පිරිමි මොළය Vs කාන්තා මොළය

sameera15852

Member
Sep 4, 2008
1,504
132
0
Godagama, Homagama
පිරිමි මොළය Vs කාන්තා මොළය

Untitled.png

මල්ටි ටාස්කින්(Multi Tasking):
කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම අපහසු වන අතර ඔවුන් කරනු ඇත්තේ රූ
පවාහිනිය මදකට නවතා දුරකථන සංවාදයේ යෙදීම හෝ ඇමතුම නොසලකා හරිමින් රූපවාහිනී වැඩසටහන නැරඹීමයි.

භාශා හැකියාව(Language):

කාන්තාවන්ට ඉතා පහසුවෙන් භාශාවන් ඉගෙනගත හැකි නමුත් ගැටළු විසදීම අපහසු වේ. පිරිමින්ට භාශාවන් ඉගෙනීම අපහසු වන නමුත් ඔවුන්ට පහසුවෙන් ගැටළු විසදීමට හැකි වේ.වයස අවුරුදු 3ක් වන දැරියක් සතුව එම වයසේ පසුවන දරුවෙකුට වඩා තෙගුණයක් විශාල වචනමාලාවක් පැවතීමට හේතුව වන්නේ එයයි.

විශ්ලේෂණ හැකියාව(Analytical Skills):

පිරිමි මොළයේ විශාල පෙදෙසක් විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇත. එම නිසා ඔවුන්ට යම් කිසි ගැටළුවක් විශ්ලේෂණය කර ඒ සදහා විසදුමක් ලබා දීම හෝ ගොඩනැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු නොවේ.නමුත් කාන්තාවකට ගොඩණැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු කාර්යයකි,ඔවුන්ට එය තේරුමක් නොමැති ඉරි රාශියක එකතුවක් පමනක් වනු ඇත.

රිය පැදවීම(Driving):

පිරිමියෙකු රිය පැදවීමේදී ඔහුගේ මොළයේ විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇති පෙදෙස් බෙහෙවින් ක්‍රියාත්මක වේ.පිරිමියෙකු රිය පදවන විට ඈතින් එන වස්තුවක් දුටු වහා ඔහුගේ මොළය වස්තුව කුමක්ද යන්න (බස් රථයක් ද,මෝටර් රථයක්ද),වස්තුවේ වේගය,එහි දිශාව යන්න ක්‍ෂණිකව හදුනා ගනී. නමුත් කාන්තාවකගේ මොළය වස්තුවේ වේගය සහ දිශාව හදුනා ගැනීමට වැඩි වේලාවක් ගත කරයි.එම නිසා රිය පැදවීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා බොහෝ පසුපසින් සිටී.

බොරු කීම(Lying):

පිරිමියෙකු කාන්තාවකගේ මුහුණට බොරුවක් කී විට ඇය ඉතා පහසුවෙන් ඔහුව අල්ලා ගනී.පිරිමියෙකු කාන්තාවක් ඉදිරියේ යමක් ප්‍රකාශ කරන විට කාන්තාවගේ මොළය ඔහුගේ මුවෙන් පිට වන වචන ග්‍රහනය කරන්නේ 10%ක් පමනක් වන නමුත් ඔහුගේ මුහුනේ හැගීම් 70% ක්ද ඔහුගේ සිරුරේ අංග චලනයන් 20%ක් ද ග්‍රහනය කරයි.නමුත් පිරිමියෙකුගේ මොළයට මෙම හැකියාව නොමැති අතර එම නිසා කාන්තාවන් ඉතා පහසුවෙන් පිරිමින්ගේ මුහුණට මුහුණ බොරු පවසයි.

ගැටළු විසදීම(Problem Solving):

පිරිමියෙකුට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඔහුගේ මොළය එම ප්‍රශ්ණ වර්ගීකරණය කරන අතර ඒ එක් එක් ප්‍රශ්ණ මොළයේ වෙනස් වෙනස් ස්ථාන වල රදවා එම ගැටළු එකිනෙක වෙන වෙනම ගෙන ඒවා විසදයි.පිරිමියෙකු ගැටළුවකට මුහුන දුන් විට ඔහු තනි වී අහස පොලව ගැටලන්නට මෙන් කල්පනා කරන්නේ එබැවිනි.කාන්තාවකට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඇයගේ මොළයට එම ප්‍රශ්ණ වර්ගීකරණය කිරීමේ හැකියාවක් නොමැත.ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ.

රැකියාව සහ සම්බන්ධතා(Work & Relations) :

කාන්තාවක් ඇයගේ සම්බන්ධතා පිලිබදව සෑහීමකට පත් නොවේ නම් ඇයට ඇයගේ රැකියාව කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.පිරිමියෙකු ඔහුගේ රැකියාව කෙරෙහි සෑහීමකට පත් නොවේ නම් ඔහුට ඔහුගේ සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.

කථනය(Speech) :

කාන්තාවන් බොහෝ දේ ව්‍යංගයෙන් පවසන අතර පිරිමින් බොහෝ දේ ඎජුව පවසයි.

හැගීම් පාලනය(Emotion Handling) :

කාන්තාවන් බොහෝ විට ගැඹුරට නොසිතා කථා කරන අතර පිරිමින් බොහෝ විට ගැඹුරට නොසිතා ක්‍රියා කරයි.

උපුටා ගත්තේ මුහුණු පොතෙන්. Repost නම් සොරි . :D
 
  • Like
Reactions: hilander

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
රිද පැදවීම, ගැටලු විසදීම, හැගීම් පාලනය සම්බන්ධ ඒවා ගැන සදහන් කරොත්
පිරිමින්ගේ මොළය අවකාශමය අවබෝධය (space perception) එකට අදාළ කොටස ඒ කියන්නේ parietal cortex එක විශාලයි. ඒක නිසයි පිරිමින්ට පුලුවන් වස්තූන්ගේ දිශාව, වේගය නිර්ණය කරන්න.
ගැටලු වීසදීම එක වැරදියි. මේකට අදාළ කොටස තමයි frontal lobe එක මේක කාන්තාවන්ගේ විශාලයි.
ඒ වගේම තමයි මේ කොටසෙන්ම තමයි තීරණ ගැනීම සම්බන්ධවත් කටයුතු කරන්නේ. ඉතින් ගැටලු විසදීම සහා නිවැරදි තීරණ ගැනීම අතින් කාන්තාවන් ප්‍රමුඛ වෙනවා. හැගීම් සම්බන්ධව එකට අදාළ කොටස limbic cortex එක මේක කාන්තාවන්ගේ විශාලයි ඉතින් කාන්තාන්ව පිරිමින්ට වඩා සංවේදියි, එම නිසාම විනාශ කාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලට පෙළබේනවා අඩුයි. ඒ වගේම තමයි කාන්තාවන්ගේ මොළය එකට ඇසිරිලා පවතින්නේ. ඒ වගේම තමයි කාන්තාවන්ගේ මොළයේ 12% පමණ නියුරෝන පවතිනවා. මේක නිසා කාන්තාවට තියෙනවා ඉතා වේගවත් මොළයක්. මේක තමයි සමස්ථ තත්වය.
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :P