පිරිමි දෙන්නෙක් බලන්නට (කවී නං කවි) 
පිරිමි දෙන්නෙක් බලන්නට යද්දි හිතමුතුයි
හැඩ උනා මදිය මා තවත් හැඩ විය යුතුයි
ලස්සනට එහා ගිය රුවක් මා හට සතුයි
හිතෙත් තෙත තිබුනනම් අදත් උන් මට නතුයි
දෙන්නගෙම ඇහැ යන්නෙ ළැමටමයි ලිස්සා
තව ටිකක් ඒ ළමැද තබා ගමි උස්සා
වැරදිලාවත් ආයෙ නොම බලමි ගස්සා
පොඩි එකා හුරතල් ය ලොකු එකා පිස්සා
එන්න කියලා තිබුනේ හොටෙල් D රාමඩා
ගිය ගමන් පොඩි එකා ගන්න ඇත්තං වඩා
ලොබ වෙලා සතුටකට පැයකටත් අඩු කුඩා
මමයි උන් හැර ගියේ උන්ගෙ හදවත් කඩා
මින් පස්සෙ ඒ දෙනෙත් යුගල තනි කරලා
මොහොතකට මිදෙන්නෑ ආයෙ මේ සරලා
මම ගියත් සංසාර ගත සෙනේ මරලා
උන් දෙන්න තාම මට ගෙදර දොර ඇරලා
තාම තරහක් නැතිලු උන් මගේ ගැන හිතා
එන්න යලි ඇහුවාම හැඬුව සතුටට ඉතා
උන් දෙන්න බෝසත්තු මමයි තිරිසන් සතා
එකෙක් මගෙ සැමියාය අනිකා මගෙ සුදු පුතා
හිතමුතුයි=හිත+අමුතුයි ...
...................අසංඛ දිසානායක (අන්තර්ජාලයෙන්)

පිරිමි දෙන්නෙක් බලන්නට යද්දි හිතමුතුයි
හැඩ උනා මදිය මා තවත් හැඩ විය යුතුයි
ලස්සනට එහා ගිය රුවක් මා හට සතුයි
හිතෙත් තෙත තිබුනනම් අදත් උන් මට නතුයි
දෙන්නගෙම ඇහැ යන්නෙ ළැමටමයි ලිස්සා
තව ටිකක් ඒ ළමැද තබා ගමි උස්සා
වැරදිලාවත් ආයෙ නොම බලමි ගස්සා
පොඩි එකා හුරතල් ය ලොකු එකා පිස්සා
එන්න කියලා තිබුනේ හොටෙල් D රාමඩා
ගිය ගමන් පොඩි එකා ගන්න ඇත්තං වඩා
ලොබ වෙලා සතුටකට පැයකටත් අඩු කුඩා
මමයි උන් හැර ගියේ උන්ගෙ හදවත් කඩා
මින් පස්සෙ ඒ දෙනෙත් යුගල තනි කරලා
මොහොතකට මිදෙන්නෑ ආයෙ මේ සරලා
මම ගියත් සංසාර ගත සෙනේ මරලා
උන් දෙන්න තාම මට ගෙදර දොර ඇරලා
තාම තරහක් නැතිලු උන් මගේ ගැන හිතා
එන්න යලි ඇහුවාම හැඬුව සතුටට ඉතා
උන් දෙන්න බෝසත්තු මමයි තිරිසන් සතා
එකෙක් මගෙ සැමියාය අනිකා මගෙ සුදු පුතා
හිතමුතුයි=හිත+අමුතුයි ...
...................අසංඛ දිසානායක (අන්තර්ජාලයෙන්)