විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම් බව රේගුව නැවත අවධාරණය කරයි
    විදේශ ගමන් අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් විසින් දුම්වැටි (Cigarettes) රැගෙන ඒම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව ශ්‍රී ලංකා රේගුව ඊයේ (30) නිවේදනය කළේය. මෙම නීතියට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද රේගු බලධාරීන් පැහැදිලි කළහ.

    බොහෝ මගීන් තීරු බදු සහනය (Duty-Free Allowance) යටතේ සීමිත දුම්වැටි ප්‍රමාණයක් රැගෙන ඒමට හැකි යැයි සිතන නමුත්, ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව පෞද්ගලික භාවිතය සඳහා වුවද කිසිදු දුම්වැටියක් බදු රහිතව හෝ බදු ගෙවා හෝ රැගෙන ඒමට ඉඩ නොමැති බව රේගුව අවධාරණය කරයි.
    නීතිවිරෝධී දුම්වැටි විශාල තොගයක් විනාශ කෙරේ

    මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය මාස හතරක කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් දුම්වැටි මිලියන 232කට අධික ප්‍රමාණයක් ඊයේ (30) කෙරවලපිටිය කසළ කළමනාකරණ පරිශ්‍රයේදී විනාශ කරන ලදී.

    විනාශ කරන ලද මෙම දුම්වැටි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 305කට ආසන්න වන අතර, එම තොගය නීතිවිරෝධී ලෙස වෙළෙඳපොළට නිකුත් වූයේ නම් රජයට අහිමි විය හැකි බදු ආදායම රුපියල් මිලියන 271කට ආසන්න බව රේගු බලධාරීන් සඳහන් කරයි.

    මගීන් වෙත රේගුවෙන් අවවාදයක්

    ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, මෙම නීතිය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිව හෝ එය නොසලකා හැරීම නිසා බොහෝ ශ්‍රී ලාංකික හා විදේශීය මගීන් ගුවන් තොටුපළේදී නීතිමය ගැටලු හා අපහසුතාවන්ට මුහුණ දෙන බවයි.

    නීතිය: ගුවන් මගියෙකුට තම ගමන් මලු හෝ අතේ ගෙන එන මලු තුළ කිසිදු විදේශීය දුම්වැටියක් රැගෙන ඒමට නොහැක.

    දඬුවම්: නීතිවිරෝධී දුම්වැටි රාජසන්තක කරන අතර, අදාළ මගියාට විශාල දඩ මුදල් ගෙවීමටද සිදුවේ.

    ඒ අනුව, විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් අදාළ නීති රෙගුලාසි පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අනවශ්‍ය නීතිමය ගැටලු වලින් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා රේගුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    image.png
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    දුංකොල ගස් වවන්න බැරිද?
    මට එකක් වවාගන්න හිතයි
    අව්ව වැටෙනවා නම් වැවෙනවා මචන්. උතුරෙ තියෙනවා යායවල් පිටින්. දුම්කොල වවන්න තහනමක් නෑ

    ඒත් ඉතින් ඒ මහන්සිවෙන වෙලාවෙ ගංජා පැලයක් වවාගත්ත නම් වාසියි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අව්ව වැටෙනවා නම් වැවෙනවා මචන්. උතුරෙ තියෙනවා යායවල් පිටින්. දුම්කොල වවන්න තහනමක් නෑ

    ඒත් ඉතින් ඒ මහන්සිවෙන වෙලාවෙ ගංජා පැලයක් වවාගත්ත නම් වාසියි
    මමත් දැකල තියෙනව කොල ගෝව වගේ ලොකු පඳුරු. ඕව මෙහේ වවන්න තහනංද දන්නෙ නෑ. අව්ව දැක්ක කාළයක් මතකත් නෑ. අරවා නං තර්මල් කැමර වලින් ස්කෑන් කරන් ගිහින් අල්ලනවා. ඔව වවල තනමල්විලට ඩිපෝට් කරොත් හැමිනෙනවා😑
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    දවසක් මම අපේ ගෙවල් ළග ගෙදරක ඩිනර් ඵකකට ගියා..ඒ ගෙදර මනුස්සය රට ඉඳල අාවේ..පිරිමි සෙට් ඵක උෟ ගෙනාපු විස්කිම බිබී ඉන්න අතරේ ඵකෙක් සිගරට් නැද්ද කියල අැහුව..ගෙදර මනුස්සය කඩෙන් ගත්ත ගෝල්ඩ් ලීෆ් පැකට් ඵකක් ගෙනල්ල දුන්නා..අරූ හොඳට පැකට් ඵක වටේ කරකවල බලල කිව්ව අපෝ මේවද රට ඉඳන් ගෙනාවේ කියල.අනිත් උන් හිකි හිකි ගගා හිනා වුනා.අරූට හෙන අප්සට්..ලංකාවේ අඩු කුලේ හැත්ත හිතන් ඉන්නේ රට ඉඳන් ඵනකොට උන්ට කන්න බොන්න ඔක්‍කොම ඒ රටවල් වලින් ගේන්න ඕන කියලා..ඵහෙම ගේනවනම් ඕනදෙයක් ඕනතරම් ගේන්න පුළුවන් කියලා..
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    පිට dollar එකට keeyak ගෙවනවා ද බං දැන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    දවසක් මම අපේ ගෙවල් ළග ගෙදරක ඩිනර් ඵකකට ගියා..ඒ ගෙදර මනුස්සය රට ඉඳල අාවේ..පිරිමි සෙට් ඵක උෟ ගෙනාපු විස්කිම බිබී ඉන්න අතරේ ඵකෙක් සිගරට් නැද්ද කියල අැහුව..ගෙදර මනුස්සය කඩෙන් ගත්ත ගෝල්ඩ් ලීෆ් පැකට් ඵකක් ගෙනල්ල දුන්නා..අරූ හොඳට පැකට් ඵක වටේ කරකවල බලල කිව්ව අපෝ මේවද රට ඉඳන් ගෙනාවේ කියල.අනිත් උන් හිකි හිකි ගගා හිනා වුනා.අරූට හෙන අප්සට්..ලංකාවේ අඩු කුලේ හැත්ත හිතන් ඉන්නේ රට ඉඳන් ඵනකොට උන්ට කන්න බොන්න ඔක්‍කොම ඒ රටවල් වලින් ගේන්න ඕන කියලා..ඵහෙම ගේනවනම් ඕනදෙයක් ඕනතරම් ගේන්න පුළුවන් කියලා..
    ගොංහැත්ත බං. ඔහොම උන් කපලම දාන්න ඕන.

    නිතර යන එන කාලෙ අඩුවටම තියෙන රොත්මන්ස් වගේ එකක් දාගෙන ආවා මම බොන එකට අමතරව. ඉස්සර කස්ටම් උනුත් ලොකුවට බැලුවෙ නෑ. 2019 ඉදන් නවත්තලාම දැම්මා වෙන උන්ටගේන එක
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,215
    113
    35
    Spain
    ආණ්ඩුවට පගාව නැති වෙන නිසයි ටුබැකෝ උන්ගේ බිසිනොස් එකට කෙළවෙන නිසයි මේ තහනම. ගංජා තහනම් කරෙත් ඕක නිසා තමයි. මොකෝ ආණ්ඩුවට ගාණක් කපාගන්න විදියක් නෑ නෙ
     
    • Like
    Reactions: KDH and Mawathagama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර

    Bitter truth