පිල්ලෙයාන්ගේ වධ කඳවුරක් වැලිකන්දෙන් සොයා ගනී -CID පරීක්ෂාවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    pillayan%20mahinda.jpg


    නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගැනීමෙන් අනතුරුව ඔහුව රඳවා තබාගෙන වධහිංසා කර ඝාතනය කළ වැලිකන්දේ පිහිටි පිල්ලෙයාන්ගේ කඳවුරු භූමිය හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    එල්.ටී.ටී.ඊ.යෙන් පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් කැඩී ගිය පසු මෙම කඳවුර පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ කඳවුරක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බවත් කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් විරසක වීමෙන් අනතුරුව එම කඳවුරට කරුණා අම්මාන්ගේ පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ අතහැර දමා තිබී ඇති බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ.

    2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා කොළඹ පැවති සමුළුවකට සහභාගිවී නැවත යමින් සිටියදී මහාචාර්යවරයා පැහැර ගැනීමෙන් අනතුරුව වැලිකන්දේ කඳවුරට රැගෙන විත් සිරකර තබාගෙන සිට වධදී ඝාතනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම කඳවුරේදී විශාල පිරිසක් වධහිංසාවන්ට ලක්ව ඝාතනයවී ඇති බවත් එසේ වධහිංසාවට ලක්වූ පුද්ගලයන් කිහිප දෙනකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමු වී ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය. එම පුද්ගලයන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද එම නිලධාරියා කීය.

    මෙම කඳවුර 2005 වසරේ සිට පවත්වා ගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව එම නිලධාරියා කීය. මේ අවට ගම්මානවල ජීවත් වන පුද්ගලයන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර තිබේ. එහිදී එම වැසියන් පවසා ඇත්තේ කඳවුර පැවති කාලයේදී ඒ තුළින් මිනිසුන්ගේ වේදනාබර කෑගැසීම් හඬවල් නිරන්තරයෙන් ඇසුණු බවය. එම අඳෝනා තමන්ට ඉවසා ගැනීමට නොහැකි තරම් බවත් කඳවුර දෙසින් විටෙන් විට කුණු ගඳ වහනය වූ බවත් එම පිරිස් පවසා තිබේ.

    යුද්ධය අවසන් වීමෙන් පසු මෙම කඳවුර පිහිටි ස්ථානය අවට භූමිය වී වගාවට ගොවීන් යොදාගෙන ඇත. එහෙත් මෙම කඳවුර පිහිටි ස්ථානය උස් බිමක පිහිටා තිබීම හේතුවෙන් තවමත් එම ස්ථානය සුරක්ෂිතව පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ නිරීක්ෂණයට ද මේ වන විට ලක්ව ඇත. පිල්ලෙයාන්ගේ පාර්ශ්වයට සම්බන්ධව සිටි මෙම කඳවුරේ රැඳී සිටි කිහිප දෙනකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. වධ කඳවුරක් ලෙස මෙම ස්ථානය පවත්වා ගෙන ගිය බවට බොහෝ තොරතුරු ඒ ඔස්සේ ද අනාවරණය වී ඇත.

    පැහැර ගැනීමෙන් අනතුරුව ඝාතනය කළ බව කියැවෙන මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීද්‍රනාත් මහතාගේ සිරුර ජල පහරකට දමා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. එම ස්ථානය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

    මෙම ඝාතනයට අමතරව පිල්ලෙයාන් ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් මඩකලපුව හා ඒ ආශ්‍රිතව සිදු කළ තවත් ඝාතන 05ක තොරතුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. මඩකලපුවේදී පොලිස් නිලධාරියෙක් සහ තවත් අයෙක් සාදයකදී ඝාතනය කිරීමක්, පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ සිටි හමුදාවේ ඔත්තුකරුවෙක් වූ ශාන්තන් ඇතුළු දෙදෙනෙක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමක්, කප්පම් නොදීම සම්බන්ධයෙන් මඩකලපුවේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමක් ඒ අතර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    පොලිස් නිලධාරියා සාදයකට කැඳවා මත්පැන් පානය කිරීමට යැයි සඳහන් කරමින් සාදය පැවති ශාලාවෙන් පිටතට රැගෙන ගොස් වෙඩි තබා ඇතැයි ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව යට ගසා තිබුණු ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් නැවත විමර්ශනය කිරීමට පියවර ගත්තේ ය.

    මහාචාර්ය ශිවසුබ්‍රමනියම් මහතා පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනය ද ඒ අතර විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් වූ ශිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 08 වැනිදා අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ඔහුගේ රියැදුරු ද අප්‍රේල් 17 වැනිදා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන පවත්වනු ලබයි.

    ගයාන් කුමාර වීරසිංහ
     
    Last edited:
    • Haha
    Reactions: Deleted

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා කොළඹ පැවති සමුළුවකට සහභාගිවී නැවත යමින් සිටියදී මහාචාර්යවරයා පැහැර ගැනීමෙන් අනතුරුව වැලිකන්දේ කඳවුරට රැගෙන විත් සිරකර තබාගෙන සිට වධදී ඝාතනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    me yudde kale ne!
    pillean yaha magata enne yudden passe ne. punaruththapanaya karapu pillean - eeta kalin pilleanta waga kiyanne mokatada?
    hoyanna ona 2009n passe ooo karapuwa!

    kebara kota LTTE salli walata yata wela inne dan!
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කැරිම පොලිස් පකයෝ තමයි.
    උසාවියට කලින් විස්තරේ කියන්නේ පත්තරේට...