පිලිකාකාරක පොල්තෙල් ජාතකය....

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1616992500945.png


    වසර ගනනාවක සිට පොල්තෙල්වල මෙම විෂ සංඝටක ඇතැයි යන සංකල්පය ජන විඥානය තුලට කාවැද්දීමට බොහෝ ආයතන පුද්ගලයන් වෙර දරන අයුරැ අප විවෘත ආර්ථිකය හදුන්වා දුන් වකවානුවෙි සිට දුටුවෙමු.
    එදා කිසිදු නියාමනයකයට ලක් නොකර චාරයක් විචාරයක් නොමැතිව ආර්ථිකය විවෘත කිරීම අද මෙවන් බරපතල පල විපාක ගෙන දෙන සංසිද්ධීන් ඇතිවීමට හේතුවී ඇත.
    විවෘත ආර්ථිකය නිසා ආනයන කරැවන් අධික ලාබ ලැබීම අරමුණු කරගෙන තත්වයෙන් බාල ප්‍රමිතිගත නොවූ ආහාර වර්ග සුලබව ගෙන ආ බව නොරහසකි.
    මෙය පසුගිය වකවානුවලත් නොකඩවාම සිදුවිය.
    සත්‍ය වශයෙන්ම පොල් තෙල් සමිබන්ධයෙන් මෙම තත්වය
    දරැණු වූයේ පසුගිය රජය විසින්, 2016 දී ෆාමි ඔයිල්, පොල් තෙල් සමග කවලමි කිරීමට නීත්‍යානූකූල අවසරයක් දීමෙන් පසුවය.
    මෙම කතාව ඇරඹෙන්නේ වර්තමාන රජය නිසි නියාමන කටයුතු ඇරඹීම නිසාය. එය ඉතා හොද දෙයකි.
    ජනතාවට දිය යුත්තේ පිරිපහදු කරන ලද පොල්තෙල් පමනී.
    අපි බලමු මොවුන් ගෙවන බදු ප්‍රමාණ ගැන.
    පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ,Crude coconut oil සදහා මෙ ටො එකකට රැපි 125000 ක් ආනයනික බද්ද ගෙවිය යුතුය.
    ෆාමි ඔයිල් සදහා 250000 ක බද්දක් ගෙවිය යුතුය.
    ලංකාවට, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් මෙිවා ගෙන්වයි..ලංකාවෙි සාමාන්‍ය පරිභෝජනය මෙ ටො 180000 පමනවෙි.
    දේශීයව නිපදවන්නේ මෙටො 20000 ක් පමනි. ඉතිරිය ආනයනය කල යුතුය.
    සත්‍ය සිදුවීම බලමු.
    පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ටොන් 185.5 සහිත කන්ටෙිනර් 13 ක තිබී ශරීරයට අහිතකර පිලිකාකාරක Aflatoxin පිලිබදව වරායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආහාර පරීක්ෂණ ඒකකය විසින් Port food and health unit.දෛනික පරීක්ෂාවකින් පසුව වාර්තා කෙරැනි.
    ඒ බව ශ්‍රී ලංකා රේගුවට සහ ප්‍රමිති කාර්යාංශයට වාර්තා කිරීමට ඔවුන් කටයුතු කල අතර මෙම කන්ටෙිනර් ප්‍රති අපනයන කරන ලෙස රේගුවට දන්වා තිබෙි.
    අදාල කන්ටෙිනර් වල සාමිපල ITI සහ SLS සදහාද නිකුත් කරන බැවින්. ඒවායේ වාර්තාද ලැබෙන තෙක් අදාල ආනයනකරැවන්ගේ ගුදමිවලට එම තොග නිකුත් කරන්නේ Removal Application තාවකාලිකව රදවාතබා ගැනීමක් යටතේය. එය කිසිසේත්ම භාණ්ඩ නිදහස් කිරීමක් නොව රේගු අධීක්ෂණය යටතේ ප්‍රති අපනයනය කරන තෙක් රදවන රේගු පටිපාටියයි.
    මෙහිදී එකදු තෙල් බිදක් හෝ වෙළද පොලට නිකුත් වීමක් සිදුනොවෙි.නිකුත් වීද නැත.
    එසේනමි දඹුල්ලෙන් අසුවූයේ කුමක්ද?
    පාරිභෝගික අධිකාරිය විසින් දඹුල්ලේ එක් භුගත ටංකියක් සහ ඉහලින් පිහිටවු ටංකියක් සීල් තබා ඇත.
    එයට හේතුව වන්නේ ඒවායේ ෆාමි ඔයිල් පොල් තෙල් හා මිශ්‍ර කිරීමක් සහ කෘමීන්, කැරපොත්තන් තෙල් හා මිශ්‍ර වීමත්. තෙවනුව එම ටැංකිවල අපවිත්‍රතාව නිසා මිසක Aflatoxin නිසා නොවෙිය.
    විපක්ෂය තොරතුරැ නොදැන කෑ ගසන්නේ මෙි ව්‍යසනයට මූලිකව වගකිවයුත්තේ ඔවුන්ම බව දැනදැනමය. ඔවුන්ගේ පැටිකිරිය දැනගැනීමට මම එක් උදාහරණයක් පමනක් දැනට දෙන්නමි.
    2016 දී මා වරායේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා වශයෙන් සිටියදී මාගේ විමර්ෂණ ඒකකයේ සිටි එක් විශිෂ්ඨ නිලධාරියෙකු විසින් විශේෂ වැටලීමකට අවසර ඉල්ලා සිටි අතර මා එවකට එම ඒකකයේ ප්‍රධානී රේගු අධිකාරී සුදත් මහතා සමග සාකචිඦා කොට අවශ්‍ය අවසරය ලබාදුනිමි.
    ඔවුන් අත් අඩංගුවට ගත්තේ මැලේසියාවෙි සිට ගෙන්වූ fatty acid 16% වඩා ඇති ෆාමි ඔයිල් කන්ටෙිනර් 24 කි.
    මෙිව⁣යේ පිරිපහදු නොකල මෙ ටො 480 ක් විය. ලීටර 533300 ක් පමන වෙළද පොලට නිකුත් කල හැකි තොගයකි. එම රේගු අධිකාරිවරයා සහ අනෙකුත් රේගු නිළධාරීන් ඉතා දක්ෂ ලෙස එම පරීක්ෂණය නිමකර එම කන්ටෙිනර් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් සියළුම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරායේම රදවා ගත් අතර. එයට එකග නොවූ ආනයනකරැ අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කලේය. CA/Writs/158/2016 ඒ 2017 පෙබ 06 දිනය. මෙම නඩුව අධිකරනයෙන් ප්‍රතික්ෂේප විය.
    පරාක්‍රම බස්නායක.
    හිටපු රේගු අධ්‍යක්ෂ.
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18

