පිරිමි හිංසනය

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    male.jpg


    පවුල යනු සතුට සාමය නිරතුරුවම රඳා පවතින කුඩාම ඒකකයකි. විටෙක දුකත්, තවත් විටෙක සතුටත් රැ‍ඳෙන පවුලෙහි ගැටුම් හෝ ආරවුල් ඇතිවම සාමාන්‍යය. එහෙත් මේ කථාව මින් පෙර අප නොඇසූ අපූරු කතාන්දරයකි.


    male1.jpg

    ඇනා


    ඉතාලියේ දකුණු රෝමයේ ජීවත්වන යුවළක් එක්තරා අන්දමක ඛේදනීය තත්ත්වයකට මුහුණ දී තිබේ. ඇනා ඩෙල් බෝනෝ නමැති 42 හැවිරිදි මෙම ඉතාලි ජාතික කාන්තාව අවුරුදු හයක් සිරගත වී සිටියේ තම සැමියා විසින් ඉදිරිපත් කළ චෝදනාවකටය. එම කාන්තාවගේ සැමියා වන වින්සෙන්සෝ ඇල්ටොබෙලි (46) ප්‍රකාශ කරන්නේ තම බිරිඳ රාත්‍රියට ආහාර පිසින්නේ නැති බවය. එම නිසා තමා පිටතින් පීසා ආහාරයට ගන්නවා යැයි මාධ්‍යට වාර්තා කර තිබේ. 2014 වසරේදී මෙම කාන්තාව තම ප්‍රථම ස්වාමියාගෙන් වෙන් වී ඇත. මෙම කාන්තාවගේ සැමියා ප්‍රකාශ කරනු ලැබූවේ තම භාර්යාව නිවෙසෙහි කිසිදු පිරිසිදු කිරීමක්, ආහාර පිසීමක් නොකරන බවයි.
    සැමියා ඉතාලි පොලිසියට පැමිණිලි කළේ “මගේ බිරිඳ ආහාර පිස මේසය මත තබා නිවසින් පිට වී යනවා” යනුවෙනි. තවද ඔහු තම බිරිඳට විරුද්ධව ගෘහස්ථ හිංසනය පිළිබඳ චෝදනා එල්ල කර ඇත.
    මෙම අපරාධය සම්බන්ධව ඉතාලියේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. ඉතාලි අධිකරණය විසින් යම් පුද්ගලයකුගේ හෝ පවුලෙහි ගැටුම්වලට හේතුව ලෙස අධ්‍යාපනය, රැකවරණය හා අයිතිය පිළිබඳ අදහස් දක්වන ලදී. 47 හැවිරිදි සැමියා තම භාර්යාවගෙන් “නරක පවුල් කළමනාකරණ හා නරක ගෘහස්ථ සම්බන්ධතාවයන් ඇ‍ගෙන් පිළිඹිබු වන බවයි.
    තවද මේ කාන්තාව උතුරන බඳුනක් (පැස්ටා සෝස්) ‍අතින් ගෙන සිටින අතර කුඩා දරුවන් තමන් වටා ගමන් කරන අන්දමද ඡායාරූප ඉතාලි පුවත්පත්වල පල විය. මේ සිදුවීම මඟින් පවුල තුළ පවතින සාමය සහ සතුට පළුදු වී යන අන්දම වටහා ගැනීමට පුළුවන. මෙම යුවළ ජීවත් වූයේ දකුණු රෝමයේ පිටිසර ගම්මානයක් වන Sonnio ගම්මානයේය. මෙම කාන්තාව නිවසෙහි කිසිදු පිරිසිදු කිරීමක් නොකරන බැවින් සැමියාට ඇය එපාවීම මෙහි ඇති ඛේදනීය තත්ත්වය වේ. මෙම හේතූන් නිසා දෙදෙනා නිදන කාමරයෙහි සිටීමට පවා ඇලුම් නොකරන තත්ත්වයක්ද ඇති වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
    කෙසේ වුවද ඇනාගේ දෙවන සැමියා ඇය ගැන ප්‍රකාශ කරන්නේ මෙසේය.


    ඇය හොඳ සර්ව සම්පූර්ණ බිරිඳක්...මෙයින් ගම්‍ය වන්නේ ඇය තම දෙවන සැමියා සමඟ සතුටින් ජීවත්වන බවයි. ඇනා තම දෙවන සැමියා සමඟ ජීවත්වන්නේ ටෙරාසිනාවෙයි. ඔහු තමාරෝ ටවෝලිටාය.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අරගලයක් ඇති වූයේ ලටිනා නගරයේ (ඉතාලියේ) ඔක්තෝම්බර් 12 වැනි දිනය MaraMattioli නමැති අධිකරණ විනිසුරුවරිය විසිනි. පවුල් ඒකකයෙහි ඇතිවන මෙවැනි ආරවුල් සම්බන්ධව මීට පෙර වාර්තාගත වී ඇත්තේ 1950 දශකයේදීය. සැබැවින්ම මෙය ලිංගිකත්වය මත ඇතිවන ගැටලුවක් බව Tempo නමැති මාධ්‍යවේදියා පවසයි.
    බදාදා අධිකරණයේදී සිසිලියානු නීතිය මඟින් දන්වා සිටින්නේ ලිංගික බලහත්කාරකම් සෙල්ලමක් නොවන බවයි.
    තවද Palermo අධිකරණය පවසන්නේ 65 හැවිරිදි Domenico Lipari නමැති පුද්ගලයා තමන්ගේ රිය පැදවීමෙන් පසු සිදුකළ එම පහත් ක්‍රියාව ලිංගික අල්ලසටත් වඩා තියුණු මට්ටමක තිබෙන බවයි.
    කාන්තාවන් තිදෙනා චෝදනා ලැබුවේ එම පුද්ගලයනට කම්බුලට පහර දීම, අත්වලට පහරදීම, යනාදී චෝදනාවලටය.


    අන්තර්ජාලය ඇසුරිණි.

    මදාරා මුදලිගේ