පිස්සෝ_part2

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo

    :rolleyes::rolleyes:
    ඔන්න ඉතින් අර පිස්සො තුන්දෙනා ආපහු තාප්පේ හදලා ඉවරවෙනකන්ම ඉඳලා,ඊලඟට ආපු පෝය දවසේ මහ රෑ පිස්සන් කොටුවෙන් සාර්ථකව පැනගත්තලු.( ඇයි ඉතින් මාස ගානක ප්‍රැක්ටිස් එකකුත් තිබුණනේ )
    :yes::D
    ඔන්න දැන් තුන්දෙනා පයින්ම යනවලු පාර දිගේ.ඔහොම යනකොට කඩයක් අයිනේ නවත්තලා තියෙනවලු අලුත්ම කිරිකිරි බයිසිකලයක්.
    :rolleyes:
    ඒ වෙලාවේ බයිසිකලේ අයිතිකාරය කඩේ ඇතුලේ කෑම බීමවලින් සප්පායන් වෙනවා මගේ හිතේ.( එහෙම නොවුණත් එහෙමයි කියලා හිතාගමු,නැත්තන් කතාව ලියන්න බෑනේ ):baffled::baffled:

    දැන් ඉතින් තුන්දෙනාටම "පිස්සු" වගේලු!දුවගෙන ගියාලු , නැග්ගලු බයිසිකලේට. :confused:

    එකෙක් බයිසිකලේ එලවන සීට් එක උඩලු,අනිත් දෙන්නා බයිසිකලේ හැන්ඩ්ල් එක උඩලු!ඒ කියන්නේ බයිසිකලේ එලවන එකාට පාර පේන්නේ නෑ , ඉතින් එලවන පිස්සට පාර කියන්නේ අර හැන්ඩ්ල් එක උඩ ඉන්න දෙන්නා.ඔන්න දැන් තුන්දෙනා චූන් එකේ යනවලු බයිසිකලේ නැඟලා.
    :rofl:
    ( දැන් අහන්න එපා බයිසිකලේ ස්ටාට් කලේ කොහොමද , දෙන්නෙක් කොහොමද හැන්ඩ්ල් එක උඩ යන්නේ ! වගේ දේවල්. හින්දි ෆිල්ම්වල වෙන දේවල්වල හැටියට මේව මොනවද අනේ! )

    [අනික බොස් අයියා මොකට පිස්සෝ තුන්දෙනෙක්ව පිස්සන්කොටුවෙන් පැන්නුවද මන්දා.මෙච්චරකල් එයාගේ කතාවල පැන්නේ පිස්සෝ දෙන්නයි.මේ පාර අලුත් අයිඩියා පාරක් ඇති බොස් අයියගේ.මිනිහා මොලකාරයනේ ඉතින්.]


    මේ පිස්සෝ තුන්දෙනා දන්නේ බයිසිකල් ගැන විතරයි.ඒ කියන්නේ පිස්සු හැදුනට පස්සේ වෙන වාහන ගැන අමතකවෙලා.

    ඉතින් ඔන්න තුන්දෙනා යනවලු දැන් හැටට හැටේ!යන්නෙත් රෝන්ග් සයිඩ් එකෙන්.ඒ කිව්වේ පාරේ වම්පැත්තෙන් නෙවෙයි,දකුනු පැත්තෙන්ලු.

    ඔහොම යනකොට ඔන්න ඈතෙන් එනව පේනවලු ලයිට් එකක්. දැන් ඉතින් මේ පිස්සු අයියන්ඩිලා දන්නේ බයිසිකල් ගැන විතරයිනෙ අනික තනි ලයිට් තියෙන්නේ බයිසිකල් වලනේ,ඔන්න හැන්ඩ්ල් එක උඩ ඉන්න දෙන්නා,බයිසිකලේ එලවන පොරට කිව්වලු

    "මචෝ ඈතින් බයිසිකලයක් එනවා.මිනිහා රෝන්ග් සයිඩ් එන්නේ,වම්පැත්තට දාගෙන යමු , නැත්තන් මේ පිස්සා අපිවත් හප්පයි" කියලා.

