පිරිමි වර්ග හතරයි ඔබ කැමති කාටද?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිරිමි වර්ග හතරයි ඔබ කැමති කාටද?

    පිරිමි වර්ග හතරයි ඔබ කැමති කාටද?

    ශශ පුරුෂයා කලාකාමියෙකි
    මෘග පුරුෂයා බිරියට පණසේ ආදරය කරයි
    වෘෂභ පුරුෂයා දකින දකින මුහුණට කැමතිය
    අශ්ව පුරුෂයා සහකාරියට දස වද දෙයි

    ලොව ජිවත්වන සියලු පුරුෂයින් දේහ ලක්ෂණ විද්‍යාවේ වර්ග හතරකට බෙදා දක්වයි. එනම් ශශ,මෘග, වෘෂභ හා අශ්ව ලෙසිනි. මොවුන්ගේ චරිත ස්වභාවය,ගතිගුණ හා හැඩරුව අනුව එකිනෙකාගෙන් මනාව වෙන්කර හඳුනාගත හැක. මින් ශශ හා මෘග පුරුෂයන් සුබ ලෙස ද අනෙක් දෙදෙනා අසුබ ලෙස ද සැලකේ.
    සුබ අසුබ බව පෙන්වා දී ඇත්තේ විවාහය සමඟය.
    බාහිර පෙනුමෙන් ඔවුන් හඳුනා ගන්නා අයුරු මෙසේ විස්තර කෙරේ.

    ශශ පුරුෂයා
    මුහුණ වටකුරුය.දෑස් රතු පැහැ ගනී.හිඩැස් නැති මනාව පිහිටි දත් දෙපලක් හිමිය. මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්තය. හිස කෙස් තද කළුය.අත්ල තඹ පැහැය ඇති මෘදු ස්වභාවයක් ගනී. අතේ ඇඟිලි සිහින්ය. දිගුය.නිය රෝස පැහැයෙන් යුතුය.රෝම සහිත සිරුරක් හිමිය.මේ අය ආගම දහමට ලැදිය.ගුණවත් බුද්ධිමත් කරුණාවන්ත කලහකාරී නොවන තරමක් පොහොසත් අය වෙති.

    අන්‍යයත් ආකර්ශනය කරගන්නා හැකියාවක් ඇති නිහඬ චරිතය. ජනප්‍රිය වේ.තමන් දන්නා දේ අන්‍යයන්ට පැහැදිලි කර දීමට දක්ෂය. කලාකාමී හැඟීම් සහිත ඊට දක්ෂතා ඇති අයය.කළගුණ දන්නා යුතුකම් ඉටුකරන අය වෙති. එකවර කාර්යයන් දෙකක් කිරීමෙහි දක්ෂය. රාග සිතිවිලි අවමය. තම සෞඛ්‍යය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වයි. පිළිවෙළකට කටයුතු කරන තෘප්තිමත් අය වෙති. සැපත පිරි විවාහ දිවියක් ගත කරයි. මෙවැනි ගති ඇති ශශ පුරුෂයකු හා විවාහ වන කත ඉතා වාසනාවන්ත පින්කළ යුවතියන් බව සෘෂි මතයයි.

    මෘග පුරුෂයා
    බොහොමයක් ගති ශශ පුරුෂයන්ට සමානය.
    මෘග පුරුෂයාගේ දෑස් නිතර කලබලය.වටපිට බලයි. මුවකුගේ මෙන් දෑස් ඇත. දේහය ඉතා ශක්ති සම්පන්නය. අත් පා හොඳින් වැඩී ඇත. සිනහ මුසු මුව මඩළකින් යුතුය. එක් වේලකට ආහාර අධික ප්‍රමාණයක් ගැනීම මොවුන් ගේ දුර්වලතාවයකි. මේ අයගේ විවාහ සාර්ථකය. තම බිරියට දරුවන්ට බොහෝ සේ ආදරය කරුණාව දක්වයි. රැකවරණය නොඅඩුව ලබා දෙයි.

    වෘෂභ පුරුෂයා
    පළල් මුහුණකි.කඳට සාපේක්ෂව හිස තරමක් විශාලය. දත් කෙටිය. පළල්ය.ඇස් රතුපැහැයෙන් යුතුය.ගෙල මසින් පිරී ඇත.කන් පෙති විශාලය අත්ල රතුය.පපුව ඉදිරියට නෙරා ඇත.මිටි තරබාරු සිරුරකි. උදරය රවුම්ය.අත් පා මසින් පිරී ඇත. ඇඟිලි කොට මහතය. නමුත් මොවුන් පියකරුය. මදක් ඉදිරියට නැවී ඇවිදී.ඇස් පිහාටු ඝනව වැඩී ඇත.

