පිලිකා වලට ගොඩ වෙදකම් නම් කරන්න එපා.

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    මගේ තාත්තා ස්ටේජ් 04 වල කැන්සර් පේෂන්ට් කෙනෙක් වෙලා හිටියේ . යන්න පුලුවන් හැම තැන ම ගියා...මම ඉංග්‍රීසි බෙහෙත් තමයි කලේ..අපේක්ෂා රෝහලේ.. තාත්තා නැති වෙලා හුගක් කල්..ඒත් මට මේක කියන්න හිතුනා

    මම ඉංගිරිසි බෙහෙත් කරන අතරතුර මම මෙතන්ටත් පේෂන්ට් ව අරන් ගියා
    https://www.facebook.com/profile.php?id=100081508570512

    ඒ වෙලාවේදී ඒ වෙද මහත්තයා කිව්වේ ..මම හොද කරන්නම්...බය වෙන්න එපා...මේක කැන්සර් සිටුවේෂන් එකක් කියලා දැන දැනත් අපිට රු පන්දාස් ගානක බෙහෙත් දුන්නා. කොච්චර පව්ද? මම කල්පනා කලේ යන මිනිස්සු කාවවත් හරෝලා නම් යවන්නේ නෑ. මේක ලොකු ප්ලේස් එකක්..

    මේවගේ මිනිස්සු රවට්ටන තැන් කොච්චරක් ඇතිද? අපි දන්නැති වුනාට ... විශේසයෙන් අසරන ලෙඩ්ඩුන්ට...විශේෂයෙන් පිලිකා හැදුනු මිනිස්සු


    උඔ දෙකම කලා නම් ඇයි සිංහල වෙදාට විතරක් බනින්නේ?

    ඉංග්‍රීසි බෙහෙත් වලට කොච්චර වියදමක් ගියා ද?

    ඉංග්‍රීසි බෙහෙත් වලින් හරි ගියා ද?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,110
    113
    උඔ දෙකම කලා නම් ඇයි සිංහල වෙදාට විතරක් බනින්නේ?

    ඉංග්‍රීසි බෙහෙත් වලට කොච්චර වියදමක් ගියා ද?

    ඉංග්‍රීසි බෙහෙත් වලින් හරි ගියා ද?
    Stage 4 නහ් හොද කරන්න බෑ කියලා ඉංග්‍රිසි උන් කෙලින්ම කියනවනේ!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    උඔ දෙකම කලා නම් ඇයි සිංහල වෙදාට විතරක් බනින්නේ?

    ඉංග්‍රීසි බෙහෙත් වලට කොච්චර වියදමක් ගියා ද?

    ඉංග්‍රීසි බෙහෙත් වලින් හරි ගියා ද?

    1. Sinhale weda kiyanne mokak unath complete cure karanawa kiyala ne. western medicine wala ehema ekak kiyanne na. management / control or extend life witharai ne puluwan kiyala kiyanawane.

    2. Apeksha & gvt hospital wala treatments free of charge. drugs nathinam pitin ganna ganak yanawa.

    3. Stage 4 nam uncure kiyala patient ta kiyanawa. ethakota karanne tika kalayak inna manage karana eka , pain relief etc.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,358
    13,255
    113
    33
    ෆින්ලන්ඩ්
    Ado ae page eka tiyena reviews, comment baluwama ona kenek ta hithenawa ne bun ona ledak pora hoda karanawa kiyala.
    Un mokakda bun ae karanne sirawata? kattiyama ekata tiyala da beheth denne.

    Waharaka hamudurwan ge mokak hari beheth pothak balagena gema gahnawa wage.
     
    • Like
    Reactions: Shamal3001

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    කැන්සර් වලට ගොඩ වෙදකම් වත් බටහිර වෙදකම්වත් දෙකම නොකර ඉන්න එක තමා හොඳ. ස්වාභාවික ආහර පාන විතරක් අරගෙන ස්ට්‍රෙස් ගන්නේ නැතිව ඉන්නවා නම් කැන්සර් එකක් තියෙන ලෙඩෙක් උනත් සෑහෙන දුරට හොඳ වෙනවා. කැන්සර් වලට දෙන බටහිර ප්‍රතිකාර වලින් උනත් කිසිම ප්‍රතිකාරයක් නොගෙන ඉන්නවට වඩා ඉක්මනට ලෙඩා මැරෙනවා.