    ඔවුන් අත් අඩංගුවට ගත්තේ මැලේසියාවෙි සිට ගෙන්වූ fatty acid 16% වඩා ඇති ෆාමි ඔයිල් කන්ටෙිනර් 24 කි.
    මෙිව⁣යේ පිරිපහදු නොකල මෙ ටො 480 ක් විය. ලීටර 533300 ක් පමන වෙළද පොලට නිකුත් කල හැකි තොගයකි. එම රේගු අධිකාරිවරයා සහ අනෙකුත් රේගු නිළධාරීන් ඉතා දක්ෂ ලෙස එම පරීක්ෂණය නිමකර එම කන්ටෙිනර් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් සියළුම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරායේම රදවා ගත් අතර. එයට එකග නොවූ ආනයනකරැ අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කලේය. CA/Writs/158/2016 ඒ 2017 පෙබ 06 දිනය. මෙම නඩුව අධිකරනයෙන් ප්‍රතික්ෂේප විය.
    :-)
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    http://eohfs.health.gov.lk/food/images/2319-41_E.pdf
    මුං 2% නැතුව ගැසට් එක ගහලා තියෙන්නේ.
    "The new regulations do not apply to food products manufactured exclusively for the purpose of export."
    විස කවනවා විතරක් නෙවෙයි විස හදලා පිටරටටත් යවනවා