පිස්සු හැදිලද?

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
පිස්සු හැදිලද?

husband-wife.jpg


දවසක් බිරිදක් මුලුතැන්ගෙට වෙලා එයාගේ සැමියාට උදෑසන ආහාර වේලට බිත්තර ඔම්ලට් සකස් කරමින් හිටියා. මේ වෙලාවේ හදිසියේම මෙයාගේ සැමියා ආව මුලුතැන්ගෙට.

බිරිද උයන දිහා ටික වේලාවක් බලාගෙන් හිටිය ඔහු මෙහෙම කෑ ගහන්න පටන් ගත්තා.

... "පරිස්සමින්...බලාගෙන..ඕකට තව බටර් ටිකකුත් දාන්න...
අයියෝ ඔයා එක පාර ගොඩක් බිත්තර පෑන් එකට දානවනේ...මහා ගොඩක්...
තව ටිකක් අඩුවෙන් ගන්න බැරිද?"

"දැන් ඔය පැත්ත ඇති... කර වෙයි ඕක.... අනිත් පැත්ත හරවන්න...
මගේ මූන දිහා බලාගෙන ඉන්න එපා අනේ ඕක එහා පැත්ත හරවන්න...
නැත්නම් කරවෙයි ඕක..."

"ඕකට තව ටිකක් බටර් ටිකක් දැම්මා නම් හරි...
අනේ දෙවියනේ අපි කොහෙන්ද තව බටර් ටිකක් ගන්නේ..."

"ඔයා කවදාවත් උයන වෙලාවට මම කියන දෙයක් අහන්නේ නෑ...කවදාවත් නෑ...
ඇයි අනේ ඔයාට පිස්සු හැදිලද...ඕක කරවෙන බව පේන්නේ නැද්ද?"

"ඕකට තව ලුණු ටිකක් දාන්න...ඔයාට ඒකත් අමතක උනා නේද?
අනේ මම නම් දන්නේ නෑ ඔයා මොනවා කරන්න යනවද කියලා...කෝ දෙයියනේ ලුණු???"

මේ වෙලාවේ පුදුමෙන් වගේ සැමියා දිහා බලපු බිරිද මෙහෙම කිව්වා
"ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා හිතනවද මට මේ බිත්තර ඔම්ලට් එකක් හදා ගන්න බෑ කියලා?"

සැමියා බොහොම ශාන්ත විදියට මෙහෙම උත්තර දුන්නා.

"මට ඕනි උනේ හැමදාම උදේ හවස ඔයා එක්ක වාහනේ යනකොට මට හිතෙන දේ ඔයාටත් පෙන්වන්න"