    දකින දකින ස්ත්‍රියට මෙන්ම ලිංගිකත්වටද එකසේ ලොල්ය. විළිබිය නැත. පාපයට බිය නැත. ලෝකයට පෙනෙන්නට සිල් ගන්නා අයුරින් සිටී.නෑදෑයන් මිතුරන් බහුලය.විනෝදකාමීය.කටහඬ ගැඹුරුය.කතාවෙන් අනුන් බියවැද්දීමට උත්සහ කරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ තැකීමක් නැත. අලස ඇත්තන්ය.මොවුන්ගේ විවාහය සාර්ථක වන්නට නම් ලිංගිකත්වයට ලොල් කතක් සමඟ විවාහ විය යුතුය.

    අශ්ව පුරුෂයා
    අසුබම පුරුෂයා ලෙස පිළිගැනේ. නමුත් කඩවසම් පෙනුමකින් හෙබි අයය. මුහුණ අත් පා දිගටි හැඩයකින් යුක්තය. දෑත්වල නහර ඉලිප්පී ඇත. හිසකෙස් ඝනය. විශාල අත්ලක් හිමිය. මහපට ඇඟිල්ල කැපී පෙනෙන සේ දිගුය. නමුත් අතේ නිය කෙටිය. බොහෝ විට ශරීරය සිහින්ය. සෘජුය. විරුද්ධ ලිංගිකයින්ගේ සිත් වසඟකර ගනී. උස්ය. සිරුරේ රෝම අවමය. රෝම ඇත්නම් කළුවට හුරු තඹ පැහැයෙන් යුතුය.

    හිස හා කඳ සෘජුව තබාගනිමින් ගමනේ යෙදේ.උරහිස් පළල්ය. තියුණු කටහඬකි. දියුණුවට නිතර වෙර දරයි. උගතුන් හා බලවතුන් පමණක් ඇසුරු කරයි. උඩඟු හැඟීම්වලින් පිරී ඇත. නීති ගරුක, ලෝභ මෙන්ම කාමාධික චරිතයකි.තම බිරිඳගේ මෙන්ම අනුන්ගේ ද දොස් දකී.ආදරය සිත තුළ තිබුණද නොඅඟවයි. විවාහ දිවියේ වගකීම් යුතුකම් පැහැර හරින මොවුන්ගේ විවාහ ‍අසාර්ථක වේ.මෙවැනි පිරිමින් බොහෝ කඩවසම්ය. ප්‍රිය මනාප බව නිසා බොහෝ ස්ත්‍රීන් රැවටුනද අශ්වස පිරිමින් හා විවාහ වන කත පෙර බොහෝ අකුසල කර්ම කළ තැනැත්තියන් බව සෘෂි මතයයි.

    http://www.sethmina.lk/2015/01/blog-post_59.html
    ජ්‍යෙතිෂවේදිනී මංජුලා පුෂ්පාංගනී පල්ලෙබැද්ද
     
    • Like
    Reactions: lgask

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තව එකක් තියෙන්න ඕන බන්.

    එල පුරුෂයා - ඕන කට්ටක් කාගෙන ආතල් එකේ ඉදි


    :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මේ සුත්තවල් ෆට්ට බොරු..... මේවා නිකන් මිනිස්සුන්ගේ මොලවල් කුරුවල් කරනවා , අස් රතු , මාපට ඇඟිලි දිග , කොන්ඩේ කළු ,ශක්තිමත් ඇඟක් , අත්පා දිගටි එකා දැන් මොන පුරුෂයෙක්ද ?
    එකා අර හතේරම කලවම් එකේද ?
    මුන්ට ෆෙමස් වෙන්න මොකක් හරි ගොන් මතයක් සමාජගත කරනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සුත්තවල් ෆට්ට බොරු..... මේවා නිකන් මිනිස්සුන්ගේ මොලවල් කුරුවල් කරනවා , අස් රතු , මාපට ඇඟිලි දිග , කොන්ඩේ කළු ,ශක්තිමත් ඇඟක් , අත්පා දිගටි එකා දැන් මොන පුරුෂයෙක්ද ?
    එකා අර හතේරම කලවම් එකේද ?
    මුන්ට ෆෙමස් වෙන්න මොකක් හරි ගොන් මතයක් සමාජගත කරනවා
    ඇරු ඇරු අයියා :cool::cool: :rofl: