වීදි අතර සිතුවම් වූ ලොව දැවැන්තම ත්‍රිමාණ චිත්‍රය
ලන්ඩනයේ කනේරි වෝෆ් හි වීදි අතර අපූරු ත්‍රිමාණ සිතුවමක් නිර්මාණය කරමින් ලොව දැවැන්තම ත්‍රිමාණ සිතුවම ලෙස නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ලන්ඩන් කලාකරුවකු සමත්ව තිබේ.
Reebok සමාගමේ ඉල්ලීමකට අනුව කලාකරු ජෝ හිල් විසින් වර්ගමීටර් 1160.45 ක විශාලත්වයකින් යුත් දියඇල්ලකින් සහ කඳු ප්‍රපාත පෙන්නුම් කරන මෙම අපූරු ත්‍රිමාණ සිතුවම නිර්මාණය කර ඇත.
“ලන්ඩනයේ කලාකරුවකු ලෙස නගරයේ හදවත මධ්‍යයේ මෙවැනි කලා නිර්මාණයක් සිදුකිරීමට ලැබීම සැබැවින්ම විශේෂයි. එමෙන්ම ත්‍රිමාණ නිර්මාණ පළමුවෙන්ම ආරම්භ වූ බ්‍රිතාන්‍යය වෙත මෙවැනි වාර්තාවක් හිමිකරදීමට ලැබීමත් සතුටක්” සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ජෝ හිල් ප්‍රකාශ කර තිබේ.
වැඩ්ඩෙක්..... 