    ඉතින් අපේ ඩ්‍රයිවර පිස්සා බයිසිකලේ සාර්ථකව වම් පැත්තට ගත්තලු.මොහොතකින් අර ඈතින් ආපු බයිසිකලේ සිං... ගාල පහු කරන් ගියාලු මේ තුන්දෙනා යන බයිසිකලේ.

    :yes::D:D:D




    "බලපන් බං ඌටනං අමු පිස්සු.රෝන්ග් සයිඩ් දාගෙන තව හැටට හැටෙත් යනවා!වැඩි දුරක් යන්න කලින් මිනිහ හොඳ පාඩමක් ඉගෙන ගනියි"

    කිය කියා හැන්ඩ්ල් එක උඩ ඉන්න උන් දෙන්නා අර ගිය බයිසිකල් කාරයට බනිනවලු. :angry::angry::angry:

    ඔන්න තව ටිකක් දුර යනකොට තව ලයිට් එකක් එනවලු වම් පැත්තේ ඉස්සරාහින්.
    දැන් උඩ ඉන්න දෙන්නා කියනවලු ;

    "අනේ බන්!උඹ රෝන්ග් සයිඩ්නේ බන් යන්නේ.ඔන්න තව බයිසිකලයක් එනවා ඉස්සරාහින්,දකුණු පැත්තට ගනින්" කියලා. :angry::angry:

    ඔන්න ඩ්‍රයිවර් අයියා බයිසිකලේ දකුනට ගත්තලු.අර බයිසිකලෙත් මේ පිස්සු සෙට් එක පහු කරගෙන ගියාලු.

    ඔන්න ඊලඟට තමයි සිද්ධිය වෙන්නේ!

    දැන් ඔන්න ඈතින් එනවලු ලයිට් දෙකක්!ඔන්න දැන් හැන්ඩ්ල් එකේ ඉන්න දෙන්න කිව්වලු ඩ්‍රයිවරයට ;

    "ඔන්න මචෝ බයිසිකල් දෙකක් එනවා ඈතින්.වමට කපන්නත් එපා , දකුණට කපන්නත් එපා.උන් දෙන්නා එකටමයි එන්නේ , ඒ නිසා පාර මැද්දට වෙන්න අල්ලපන්" කියලා! :angry:

    අපේ ඩ්‍රයිවර පිස්සාත් අර දෙන්න කියපු විදියට පාර මැද්දට වෙන්න බයිසිකලේ අල්ලලා ගියාලු!

    දඩා...ස්!!!!! ගාලා සද්දයක් ආවලු.

    අනේ අපේ කතා නායකයෝ තුන්දෙනා උඩී..න් ගිහිල්ලා වැටුනලු පාර අයිනේ තිබුණු කානුවකට.( වෙලාවට තුන්දෙනාටම මුකුත් වුණේ නෑ ඔන්න )

    හැප්පෙන්න හේතුව? :baffled::rofl:

    ඇවිත් තිබුණේ බයිසිකල් දෙකක් නෙවෙයි , ලොකු බස් එකක්!ඒකේ ඉතින් ලයිට් තියෙන්නේ ඈතින්නෙ!ඒත් ඉතින් මේ පිස්සු අයියන්ඩිලා දන්නේ බයිසිකල් ගැන විතරයිනේ.

    ඔන්න දැන් බයිසිකලේ එලෝපු එකා අනිත් උන් දෙන්නට බනිනවලු හෝ ගාලා!

    "මොකක්ද බන්!උඹලට හරියට පාරවත් බලල කියන්න බෑනේ!" කිය කියා. :angry::angry:

    එතකොට අනිත් දෙන්නගෙන් එකෙක් කියනවලු

    "නෑ බන්!අපේ වරදක් නෙවෙයි.දෙපැත්තෙන් ආපු බයිසිකල් කාරයෝ දෙන්නා මැද්දෙන් ලයිට් නැතුව තව බයිසිකල් කාරයෙක් ඇවිත් බන්!" කියලා.
    :D:D:D:D:D:D:D:D:D:D:D

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    00020148.gif


    Naddo ??

    nathnam PM ekak danna