    කැන්සර් එක අනුව සහ තියෙන ස්ටේජ් එක අනුව තමා ඉන්ග්‍රීසි බේත් වැඩ කරන්නෙ
    පෙලක් තත්ව හොඳටම හොඳ කරන්න පුලුවන්
    පෙලක් එව්ව පුලුවන් කාලයක් කන්ට්‍රෝල් කරන් ඉන්නව
    පෙලක් එව්වට දෙන බේත් වලින් ලෙඩා කලින් මැරෙනව කැන්සර් එකෙන් මැරෙනවට කලින්
    .
    සින්හල ක්‍රම වල නන් කැන්සර් එකක් කියන්නෙ මොකක්ද කියල ඩිෆයින් කරලවත් තියෙනව කියල මම හිතන්නෙ නෑ..
    නිකන් ප්‍රතිශක්තිය වැඩි වෙන්න බේත් දෙනව ඇති
    තියෙන තත්වයක් තාවකාලිකව රිකවර් වෙන්න පුලුවන්
    ඒත් වෙස්ටර් න් මෙඩ්ස් වලින් හොඳ කරන්න චාන්ස් තියෙන ලෙඩෙක් සින්හල කර කර ඉඳල වැඩේ වණ කර ගන්න පුලුවන්.
    .
    අපේ අම්මට ඩිම්බ කෝශ වල කැන්සර් එකක් ආව
    අවුරුදු 12 ක් හිටිය හැදුනට පස්සෙ
    පලවෙනි කීමෝ රවුන්ඩ් එකෙන් ලෙඩේ යට ගිහිල්ල හොඳට හිටිය. (ඒ කාලෙ මම මේකෙම කැන්සර් ත්‍රෙඩ් වලට කමෙන්ට් දාල තියෙනව වෙස්ටර් න් මෙඩ්ස් වලින් කැන්සර් හොඳ වෙනව කියල)
    අවුරුදු 8 කට පස්සෙ ආයෙ ආව
    දෙවෙනි පාර කීමෝ එක නිසා අම්ම නැති උනා, වයසත් එක්ක ඒක ඇඟට ඔරොත්තු දුන්නෙ නෑ, 😭
    .
    අපේ නැන්දට බ්‍රෙස්ට් කැන්සර් එකක් ආව
    බ්‍රෙස්ට් එක අයින් කරල කීමෝ කරා
    දැන් අවුරුදු 20 කට වැඩියි,

    තාම හොඳට ඉන්නව
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    ඔතන වෙන්නේ ලෙඩා සහ පවුලේ අසරණකම බං. පිළිකාව හැදුණාම ඉංග්‍රීසි බෙහෙත් වල එන treatment options අඩු කම, සහ staging වල දරුණුකම විස්තර කරලා කිව්වට පස්සේ ඕනේ පිදුරු ගහක එල්ලෙන්න බලනවා. ඒ අසරණකම ඔය තෙල් බෙහෙත් වෙළෙන්දෝ පාවිච්චි කරන්නේ. අපේ නැන්දා කෙනෙක්කුත් breast cancer early stage එකක හොඳට surgery කරලා හොඳ කර ගන්න අවස්තාව තියෙද්දී ඒව නොකර ප්‍රසිද්ධ සිංහල ආයුර්වේද තෙල් බෙහේත් කාරයො ගාවට ගිහිල්ල මාස ගානක් ගත කරලා ආයේ අමාරු වුණාම කරපු scan එකේදි මොලේට සහ පෙනහළු වලට පිළිකාව පැතිරිලා. අන්තිමට දුක් විඳලා මැරුනේ. මම පොඩි කාලේ එතකොට. Patient autonomy තියෙනවා. ලෙඩාට තමන් කැමති බෙහෙතක් කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරලා වාත වෙලා අමාරු වෙලා ඉස්පිරිතාලේ ඇවිල්ලා මැරුණාම කියන්නේ රෝහලේ වැරැද්ද කියල. High grade stage එකකදී කරගන්න දෙයක් නැතුව වෙන අසරණකම සහ curable cancer එකක් වවාගෙන කන්න බොරු කරලා වාත කරන එක දෙකක්. ඉස්සර උඹ මාත් එක්ක chat කළා නේද තාත්තා ගැන. ඒ දවස් වලම මම කිව්වා ඕක curable නැති මට්ටමට පැතිරිලා කියල. එහෙම වෙලාවට පට්ට අසරණ වෙනවා අපි.
     
    • Like
    Reactions: weere_singhe

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    Cancer kiyanne immune system eken hangila inna development.
    Ithin oka immune system ekata ahu unoth sathiyen honda wenawa.
    ithin oya hora weddu, dewa ashirwaden leda suwa karana langata yana un unath nikamma honda wenna puluwan..
    Stage 4 indala elolu witharak kala, or meat witharak kala, coffee beela etc eka eka dewal karala cancer honda un ona tharam innawa... hamotama hari yanne na habai..
     
    • Like
    Reactions: Shamal3001

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    කැන්සර් වලට නිශ්චිත එක ප්‍රතිකාරයක් තියනවා, ඒ ප්‍රතිකාරෙ කළාම නිට්ටාවට හොඳ වෙනව කියන්න අමාරුයි. ඕකත් එක්ක ඕවට බෙහෙත් ගනිද්දි මිනිස්සුන්ගේ බලාපොරොත්තු එක පාර වැඩිවෙනවා, ආයෙ එක මොහොතකින් ඒ බලාපොරොත්තු නැතිවෙනවා. ඕක නිසා රැවටිලිකාරයෝ අසරණ වුන මිනිස්සුන්ගෙන් හම්බු කරන් කනවා.

