පිල්ලෙයාන්ට ඡන්ද පෙට්ටි කන්ටේනරයක්
නැගෙනහිර ඡන්ද මංකොල්ලයක පෙර නිමිති - පිල්ලෙයාන්ගේ නිවසට ඡන්ද පෙට්ටි කන්ටේනරයක්
දේශීය 2010 ජනවාරි 23 වෙනි සෙනසුරාදා, 11:32
අද අළුයම 3.00ට පමණ නැගෙනහිර මහ ඇමති පිල්ලෙයාන්ගේ නිවසට ඡන්ද පෙට්ටි විශාල ප්රමාණයක් කන්ටේනරයකින් ගෙනවිත් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ. ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම ඡන්ද පෙට්ටි රැගෙනවිත් ඇත්තේ අංක 42 - 3944 දරණ කන්ටේනර් රථයෙනි. එම රථය සමඟ අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් රථයකින් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක්ද පැමිණ තිබේ. කන්ටේනරයේ රැගෙන ආ මෙම ඡන්ද පෙට්ටි තවත් ස්ථාන කිහිපයකදීද බෙදා හැර ඇත.
නැගෙනහිර ඡන්ද මංකොල්ලයක පෙර නිමිති - පිල්ලෙයාන්ගේ නිවසට ඡන්ද පෙට්ටි කන්ටේනරයක්
දේශීය 2010 ජනවාරි 23 වෙනි සෙනසුරාදා, 11:32