පිස්සු හැදෙන සඳ

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
පිස්සු හැදෙන සඳ

පිස්සු හැදෙන සඳ
pissu-hadena-sada.jpg

විශේෂ උපහාරය

දවසක් දා කන්ද උඩ බංගලාවේ ගුණවර්ධන හාමු තම මෙහෙකරු ජෝන් අමතා මෙසේ කීවේ ය.
“ජෝන් උඹ අපි ළඟ අවුරුදු විසි පහක් බොහොම අවංකව ඒ වගේ ම කීකරුව වැඩ කරලා තියෙනවා. ඒ හින්දා මම තීරණය කළා ඒ වෙනුවෙන් උඹට විශේෂ සැලකීමක් කරන්ඩ...”
“අනේ ඒක නං ලොකු උදව්වක් සර්. ඉතින් මොකද්ද ඔය සැලකීම? ජෝන් නොඉසිලිමත්ව ඇසුවේ තම හාම්පුතා ඉදිරියේ දෙකට නැවෙමිනි.
“අපි හැමෝම මීට පස්සෙ උඹට කතා කරන්නෙ මිස්ටර් ජෝන් කියල...” ගුණවර්ධන හාමු කීය.

ඔව්වට එන්න එපා

පාරේ ගමන් කරමින් සිටි ප්‍රේමදාස කුඩයක් ඉහළා ගෙන පැද්දෙමින් ලතාවකට ඇවිද යන තරුණිය පසු කරන ගමන් මෙසේ කීය.
“නංගි අද හරි අව්වයි නේද?”
තරුණිය කටකාරියකි. ඈ තරුණයා අපහසු තත්වයට පත් කරන අදහසින් රළු මුහුණක් පෙන්වා මෙසේ කීය.
“මේ... ඔව්වට විතරක් එන්න එපා මාත් එක්ක. තේරුණා ද?”
“නෑ නෑ නංගි වරදවල තේරුම් ගන්න එපා. අනිත් එව්වාවලට පස්සෙ එන්නම්... කී ප්‍රේමදාස යන්නට ගියේ ය.

ක්ෂණික ප්‍රතිඵල

“තමුසේ ගිය සුමානෙ පත්තරේ දැන්වීමක් දානවයි කිව්වා නේද? ඇත්තටම අයිසෙ, ඔය දැන්වීම්වලින් ප්‍රයෝජනයක් තියෙනවද?” සුමනවීර තම අසල්වැසි ව්‍යාපාරික ජයසේකර ගෙන් ඇසීය.
“ඇයි නැත්තෙ? බොහොම ඉක්මන් ප්‍රතිඵල දැන්වීම්වලින් ලැබෙනවා. මම පෙරේදා මුරකාරයෙක් ඉල්ලලා පත්තරේ දැන්වීමක් දැම්මා. ඊයෙ රෑ හොරු සාප්පුව කඩලා...” ජයසේකර කීය.

  • Like
Reactions: vidura99

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    patta machan