    ආයුර්වේද ක්‍රමත් ඇති කැන්සර් හොඳ කරන්න. වෙස්ටර්න් මෙඩිසින් වලත් සාම්ප්‍රදායික කීමෝ, රේඩියේශන් නැතිව කරන ප්‍රතිකාර කතාකරනවා. ඒත් හරියටම established නෑ. ඩයට් එක වෙනස් කරනවා වගේ ක්‍රම. ඉමියුනොතෙරපි වගේ දේවල්.

    ඔතන තියන ලොකුම ප්‍රශ්නේ වෙස්ටර්න් මෙඩිසින් වලත් හරියටම හරියන ප්‍රතිකාර නැතිවීම. එහෙම වුනාම මිනිස්සුත් වෙන ක්‍රම හොයන්න ගන්නවා.

    කැන්සර් එකක් නෙවෙයි. මම දන්න පොඩි කෙල්ලෙක් හිටියා අවුරුදු 14ක විතර. ලෙඩක් හැදිලා ඩොක්ටර්ස්ලට ලෙඩේ හොයාගන්න බැරුව එක එක ඩොක්ටර්ස්ලා එක එක බෙහෙත් ටෙස්ට් කළා. අන්තිමට ළමයගෙ අම්මටයි තාත්තටයි වෙන විකල්පයල් නැති තැන බෝධිපූජා, සාත්තර පොළවල් ගානෙත් ගියා. අවසානේ එක සාතරපොළකින් කිව්ව දෙයක් කිව්ව විදියටම හරිගිහින්( consequencesද දන්නෙ නෑ. සමහරවිට ලෙඩේ හොඳවුන වෙලේ සාත්තරේ කිව්වද දන්නෙ නෑ.) දැන් ළමයට හොඳයි. ඕක නිසා දැන් ඒ මිනිස්සු හිතන්නෙ පිලිවෙත නිසා ළමයා ගොඩ ගියා කියලා. ඒකට ඉතින් ඒ අම්මටයි තාත්තටයි බනින්නත් බෑ. දොස්තරලා මුලින්ම ලෙඩේ අඳුරගෙන හරි බෙහෙත කළානම් මිනිස්සු සාත්තරකාරයෝ පස්සෙ යන්නෙ නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    ඔතන වෙන්නේ ලෙඩා සහ පවුලේ අසරණකම බං. පිළිකාව හැදුණාම ඉංග්‍රීසි බෙහෙත් වල එන treatment options අඩු කම, සහ staging වල දරුණුකම විස්තර කරලා කිව්වට පස්සේ ඕනේ පිදුරු ගහක එල්ලෙන්න බලනවා. ඒ අසරණකම ඔය තෙල් බෙහෙත් වෙළෙන්දෝ පාවිච්චි කරන්නේ. අපේ නැන්දා කෙනෙක්කුත් breast cancer early stage එකක හොඳට surgery කරලා හොඳ කර ගන්න අවස්තාව තියෙද්දී ඒව නොකර ප්‍රසිද්ධ සිංහල ආයුර්වේද තෙල් බෙහේත් කාරයො ගාවට ගිහිල්ල මාස ගානක් ගත කරලා ආයේ අමාරු වුණාම කරපු scan එකේදි මොලේට සහ පෙනහළු වලට පිළිකාව පැතිරිලා. අන්තිමට දුක් විඳලා මැරුනේ. මම පොඩි කාලේ එතකොට. Patient autonomy තියෙනවා. ලෙඩාට තමන් කැමති බෙහෙතක් කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරලා වාත වෙලා අමාරු වෙලා ඉස්පිරිතාලේ ඇවිල්ලා මැරුණාම කියන්නේ රෝහලේ වැරැද්ද කියල. High grade stage එකකදී කරගන්න දෙයක් නැතුව වෙන අසරණකම සහ curable cancer එකක් වවාගෙන කන්න බොරු කරලා වාත කරන එක දෙකක්. ඉස්සර උඹ මාත් එක්ක chat කළා නේද තාත්තා ගැන. ඒ දවස් වලම මම කිව්වා ඕක curable නැති මට්ටමට පැතිරිලා කියල. එහෙම වෙලාවට පට්ට අසරණ වෙනවා අපි.
    මම ඒ වේදනාවින් තාමත් දුක් විදිනවා මචං...මාරම අමාරුයි. දැන් අවුරුදු ගානක් ගතවෙලා..හිත එක තැනකට එන්නෙම නෑ වගේ
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    matath oya wage thenak gena kipa denek kiuwwa. hondai yand akiyala.
    mama itin ingirisi beheth thora gatta.
    minissu itin uluwan hema dema try karanda balnawane.
     
    • Sad
    Reactions: Shamal3001