිය ඇරඹීමෙන් වසරකට පසු පිරිමි දරුවෙකු පිට කරන උදෑසන මුත්‍රා සාම්පලය තුළ ශුක්‍රාණු දැකිය හැකි බව ඔප්පු වී ඇත. ඒ අනුව වයස අවුරුදු 13 පමණ වන විට පිරිමි දරුවෙකු තුළ සරු බව දැකිය හැකි නමුත් සම්පූර්ණ මේරූ බව ලැබීමට වයස අවුරුදු 14-16 පමණ විය යුතුයි. පුරුෂයින්ගේ ලිංගේන්ද්‍රිය අවට රෝම වැඩීම මේ සමග ඇරඹේ. මුලින් ඉකිලි දෙක මැද ඇති ත්‍රිකෝණ හැඩති ප්‍රදේශයේ පැතිරී පසුව කලව හා බඩ ප්‍රදේශයට ව්‍යාප්ත වේ. මින් පසුව කිහිලිවල සහ ශරීරයේ වෙනත් ප්‍රදේශ වල රෝම වැඩීම සිදුවේ. කලව, කොණ්‌ඩය සහ අත්වල රෝම ඝනත්වය වැඩිවේ. පිරිමි දරුවන්ගේ උඩුතොල දෙපස රැවුල වැඩීම වයස අවුරුදු 14-16 දී පමණ ඇරඹේ. මෙය ක්‍රමයෙන් මුළු උඩුතොල ප්‍රදේශයට පැතිරේ. මේ සමගම කම්මුල සහ යටිතොල මත රෝම වැවීම සිදුවේ. ඉන්පසු නිකට සහ සම්පුර්ණ කම්මුලටම පැතිරේ. මුහුණේ රෝම වැඩීම අවුරුදු 17-18 වන විට පටන් ගැනුනත් රැවුල වැවීම සම්පූර්ණ වීමට තවත් වසර 10 ක්‌ වුවද ගතවන අවස්‌ථා ඇත. මෙම රෝම ගස්‌ වල ඝනකම හා ගොරෝසුභාවය ක්‍රමයෙන් වැඩි වේ. පපු ප්‍රදේශයේ රෝම වැඩීම පමා වී සිදුවිය හැක. නමුත් සෑම පිරිමියෙකුගේ ම පපු ප්‍රදේශයේ රෝම වැඩීම සිදුවිය යුතු නැත. හෝමෝන බලපෑම මත ස්‌වරාලයේ වර්ධනයට ගැහැනු පිරිමි දෙපාර්ශවයේම සිදුවේ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මොවුන්ගේ කටහඬ ගැඹුරු වේ. මෙය දින කීපයක්‌ ඇතුළත වුවද සිදුවිය හැකි නමුත් සාමාන්‍යයෙන් වැඩිවියට පැමිණීමේ වේගවත් වර්ධනය වර්ධන සමයේදී බොහෝවිට සිදුවේ. පිරිමි ළමයින්ගේ වැඩිවියට පැමිණීමේ ක්‍රියාවලිය අවසානයේ මාංශ පේශින්ගේ ප්‍රමාණය දෙගුණයවක්‌ පමණ වැඩිවන අතර අස්‌ථි බර වැඩිවේ. උරහිසේ පළල වැඩි වීම හා හකු ඇටවල සිදුවන වේගවත් වර්ධනය නිසා පුරුෂ හැඩ රුවෙහි පැහැදිලි වෙනසක්‌ දැකිය හැකි වේ.

හෝමෝන වලින් සිදුවන බලපෑම් නිසා පිරිමි දරුවන්ගේ මෙන්ම ගැහැනු දරුවන්ගේ ද මෙම වයසේදී ශරීරයෙන් පිටවන දහඩිය විහේෂ ගඳක්‌ ඇති විය හැක. මෙය වයස යැමත් සමඟ ක්‍රමයෙන් අඩු වේ. පුරුෂයන්ගේ මෙන්ම කාන්තාවන්ගේ ද සමේ ඇති ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරිත්වය සහ ඒවායේ ස්‍රාවයන් මෙම හෝමෝන වල බලපෑමෙන් වැඩි වේ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් කුරුලෑ ඇතිවීම මෙම අවදියේදී දැකිය හැක. මේවා වළක්‌වාලීම අපහසු වුවත් වැඩිවියට පැමිණීමේ කාලසීමා පසුවන විට කුරුලෑ අඩුවීම දැකිය හැක. කෙසේ වෙතත් දිගින් දිගටම කුරුලෑ හටගන්නා විට වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමට සිදුවන අවස්‌ථා ද ඇත. මෙහිදී කුරුලෑ වියළී යැමෙන් පැල්ලම් ඇති වීම සිදුවිය හැක.

වෛද්‍ය චම්පා නෙල්සන්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    uba mokatada enne??? june wala joind wela tynne post 1103
    thread daanawa hitu kyala
    atta kyapan uba fake neda?

    කියවන්න හම්බවෙන දේ බෙදාහදා ගත්ත මචන්. :yes:
    උඹලා ෆේක් කියන්නෙ වෙන එළකිරි එකවුන්ට් එකක් තියෙනවද කියන එකනෙ. උත්තරේ එහෙම වෙන එකවුන්ට් එකක් නෑ. :no:
    ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තෙයෙනව නම්, මම ඒක කැඩුව නම් සමාවෙයන් මම එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ. :sorry:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    කියවන්න හම්බවෙන දේ බෙදාහදා ගත්ත මචන්. :yes:
    උඹලා ෆේක් කියන්නෙ වෙන එළකිරි එකවුන්ට් එකක් තියෙනවද කියන එකනෙ. උත්තරේ එහෙම වෙන එකවුන්ට් එකක් නෑ. :no:
    ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තෙයෙනව නම්, මම ඒක කැඩුව නම් සමාවෙයන් මම එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ. :sorry:
    :cool::cool::cool::cool::cool: