පිස්සු හැදෙන අපේ මොලේ.......පිස්සුම තමයි

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    අපේ මොලේ ගැන.....................

    brain1.jpg


    > මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.

    > සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

    > ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

    > අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

    0511-0907-1220-3972_Cartoon_of_a_Man_Asleep_on_His_Feet_clipart_image.jpg


    > අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)

    light-bulb-over-your-head-vector-743302.jpg


    > අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

    > අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.

    > දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)


    > අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
    මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.


    > අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.

    > මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.
    මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.


    > ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.

    stock-illustration-5857383-yawning-hippo-cartoon.jpg


    > අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

    > අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

    tumblr_m32j3smV8U1rtepflo1_500.gif


    > තොරතුරු හොයා ගත්තේ විකිපීඩියා ඇතුලු විවිධ වෙබ් අඩවි මගින්.<:yes::yes::yes::yes:

    > හොඳයි නම් කියවලා comment එකක් දාගෙනම යන්න.:D:D
    *************************************************************************************************************************************************
     
    Last edited: