පිරිමි දරුවෙකු

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පිරිමි දරුවෙකු

    පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට..



    වයස අවුරුදු 12 ක මුස්ලිම් පිරිමි ළමයෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරිම සම්බන්ධයෙන් මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.
    පසුගිය මාසයේ 31 වැනිදා මාවනැල්ල පොලිස් වසමේ අංක 07, දනාගම, මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටා ඇති අල් ඉර්ෂාදියා ආරාබි පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවාට එම විදුහලේ ඉගැන්විම් කටයුතු කරන ගුරුවරුන් දෙදෙනෙක් විසින් මෙම බරපතල ලිංගික අපයෝජනය සිදු කර ඇති බව පොලිස් මුලස්ථානයේ පිහිටි ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.
    ඒ අනුව කෑගල්ල කොට්ඨාංශ ළමා හා කාන්තා කාර්යංශය, මාවනැල්ල පොලිස් ස්ථානය එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
    අපයෝජනය ලක් වු පිරිමි දරුවා කොළඹ ළමා හා කාන්තා කාර්යංශය මගින් රෝහල් ගත කර ඇති අතර මෙ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කෑගල්ල කොට්ඨාංශ ළමා හා කාන්තා කාර්යංශය හා මාවනැල්ල පොලිස් ස්ථානය මගින් සිදු කර ගෙන යන බව පොලිසිය පවසති.